Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Monday, January 31, 2011

සැමියන් 7ක් , මිනී මැරුම් 7ක් ප්‍රියංකාගේ අලුත් චිත්‍රපටිය 7Khoon Maaf -UPDATED Base on Reviews

බොලිවුඩ් සිනමා ලෝලීන් ගොඩක් ආදරය කරන තරුවක් වන ප්‍රියන්ක චොප් ර ගෙ අලුත්ම චිත්‍රපටිය තමයි 7Khoon Maaf ( සමාව දුන් මිනී මැරුම් 7 ) කියන්නේ . මේක සාමාන්‍ය බොලිවුඩ් චිත්‍රපටියකට වඩා වෙනස් අකාරයක එකක් බව තමයි පේන්න තියෙන්නේ , ප්‍රියංකාගේ රංගනයත් වඩාත් සුවිශේෂි එකක් වෙයි කියලයි අනාවැකි පලවෙලා තියෙන්නේ

තමන්ගෙ සැමියන් 7 දෙනෙකු ඝාතනය කරන ඇන්ග්ලො-ඉන්දියානු කාන්තාවක් කතාව ගෙතිලා තියන මේ මාසෙ 18 වෙනිද තිරගත නියමිත මෙම චිත්‍රපටියෙ ගීත ඇල්බමය නිකුත් වෙල තියනව . ඒ Sony Music යටතේ

භාගත කරනවා නම් - http://www.songs.pk/indian/7_khoon_maaf_2011.html


ප්‍රියංකට අමතරව ජෝන් එබ්‍රහම්, ඉර්ෆාන් ඛාන් ,නස් රුදීන් ශා ,නීල් නිතින් මුකේශ් ඇතුලු ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පීන් ගණනාවක් මෙයට දායකත්වය ලබා දීල තියනව 

පහල තියන ඡායරූප Click කරල ඒවා භාගත කරගන්න ඕගොල්ලන්ට පුලුවන්

සටහන- මේ ඡායාරූප Mediafire  වල තමා ගබඩා කරල තියෙන්නේ , අවශ්‍ය කරන රූපය Click කරල medifire ගොනුවට ගිහින් මුලු ඇල්බමයම හරි අදාල රූපය හරි භාගත කරගන්න පුලුවන්. Large  කියන ප්‍රමාණය තෝරල භාගත කරන්න අමතක කරන්න එපා




 
 


More 7 Khoon Maaf Wallpapers
    

Update /19/02/2011- තිරගතවීමට කලින් ඉතා සාර්ථක ප්‍රතිචාර තිබුනත් අද දිනය වන විටත් සාර්ථක බවක් පෙන්වල නැහැ . ඒ වගේම විචාරකයින් වගේම පලමු දිනයේ නරඹපු අයත් චිත්‍රපටියේ කථාව ගලායැමේ දුර්වලතා ගැන ප්‍රශ්න කරල තියනව.විශේෂයෙන්ම නිකන්ම නිකන් මිනිමැරුම් 6 කට වඩා දෙයක් නැ කියලයි සමහර අය කියන්නෙ, ඒ වගේම මිනිමැරුම් සඳහා යොදා ගන්න ක්‍රම වල දක්ෂතාවයක්වත්, එහෙම නැත්නම් ඇයගේ දක්ෂතාවයක් වත් නැහැලු,මොකද හැම මිනිමැරුමකටම කාගෙන් හරි උදව් ගන්නවාලු ඒ නිසා කම්මැලි චිත්‍රපටියක් කියලයි බලපු සමහර අය කියන්නේ . අපිට නම් තාම ඔය කාරන එච්චර වැදගත් නැහැනෙ (අපි බලන්නෙ DVD නිසා) බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියල . මම විශේෂයෙනම මේ Update එක කලේ මේ චිත්‍රපටය ගොඩක් බලාපොරොත්තු තිබුන නිර්මානයක් නිසා

12th Zee Cine Awards

12 වෙනි Zee Cine  සම්මාන උලෙල පිලිබඳ තොරතුරු තමා මේ කියන්න යන්නේ . උත්සව අවස්ථාව භාගත කරන්න පුලුවන් සබැඳියක් දීල තියනවා කැමති අය අරගෙන බලන්න

ප්‍රධාන සම්මාන බෙදිල ගියෙ මෙන්න මේ විදිහටයි
හොඳම නලුවා -  ෂාරුක් ඛාන්( My name Is Khan )
හොඳම නිලිය - විද්‍යා බාලන් (ishqiya)
හොඳම චිත්‍රපටිය - Dabanng
හොඳම අධ්‍යක්ෂක - කරන් ජොහර් (My name is Khan)

සහය නිලිය - පර්චි දේසායි(Once Upon a time in Mumbai )
සහය නලුවා - අර්ජුන් රාම්පාල් (Rajneeti)

මතු බලාපොරොත්තු සහිත නවකයින්
අධ්‍යක්ෂනය- අභිනව් කාශ්‍යප් (dabaang)
නලුවා - රන්වීර් සින්ග් (Band Baaja Barat)
නිලිය - සොනක්ශි සින්හා (Dabaang)

සංගීතය -  සජිඩ්- වජිඩ්

ජාත්‍යන්තර සලකුන  (පිරිමි ) - රන්බීර් කපූර්
ජාත්‍යන්තර සලකුන ( කාන්තා ) - දීපිකා පාදුකෝන්


අනික් සියලුම සම්මානත් එක්ක සම්මන රත්‍රියෙ අසිරිය විදගන්න පහත සබැඳියෙන් බාගත කරගන්න
http://extratorrent.com/torrent/2365629/Zee+Cine+Awards+%282011%29+%28Main+Event%29+30+Jan+2011+HQ+XviD.html

Sunday, January 30, 2011

56 th Film Fare සම්මාන උලෙල

56 වෙනි Film Fare සම්මාන උලෙල පසු ගියදා පැවැත්වුනා , එහිදී ප්‍රධාන සම්මාන බෙදී ගිය විදිහ තමයි පහත් තියෙන්නෙ . සම්මාන හා නිර්දේශිත නාම පිලිබඳ සම්පූර්ණ තොරතුරු දීල තියන wikipedia  පිටුවෙන් බලා ගන්න පුලුවන්
------------------------------------------------ හොඳම නලුවා - ෂාරුක් කාන් (My name is Khan) හොඳම නිලිය    - කාජල් (My name is Khan )
හොඳම චිත්‍රපටිය - Dabaang
හොඳම අධ්‍යක්ෂක- කරන් ජොහර් (My name is Khan )
සහය නලුවා - රොනිට් රොයි (udaan)
සහය නිලිය - කරීනා කපූර් (we are familly )
සංගීත අධ්‍යක්ෂනය - සජිත් වජිඩ් හා ලලිත් පන්ඩිත් (Dabaang)
 ගායනය( පිරිමි ) - රාහත් පටෙල් (ishqiya )
                                                                                  ගායනය  (කාන්තා) - මම්තා ශර්මා (Dabaang )

සම්පූර්ණ විස්තරය - http://en.wikipedia.org/wiki/56th_Filmfare_Awards

පෙබරවාරි 6 වෙනිදා SONY Television නාලිකාවෙ මේ සම්මාන උලෙල විකාශය වෙනවා , satellite සබඳතාවයක් තියනව නම් බලන්න අමතක කරන්න එපා



 SRK at the Filmfare nominations bash at JW Marriott. . Sonakshi Sinha at the Filmfare nominations bash at JW Marriott. . Urmila at the Filmfare nominations bash at JW Marriott. . Anushka Sharma and Ranveer Singh at the Filmfare nominations bash at JW Marriott. . Arjun Rampal at the Filmfare nominations bash at JW Marriott. . Aishwarya Rai Bachchan at the Filmfare nominations bash at JW Marriott. . Prachi Desai at the Filmfare nominations bash at JW Marriott. . Sameera Reddy at the Filmfare nominations bash at JW Marriott. .

Phas Gaya Re Obama(2010) - Movie Review( පසුවිපරම)

"බොලිවුඩ් සිංහලෙන් " අඩවියෙ පලමු ලිපියෙන් හඳුන්වල දෙන්න හදන්නේ වෙනස් මාදිලියක හින්දි චිත්‍රපටියක් Phas Gaya Re Obama ( ඔබාමා කොටු උනා  වගෙ තේරුමක් තමා කියවෙන්නේ ) . ඇමෙරිකාවෙන් ඇරඹුන් ආර්ථික අර්බුදය ඉන්දියාවේ කුඩා නගර දක්වා පැතිර ගිය එක ගැන උපහාසාත්මක විවරණයක් මේ චිත්‍රපටියෙ අන්තර්ගතය වෙලා තියනවා . තිරගත උනේ පසුගිය දෙසැම්බර් මාසයේ 3 වෙනිදා ඉඳල නමුත් මේ වෙන කොට DVD පටයත් නිකුත් වෙලයි තියෙන්නේ

කථාව
වසර ගණනක් තිස්සෙ ඇමරිකාවෙ වාසය කරන කෝටිපති ඉන්දියානුවෙක් වටා තමා කතාව ගොඩ නැගෙන්නේ  ඔහු නමින් ඕම් ශාස්ත්‍රි . ආර්ථික අර්බුදය නිසා නිවසත් අහිමි වෙන තැනට පත් වෙලා ඔහු ඉන්දියාවට එන්නේ තමන්ග් පාරම්පරික නිව්ස විකුණල මුදල් ටිකක් හොයා ගන්න , නමුත් ඉන්දියාවෙ ඉන්න සියලු දෙනා තවමත් හිතාන ඉන්නේ ඕම් කියන්නෙ කෝටිපතියෙක් කියල  . එහෙම හිතපු පාරම්පරික කප්පම් කල්ලියක් ඕම්ව පැහැරගන්නව එතනින් එහාට සිදුවන සිදුවීම් තමා කතාව පුරාවට තියෙන්නේ........


ශිල්පීන්
රංගනය - රාජත් කපූර් , නෙහා ඩුපඩියා , සන්ජේ මිශ් රා , මානු රිශී
අධ්‍යක්ෂණය - සුභාශ් කපූර්
නිශ්පාදනය- අශොක් පාන්ඩේ
සංගීතය - මනිශ් ටිපු

අපේ අදහස ( Editor's comments) බොහොම විනොදයෙන් බලා ඉන්න පුලුවන් සාපේක්ෂව කෙටි චිත්‍රපටයක් .Comedy ගණයට වගෙම Drama  ගණයටත් අදාල වන් ලක්ෂණ මේකේ අඩංගුයි . චිත්‍රපටියෙ නියම රසය විදින්න නම් දෙබස් ගැන අවධානයෙන් සිටීම වැදගත් ( බහු තේරුම් කතා එහෙම බහුලව භාවිතා වෙනව ) , වර්ණව්ත් බොලිවුඩ් නිර්මාණ වලට විතරක් ආදරය කරන කෙන්කුට නම් එතරම් වැඩක් වෙන එකක් නැහැ . ඒත් සාමාන්‍ය සිනමා රසිකයෙකුට නම් ගැලපෙන නිර්මාණයක් . කෙනෙක් චිත්‍රපටිය මිලදී ගන්නව නම් පහත් ලකුණු සටහනත් උදව්වක් වෙයි

 ලකුණු සටහන(Our Grading )
කතාව - 8/10
අධ්‍යක්ෂණය - 8/10
සංගීතය - 5/10
රංගනය- 9/10
රිද්මය-5/10
සිනමාත්මක ගති ගුණ - 8/10
මිලදී ගැනීමක්ට නිර්දෙශය- ඔව්
සම්පූර්ණ ශ්‍රෙණිය(Overall Rating ) - B+
 මේ ලකුණු සටහන දල අදහසක් ගන්න භාවිතා කරන්න නමුත් එක් එක් පුද්ගලය අනුව මේ කාරණා වෙනස් වෙන බවත් මතක තියා ගන්න

විශේෂ සටහන්

 01) සුපිරි තරු ගණයේ නලු නිලියන් නොමැති වුවත් ( නේහා ඩුපඩියා ඇර ) රංග්න ශිල්පීන්ගේ දක්ෂතාවයන් උපරිම මට්ටමක පවතිනවා , නේහා ඩුපාඩියා තමන්ගේ සරාගී රංගන අකෘතියෙන් මිදිලා අපූරු රංගන්යක නිරත වෙන අවස්තාවක් විදිහටත් මෙක දක්වන්න පුලුවන්

02) Comedy ලෙස වර්ග උනත් චිත්‍රපටියේ මතුපිට හාස්‍යක් දක්නට ලැබෙන්නේ නැ අභ්‍යන්තර කතාව තුල තමා හාස්‍යය ගැබ් වෙලා තියෙන්නේ , ඒ නිසා තමයි නාට්‍යමය ලක්ශනත්(Dramatical Features ) ඉස්මතුවෙලා තියෙන්නේ

03) මුලු චිත්‍රපටියෙම තියෙන්නේ ඒකාකාරි මධ්‍ය රිද්මයක් ( උච්ච අවස්තා අදිය නැහැ ). නාට්‍යමය ලක්ෂන වැඩි වෙන්න ඒකත් එක හේතුවක්

චිත්‍රපටියට අදාල ඡායාරූපත් , භාගත කරන්න පුලුවන් සබැදියත් පහත තියනව




More Phas Gaye Re Obama Wallpapers



http://extratorrent.com/torrent/2361758/Phas+Gaye+Re+Obama+-+DVDRip+-+XviD+-+1CDRip+-+DDR.html

ආයුබෝවන් !!!!

බොලිවුඩ් සිංහලෙන් කියන්නෙ බොලිවුඩ් සිනමා රසිකයන් වෙනුවෙන් පමනක් වෙන් වුන සිංහල බ්ලොග් අඩවියක් . බොලිවුඩ් සිනමාවට අදාල 100% සත්‍ය තොරතුරු ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා . බොලිවුඩ් සිනමාවට ආදරය කරන සියලු දෙනාටම අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ආරාධනා කරනව.

නිතර අලුත් වන බොලිවුඩ් ලෝකයේ තොරතුරු දැන ගැනීමට අපිව " Bookmark " ලෙස  තබා ගැනීමෙන් වඩා පහසු බව මතක් කරන්න කැමතියි




අපෙන් ඔබට

බොලිවුඩ් රසිකයෙකුට අවශ්‍ය කරන,

නවතම සිනමා නිර්මාණ පිලිබඳ තොරතුරු ,
චිත්‍රපට නිකුත් වීම් පිලිබඳ තොරතුරු ,
චිත්‍රපට ගීත නිකුත්වීම් පිලිබඳ තොරතුරු,
ඡායාරූප  එකතු ,
DVD නිකුත් වීම් ,
සිනමා තරු පිලිබඳ තොරතුරු,
සිනමා ලොකයේ උත්සව අවස්ථා පිලිබඳ තොරතුරු

                            ආදී සියලුම තොරතුරු මෙම වෙබ් කලාපයෙන් ලබා ගන්න පුලුවන් .විශේෂයෙන්ම සියලුම බොලිවුඩ් නිර්මාණ පිලිබඳ අංග සම්පුර්ණ විස්තරයක් ඔබට මෙම බ්ලොග් අඩවියෙන් ලබා ගන්න පුලුවන් බව මතක් කරන්න කැමතියි . එක පාරටම එතනට එන්න බැරි උනත් ටික කාලයක් අපිත් එක්ක රැඳිල හිටියොත් ඔබට අවශ‍ය සියලුම බොලිවුඩ් තොරතුරු එකම තැනකින් ලබා ගැනීමේ හැකියාව ලැබේවි.

අඩවිය ඵලදායකව භාවිතා කිරීමට උපදෙස්

සාමන්‍ය බ්ලොග් අඩවියක විදිහටම පල කරන ලිපි ඒ අනු පිලිවෙලට මුල් පිටුවෙන් දැක ගන්න පුලුවන් . නමුත් ඒ සියලුම ලිපි අදාල ප්‍රවර්ග අනුව ඒ ඒ පිටු වල ලයිස්තු ගත කරල තියනවා . එහිදී ලිපි අනු පිලිවෙල වෙන්නේ  ලිපි නිකුත් වූ අනුපිලිවෙලයි. චිත්‍රපට එකතුව පිටුවේ පමණක් ඉංග්‍රීසි අකාරාදි පිලිවෙලයි

ලඟදීම පිටුවෙන් ඉදිරියට පැමීණීමට නියමිත චිත්‍රපට තොරතුරුත් (previews,wallapers etc)
DVD නිකුත්වීම් පිටුවෙන් නවතම DVD නිකුත් වීම්  පිලිබඳ දැනුව්ත් කිරීම්නුත් 
පසු විපරම් පිටුවෙන් දැනට නිකුත් වී ඇති චිත්‍රපට පිලිබඳ අදහසුත්(Movie Reviews )
ගීත පිටුවෙන් ගීත පිලිබඳ තොරතුරුත්
තරු තොරතුරු පිටුවෙන් සිනමා තරු ගැන තොරතුරුත්

දැන ගන්න පුලුවන්

චිත්‍රපට එකතුව පිටුව හා එහි භාවිතය

චිත්‍රපට එකතුව පිටුව් කියන්නෙ මෙ බ්ලොග් අඩවියෙ තියන වඩාත්ම වැදගත් පිටුව . මේ අඩවියෙ පල වන සැම ලිපියක්ම චිත්‍රපටියේ නමේ ඉංග්‍රීසි අකාරාදි පිලිවෙල අනුව ලැයිස්තුව පිටුවේ දැක්වෙනව . අකාරාදී පිලිවෙලට චිත්‍රපටි වල නම් ලියවෙන කොට ඊට ඉදිරියෙන් එම චිත්‍රපටියට අදාල ලිපි ටික ප්‍රවර්ග අනුව ලයිස්තු ගත වෙනවා

 Lables හා එහි භාවිතය

Lables කියන්නේ blogger වලම පහසුකමක් . ලිපියක අඩංගු චිත්‍රපටිය අයත් කාණ්ඩය(comedy action etc ) . ඒ වගේම ශිල්පීන්ගෙ නම් වගෙ දේවල් මේ Lables තුල තියනවා . ඒ නිසා Lables භාවිතයෙනුත් පහසුවෙන් ලිපි සොයා ගන්න පුලුවන් වෙයි 

භාගත කිරීම් හා සබැඳි(links) සම්බන්ද ප්‍රතිපත්තීන්

සිනමා කර්මාන්තයට ඉතා හානිකර වන camera rip, pre DVD rip ආදී පිටපත් භාගත කීමට අප කොයිම විටකවත් Links ලබා දෙන්නේ නැහැ . අපි යම් කිසි චිත්‍රපටයක පිටපතක් භාග්ත කිරීමේ පිටුවක Link එකක් ලබා දුන්නොත් ඒ DVD පිටපතක පමණයි. එවැනි පිටපත්  උනත් නීති විරෝධි තමා . නමුත් ලංකාවෙදි බොලිවුඩ් නිර්මාණයක නීත්‍යානුකූල පිටපතක් මිලදී ගන්න ඉතා අපහසු/නොමැති නිසා ඒ දේ සිදු කරනවා

බොලිවුඩ් ගීත වාණිජ වශයෙන් අලවි කලත් ඒවා ප්‍රචාරක අංග ලෙස වැදගත් වෙන නිසාදෝ භාගත කිරීම් බොහොමයක් දක්නට ලැබෙනව. අපි Links ලබා දී තියෙන්නෙත් එ නිසා.

කොහොම උනත් මේ කිසිදූ භාගත කිරීමකට Direct Download Links සපයන්නේ නැහැ අදාල පිටුවට Links දෙනව විතරයි . ඔබ භාගත කරනවාද නැද්ද යන්න ඔබේ තීරණයක්

"බොලිවුඩ් සිංහලෙන් " හැම වෙලාවකම ඔබව දිරිමත් කරන්නේ නීත්‍යානුකූල පිටපත්ම භාවිතා කරන්නයි

ඡායාරූප ඉදිරිපත් කීරිමේදී මෙම අඩවිය තුලින්ම හෝ අපගේම තෙවන පාර්ශව අඩවියක් තුලින් හෝ වෙනත් වෙබ් අඩවියකින් නීත්‍යනූකූලව භාවිතයට ලබා දෙන සබැඳි භාවිතා වෙනව .

අපගේ නොවන ඔනිම අඩවියකින් භාගත කිරීමක් කරනවා නම් ඒ අයගෙ භාගත කිරීම් ප්‍රතිපත්ති වලට අනුකූලව භාගත කිරීම් ඉටු කරන්න වග බලාගන්න

ලිපි වල සංයුතිය

ඉතා අංග සම්පූර්ණ ලිපියක් ඉදිරිපත් කිරීමට අපි හැම වෙලාවකම උත්සහ ගන්නවා . විෂේශයෙන්ම පසු විපරම්(Movie Reviews ) ගනයේ ලිපි වලදි චිත්‍රපටිය මිලදී ගන්න ඉන්න කෙනෙකුට උනත් ඒ ගැන අදහක් ඇති කරගන්න පුලුවන් වෙන විදිහට ලකුණු ක්‍රමයක් එක්ක ලිපිය සකස් වෙනවා . ඒ වගේම සිනමාකරණය ගැන උනන්දු අයට වැදගත් වෙන කාරණාත් එකතු වෙනවා

Facebook/ Twiiter

අපේ Facebook Page & Twitter Page වලට එකතු වෙලා අලුත් ලිපි ගැන දැනුවත් වෙන්න ඔගොල්ලන්ට පුලුවන් . Facebook වල පණිවිඩ ජංගම දුරකතනයට ලබා ගන්න කෙනෙක් නම් අපේ පණිවිඩත් ඒ සඳහා සක්‍රිය කරගෙන SMS මගින් අලුත් ලිපි ගැන දැන ගන්න පුලුවන් . ගොඩක් ජංගම දුරකතනවලින් සිංහල අකුරු කියවන්න බැරි නිසා භාෂා දෙකෙන්ම Facebook Updates යොදන්නත් කටයුතු කරනවා 

අපට ලියන්න bollywood.sinhala@hotmail.com ලිපිනයට , ඔබ චිත්‍රපට පසුවිපරම්(movie Reviews)ලියන්න කැමති නම් ලියල Email කරන්න ඔබගේ නමින් ඒවා පල කරන්න අපි සූදානම්

අවසාන වශයෙන් නැවතත් අපව Bookmark කරගන්න කියල මතක් කරන්න කැමතියි .

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them