Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Tuesday, December 27, 2011

Breakway(Speady Singhs )- රසල් පීටර්ස් ගේද රංගනය සමඟින් නිපදවුනු පලමු ඉන්දු-කැනේඩියානු චිත්‍රපටිය

breakway හෙවත් Speady Singhs  කියන්නේ බොලිවුඩ් නලු ආක්ෂේ කුමාර්ගේ නිෂ්පාදන දායකත්වයෙන් සහ කැනේඩියානු අධ්‍යක්ෂ  Robert Lieberman ගේ දායකත්වයෙන් නිර්මාණය වුනු චිත්‍රපටියක් .කැනඩාවේ ජීවත් වෙන සික් ජාතිකයින් අලලා සැකසුනු මේ චිත්‍රපටිය මේ වසරේ කැනඩාව තුල ඉහලම ආදායම් ලබාගත් චිත්‍රපටියක් බවට පත්වුනා . මේ චිත්‍රපටියේ තවත් විශේෂත්වයක් වෙන්නේ බොලිවුඩ් චිත්‍රපට දැඩිලෙස විවේචනය කරන රසල් පීටර්සුත් රංගනයෙන් දායක වීම .ප්‍රවීන හොලිවුඩ් නලු රොබ් ලෝවේ ,ප්‍රවීන බොලුව්ඩ් නලු අනුපම් කේර් සහ  හොලිවුඩ් නිලි කැමිලා බෙලේ රංගන දායකත්වය සපයන මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පණපොවන්නේ නවක නලු විනේ විර්මානි .

ජාත්‍යන්තර විචාරකයින් බොහොමයකගෙන් මධ්‍යස්ථ සහ ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුනත් ඉන්දියානු විචාරකයින්ගෙ ප්‍රතිචාර නම් අඩු මට්ටමක තිබුනේ , ඊට ප්‍රධාන හේතුව මේ චිත්‍රපටියේ කථාව Chak de India සහ Patiala House බොලිවුඩ් චිත්‍රපට දෙකේ එකතුවකට  මඳක් සමාන වීම වෙන්න පුලුවන් . කොහොම වුනත් ඉන්දියාව තුලත්  මධ්‍ය්ස්ථ සාර්ථකත්වයක් ලබපු මේ චිත්‍රපටියේ හින්දි හඬ කැවු පිටපත තමයි Speedy singhs කියල කියන්නේ . හොකි ක්‍රිඩකයෙක් වෙන්න සිහින දකින කැනඩාවේ වාසය කරන සීක් ජාතික තරුණයෙකු වටා දිවෙන කථාව මූලික වශයෙන් අර මුලින් කිව්ව චිත්‍රපටි වල ස්වරූපය තිබුනත් චිත්‍රපටිය ආවෙණික රිද්මයක් , කතිකාවක් ගොඩ නඟන නිසා රසවින්දනය කිරීමේ හැකියාවක් තියනව . චිත්‍රපටියේ IMDB  අගය  6.8 ක් වෙනවා

7
Image Collection










Videos

Trailer




Title Song





අක්ෂේ කුමාර් රංගනයෙන් දායකත්වය දක්වන නිල ගීතය (ඉහත විඩියෝව ), හොඳ ප්‍රතිචාර ලබාගත් අලංකාර ගීතයක් කියල හැඳින්වීමේ හැකියාව තියනව . ඩිවිඩි නිකුත් වෙලා තියන චිත්‍රපටියේ ඉංග්‍රිසි හෝ හින්දි පිටපත් බාගත කරගන්න පුලුවන්  කැමති පිලිවෙල අනුව

Mausam - අපූරු ආදර කථාවක් සමඟින් මනුෂ්‍යත්වයට එබිකම් කිරීමක්

මේ වසරේ  තිරගත වුනු ජනප්‍රිය චිත්‍රපටියක් වුනු Mausam චිත්‍රපටියේ DVD නිකුත් වීම පිලිබඳ අපි කලින් ලිපියකින් ඔබව දැනුවත් කලා . චිත්‍රපටිය බාගත කරගන්න සබැඳිත් , චිත්‍රපටියේ ප්‍රචාරක පටය ඇතුලු විඩියෝ පටත් ඡායාරූපත් ඒ ලිපියට අන්තර්ගතයි .මෙතනින් ඒ ලිපියට පිවිසෙන්න පුලුවන් . මේ සුදානම් වෙන්නෙ චිත්‍රප්ටියට අදාල විචාරය ඉදිරිපත් කරන්න

කථාව

හැරි(ශහිඩ් කපූර්) කියන්නේ පන්ජාබයේ ජීවත් වෙන බොහොම විනෝද කාමී තරුණයෙක් , ආයත්(සෝනම් කපූර් )  කියන්නේ කාශ්මීරයේ මුස්ලිම් තරුණියක් . කාශ්මීරයේ ඇතිවන ගැටුම් එක්ක ආයත්ට පන්ජාබයේ හැරි ඉන්න ගමටම ටික කාලයකට එන්නට සිදුවෙනව . බොහොම නිහඬ තැන්පත් තරුණියක් වුනු ආයත් සහා හැරි අතර දෙදෙනා ගැන නිහඬ ආදරයක් ඇතිවුනත් , ආයත්ට හදිසියේ පන්ජාබයෙන් පිටවෙන්නට සිදුවෙන්නෙ යන තැනක් ගැන සටහනක් වත් නොතියා , ඒත් එක්කම ඉන්දිය ගුවන් හමුදාවට තේරී පත්වෙන හැරීටත් ආයත් ගැන තොරතුරක් දැනගන්න නොලැබි සිත් තුලම සැඟවුනු ආදරයත් එක්ක කල් ගෙවන්නේ ඔවුන්ගෙ ඊලඟ අහඹු හමුවීම තෙක්

අපේ අදහස |Editor's Comment 

  • චිත්‍රපටිය  ඉතාම ලස්සන ආදර කථාවක් රැගත් චිත්‍රපටියක් විදිහට හඳුන්වාදෙන්න පුලුවන් . ආදර කථාවත් එක්කම ත්‍රස්තවාදයට තියෙන්නෙ ජාති ආගම් බෙදයක් නොව මනුස්සකම සහ අමනුස්ස කම අතර වෙනසක් බවත් නිර්මාණ කරුව මතු කරන්න උත්සහා කරල තියනව
  • චිත්‍රපටියේ ආදර කතන්දරයට අනුරූපව දෙබස් හා රූප තුලින් ඉහල මට්ටමේ(classic)  සිනමා ලක්ෂන මතුකරන්නත් සිනමා කරුවා උත්සහා කරල තියනව
  • ආරම්භක අවස්ථාවේ සාම්ප්‍රදායික කථාවක් කියල හිතුනත් කථාව ගලාගෙන යත්දි සිදුවෙන අහඹු , අපි නොසිතන ආකාරයේ සිදුවීම් එක්ක චිත්‍රපටියට අපූර්වත්වයක් එකතු වෙලා තියනව 
  • චිත්‍රපටියේ තියන ප්‍රධානත ම ගැටලුව වෙන්නෙ  ඉතාම දිගු වෙන එක . පැය දෙක හමාරක කාලයක් දක්වා දිව යන  චිත්‍රපටියේ රිද්මය අනුව ඒකාලය ඉතාම දිග වැඩියි . ඒ නිසා කම්මැලි ගතියක් දැනෙනවා යම් තාක් දුරකට 
  • චිත්‍රපටියේ මන්දගාමි රිද්මය කථාවට උචිත වුනත් සමහර සිදුවීම් හා රූප රාමුත් එක්ක අනවශ්‍ය මට්ට්මේ කාලය ගත කිරීමක් කරනවා කියල කියන්න පුලුවන් 
  • මනරම් සංගීතය චිත්‍රපටියට එක් පැත්තකින් ආලෝකයක් එකතු කලත් අනවශ්‍ය විදිහේ කාලය කැමක් ඒ හරහාත් වෙච්ච බවක් කියන්න පුලුවන්
            Our Rating - 2.5/5

Sunday, December 25, 2011

වසරේ දැවැන්තම බොලිවුඩ් සිනමා නිර්මාණය Ra.One හි DVD නිකුත් වීම + Review

Ra.One  චිත්‍රපටිය ගැන අමුතුවෙන් විස්තර සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ නැ , බොලිවුඩ් රසිකයෙකුට .කෝටි 240 ඉක්මවු සම්පූර්න ආදායමකට හිමි කම් කියපු  Ra.one චිත්‍රපටියේ DVD පටය නිකුත් වෙලා තියනව . චිත්‍රපටිය සිනමා ශාලාවල තිරගත වෙත්දි අපි චිත්‍රපටිය ගැන ඉදිරිපත් කරපු විචාරයම පහලින් එකතු කරල තියෙයි .

කථාව

බාරොන් ඉන්ඩස්ට්‍රිස් කියන්නෙ පරිඝනක තාක්ෂණය ආශ්‍රිතව කටයුතු කරන සමාගමක් . නූතන ලෝකයේ සන්නිවෙදන උපකරණ වල තරංග හුවමාරු වීම භාවිතා කරල  , ඒ හරහා වර්ටුවල් ලෝකයක් (වස්තූන් ) සැදීමේ හැකියාවක් මේ සමාගම විසින් හොයා ගන්නව . මේ අතර තමයි අලුත් පරිඝනක ක්‍රිඩාවක් නිපදවීමේ කාර්යභාරය මේ සමාගමට පැවරෙන්නේ .ශේකර් සුබ්‍රමනියම් කියන දකුණු ඉන්දියානු පරිඝනක විද්‍යාඥයාට තමයි මේ ක්‍රිඩාව නිර්මාණය කිරීමේ මූලිකම වගකීම පැවරෙන්නෙ . ශේකර්ගේ පුතාගේ ඉල්ලීමක් විදිහට ශේකර් මේ ක්‍රිඩාවේ දුෂ්ට චරිතය නිර්මාණය කරන්නේ  වීරයාගේ චරිතයට වඩා ශක්තිමත් විදිහට . මේ  චරිතය තමයි රා-වන් . ඉතාම ප්‍රභල චරිතයක් විදිහට නිර්මාණය වෙන රා-වන් , අර කලින් කිව්ව බාරොන් සමාගමේම තාක්ෂනය භාවිතා කරල සැබැ ලෝකයට එන්න සමත් වෙනව ...

 අපේ අදහස|Editor's Comment


  • රා.වන් චිත්‍රපටය නිර්මාණය වුනේ බොලිවුඩ් සිනමාවේ ඉහලම වියදමක් දරා නිර්මාණය කරපු චිත්‍රපටිය විදිහට . චිත්‍රපටියේ අඩංගු ප්‍රයෝග හා ක්‍රියාදාම දර්ශන බොලිවුඩයේ මෙතෙක් දකින්නට ලැබුන ඉහලම ගණයේ ඒවා නිසා ඒ වියදමට සාධාරණය ඉටු වෙලා තියන බව කියන්න පුලුවන්
  • චිත්‍රපටයේ තේමාවට අදාලව ශබ්ද හා නාදයන් වගේම සිනමාත්මක භාවිතාවනුත් සංස්කරණ ක්‍රමවේදයනුත් භාවිතා කරල තියන නිසා , මේ චිත්‍රපටය බොලිවුඩයට සිනමාවේ නව මානයක් එකතු කලාය කිව්වොත් නිවැරදියි
  • සාමාන්‍ය්යෙන් හොලිවුඩ් සිනමාවෙ දකින්නට ලැබෙන කථාතේමාවක් එක්ක , ඊට අදාල ක්‍රියාදාම ප්‍රයෝග ආදිය භාවිතා කරන ගමන් වුවත් ඉන්දියානු සිනමාවට ආවෙණික රසයන් වුනු  ගීත හා නර්ථන භාවිතා කරන්නත් , කථාව තුලත් ඉන්දියානු සමාජීය ලක්ෂන රඳවා ගන්නත් නිර්මාණ කරුවා සමත් වෙලා තියනව
  • චිත්‍රපටිය ගැන සඳහන් වුනු කිසිම තැනක චිත්‍රපටිය හාස්‍යෝත්පාදක නිර්මාණයක් බව පෙන්නුම් කලේ නැතත් ඉතාම නිරායාසයෙන් මුල සිට අග දක්වාම ප්‍රේක්ෂකය සිනහ ගන්වන දර්ශන රා-වන් චිත්‍රපටියේ අඩංගුයි
  • සුපිරි වීර කථා ප්‍රිය නොකරනය අයට නොගෑලපුනත් වෙනත් ඕනැම කෙනෙකුට කිසිම ගැටලුවකින් තොරව රසවිඳින්න පුලුවන් නිර්මාණයක් බව සටහන් කරන්න පුලුවන් . නමුත් කැමරා කොපියක් භාගත කරගෙන නම් ඒ දේ කරන්න බැරි වෙයි , ඒ නිසා සිනමා ශාලාවේ නැරඹීම හෝ ඩිවිඩි නිකුත් වෙන තෙක් ඉවසා සිටීම කාරණා දෙකෙන් එකක් තෝරාගැනීම වඩා යෝග‍යයි
  • මුලු වෙලාව තුල කිසිම කම්මැලි කමකින් තොරව පරිපූර්න සිනමා අත්දැකීමක් ලබාදෙන නිර්මාණයක් වුනත් අඩු පාඩු කිහිපයකුත් දකින්න නැතුවා නොවෙයි
  • චිත්‍රපටයේ කථාවට අනුව බාහිර පුදගල්යින් සම්බන්ධවෙන , අවස්ථා රාශියක් (ස්ටේසමක් කඩාගෙන පාරට එන දුම් රියක් , තට්ටු දෙකේ බස් රථයක් දෙබැ කරගෙන යන ජීප් රථයක් වැනි ) , තිබුනත් මේ කිසිම අවස්ථාවක් ගැන බාහිර සමාජයේ අවධානය එම අවස්ථාවෙන් පසුවට යොමු වෙන බවක් කථාව තුල නැහැ .නිති  රීති ඉතාම ක්‍රමානුකුලව ක්‍රියාත්මක වෙන එංගලන්තයේ මහ පාරක ලොකු කැලඹීමක් ඇති කරල පොලිස් අවධානයක් ඇති වුනු  බවක් නැතුව ඉන් මාස ගණනකට පස්සෙ එංගලන්තයටම එන එක ඒකට එක උදාහරණයක්
  • විද්‍යා ප්‍රභන්දයක් වශයෙන් නම් කලත් අදාල සිදුවීමේ විද්‍යාතමක පසුබිමට කථාවේ ලැබෙන්නෙ පොඩි අවධානයක , ඒ නිසා ෆැන්ටසි පැත්තට වඩාත් බරව කථාව විග්‍රහ කරන්නත් පුලුවන් කම තියනව
  • සුපිරි වීර කථාවක් වශයෙන් පවුලේ සැමටම නරඹන්න තියන චිත්‍රපටයක් වශයෙන් චිත්‍රපටියේ හාස්‍ය මතු කරන්න භාවිතා කරල තියන ඇතැම් ඉඟි ආදිය කුඩා ලමුන්ට ගෝචරද කියන ගැටලුව තියනව
  • බොලිවුඩ් නිර්මාණයක් වශයෙන් ඉතාම සාර්ථක වුනත් ප්‍රයෝග භාවිතයේදී සැලකිලිමත්ව් විය යුතුයි කියා සිතෙන තැන කිහිපයකුත් චිත්‍රපටියේ දකින්න තියෙයි
OUR RATING - 4.5/5


01) Buy DVD - From Amazon , From Ebay (Recommanded )

02) Download Page 01 , Page 02  (5.1 Audio )  (NOT recommanded)



Attention
01) Amazon|eBay සම්ඟ ඔබගේ ගණුදෙනු සම්බඳයෙන් අප වග කියනු නොලැබේ| We do not have any responsibility on your actions with eBay |Amazon
02) The above LINKs(under the point number 2 ) have been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to USE GENUINE Materials | ඉහත අංක 2 යටතේ ඇති සබැඳි තොරතුරු ලබාදීමේ අරමුනෙන් පමණක් ලබා දී ඇත , සැම විටම නිත්‍යානුකුල අයිතම භාවිතා කරන ලෙස දිරිමත් කෙරේ

Friday, December 23, 2011

Mausam - DVD නිකුත් වීම (Images+ Videos included )

Mausam කියන්නේ Romance වර්ගයට අයත් මේ වසරේ තිරගත වුනු සාර්ථක චිත්‍රපටියක් . ශහිඩ් කපූර් සහ සෝනම් කපුර් ගෙ රංගනයෙන් හැඩ වෙන මේ චිත්‍රපටියට පාදක වෙන්නෙ පන්ජාබ් තරුණයෙක් සහ කාශ්මීරයේ තරුණියක් අතර ආදර කථාව .විවිධාකාර හැලහැප්පීම් එක්ක ගලා යන මේ දෙන්නගේ අපුරු ආදර කථාව තමයි චිත්‍රපටිය  තුලින් ඉදිරිපත් වෙන්නෙ .











මූලික තොරතුරු 

Directed by Pankaj Kapoor
Produced by Sheetal Vinod Talwar
Sunil Lulla
Screenplay by Pankaj Kapoor
Starring Shahid Kapoor
Sonam Kapoor
Music by Pritam
Cinematography Binod Pradhan
Editing by A. Sreekar Prasad
Distributed by Eros International Media Ltd.
Vistaar Religare Film Fund
Cinergy
Release date(s) September 23, 2011
Country India
Language Hindi

ඡායාරූප එකතුව


Unlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFire

මේ ඡායාරූප දීල තියෙන්නෙ Media Fire හරහා , MediaFire වල ඡායාරූප අදාල Resolution අගයන් සහිතව භාගත කරගැනීම පිලිබඳ උපදෙස් අවශ්‍ය නම් මෙතනින් යන්න පුලුවන්

Videos 

Trailer





Songs






01) Buy DVD - From Amazon , From Ebay (Recommanded )

02) Download Page  (NOT recommanded)



Attention
01) Amazon|eBay සම්ඟ ඔබගේ ගණුදෙනු සම්බඳයෙන් අප වග කියනු නොලැබේ| We do not have any responsibility on your actions with eBay |Amazon
02) The above LINKs(under the point number 2 ) have been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to USE GENUINE Materials | ඉහත අංක 2 යටතේ ඇති සබැඳි තොරතුරු ලබාදීමේ අරමුනෙන් පමණක් ලබා දී ඇත , සැම විටම නිත්‍යානුකුල අයිතම භාවිතා කරන ලෙස දිරිමත් කෙරේ

Saturday, December 17, 2011

Dhobi Ghat - DVD OUT ,තොරතුරු, ඡායාරූප සහ සබැඳි සමඟින්

Dhobi Ghat කියන්නේ Drama වර්ගයට අයත් චිත්‍රපටියක් . යථාර්තවාදී අර්ථ නිරූපනයක් සහිත චිත්‍රපටියක් විදිහට තමයි විචාරකයින් මේ චිත්‍රපටිය නම් කලේ . සුපිරි නලු අමීර් කාන් ගේ රංගන දායකත්වය ලැබුනත් චිත්‍රපටිය වාණිජ  වශයෙන් සාර්ථ වුනේ නැ .


චිත්‍රශිල්පියෙක් , බොලිවුඩ් තරුවක් සිහින මවන රෙදි සෝදන්නෙක් ඇතුලු විවිධා කාර චරිත කිහිපයක හමුවක් හරහා තමයි කථාව ගලාගෙන යන්නෙ




මූලික තොරතුරු




Directed byKiran Rao
Produced byAamir Khan
Kiran Rao
Story byKiran Rao
StarringAamir Khan
Prateik Babbar
Monica Dogra
Kriti Malhotra
Music byGustavo Santaolalla
CinematographyTushar Kanti Ray
Editing byNishant Radhakrishnan
Distributed byAamir Khan Productions
Release date(s)September 2010 (TIFF)
21 January 2011 (India)[1]
Running time95 minutes[2]
CountryIndia
LanguageHindi
English

Source - wikipedia


Image Collection  (All Rights on Images are reserved  for thier owners )














චිත්‍රපටියට අදාල විචාරය හැකි ඉක්මනින් ඉදිරිපත් කරන්නම්




Movie Trailer





01) Buy DVD - From Amazon , From Ebay (Recommanded )

02) Download Page  (NOT recommanded)



Attention
01) Amazon|eBay සම්ඟ ඔබගේ ගණුදෙනු සම්බඳයෙන් අප වග කියනු නොලැබේ| We do not have any responsibility on your actions with eBay |Amazon
02) The above LINKs(under the point number 2 ) have been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to USE GENUINE Materials | ඉහත අංක 2 යටතේ ඇති සබැඳි තොරතුරු ලබාදීමේ අරමුනෙන් පමණක් ලබා දී ඇත , සැම විටම නිත්‍යානුකුල අයිතම භාවිතා කරන ලෙස දිරිමත් කෙරේ


Friday, December 16, 2011

Don 2: The King Is Back- 23ඳා සිට ලංකාවෙත් ඇතුලුව ලොව පුරා තිරගත වේ ! (Basic details, special Features, Images and Videos collection )

මේ වන විට බොලිවුඩ් රසිකයින් අවධානය තදින්ම දිනාගත් Don 2 චිත්‍රපටිය වන ගැන විවිධ අවස්ථාවල අපි තොරතුරු ඔබ වෙත අරන් ආවා . මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ 23 වෙනිද ඉඳන් ලංකාවේ Majestic city - Platinum සිනමා ශාලාවේත් ඇතුලුව ලොව පුරා තිරගත කිරීම අරඹන ගැන සම්පූර්ණ තොරතුරු එකතුවක් ඉදිරිපත් කරන්න . මේ ලිපියට චිත්‍රපටිය පිලිබඳ මූලික තොරතුරු , ඔබ නොදත් චිත්‍රපටියෙ සුවිශේශතා , ඡායාරූප, විවිධ ආකාරයේ ප්‍රචාරක පට , ගීත විඩියෝ පට එකතු කරල තියනව


කථා මූලය

 ඩොන් 2 ගැන උනන්දුවක් දක්වන හැමකෙනෙක්ම වාගෙ ඩොන් පලවෙනි කොටස බලන්න ඇති . ඇත්තටම මේ චිත්‍රපටියේ කථාව රසවිඳින්න ඒක  බොහොම වැදගත් වෙයි . කලින් චිත්‍රපටිය අවසානයේදී ඉතාම දක්ෂ විදිහට පැනල යන ඩොන් මේ වර අලුත් සැලසුමක් එක්ක එලියට එනව , ඔහු ගේ මේ පාර ක්‍රියාන්විතය පාදක වෙන්නෙ බර්ලින් නගරයට .

චිත්‍රපටියේ සුවිශේෂතා
  • බොලිවුඩ් සිනමාවේ ඇඳුතු(sequals)  චිත්‍රපට කොතෙකුත් තිබුනත් ඒ චරිත කලින් කථාවට සම්බන්ධව ඉදිරියට ගලාගෙන යාම දකින්න තියෙන්නෙ ඉතාම කලාතුරකින් ඩොන් 2 ඒ වගේ එක් අවස්ථාවක්
  • 3D තාක්ෂනයෙන් පිටපත් නිපදවුනු චිත්‍රපටියක් වුනු ඩොන් 2 ඒ සඳහා වඩාත් උචිත කැමරා කාච හොලිවුඩයෙන් ගෙන්වාගෙන තමයි රූගත කරල තියෙන්නෙ . ඒ පසුව 3D කිරීමේ පහසුව සලකල . ඉන්දියාවේ හා ලොස් ඇන්ජලිස් වල කරපු පරීක්ෂන කිහිපයකින් පස්සෙ ෆර්හාන් අක්තාර් තීරණය කරල තියනව චිත්‍රපටිය 3D වලිනුත් පෙන්වන්න
  • ඩොන්2 වල සැහෙන කොටසක් රූගත කරපු ජර්මනිය දැවැන්ත ප්‍රමාණයේ රූගත කිරීම් වලට ඉඩ නොදෙන රටක් විදිහට තමයි ප්‍රසිද්ධ , ජර්මනියේ මෙවැන්නක් කරපු පලමු ඉන්දියානු චිත්‍රපටිය වෙන්නෙ ඩොන් 2 . ශාරුක්ට ජර්මනිය තුල තියන ජනප්‍රියතාව අවසර ලබාගන්න එක පහසු කලාය කියලයි කියන්නේ . මීට පෙර ජර්මනියේ මේ වගේ දැවැන්ත රූගත කිරීමක් කරල තියෙන්නෙ ටොම් කෘස් සහ බ්‍රැඩ් පිට් පමනයි  
  • අන්තර්ජාතික සටන් අධ්‍යක්ෂක වරයෙකු වුනු

    Wolfgang Stegemann

     තමයි චිත්‍රපටියෙ සටන් අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ . ෂාරුක් සහ ප්‍රියංකා ඔහුගේ උපදේස් මත ශරිර ප්‍රමානය සකස් කරගැනීමේ කටයුතු මාස කිහිපයක සිට කලාය කියලයි කියන්නේ . ඒ වගේ සියලුම ක්‍රියාදාම දර්ශන මේ දෙදෙනා විසින්ම කලාය කියලයි වාර්ථා වෙන්නේ
  • ඩොන් 2 වෙනුවෙන්  සකස් කල ගීත විඩියෝ සහ ප්‍රචාරක දෙබස් කණ්ඩත් වෙනස්ම ආකාරයේ ප්‍රචාරන ක්‍රම විදිහට හඳුන්වන්න පුලුවන්

Image Collection











Videos

Trailer (with English subs )





Dialog Promos[1-6]





















Songs












23 වෙනිදා ඉඳන් ඔබටත් සිගිරි කටුගස්තොට සහා මැජස්ටික් සිටි සිනමා ශාලා වලදි ඩොන් 2 නරඹන්න පුලුවන් හැකි විගස චිත්‍රපටිය පිලිබඳ විචාරයක් ඔබ වෙත අරන් එන්නත් බලාපොරොත්තු වෙනවා

Saturday, December 3, 2011

Ladies vs Ricky Bahi -9 වෙනිදා සිට තිරගත වෙන වින්දනාත්මක ආදර කථාව(HQ Wallpapers and Videos included )

Ladies vs Ricki Bahl* කියන්නේ සුප්‍රකට යාෂ් රාජ් සිනමා සමාගමෙ නවතම චිත්‍රපටිය . රොමැන්ටික් - කොමඩි වර්ගයේ චිත්‍රපටියක් විදිහට වර්ග වෙලා තියන මේ චිත්‍රපටිය මේ මාසයේ 9 වෙනිදා ඉඳන් ලෝ පුරා තිරගත වීමට නියමිතයි . Band Baaja Barat චිත්‍රපටියෙන් රසිකයින්ගෙ සිත් ගත් රන්වීර් සිංග් සහ අනුශ්කා ශර්මා සුසංයෝගය මේ චිත්‍රපටියෙන් නැවතත්  දැක ගන්නට හැකියාව තියනව
තමන්ගේ කඩවසම් පෙනුමෙන් කාන්තාවන් රවටා මුදල් ගරා ගන්න කපටියෙක් සහ ඔහු වැනිම කපටියෙක් වුනු තරුණියක් වටා තමයි කථාව ගෙතිලා තියෙන්නෙ . මේ කථා තේමාව හොලිවුඩ් චිත්‍රපටයකින් උපුටා ගත් එකක්ය කියල චෝදනාවකුත් තියනව . කොහොම උනත් හොලිවුඩ් කථා තේමාවල් බොලිවුඩ් සිනමාවට නැගෙත්දි දැනෙන රසය වෙනස්ම ආකරයේ එකක් . යාෂ් රාජ් සමාගමෙ චිත්‍රපටි වල සුපුරුදු පරිදි දකින්න තියන්න වර්ණවත් සිනමාත්මක ලක්ෂන මේ චිත්‍රපටියෙත් ඒ විදිහටම දකින්න තියෙයි කියල හිතන්න පුලුවන් .

මූලික තොරතුරු 

Directed byAditya Chopra
Produced byYash Chopra
Screenplay byJugal Hansraj
Story byUday Chopra
StarringAnushka Sharma
Ranveer Singh
Parineeti Chopra
Dipannita Sharma
Aditi Sharma
Music byAnu Malik
CinematographyAnil Mehta
Editing bySuresh Sharma
Distributed byYash Raj Films
Release date(s)December 9, 2011
CountryIndia
LanguageHindi
source - wikipedia

ඡායාරූප එකතුව

ඡායාරූප භාගත කරගැනිමට , ඒවා මත Right Click කර වෙනම Tab එකක කරගන්න . ඉන්පසු  සාමාන්‍යයෙන් ඡායාරූපයක්  කරගන්නා ආකාරයටම Save කරගන්න පුලුවන් . මේ ඡායාරූප 1440*900 ප්‍රමාණයේ ඒවා



























විඩියෝ එකතුව

Trailer




Video Songs 















 ගීත එකතුව

01) Listen via bollywood Hungama - http://www.bollywoodhungama.com/movies/audiolisting/13403/index.html

02) බාගත කර ගැනීම - http://www.songs.pk/indian/ladies_vs_ricky_bahl_2011_mp3_songs.html

* පාඨකයෙකු විසින් පෙන්වා දුන් පසු නිවැරදි කරන ලදී




Disclaimer
The above LINKs(under the point number 2 ) have been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to USE GENUINE Materials | ඉහත අංක 2 යටතේ ඇති සබැඳි තොරතුරු ලබාදීමේ අරමුනෙන් පමණක් ලබා දී ඇත , සැම විටම නිත්‍යානුකුල අයිතම භාවිතා කරන ලෙස දිරිමත් කෙරේ 

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them