මේ ලිපියට චිත්‍රපටියේ විශේෂතාවයන් මූලික තොරතුරු , මූලික කථා තේමාව , විඩියෝ පට ඡයාරූප එකතුව , සහ මේ වෙනකොට චීත්‍රපටිය නරඹල විචාර ඉදිරිපත් කරල තියන වෘත්තීය විචාරකයින්ගේ අදහස් ආදිය අන්තර්ගතයි
විශේෂත්වය
- පලමු විශේෂත්වය මේ නිර්මාණය බොලිවුඩයේ ටිකක් දකින්න අඩු විද්‍යා - ප්‍රබන්ධ ක්‍රියාදාම වර්ගයට අයත් නිර්මාණයක් වීම . ඊලඟ කාරණාව වෙන්නේ ඒ ක්‍රියාදාම සඳහා ඉතාම ඉහල මට්ටමේ තාක්ෂනික ක්‍රමවේදයන් භාවිතා කිරීම (බොලිවුඩයේ මෙතෙක් දකින්න නොලැබුන ) . ඒ වගේම දැනට බොලිවුඩ් චිත්‍රපටියක් ජාත්‍යන්තර වශයෙන් ප්‍රදර්ශනය කෙරෙන දැවන්තම අවස්ථාවත් මේ නිර්මාණය . ඉන්දිය රුපියල් කෝටි 175ක් වියදම් කරල හදපු මේ නිර්මාණය ඉන්දියානු සිනමා ඉතිහාසයෙ දැවැන්තතම ආදායම් වාර්ථාවට හිමිකම් කියාවි කියලයි කියවෙන්නේ .චිත්‍රපටය වෙනුවෙන්ම පරිඝනක ක්‍රිඩාවක් නිර්මාණය වීමත් , එන්විඩියා සමාගමෙන් චිත්‍රපටය වෙනුවෙන්ම ග්‍රැෆික් කාඩ් පතක් නිර්මාණය කිරීමත් විශේෂත්වයන් තමයි . ඒ වගේම ලොව වටා සිනමා හල් 550ක මේ චිත්‍රපටිය තිරගත වෙන්නේ ත්‍රිමාණ තාක්ෂනය සහිතව. අවසන් වශයෙන් සුප්‍රසිද්ධ හිපොප් ගායක ඒකෝන් ගායනයෙන් දායක වීමත් විශේෂත්වයක් විදිහට හඳුන්වන්න පුලුවන්
from wiki pedia |
මේ රූපය කැමරා 23ක් භාවිතා කරල එක ක්‍රියාදාම දර්ශනයක් රූපගත කිරීමක්
මූලික තොරතුරු
Directed by | Anubhav Sinha |
---|---|
Produced by | Gauri Khan |
Written by | Anubhav Sinha |
Screenplay by | Anubhav Sinha Kanika Dhillon Mushtaq Sheikh David Benullo |
Story by | Anubhav Sinha |
Starring | Shahrukh Khan Kareena Kapoor Arjun Rampal Armaan Verma Shahana Goswami Tom Wu |
Music by | Vishal-Shekhar |
Cinematography | Nicola Pecorini V. Manikandan |
Editing by | Sanjay Sharma Martin Walsh |
Distributed by | Eros International Ltd. Red Chillies Entertainment |
Release date(s) | October 24, 2011 (Dubai premiere) October 25, 2011 (London premiere) October 26, 2011 (Toronto premiere and worldwide release) |
Running time | 160 minutes |
Country | India |
Language | Hindi |
Budget | 175 crore (US$39.03 million)[1] |
Source - wikipedia
කථා තේමාව
දරුවා වෙනුවෙන් පරිඝණක ක්‍රිඩාවක් නිර්මාණය කරන පියෙක් සහ එම ක්‍රිඩාව වෙනස්ම ආකාරයකින් ඒ අයගෙම ජීවීතත් එක්ක සෙල්ලම් කරන්න ප්ටන් ගැනීම තමයි කථා තේමාව . ලෝකයේ පලමු වථාවට සුපිරි වීර චරිතය පවුලක් සහිත තාත්තා කෙනෙක් වෙන්නේ මේ චිත්‍රපටියේදී කියලයි කථාව ගැන අදහස් දක්වන ෂාරුක් නම් කියල තියෙන්නේ
ඡයාරූප එකතුව
More RaOne Wallpapers
Images From Santa Banta
විඩියෝ පට
Trailers
Songs
Dildara
Chammak Chalo (Sung by Akon )
Criminal (sung by Akon )
සියලුම විඩියෝ පට නැරඹීමට මෙතනින් යූ ටියුබ් චැනලයට පිවිසෙන්න
සටහන - මෙම යූ ටියුබ් චැනලයේ "ෆැලැශ්" වලින් සකස් කල අපුරු දෘෂ්‍ය ප්‍රයෝග ජවනිකාවක් අන්තර්ගතය එය රසවිඳිමට ඔබ පරිඝනකයේ ෆැලැශ් ප්ලේයරය ස්ථාපිත කර තිබිය යුතු අතර හොඳ ධාරිතාවක් (අන්තර්ජාල ) අදාල අඩවිය නැරඹීමට ලබාදිය යුතුය (සියලු භාගත කිරීම් නවතා නරඹන්න )
විචාරක මත
දැනට රා.වන් ගැන විචාරක මතයන් දෙකක් පලවෙලා තියනව . ඒ විචාරකයින් දෙන්නාම ඉතාම ඉහලින් චිත්‍රපටය අගය කරල තියෙයි . එක් අයෙක් ලකුණු 4.5/5 ක් ලබා දෙත්දි අනෙක් කෙනා ලකුණු 4/5 ලබා දීල තියනව . ඉන් එක් විචාරකයෙක් Ra.One චිත්‍රපටිය ගැන කියන්නෙ මෙන්න මෙහෙම
"Ra.One is the most ambitious, most expensive and the most technologically complex Hindi film ever made. It pushes the envelope further ... It is a film that will rewrite the textbook of computer graphics in Hindi cinema. At the same time, it is very Indian at heart - Taran Arshad from bollywood Hungama
මේ චිත්‍රපටිය හෙට ඉඳන් මැජෙස්ටික් සිනමා ශාලාවෙත් , කටුගස්තොට සිගිරි සිනමා ශාලාවෙත් තිරගත වෙනව . කැමති කෙනෙකුට නරඹන්න පුලුවන් . අපිත් හැකි විගසම චිත්‍රපටිය නරඹල විචාරයක් ඉදිරිපත් කරන්න සුදානම් . ඊට කලින් ඔබ නැරඹුවොත් ඔබේ අදහස අපිට ලියල එවන්න(bollywood.sinhala@hotmail.com) . ඔබේ නමින්ම ඔබේ ප්‍රොෆයිලයකට /බ්ලොග් අඩවියකට සබැඳියක් සහිතව අපි ඒ ලිපිය පල කරන්නම්
2 comments:
maXXXa thnx lot
බොහොම ස්තුතියි සහෝ !, බොලිවුඩ් තොරතුරු වලට කැමති යාලුවන්ටත් අපි ගැන කියන්න . නැවතත් ස්තුතියි මේ පැත්තේ ආවටත් ප්‍රතිචාරයටත්
Post a Comment