Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Tuesday, October 25, 2011

හෙට සිට ලොව පුරා තිරගත කිරීම අරඹන (ලංකාවේත් ඇතුලුව ) Ra.one චිත්‍රපටිය ගැන සම්පූර්න තොරතුරු එක් ලිපියකින්

Ra.One චිත්‍රපටිය ගැන නොදන්න බොලිවුඩ් රසිකයෙක් මේ වෙනකොට ඉන්න විදිහක් නැ . අපිත් කිහිප වතාවක්ම මේ චිත්‍රපටිය ගැන තොරතුරු  ඔබ වෙත අරන් ආවා . ඒ සියලුම තොරතුරු එකතු කෑඅල අලුතින් එක්වුනු තොරතුරුත් එක්ක සම්පූර්ණ ලිපියක් තමයි මේ සැකසෙන්නේ

මේ ලිපියට  චිත්‍රපටියේ විශේෂතාවයන් මූලික තොරතුරු , මූලික කථා තේමාව , විඩියෝ පට ඡයාරූප එකතුව , සහ මේ වෙනකොට චීත්‍රපටිය නරඹල විචාර ඉදිරිපත් කරල තියන වෘත්තීය විචාරකයින්ගේ අදහස් ආදිය අන්තර්ගතයි







විශේෂත්වය

  • පලමු විශේෂත්වය මේ නිර්මාණය බොලිවුඩයේ ටිකක් දකින්න අඩු විද්‍යා - ප්‍රබන්ධ  ක්‍රියාදාම වර්ගයට අයත් නිර්මාණයක් වීම . ඊලඟ කාරණාව වෙන්නේ ඒ ක්‍රියාදාම සඳහා ඉතාම ඉහල මට්ටමේ තාක්ෂනික ක්‍රමවේදයන් භාවිතා කිරීම (බොලිවුඩයේ මෙතෙක් දකින්න නොලැබුන ) . ඒ වගේම දැනට බොලිවුඩ් චිත්‍රපටියක් ජාත්‍යන්තර වශයෙන් ප්‍රදර්ශනය කෙරෙන දැවන්තම අවස්ථාවත් මේ නිර්මාණය . ඉන්දිය රුපියල් කෝටි 175ක් වියදම් කරල හදපු මේ නිර්මාණය ඉන්දියානු සිනමා ඉතිහාසයෙ දැවැන්තතම ආදායම් වාර්ථාවට හිමිකම් කියාවි කියලයි  කියවෙන්නේ .චිත්‍රපටය වෙනුවෙන්ම පරිඝනක ක්‍රිඩාවක් නිර්මාණය වීමත් ,  එන්විඩියා සමාගමෙන් චිත්‍රපටය වෙනුවෙන්ම ග්‍රැෆික් කාඩ් පතක් නිර්මාණය කිරීමත් විශේෂත්වයන් තමයි . ඒ වගේම ලොව වටා සිනමා හල් 550ක මේ චිත්‍රපටිය තිරගත වෙන්නේ ත්‍රිමාණ තාක්ෂනය සහිතව. අවසන් වශයෙන් සුප්‍රසිද්ධ හිපොප් ගායක ඒකෝන් ගායනයෙන් දායක වීමත් විශේෂත්වයක් විදිහට හඳුන්වන්න පුලුවන්
from wiki pedia



මේ රූපය කැමරා 23ක් භාවිතා කරල එක ක්‍රියාදාම දර්ශනයක් රූපගත කිරීමක් 















මූලික තොරතුරු




Directed by Anubhav Sinha
Produced by Gauri Khan
Written by Anubhav Sinha
Screenplay by Anubhav Sinha
Kanika Dhillon
Mushtaq Sheikh
David Benullo
Story by Anubhav Sinha
Starring Shahrukh Khan
Kareena Kapoor
Arjun Rampal
Armaan Verma
Shahana Goswami
Tom Wu
Music by Vishal-Shekhar
Cinematography Nicola Pecorini
V. Manikandan
Editing by Sanjay Sharma
Martin Walsh
Distributed by Eros International Ltd.
Red Chillies Entertainment
Release date(s) October 24, 2011 (Dubai premiere)
October 25, 2011 (London premiere)
October 26, 2011 (Toronto premiere and worldwide release)
Running time 160 minutes
Country India
Language Hindi
Budget INR175 crore (US$39.03 million)[1]

Source - wikipedia


කථා තේමාව

දරුවා වෙනුවෙන් පරිඝණක ක්‍රිඩාවක් නිර්මාණය කරන පියෙක් සහ එම ක්‍රිඩාව වෙනස්ම ආකාරයකින් ඒ අයගෙම ජීවීතත් එක්ක සෙල්ලම් කරන්න ප්ටන් ගැනීම තමයි කථා තේමාව . ලෝකයේ පලමු වථාවට සුපිරි වීර චරිතය පවුලක් සහිත තාත්තා කෙනෙක් වෙන්නේ මේ චිත්‍රපටියේදී කියලයි කථාව ගැන අදහස් දක්වන ෂාරුක් නම් කියල තියෙන්නේ


ඡයාරූප එකතුව








More RaOne Wallpapers

Images From Santa Banta 


විඩියෝ පට

Trailers








Songs
Dildara

Chammak Chalo (Sung by Akon )

Criminal (sung by Akon )




සියලුම විඩියෝ පට නැරඹීමට මෙතනින් යූ ටියුබ් චැනලයට පිවිසෙන්න

සටහන - මෙම යූ ටියුබ් චැනලයේ "ෆැලැශ්" වලින් සකස් කල අපුරු දෘෂ්‍ය ප්‍රයෝග ජවනිකාවක් අන්තර්ගතය එය රසවිඳිමට ඔබ පරිඝනකයේ ෆැලැශ් ප්ලේයරය ස්ථාපිත කර තිබිය යුතු අතර හොඳ ධාරිතාවක් (අන්තර්ජාල ) අදාල අඩවිය නැරඹීමට ලබාදිය යුතුය (සියලු භාගත කිරීම් නවතා නරඹන්න )

විචාරක මත

දැනට රා.වන් ගැන විචාරක මතයන් දෙකක් පලවෙලා තියනව . ඒ විචාරකයින් දෙන්නාම ඉතාම ඉහලින් චිත්‍රපටය අගය කරල තියෙයි . එක් අයෙක් ලකුණු 4.5/5 ක් ලබා දෙත්දි අනෙක් කෙනා ලකුණු 4/5 ලබා දීල තියනව . ඉන් එක් විචාරකයෙක් Ra.One චිත්‍රපටිය ගැන කියන්නෙ මෙන්න මෙහෙම

"Ra.One is the most ambitious, most expensive and the most technologically complex Hindi film ever made. It pushes the envelope further ... It is a film that will rewrite the textbook of computer graphics in Hindi cinema. At the same time, it is very Indian at heart - Taran Arshad from bollywood Hungama

මේ චිත්‍රපටිය හෙට ඉඳන් මැජෙස්ටික් සිනමා ශාලාවෙත් , කටුගස්තොට සිගිරි සිනමා ශාලාවෙත් තිරගත වෙනව . කැමති කෙනෙකුට නරඹන්න පුලුවන් . අපිත් හැකි විගසම චිත්‍රපටිය නරඹල විචාරයක් ඉදිරිපත් කරන්න සුදානම් . ඊට කලින් ඔබ නැරඹුවොත් ඔබේ අදහස අපිට ලියල එවන්න(bollywood.sinhala@hotmail.com) . ඔබේ නමින්ම ඔබේ ප්‍රොෆයිලයකට /බ්ලොග් අඩවියකට සබැඳියක් සහිතව අපි ඒ ලිපිය පල කරන්නම්

2 comments:

Unknown said...

maXXXa thnx lot

Anonymous said...

බොහොම ස්තුතියි සහෝ !, බොලිවුඩ් තොරතුරු වලට කැමති යාලුවන්ටත් අපි ගැන කියන්න . නැවතත් ස්තුතියි මේ පැත්තේ ආවටත් ප්‍රතිචාරයටත්

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them