Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Saturday, August 27, 2011

අජේ දෙව්ගන් ගේ අතිසාර්ථක ක්‍රියාදාම චිත්‍රපටිය Singham - DVD නිකුත්වීම සහ තොරතුරු

හැඳින්වීම |Introduction 
 Singham චිත්‍රපටිය මේ වසරෙ තිරගත වුනු බොලිවුඩ් නිර්මාණ අතුරින් දෙවනියට වැඩිම ආදායම් ප්‍රමානය හෙවත් රු කෝටි 150,000 ක පමන ආදායම් ප්‍රමාණයක් ලබාගත් නිර්මානයක් .මේ වෙනකොට DVD නිකුත් වෙලා තියෙන Singham චිත්‍රපටිය ගැන සම්පූර්ණ විස්තරයක් තමයි මේ ඉදිරිපත් කරන්න සුදානම් වෙන්නෙ

 මූලික තොරතුරු |Basic Details
අධ්‍යක්ෂණය -Rohith Shetti
නිෂ්පාදනය - Reliance Entertainment
සිනමාකරණය - Duldhey
සංස්කරණය -Stewen -H - Bernad

තිර රචනය - Yunus Sajawal
සංගීතය -Ajay Atul

රංගනය - Ajay Dewgan , Kajal Agrawal



කථාව |Story
ඉතාම අවංක පොලිස් නිලධාරියෙක්ගේ චරිතය වටා තමයි මේ කථාව ගෙතිලා තියෙන්නෙ .



විශේෂත්වයන්|Specialties 

  •  මේක බොහොම සාම්ප්‍රදායික බොලිවුඩ් කථා තේමාවක් , අවංක පොලිස් නිලධාරියෙකුගේ චරිතයක් වීර චරිතයක් . ඒ වුනත් ප්‍රෙක්ෂක ප්‍රතිචාර නම් උපරිමයෙන් දිනාගන්න හැකියාව ලැබුනා
  • කාලයක් පුරාවට හාස්‍යෝත්පාදක නිර්මාණ ඇතුලු වෙනත් සම්ප්‍රදායන්ට කොටු වෙලා හිටපු අජේ දෙව්ගන් සැහෙන කාලයකට පස්සෙ තමන් සිනමා ජිවිතයේ මුල් කාලයේ  කරපු ක්‍රියාදාම චරිතයකට පණපොවන්නේ මේ චිත්‍රපටියේ

ඡායාරූප |Images
Unlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFire




මේ ඡායාරූප දීල තියෙන්නෙ Media Fire හරහා , MediaFire වල ඡායාරූප අදාල Resolution අගයන් සහිතව භාගත කරගැනීම පිලිබඳ උපදෙස් අවශ්‍ය නම් මෙතනින් යන්න පුලුවන්

නිල ප්‍රචාරක පටය | Official Trailer




ගීත භාගත කර ගැනීම|Songs Downloads

http://www.songs-pk.info/2011/singam-hindi-2011/

( Above LINK s have been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL AUDIO CDs or to download from AUTHORIZED  web sites )
 


විචාරක ප්‍රතිචාර | Expert Reviews

චිත්‍රපටිය ගැන කථා කරපු සැම විචාරකයෙක්ම සඳහන් කල දේ තමයි Singham කියන්නේ 1970/80 දශක වලට අයත් ක්‍රියාදාම චිත්‍රපටියක්ය කියන එක . ඒ උනත් නිර්මාණය වෙනුවෙන් 4/5 ක පමණ ලකුණු ප්‍රමාණයක් ලබාදෙන්නත් ඒ අය අමතක කලේ නැ




නිල වෙබ් අඩවිය සහ ප්‍රොෆයිල |Official web and profiles

Official Web

මුලාශ්‍රයන් |Sources

Bollywoodhungama , Songspk, Official Web ,

--------------------------------------------------------------------------------------------------------------------
පහල සෙවුම් පද හරහා සෙවුමක් කලොත් පලමු ප්‍රතිඵලයෙන්ම චිත්‍රපටිය භාගත කරගන්න පුලුවන්  

Singham Hindi DvDRip XviD E-Sub xRG

Sunday, August 14, 2011

Buddha Hoga Tera Baap (Review ) - අමිතාබ්ගේ ගුටිකෙලි අමිතාබ්ගේ රසිකයින්ට පමණක්ම නොවේ

බොලිවුඩයේ සුපිරි තරුව අමිතාබ් බච්චන් සුපිරි රංගනයක නිරත වුන Buddha Hoga Tera  Baap චිත්‍රපටිය පිලිබන්ද තොරතුරු අපි කලින් ඉදිරිපත් කලා . මේ ඉදිරිපත් කරන්න සුදානම් වෙන්නේ චිත්‍රපටියට අදාල විවරණය

 01)Article 01
 02)Article 02
 03)DVD OUT

චිත්‍රපටියේ කථාව ගෙතිල තියන විදිහට ඒ ගැන යමක් සඳහන් කරන එක ඔබගේ රසාස්වාදයට ලොකු බාධාවක් වෙන්න පුලුවන් . මුල්ම ලිපියෙදි සඳහන් කරපු විදිහට අමිතාබ් බච්චන්  හැත්තැව අසූව දශක වලදි  රඟපාපු ආකාරයේ පාතාල සමාජික චරිතයක් තමයි මේ චිත්‍රපටියෙදිත් කරන්නෙ කියන එක මතක් කරන්න ඕනි .  වයසට ගිය ඒත් හිතින්  තරුණ සහ දක්ෂ පාතාල කල්ලි සමාජිකයෙකුගේ චරිතයක් තමයි අමිතාබ් කරන්නේ.

Editor's Comment | අපේ අදහස
  • මේ චිත්‍රපටිය නිමවුනේ අමිතාබ් වෙනුවෙන්ම බව තමයි චිත්‍රපටියේ අධ්‍යක්ෂක වරයා ප්‍රකාශ කලේ , ඒ වගේම ඉතින් චිත්‍රපටිය සම්පූර්නයෙන්ම ගෙතිලා තියෙන්නෙත් අමිතාබ් රඟපාන විජ්ජු කියන චරිතය වටා , විජ්ජු කථාවට ඇතුල් වුන තැන ඉඳන් රූප රාමු දෙක තුනක් ඇරුණාම ඉතුරු සියලු දර්ශන වල අමිතාබ්ව දකින්න පුලුවන්
  • චිත්‍රපටියේ කථාව සැහෙන තරමින් හොඳයි කියල කියන්න පුලුවන් . බොහොම සරල කථාවක් උනත් නොහිතන විදිහේ වෙනස් වීම් , විනෝදාත්මක ජවනිකා වගේම හොඳ ආදර්ශයකුත් මේ කථාවේ අඩංගුයි
  • චිත්‍රපටිය රුගත කිරීමේදි වර්ථමාන සිනමාවට අදාල කැමරා කෝන ආදිය භාවිතා කරල තිබුනත් . ක්‍රියාදාම දර්ශන සඳහා නම් භාවිතා කරල තියෙන්නේ අමිතාබ් ඒ කාලේ රඟපාපු චිත්‍රපට වල ක්‍රමයම තමයි . සිනමාවේ විර චරිතය ඉස්මතු කරන්න ඒ කාලේ භාවිතා කරපු රූප රාමු ආදියත් මේ චිත්‍රපටියේ තියනවා. අද කාලේ චිත්‍රපටියක ඒ වගේ දර්ශන දැක්කාම අස්භාවික හා බොලඳ ගතියක් දැනුනත්  අමිතාබ්ගේ රංගනයත්  නිසා මේ චිත්‍රපටිය ගැන නම් එහෙම දැනෙන්නේ නැ
  • සැහෙන තරම් හොඳ මට්ටමේ සංගීතයත් භාවිතා කරල තියන මේ චිත්‍රපටියේ අමිතාබ් ගෙ රංගනය නම්  ඉතාම  සුපිරියි . චිත්‍රපටියේ රසවින්දනය සම්පූර්නයෙන්ම පාදක වෙන්නේ ඔහුගෙ රංගනයත් එක්ක
  • ඔබ අමිතාබ් ගේ රසිකයෙක් නම් අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටිය ඔබේ සිත්ගනියි , එහෙම නොවුනත් බොහොම සරල විනෝදාත්මක චිත්‍රපටියක් බලන්න කැමති ඕනිම කෙනෙකුට මේ චිත්‍රපටිය ගැලපෙනව කියල කියන්න පුලුවන්
  • චිත්‍රපටියේ එන ක්‍රියාදාම විතරක් නෙවෙයි නැටුම් දර්ශන වල පවා අමිතාබ් සලකුන රැදීල තියන බවත් අමිතාබ්ගෙ රසිකයින් වෙනුවෙන් සඳහන් කරන්න ඕනි
Ratings


  • Direction -3/5
  • Celebrities' Performance -4/5 (Credit Goes to BIG B )
  • Story - 3/5
  • Script - 3/5
  • Cinematography - 2.5/5
  • Music -3/5
  • Choreography -2.5/5
  • Art Direction - 2/5
  • Action - 2.5/5
  • Editing - 2/5
  • Special Effects - N/A
  • OVERALL -2.75/5

Thursday, August 11, 2011

Murder 2 (Review ) ජැකොලයින්ගේ නිරුවත් දර්ශන කථාව ඇත්තක්ද ?

Murder 2 චිත්‍රපටියේ DVD නිකුත් වීම පිලිබඳ තොරතුරු අපි ඔබට වෙත ඉදිරිපත් කලා බාගත කරගැනීමේ සබැඳිත් එක්කම . මෙතෙක් බාගත  කරගත්තේ නැති කෙනෙකුට මෙතනින් ගිහින් ඒ සබැඳි ලබා ගන්න පුලුවන් . මේ චිත්‍රපටිය පිලිබඳ ලාංකිකයින් බොහෝ දෙන්ක් උනන්දුව පල කලේ ජැකලයින් නිරුවත් දර්ශන වලට පෙනී සිටිනවා කියල මතුවුනු කථා බහත් එක්ක . ලංකාව නොයෙකුත් මාධ්‍ය ඒ ගැන විවිධ කතා කියත්දි ඒ වෙනකොට තිබුනු සත්‍ය කතා බහ අපි ඔබට ඉදිරිපත් කලා මතක ඇති . ඒ කතාවුනු විදිහට ජැකලයින් වෙනුවෙන් නිරුවත් දර්ශන වල රඟපැවද ??? ඒ ගැනත් අපි මේ විචාරය ඇතුලෙ කථා කරමු


කථාව 

අර්ජුන් කියන්නේ පොලිස් සේවයෙන් ඉවත් වෙලා ගෝව ප්‍රදේශයේ පතාලය වෙනුවෙන් වැඩ කරන , තමන්ගේ දක්ෂතා භාවිතා කරන පුද්ගලයෙක් .  තමන්ගේ සමීපතමයන්ගෙ මරණයත් එක්ක දෙවියන්  පිලිබඳ විශ්වාසයෙනුත් මිඳිලා ඉන්න අර්ජුන් තමන් පාතාලය වෙනුවෙන් වැඩ කරල ලබන මුදල් පවා වැය කරන්නෙ අනාථ ලමයින් වෙනුවෙන් . ඔහු තමන්ගේ පෙම්වතිය වෙනුවෙන්  දක්වන්නෙත් රාගික අදහසක් විතරයි . ශාරිරික සබඳතාවයට වඩා දෙයක් ඇයගෙන් බලාපොරොත්තු නොවෙන ඔහු ගත කරන්නෙ එක්තරා ආකාරයකට විසිරුනු අතරමං වුනු ජීවිතයක්

ඔහුගේ පෙම්වතිය ප්‍රියා නම් බලාපොරොත්තු වෙන්නේ  අර්ජුන් එක්ක සාර්ථක ජීවිතයක් ගත කරන්න , මොකද ඇය අවංකවම ආදරය කරන නිසා . ඇයගේ වෘත්තිය  වෙන්නේ සඟරා වලට අඩ නිරුවත් රූප සඳ හා පෙනී සිටීම .

ගණිකාවන් සඳහා ගැහැනුන් සපයන  පුදගල්යෙක් අර්ජුන්ගෙ උදව් බලාපොරොත්තුවෙන් පැමිනෙන්නේ මේ අතරෙදි . ඒ තමන් සපයන ගැහැණු ලමුන් අතුරුදහන් වීමක් ගැන උදව් බලාපොරොත්තුවෙන් .මේ සඳහා මැදිහත්වන අර්ජුන්ගේ උප්ක්‍රමයක් නිසා අසරණ ගැනු ලමයෙකුත් විපතට  පත්වෙන බව අර්ජුන්ට දැන ගන්න ලැබෙනව . මොක්ද මේ ගැහැනු  ල්මයින් අතුරු දහන් වෙන්නේ ව්කෘති පුද්ගකයෙකු විසින් මරා දාන නිසා බව අර්ජුන්ට  දෑන ගන්න ලැබෙනව . එතනින් එහාට අර්ජුන් ක්‍රියා කරන්නෙ කොහොමද ? අර්ජුන්ට මුහුන දෙන්න වෙන සිදුවීම් මොනවාද ? ..... කිය්ල කථාව බලලම දැන ගන්න පුලුවන්

අපේ අදහස | Editor's Comment
  • හිංසාකාරි දර්ශන , කතා තේමාව හා සරාගි දර්ශන ආදී කාරණා නිසා මේ චිත්‍රපටිය වඩාත් යෝග්‍ය වෙන්නෙ වැඩිහිටියන්ට පමනක් බව  මුලින්ම සඳහන් කරන්න ඕනි
  • කොහොම උනත් චිත්‍රපටියට කලින් සඳහන් වුනු ආකාරයේ නිරුවත් දර්ශන නම් චිත්‍රපටියේ අන්තර්ගත වෙන්නේ නැ . ඉතාම සූක්ෂම විදිහට කැමරාව මෙහෙයවපු ශෘංගාරාත්මක දර්ශන  කිහිපයක් තිබුනත් ඒ චිත්‍රපටියට කලින් කථා බහට ලක්වුනු තරම් නම් නෙවෙයි . ඒ නිසා ඒ නිරුවත් දර්ශන කථාව අධ්‍යක්ෂක වරයා වෙලඳ උපක්‍රමයක් විදිහට භාවිතා කරපු දෙයක් බව  තමයි කියන්න තියෙන්නේ . කොහොම උනත් Murder 2 බොලිවුඩ් සිනමාවට සාපේක්ෂව නම් සරාගී දර්ශන ඉහලින්ම අඩංගු නිර්මානයක්  බවට සැකයක් නැ
  • අධ්‍යක්ෂකවරයාගෙ වෙලඳ උපක්‍රම නිසාදෝ අති සාර්ථක නිර්මානයක්  බවට ආදායම් වාර්ථා තැබුවත් සඳහා ලැබුනු විචාරක ප්‍රතිචාර නම් ඒ තරම් හොඳ නැ . රංගනයේ දුර්වලතා, තිරරචනයේ හා කථාව ගොඩ නැගීමේ දුර්වලතා ඒ අතර ප්‍රධානයි . සංගීතය ඇරුණාම චිත්‍රපටියේ අනෙකුත් අංග ඒතරම් සාර්ථකත්වයක නැ .ඒ නිසා මේ වර්ගයේ චිත්‍රපටියක තියෙන්නෙ ඕනි කරන උද්යෝගය වෙනුවට කම්මැලි බවක් තමයි ප්‍රේක්ෂකයාට දැනෙන්නෙ
  • සරාගී දර්ශන රූගත කිරීමේදී ඇරුණාම අනෙකුත් අවස්ථාවල සිනමා කරන දායකත්වය ඉතාම මදි . මේ මාදිලියේ චිත්‍රපටියක රූප රාමු හා  හර්හා දෙන්න පුලුවන් ගොඩක් දේ මගහැරිල තියන බවයි පේන්න තියෙන්නේ. සංගීත බාවිතාවේ තරම් හොඳ තත්වයක සිනමා කරන ලක්ෂනත් (සරාගී ජවනිකා වලදී මේ එකතුව සාර්ථකයි ) හොඳ තිර රචනයකුත් එකතු වුනා නම් නිර්මාණයේ අගය ඉතාම වැඩි වෙන්න ඉඩ තිබුනා  . 
  • ජනප්‍රිය වුනු තරමටම අලංකාර චිත්‍රපටියක් නොවේය කියලයි අවසන් වශයෙන් කියන්න තියෙන්නේ . සාම්ප්‍රදායික් ඉම්  රාන් හැර වෙන දෙයක් ඔහුගේ දකින්න නොලැබුනත් ජැකලයින්ගේ රංගනය නම්  සාර්ථකයි . කොහොම උනත් ඉතින් බොලිවුඩ් රසිකයෙක් විදිහට මේක නොබැලුවා කීමත් නිකන් අඩු වක් වගේ නිසා , බාගෙන බැලුවට නම් පාඩුවක් නැතිවෙයි

Ratings

  • Direction -1.5/5
  • Celebrities' Performance -2.5/5
  • Story - 2/5
  • Script - 1/5
  • Cinematography - 2/5 (Good in Erotic scenes )
  • Music -4/5
  • Choreography -2/5
  • Art Direction - 2/5
  • Action - N/A
  • Editing - 2/5
  • Special Effects - N/A
  • OVERALL -2.5/5

Monday, August 8, 2011

බොහෝ දෙනා මඟ බලාසිටි Murder2 චිත්‍රපටියේ DVD නිකුත්වෙයි

Murder 2 චිත්‍රපටිය ගැන අමුතුවෙන් හැඳින් වීම් කරන්න වුවමනා වෙන්නේ නැනේ නේද  , ලංකාවේ බොහෝ දෙනෙක් මඟ බලාන හිටියේ චිත්‍රපටියේ DVD පිටපතක් බලාපොරොත්තුවෙන් .ඕන්න දැන් පිටපත නිදහස් වෙලා තියනවා . මිලදී ගන්න සබැඳියත් බාගත කරගන්න සබැඳියත් පහලින් දීල තියනවා. 700 MB ගානේ පිටපතට වඩා රූප හා නාද ගුණයෙන් යුතු පිටපත් ඉදිරි දින කිහිපයේදී දකින්න ලැබේවි . එතකන් ඉන්නවද ? දැන්ම බාගත කරගෙන බලනවද කියන එක ඔබේ කැමැත්තක් . මේ පිටපතත් සැහෙන තරම් හොඳ බව පේන්න තියනවනේ(බාගත සබැඳියෙන්ම ගිහින් Screenshots බලන්න පුලුවන් )

 ඉතාම ඉක්මනින් චිත්‍රපටියට අදාල විචාරය ඉදිරිපත් කරන්න බලාපොරිත්තු වෙනව




මිලදී ගැනීමට

http://cgi.ebay.com/Murder-2-Hindi-DVD-Emraan-Hasmi-Jacqueline-Fernandez-/230656124894?pt=US_DVD_HD_DVD_Blu_ray&hash=item35b42d27de#ht_500wt_1127


භාගත කරගැනීමට

http://extratorrent.com/torrent/2478744/Murder+2+-+DVDRip+-+XviD+-+1CDRip+-+DDR.html

(Note - We do not held any responsibility  on use of above links | ඉහත සබැඳි භාවිතා කීරීම පිලිබඳ කිසිදු වගකීමක් අප සතු නොවේ )

Friday, August 5, 2011

දැනට ලංකාවේ තිරගතවෙන Zindagi Na Milegi Dobara චිත්‍රපටිය පිලිබඳ විචාරයක් !

බොලිවුඩ් සිංහලෙන් අඩවිය හරහා චිත්‍රපටි ගනනාවක විචාර ඉදිරිපත් කරල තිබුනත් ඒව සියල්ලම අයිති වෙන්නේ DVD Reviews ගනයට .  මේ විචාරය තමයි පලමු වතාවට දැනට තිරගතවෙන චිත්‍රපටියක් පිලිබඳ ලියවෙන සැබැ Movie Review එකක් වෙන්නේ . චිත්‍රපටිය දැනට සැවොයි  සිනමා හලේ තිරගත වෙන Zindagi na Milegi Dobara චිත්‍රපටිය . චිත්‍රපටියට  අදාල ඡායාරූප , විඩියෝ සහ මූලික තොරතුරු මෙතනින් ගිහින් බලාගන්න පුලුවන්

කථාව

කබීර්, ඉම්‍රාන් , සහ අර්ජුන් කියන්නේ පාසල් වියේ මිතුරන් තිදෙනෙක් . කබීර්ගේ විවාහයට කලින් බැච්ලර් පාටිය වෙනුවට මේ අය තෝරගන්නේ බැච්ලර් ට්‍රිප් එකක් . ඒ ස්පාඤ්ඤයට සංචාරයක් නිකන් නෙවෙයි ඇඩ්වෙන්චර් සංචාරයක් . සංචාරය සුදානම් කරන ඉම් රාන් ගේ ඒ වෙනුවෙන්  තව සැඟවුනු අරමුණකුත් තියෙයි . එක් එක් කෙනාගෙ තෝගා ගැනිම් අනුව වීර ක්‍රියා කරන්න බලාපොරොත්තු වෙන මේ සංචාරයේදී මේ අයගේ ජීවිත වල වටිනාකම් , හැඩරුව වෙනස් වෙන්නේ හරිම අපූරු විදිහට ... වැඩිය විස්තර කලොත් රසය නැතිවෙන නිසා කථාව ගැන ඔය ඇති

අපේ අදහස | Our Comment
  • බොලිවුඩ් සිනමාවේ සාමාන්‍ය්යෙන් දකින්න නොලැබෙන ආකාරයේ තාත්වික බවක් මේ චිත්‍රපටියේ දකින්න ලැබෙනවා , විශේෂයෙන් බටහිර චිත්‍රපටිවල දකින්න තියන ආකාරයේ , කොහොම  උනත් ඒ අතරම බොලිවුඩ් සිනමාවට ආවෙනික ලක්ෂනත්, සිනමාත්මක ලක්ෂනත් හොඳින් සුරැකිල තියනවාය කියල කියන්න පුලුවන්
  • චිත්‍රපටියේ එන සියලුම සිදුවීම් යථාර්ථවාදී නොවුනත් (පූර්ණ ලෙස යථාර්තවාදි සරල සිනමා නිර්මාණ අඩුයි නේ ) සැහෙන දුරට මේ කථාව යථාර්තවාදියි , අපිට සැබැ ජීවිතයේ දකින්න ලැබෙන , වර්ථමාන ලෝකයෙ තරුණ තරුණියන් තමයි චිත්‍රපටියේ නිරූපණය වෙන්නේ . අදාල චරිතත් ඒ තාත්වික බව සුරැකෙන විදිහට සැකසිලා තියනවා වගේම අදාල රංගන ශිල්පීන් ඊට නියම සාධාරණයත් ඉටු කරනවා
  • ජීවිතයට යමක් එකතු කරන්න සමත් වෙන කලා නිර්මාණ ඉතාම වටිනව , මේ චිත්‍රපටියත් ජීවිතය දිහා අලුත් විදිහට දකින්න විවිධ සිදුවීම්, හා පුද්ගලයින් ඔස්සේ මඟ පෙන්වීම සිදුකරනව
  • මේ  අයගේ සංචාරය වටා දිවෙන නිසා ඉතාම සුන්දර පරිසරයක තමයි මුලු සිනමා නිර්මාණයම ගලා යන්නේ . ඒ සුන්දර පරිසරයේ අලංකාරය නිර්මානයට අදාලව ඉතා සිනමාත්මකව හා අලංකාරවත්ව කැමරා කාචයට එකතු කරගන්න  අධ්‍යක්ෂවරයාත් සිනමා කරන ශිල්පියාත් සමත් වෙලා තියනව
  • ඉතාම සාර්ථකව ගොඩ නංවපු තාත්වික චරිත ,  ඒවාට උපරිම සාධාරනය ඉටු කරමින් රඟපැම අතින් රංගන ශිලිපීන්ගෙ දායකත්වය ඉතාම සාර්ථකයි කියල කියන්න පුලුවන් . සැම රංගන ශිල්පියෙක්ම තමන්ගෙ වගකීම නිසි ආකාරයෙන් ඉටු කරල තියන බවත් පේන්න තියනව
  • ඉතාම හොඳ  හාස්‍යක් මතුවෙන තැන් රාශියක් දකින්න ලැබෙනව , මේ එකක් වත් බලෙන් ඔබ්බපු දේවල් නෙවෙයි චිත්‍රපටියට අදාලව , චරිතවලට අදාලව මූලික කථාව තුල පවතින සිදුවීම්
  • චිත්‍රපටියේ සංගීතය නම් එතරම් විශේෂයක් දකින්න නැ , මීට වඩා ආකර්ෂනීය සංගීතයකට ලොකු වටිනාමක් එකතු කල හැකිව තිබුනා කියල හිතෙනවා
  • සංචාරය වටා දිවෙන කථාවක් නිසා අපිත් ගමනක් යන බවක් තමයි දැනෙන්නේ ... ඒ ස්වාභාවය හා චිත්‍රපටියේ කථා ස්වාභාවයත් නිසා දෙවෙනි භාගයේදී පොඩි කම්මැලි ගතියක් දැනෙනවා චිත්‍රපටිය දිග වැඩියි දෝ කියල
  • අන්තිමට සඳහන් කල කාරනය ඇරුණාම අනිකුත් සියලුම කාරණා අනුව මේ චිත්‍රපටිය  වෙනුවෙන් ඔබගේ කාලය හා මුදල් වැය කිරීම අපතේ නොයවන බව තමයි කියන්න තියෙන්නේ . සති අන්තයේ සිනමා ශාලාවට යන්න බලාපොරොත්තුවක් තියනවා නම් , මේ චිත්‍රපටිය ඒ සඳහා තෝරගන්න හැකියාව තියනවා . මේ චිත්‍රපටිය මේ වෙනවිටත් ඉන්දියාවෙ හා ලෝකය පුරා අති සාර්ථකව තිරගතවෙනව වගේම ඉතාම හොඳ විචාරක සම්මානත් ලබපු නිර්මානයක්  කියන දේත් මතක් කරන්න කැමතියි
  • සිප ගැනීමේ දර්ශනයක් ඇරුණාම වෙනත් රූපමය වශයෙන් දරුවන්ට නැරඹීමේ නොහැකියාවක්  මේ චිත්‍රපටියේ නැ . කොහොම උනත් මේ කථා තේමාව හෝ කථාව කුඩා දරුවෙකුට වැඩකට ඇති දෙයක් නෙවෙයි . අවුරුදු 12ට වැඩි ඕනිම කෙනෙකුට හොඳින් රසවිඳීමේ හැකියාව තියනව
Ratings
  • Direction -3.5/5
  • Celebrities' Performance -3.75/5
  • Story - 3.5/5
  • Script - 3/5
  • Cinematography - 4/5
  • Music -2/5
  • Choreography -25
  • Art Direction - 3/5
  • Action - N/A
  • Editing - 3/5
  • Special Effects - N/A
  • OVERALL -3.5/5

බොලිවුඩ් චිත්‍රපට 4ක DVD නිකුත් වීම

 පහුගිය සතිය තුලදි DVD  නිකුත් වුනු බොලිවුඩ් චිත්‍රපට කිහිපයක තොරතුරු තමයි මේ ඉදිරිපත් කරන්න සුදානම් වෙන්නේ

Budda Hoga terra Baap තමයි පලමුවෙනි චිත්‍රපටිය .මේ නිර්මානය ගැන විස්තර අපි කලින් ලිපි දෙකකින් ඉදිරිපත්කලා .මෙතනින් අවසාන ලිපියටත් , ඒ ලිපිය හරහා මුල් ලිපියටත් ගිහින් වැඩි විස්තර දැන ගන්න පුලුවන් .චිත්‍රපටියට සාමාන්‍යෙන් හොඳ මට්ටමේ විචාරක ප්‍රතිචාර ලැබුනත් එතරම් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් ලැබුනේ නැ , ඒත් චිත්‍රපටිය අඩු වියදම් නිර්මාණයක් නිසා ආර්ථික වශයෙන් සාර්ථක නිර්මාණයක් විදිහට තමයි සැලකෙන්නේ .චිත්‍රපටියේ විචාරය ඉතාම ඉක්මනින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනව


01)අන්තර්ජාලයෙන් මිලදී ගන්නව නම් පහත සබැඳියෙන් eBayවෙත පිවිසිල මිලදී ගන්න පුලුවන්
hhttp://cgi.ebay.com/Bbuddah-Hoga-Terra-Baap-Amitabh-Hema-Hindi-Movie-DVD-/130556761127?pt=US_DVD_HD_DVD_Blu_ray&hash=item1e65ca1427

(eBay සම්ඟ ඔබගේ ගණුදෙනු සම්බඳයෙන් අප වග කියනු නොලැබේ)

02)පහල තියන සෙවුම් පද ඒ විදිහටම කොපි කරල ගුගල් හරහා සෙවුමක් කලොත් පලමු ප්‍රතිපලයෙන්ම පිටපත භාගත කරගන්න පුලුවන්



Bbuddah...Hoga Terra Baap - DVDRip - XviD - [DDR]

 These are just search keywords we do not held any responsibility on the results )
----------------------------------------------------------------------------------------------

ඊලඟ චිත්‍රපටිය Kasmakash  , චිත්‍රපටිය ගැන තොරතුරු කලින් ලිපියකදි අපි කිව්වා . මෙතනින් ඒ ලිපියට පිවිසෙන්න පුලුවන් .මේ චිත්‍රපටියේ බෙංගාලි පිටපතට අදාලව තමයි DVD නිකුත් වෙලා තියෙන්නේ


පහල තියන සෙවුම් පද ඒ විදිහටම කොපි කරල ගුගල් හරහා සෙවුමක් කලොත් පලමු ප්‍රතිපලයෙන්ම පිටපත භාගත කරගන්න පුලුවන්

Noukadubi - DVDRip - XviD - 1CDRip - [DDR]



404:Error Not Found චිත්‍රපටිය ගැනත් අපි කලින් කථා කලා , ඒ කලින් චිත්‍රප්ටිය ගැන කථා කරපු ලිපියෙන්ම තමයි (link ). බොලිවුඩ් සිනමාවේ නව මානයන් සොයා යන ඊලඟ පරම්පරාවේ  Thriller චිත්‍රපටයක් විදිහට තමයි සමහර විචාරකයො චිත්‍රපටිය හැඳින්වුවේ , ප්‍රේක්ෂක ප්‍රතිචාර පිලිබඳව නම් පැහැදිලි තොරතුරක් නැ . මේ චිත්‍රපටිය පිලිබඳවත් විචාරයක් ඔබ වෙත ගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා


පහල තියන සෙවුම් පද ඒ විදිහටම කොපි කරල ගුගල් හරහා සෙවුමක් කලොත් පලමු ප්‍රතිපලයෙන්ම පිටපත භාගත කරගන්න පුලුවන්



404 - DVDRip - XviD - 1CDRip - DDR



 Bindi Bazaar Inc අපිට මීට කලින් කථා කරන්න නොහැකිවුන චිත්‍රපටියක් , Crime |Thriller වර්ගවලට අයත් මේ චිත්‍රපටිය මධ්‍යස්ථ විචාරක හා ප්‍රේක්ෂක සම්මානයට පාට්‍රවුන නිර්මාණයක්  චිත්‍රපටිය ගැන සම්පූර්ණ විස්තර විචාරය ඉදිරිපත් කරන කොටම සටහන්  කරන්නම්


පහල තියන සෙවුම් පද ඒ විදිහටම කොපි කරල ගුගල් හරහා සෙවුමක් කලොත් පලමු ප්‍රතිපලයෙන්ම පිටපත භාගත කරගන්න පුලුවන්

Bhindi Baazaar Inc. - DVDRip - XviD - 1CDRip - DDR

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them