Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Sunday, September 25, 2011

Force - ජෝන්ගේ රසිකයින්ට අලුත් ක්‍රියාදාම චිත්‍රපටයක්

  හැඳින්වීම |Introduction 

ජෝන් එබ්‍රහම් කියන්නෙ  ලංකාවේ බොලිවුඩ් රසිකයින් අතර අතිශයින්ම ජනප්‍රිය රංගන ශිල්පියෙක් . ජෝන් රඟපාන නවතම චිත්‍රපටිය මේ මාසේ 30 වෙනිද ඉඳන් තිරගත වෙන්න නියමිතයි . ක්‍රියාදාම හා ආදරකථා වර්ගවලට අයත් මේ චිත්‍රපටියත් සාර්ථක දකුණු ඉන්දියානු සිනමා පටයක නැවත නිර්මාණයක් , චිත්‍රපටියේ ප්‍රධාන නිලිය ජෙනෙලියා සාමාන්‍යයෙන් රැක ගෙන ආපු Good Girl Look එකෙන් ඉවත් වෙලා සරාගී චරිතයක් කරන පලවෙනි අවස්ථාවත් මේකයි








මූලික තොරතුරු |Basic Details


අධ්‍යක්ෂණය -Nishikant Kamat
නිෂ්පාදනය -Vipul Shah
සිනමාකරණය - Ayanka Bose

රංගනය  - John Abraham , Genelia  Dsouza


කථාව |Story

අපරාධකරුවන්  ඝාතනයෙන් අපරාද දුරලීමේ ක්‍රමය ගැන විශ්වාසයෙන් වැඩ කරන පොලිස් නිලධාරියෙක්  මූලික කරගෙන තමයි කථාව ගොඩ නැගෙන්නේ



ඡායාරූප |Images

More Force Wallpapers
තවත් ඡායාරූප ලබා ගැනීමට | For Extra Images

මෙතනින්  පිවිසෙන්න (From Bollywood Hungama )

නිල ප්‍රචාරක පටය | Official Trailer 





අනෙකුත් විඩියෝ |Other Videos




ගීත ඇසීම| Songs Listening

FROM  BOLLYWOOD HUNGAMA

ගීත භාගත කර ගැනීම|Songs Downloads

http://www.songs.pk/indian/force_2011_mp3_songs.html 
( The above LINK has been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage or recommend to use it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL AUDIO CDs or to download /Listen  from AUTHORIZED  web sites |ඉහත සබැඳිය දී ඇත්තේ තොරතුරු මුලාශ්‍රයක් ලෙස පමණි , සැම විටම  නිත්‍යානුකූල අයිතමයන් මිලදී ගන්නා ලෙස අප ඔබව දිරිමත්කරන්නෙමු)




නිල වෙබ් අඩවිය සහ ප්‍රොෆයිල |Official web and profiles

OFFICIAL WEB ,

FaceBook Page


Thursday, September 15, 2011

Ra.One ගීත එකතුව නිකුත්වේ ( Music Launch Complete Event & Latest Trailer Included)

බොලිවුඩයේ රජු ෂාරුක් ඛාන්ගෙ Ra.One චිත්‍රපටිය ගැන අපි තොරතුරු රාශියක් ඔබවෙත අරන් ආවා . අවසන් ලිපිය වෙන්වුනේ මේ චිත්‍රපටිය වෙනුවෙන් ඒකෝන් ගායනා කල  චම්මක් චලෝ ගීතයේ ප්‍රචාරක විඩියෝ පටය වෙනුවෙන් .  චිත්‍රපටියේ සමස්ථ ගීත එකතුව පහුගිය සතියේ එලිදැක්වුනා . ඒ ෂාරුක්ගේද සහභාගීත්වයෙන් .ඒ අවස්ථාව අඩංගු සම්පූණ විඩියෝ පටය ඇතුලු විඩියෝ පට කිහිපයක පහලින් තියනවා . මේ නිල නිකුත් වීමට කලින් චිත්‍රපටියේ සංගීත ඇල්බමය අන්තර්ජාලයට නිකුත්වෙලා තිබුනා හැබැයි ඒ එක ගීතයක් අඩුවෙන් . මේ ගැන බොහොම  තදින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සංගීත ඇල්බමය භාර T-series සමාගම අනතුරු ඇඟෙව්ව නිසා , අදාල ඇල්බමය වෙනදා බොලිවුඩ් ගීත ඇල්බම ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් දෙන වෙබ් අඩව වල පවා දකින්න නැ , නමුත් ටොරන්ට් නම් ඕනි තරම් .ඔන්න අපි ඔබව දැනුවත් කලා ටොරන්ට් එකක් හොයාගෙන බාගන්න එක තමයි ඔබට කරන්න තියෙන්නෙ . පහල ලින්ක් එකත් ටොරන්ට් එකකට කැමති නම් ඒක භාවිතා කරන්නත් පුලුවන්

http://extratorrent.com/torrent/2504138/Ra+One+2011-MP3+%5B320-Kbps%5D+%5BFull-Album%5D+..+%7BMobicareg%7D.html

( The above LINK has been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage or recommend to use it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL AUDIO CDs or to download /Listen  from AUTHORIZED  web sites |ඉහත සබැඳිය දී ඇත්තේ තොරතුරු මුලාශ්‍රයක් ලෙස පමණි , සැම විටම  නිත්‍යානුකූල අයිතමයන් මිලදී ගන්නා ලෙස අප ඔබව දිරිමත්කරන්නෙමු)

සැරින් සැරේ ඉදිරිපත් කරපු තොරතුරු සියල්ල එකතු කරල එක තනි ලිපියක් ඉදිරිපත් කරන්නත් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා


Music Launch Teaser






Music Launch Complete EVENT





 Latest Movie Trailer




Dildara Official Song 


Sunday, September 11, 2011

Singham (Review) - සරල වින්දනයකින් සියුම් යථාර්ථයකට

මේ වසරේ තිරගත වුණු අතිසාර්ථක සිනමා නිර්මාණයක් වුන Singham  චිත්‍රපටිය ගැන මූලික තොරතුරු අපි ඔබට අරන් ආවා  DVD පටය නිකුත් විම පිලිබඳ ලිපියෙදි . මෙතනින් ඒ ලිපියට යන්න පුලුවන් . මේ ඉදිරිපත් කරන්න සුදානම් වෙන්නේ  චිත්‍රපටියට  අදාල විචාරය

කථාව

බාජි රාවො සින්ගම්  කියන්නේ ගෝව- මහා රාෂ්ට්‍ර ප්‍රාත්න සිමාවේ පුංචි ගමක සේවය කරන අවංක පොලිස් නිලධාරියෙක් . ගමේ ධනවතෙකුගේ පුතෙක් වුනු සිංගම් පොලිස් පොතේ ලියනවට වඩා තමන්ම  මැදිහත් වෙලා ගමේ ප්‍රශ්න විසඳන එක තමයි කරන්න කැමති . ඒ නිසා ගමේ ඉන්න සියලු දෙනාම සිංගම්ය ආදරෙයි .ජය කාන්ත් ශිකරේ කියන්නේ ගෝව ප්‍රදේශයේ මැරයෙක් . දේශපාන ශකිතිය නිසා පොලිසිය  අල්ලේ නටවාගෙන ඉන්න ශිකරේට , අපරාධ නඩුවක් ඇප සිද්ධියක් නිසා සිංගම් ගේ පොලිස් ස්ථානයේ  අත්සන් කරන්න යන්න සිද්ධවෙනවා . ඒ සඳහා වෙන කෙනෙක් යැවීමත් , සිංගම් ඒක පිලි නොගැනීමත් නිසා තමයි  මේ දෙන්නා අතර ගැටුම පටන් ගැනෙන්නේ ....

Editor's Comments | අපේ අදහස

  • ඉතාම සාම්ප්‍රදායික කථා තේමාවක් බව බැලු බැල්මට පේනවා ඇති . ඒ වුනත් මේ සරල කථා තේමාව ඇතුලේ  ඉන්දියාවේ (ලංකාවටත් අදාලයි ) ප්වතින යථාර්තයකටත් එබිමක් කරනවා කිව්වොත් වඩාත් නිවැරදියි . දුෂිත දේශපාලනය නිසා අපාරාධ කාරයින් වැජඹීමත් පොලිස්ය අසරණ වීමත් මේකෙදි හොඳින්ම දකින්න ලැබෙනව
  • සාම්ප්‍රදායික කථාතේමාවක් උනත් කථාවේ ගලායාම හා අවසානය යම් තාක්දුරකට තාත්විකයි . ඉස්සර සිනමා පටවලදි දකින්න තියන සුපුරුදු අවසානයට වඩා වෙනස් , එක්තරා දුරකට ආදර්ශමත් (ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩු ක්‍රමය නිසා ප්‍රායෝගික ) අවසානයක් තමයි දකින්න තියෙන්නෙ
  • දෙමල චිත්‍රපටියක් ආශ්‍රයෙන් නිපදවුනු නිසා ඒ  ලක්ෂන සහිත ක්‍රියාදාම  දර්ශන තමයි දකින්න තියෙන්නෙ . ඉතාම විශාල වියදමක් දරල තිබුනත් චිත්‍රපටියේ වටිනා  කම සම්පූර්ණයෙන්ම හානි වෙන "බොලඳ " ක්‍රියාදාම දර්ශන තමයි අන්තර්ගත වෙලා තියෙන්නෙ . ඔබ දෙමල චිත්‍රපටි රසිකයෙක් නෙවෙයි නම් ක්‍රියාදාම දර්ශන ටික අමතක කරල කථාව බලා හිටියොත් හොඳයි . නැතනම් ඒ දර්ශන නිසා චිත්‍රපටියත් එපා වෙන්න පුලුවන්
  • සරල  වින්දනාත්මක සිනමා පඨයක් වශයෙන් හොඳ හාස්‍ය උත්පාදක දර්ශනත් , කම්මැලි කමක් නොදැනෙන ගලා යාමකුත් චිත්‍රපටියේ දකින්න් තියනව

Ratings

  • Direction -3/5
  • Celebrities' Performance -2.5/5
  • Story - 3.5/5
  • Script - 3/5
  • Cinematography - 2/5
  • Music -2/5
  • Choreography -25
  • Art Direction - 3/5
  • Action - 1/5
  • Editing - 3/5
  • Special Effects - N/A
  • OVERALL -3/5

Thursday, September 8, 2011

Zindagi Na Milegi Dobara අතිසාර්ථක චිත්‍රපටියේ DVD පටය නිකුත් වේ

Zindagi Na Milegi Dobara කියන්නේ මේ වසරේ තිරගත වුනු සාර්ථකම චිත්‍රපටි වලින් එකක් . ලංකාවෙත් තිරගත වුනු මේ චිත්‍රපටියේ විචාරය අපි ඔබට ඉදිරිපත් කලා . පහත ලිපි වලින් චිත්‍රපටිය පිලිබඳ තොරතුරුත් ,විචාරයත් ඔබට කියවන්න පුලුවන් .

01) Article
02) Review (විචාරය )




මේ වෙනකොට DVD නිකුත් වෙලා තියෙන චිත්‍රපටියේ DVD

මිලදී ගැනීමට

http://www.ebay.com/itm/Zindagi-Na-Milegi-Dobara-2-DVD-Edition-Hrithik-W-Subt-/130572496309?pt=US_DVD_HD_DVD_Blu_ray&hash=item1e66ba2db5


භාගත කරගැනීමට

http://extratorrent.com/torrent/2499787/Zindagi+Na+Milegi+Dobara+-+DVDRip+-+XviD+-+1CDRip+-+%5BDDR%5D.html
 
(Note - We do not held any responsibility  on use of above links | ඉහත සබැඳි භාවිතා කීරීම පිලිබඳ කිසිදු වගකීමක් අප සතු නොවේ )


මේ දීල තියන පිටපතට වඩා වර්ණ හා නාද ගුණයෙන් යුතු පිටප්ත් තිබුනත් ඒවා භාගත කරගැනීම සිදු වෙන්නෙ ඉතාම හෙමින් . මේ පිටපත් වුනත් ඉතාම හෙමින් තමයි බාගත වෙන්නෙ . ඍජු භාගත කරගැනීමේ සබැඳියක් ලැබුනොත් අපි පල කරන්නම් . ඔබ සතුව තියනවා නම් කමෙන්ටුවක් විදිහට එකතු කරන්න 


Friday, September 2, 2011

Body Guard - කෝටි 21ක පලමු දින ආදායම් වාර්ථා තබමින් තිරගත වෙන චිත්‍රපටිය(30+ Images&Related Videos Included )

හැඳින්වීම |Introduction 

ජනප්‍රිය බොලිවුඩ් නලු සල්මාන් ඛාන් පසුගිය කාලය පුරාවටම  ප්‍රේක්ෂකයින් හමුවට ආවේ ක්‍රියාදාම චිත්‍රපටි වලින් , Wanted, Dabaang , Ready වගේ චිත්‍රපට නිසා සල්මාන් හැමදාමත් බොක්ස් ඔෆිස් වාර්තා තබන සිනමා නිර්මාණ දායක කරන රංගන ශිල්පියෙක් විදිහටයි සලකන්නේ . රාමසාන් සමය කියන්නෙ සල්මාන්ගෙ චිත්‍රපටි වඩාත්ම සාර්ථක වෙන කාලය බව පසුගිය අවුරුදු දෙකේම දකින්න ලැබුනා , 2009 දී Wanted චිත්‍රපටියත් 2010 Dabaang චිත්‍රපටියත් තිරගත වුනේ රාමසාන් කාලයේදී . ඒ චිත්‍රපටි දෙකම අති සාර්ථක වුනා . මේ වසරේ  රාමසාන් සමය වෙනුවෙන් තිරගත කිරීම ආරම්භ කලේ සල්මාන් ගේ Body Guard චිත්‍රපටිය . ආරම්භ දිනයේදී ඉන්දීය රුපියල් කොටි 21කට අධික මුදලක් උපයා ගෙන ඉන්දියානු සිනමා ඉතිහාසයෙ අලුත්ම ආදායම් වාර්ථාව තබපු Body Guard චිත්‍රපටිය ගැන තමයි මේ තොරතුරු ඉදිරිපත් කිරීම


Note -  මේ ලිපියේ අඩංගු විශාල ඡායාරූප හා විඩියෝ ප්‍රමාණය නිසා පිටුව වෙන්න ටික වෙලාවක් ගත වෙන්න පුලුවන්



 මූලික තොරතුරු |Basic Details


අධ්‍යක්ෂණය - Siddique
නිෂ්පාදනය -Athul Agnihorthi, Alvira Agnihorthi
බෙදාහැරීම - Reliance Entertainment
සිනමාකරණය - Sejah Sha
සංස්කරණය -Sanjay Sakla

තිර රචනය - Siddique
සංගීතය -Pritam , Himesh

ගායනය -  Rahat fateh Ali khan , Shreya Ghosal, Salman , Mika Singh , Amritha Kak
රංගනය -  Salman Khan , Kareena Kapoor




කථාව |Story

ලව්ලි සින්ග් (සල්මාන් ) කියන්නෙ තමන්ගේ රාජකාරියටම කැපවුන බොඩි ගාඩ් කෙනෙක් , දිව්‍යා(කරීනා)  කියන තරුණියගෙ බොගි ගාඩ් විදිහට යන ලව්ලි එතනදිත් තිතටම රාජකාරිය කරන්න තමයි බලාපොරොත්තුව . නමුත් දිව්‍යා ලව්ලි ට ආදරය කරනව , ඒ සඳහා ඇය  දුරකථනය හරහා ලව්ලි සමඟ ආදර සම්බන්ධයක් පටන් ගත්තත් ලව්ලි දන්නෙ නැ මේ තමන්ගෙ රාජකාරියට  කරන  තැන දිව්‍යා කියන එක ... ඔන්න ඔහොම තමයි කථාව යන්නෙ
විශේෂත්වයන්|Specialties 
  • මේ චිත්‍රපටිය තමයි ඉන්දියානු ඉතිහාසයේ පලමු දින ආදායම් වාර්ථාවට හිමිකම් කියන නිර්මාණය
  • මෙ චිත්‍රපටිය Action , Comedy , Romance කියන වර්ගවලට අයත් වෙන නිර්මානයක්
  • දකුණු ඉන්දියානු  සිනමා නිර්මානයක් ආශ්‍රයෙන් තමයි Body Guard නිර්මාණය වෙලා තියෙන්නෙ

ඡායාරූප |Images


Unlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFire


  • මේ ඡායාරූප දීල තියෙන්නෙ අපේ Media Fire ගිණුම  හරහා .Media Fire වලින් ඡයාරූප නියම  Resolution අගයන් සහිතව භාගත කරගැනීම පිලිබඳ උපදෙසක් අවශ්‍ය නම් මෙතනින් පිවිසෙන්න පුලුවන් .
     
  • ඔබ මේ තියන ඡයාරූප වැඩි ගණනකට කැමති නම් සියල්ලම එක වර  බාගත කරගන්න පහත ZIP ෆයිලය බාගත කරගන්න පුලුවන්
DOWNLOAD All Images - ZIP FILE

නිල ප්‍රචාරක පටය | Official Trailer 



ගීත විඩියෝ | Music Videos








(මේ ගීතය ඉතාම අලංකාරයි )




Title Track




අනෙකුත් විඩියෝ |Other Videos

මෙතනින් ගිහින් Bollywood Hungama අඩවියේ විඩියෝ එකතුව රසවිඳින්න පුලුවන්



ගීත භාගත කර ගැනීම|Songs Downloads

http://www.songs.pk/indian/bodyguard_2011_mp3_songs.html


( Above LINK s have been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL AUDIO CDs or to download from AUTHORIZED  web sites )

විචාරක ප්‍රතිචාර | Expert Reviews

ඉතාම සරල වින්දනාත්ම නිර්මානයක් විදිහට තමයි විචාරකයින් බොහෝ දෙනෙක් මේ චිත්‍රපටිය හඳුවලා දීල තියෙන්නෙ . ඒ වගේම 5න් 4 ට වඩා රේටින් එකක් ලබා දෙන්නත් මේ අය අමතක කරල නැ





නිල වෙබ් අඩවිය සහ ප්‍රොෆයිල |Official web and profiles
  1. Official Web
  2. IMDB
මුලාශ්‍රයන් |Sources

Bollywoodhungama , Songspk, Official Web ,

---------------------------------------------------------------
ඔබගේ ප්‍රතිචාර අපිට ගොඩාක් වැදගත් , කමෙන්ටුවක් දාන්න අකමැති නම් කෙටි ප්‍රතිචාරයක් හරි එකතු කරන්න පුලුවන් නම් ඒක ලොකු දිරිමත් කිරීමක් වේවි !!

Thursday, September 1, 2011

ෂාරුක්ගේ Ra.One වෙනුවෙන් Akon ගැයු "Chammak Chalo" ගීතයේ ප්‍රචාරක විඩියෝව

 සුපිරි නලු ෂාරුක් ඛාන්ගේ රංගනයෙන් හැඩවෙන නවතම සිනමා නිර්මාණය Ra.One  ගැන අපි ඔබව විටින් විට දැනුවත් කලා . අවසන් ලිපියෙන් ඔබට  ඉදිරිපත් කලේ මේ චිත්‍රපටිය වෙනුවෙන් ජනප්‍රිය  හිපොප් ගායක ඒකෝන් ගායනා කල   " චම්මක් චල්ලෝ " ගීතය . අද ඉදිරිපත් කරන්නේ ඒ ගීතයට අදාලව මේ වෙනකොට නිකුත් වෙලා තියන ප්‍රචාරක විඩියෝව . විනාඩි 1.30 පමණ වන මේ විඩියෝව  පහලින් තියනව . ඒ විඩියෝව භාගත කරනව නම් ඊට පහල සබැඳිය හරහා ඉතාම හොඳ  විඩියෝ ගුණයකින් යුතුව භාගත කරගන්නත් පුලුවන්












Download Link


සම්පූර්ණ ගීතය අහන්න  මෙතනින් අපේ කලින් ලිපියට පිවිසෙන්න


Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them