Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Sunday, February 27, 2011

Khelein Hum Jee Jaan Sey(Movie) - දීපිකාගෙ ඉන්දියානු පෙනුමට ඔබත් කැමතිද ??

ලාංකිකයින් බොහොම දෙනෙකුගෙ සිත් ගත් බොලිවුඩ් සුරූපිනිය දීපිකා පාදුකෝන් රඟපාපු චිත්‍රපටයක් ගැනයි මේ තොරතුර .

චිත්‍රපටිය Khelein Hum Jee Jaan sey .නම ටිකක දිග වැඩි නිසා අපි KHJJS කියල කියමු . පසුගිය වසරෙ දෙසැම්බර් 3 වෙනිද තිරගත කරපු මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කලේ අතුෂ් ගෝවිකාර්,දීපිකා සමඟ ප්‍රධාන රංගන්යෙන් දායක වෙන්නේ අභිශේක් බච්චන් . සංගීත්ය සොහිල් සෙන් ගෙන්.

KHJJS කියන්නෙ ඓතිහාසික කතාවක් රැගත් නිර්මාණයක්.මන්නි චැටර්ජිගෙ Do and Die කියන පොතෙන් KHJJS කතාව නිර්මාණය වෙල තියෙන්නෙ . මෙ පොතට පාදක වෙන්නේ 1930 දි චිතගොන් වල සිද්වුන කැරැල්ල . අභිශේක් රඟපාන්නෙ පසුව විප්ලවකරුවෙක් බවට පත් වන පාසල් ගුරුවරයෙක් වන සුරජ්යා සෙන් ගෙ චරිතය  දීපිකා රඟපන්නෙ කල්පනා දත්තා කියන විප්ලවකාරිනියගෙ චරිතය .



මේ KGJJS බොහොදෙනෙකුගෙ අවධානයට ලක්වුනේ චිත්‍රපටියෙ දීපිකාගෙ පෙනුම නිසා . මෙතෙක් දඟකාර බටහිර පන්නයේ චරිත වල රඟාපාපු   දීපිකා KHJJS හිදී රඟපානෙ සාරියකින් සැරසුන ඉන්දියානු විප්ලවකාරිනියකගෙ චරිතයක් . ඇයගෙ මේ අලුත් ඉන්දියානු පෙනුමටත් ගොඩාක් දෙනෙක් ප්‍රිය කරන බව තමයි පෙන්න තිබුනෙ .පහලින් තියන ඡායාරූප වලිනුත් ඒ බව පෙන්න තියනව . ඡායාරූප santabanta අඩවියෙන් ඕනි කරන ඡයාරූපය මත ක්ලික් කරල බාගන්න පුලුවන්. 

ඔබත් දීපිකාගෙ ඉන්දියානු පෙනුමට කැමතිද? කැමති නම් ප්‍රතිචාරයක් විදිහට පල කරන්න . චිත්‍රපටිය බාගත කර්ගන්න සබැඳිය ඡයාරූප වලට පහලින් තියනව . ඒ වගේම තවත් චිත්‍රපටි 3 ක පිටප්ත් නිකුත් වීම් අපි කලින් ලිපි වල  ඉදිරිපත් කලා ඒ Yamala Pagla Deewana , Dil toh Bacha hai ji ,හා  Angel වල කැමතිනම් ගිහින් කියවල බලන්න 

                            

                             

                            

                            

                             

                            

 
More Khelein Hum Jee Jaan Sey Wallpapers

http://extratorrent.com/torrent/2382521/Khelein+Hum+Jee+Jaan+Sey+-+DVDRip+-+XviD+-+1CDRip+-+%5BDDR%5D.html
( This LINK has been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL DVDs and Blu rays or to download from AUZHORISED  web sites )

මාසයකට ආසන්න කාලයක් ලිය උන බ්ලොග් අඩවියෙ අද තමයි මගෙ ප්‍රියතම බොලිවුඩ් රංගන ශිල්පිනිය ගැන ලිපියක් ලියවෙන්නේ . ඒ නිසා සතුටු දවසක් ,ඒ නිසා දීපිකා ගැන ම තවදෙයක් කියන්නම් ( සමහර අය දන්නවත් ඇති , මේ කියන්නෙ නොදන්න අයට ) .

ඊයෙ තිබුන India - England මැච් එක ගොඩක් අය බලන්නඇති (බලන්න වටින මැච් එකක්නෙ ) . මේ ක බලන්න දීපිකාත් ඇවිල්ල හිටිය .කොහොමත් දීපිකා ක්‍රිකට් රසිකාවියක් ඒ වගේම බැංගලෝරය කියන්න ඇගෙ ගම් පලාත .මේ ආවෙ තනියෙන් නෙවෙයි ඇයගෙ පෙම්වතාය කියන සිද්ධාර්ත් මලයා එක්ක , කොහොම උනත් දීපිකා නම් කියන්නෙ සිද්ධාර්ත් මිතුරෙක් විතරයි කියල.(ඔහොම තමයිනෙ නිලියො කොහොමත් කියන්නෙ ) . කොහොම උනත් මේ දෙන්න නිතර එකට දකින්න ලැබෙනව . විශේෂයන්ම IPL තරඟා වලියෙදි . මොකද සිද්ධාර්ත් තමයි බැංගෝර් කණ්ඩායමෙ හිමිකරු .කණ්ඩයම දිරිමත් කරන්න දීපිකා නිතරම සහභාගි වෙනව .

ඇත්ත නැත්ත ඉස්සරහට එලිවෙයි අපි බලමු..... මේ සිද්ධාර්ත් කියන්නෙ කිංෆිශර් අධිපති සුප්‍රකට කෝටිපතියෙක් වන විජේ මලයාගෙ පුතාය කියන එකත් කියන්න ඕනි

Saturday, February 26, 2011

Dil toh Bacha Hai ji & Angel - 2011 වසරේ තිරගත වූ චිත්‍රපට දෙකක DVD පිටපත් නිකුත් වීම්!

අද ඉදිරිපත් කරන්න යන්නෙත් 2011 වසරෙ තිරගත උන චිත්‍රපටි 2 ක DVD පිටපත් නිකුත් වීම්.

පලවෙනි චිත්‍රපටිය Dil toh Bacha Hai ji . මේක කලින් ලිපියෙ ලියපු Yamla Paagal Deewana තරම්ම සර්ථක නොවුණත් මධ්‍යස්ත සාර්තකත්වයක් ලබාපු Romantic Comedy ගණයෙ නිර්මානයක් .මධූර් බන්ධර්කර් අධ්‍යක්ෂනය කල චිත්‍රපටියෙ ප්‍රධාන චරිත රඟපාන්නෙ , අජේ දෙව්ගන් , ඉම් රාන් හස්මි,ඕමි විද්‍ය,ශසා පද්ම්සෙ,ශෘති හසන් කියන අය , චිත්‍රපටියෙ සංගීතය ප්‍රීතම් ගෙන්

 ජනවාරි 28 තිරගත කිරීම් අරඹපු Dil toh Bacha Hai ji  වල DVD  පටය නිකුත් උනා කිය්ල හිතන්නත් බැරි තරම් (කලින් ලිපියෙත් මම ඔය ගැන කිවුවනෙ ) . කොහොම උනත් Amazon.com නම් අඩවිය හරහා DVD order  කරන්න පුලුවන් . DVD එක නිකුත් වෙනව කියල තියෙන්නෙ නම් මාර්තු 15 , නමුත් ඊට කලින් නිකුත් වෙයි බොහෝ දුරට . මොකද මීට කලින් No One Lilled Jessica චිත්‍රපටිය්ට අදාලව එහෙම වෙලා තියනව.

ඔන්න Amazon  හරහා මිලදී ගැනීම් වලට සබැඳිය
http://www.amazon.com/Baccha-Madhur-Bhandharkar-Comedy-Bollywood/dp/B004M9W29M
(We Do not Held any responsibilty of your actions with amazon.com| amazon.com සමඟ ඔබගෙ කිසිදු කටයුත්තක් සඳහා වගකීම අප සතු නොවේ)

බාගන්න අයට ඕව මොකටෙයි නෙ? ඔන්න බාගත කර්ගන්න සබැඳිය

http://extratorrent.com/torrent_download/2380684/Dil+Toh+Baccha+Hai+Ji+-+DVDRip+-+XviD+-+1CDRip+-+DDR.torrent
( This LINK has been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL DVDs and Blu rays or to download from AUZHORISED  web sites )
-------------------------------------------------------------------------------------------------------------
ගීත බාගත කරගන්න ඕනි අයට මෙන්න සබැඳිය


http://www.songs.pk/indian/dil_toh_baccha_hai_ji_2010.html
( This LINK has been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL AUDIO CDs or to download from AUZHORISED  web sites )
-------------------------------------------------------------------------------------------------------------

එතකොට කතාව ? ..අමතක උනානෙ කියන්න .:D

තමන්ගෙ බිරිඳ ගෙන් දික්කසාද වෙන්න බලාගෙන් ඉන්න තරුණයෙක් තමන්ගෙ මව් පියන්ගෙ ගෙදරට පදිංචියට යනව , ඒ ගෙදර නේවාසිකයින් විදිහට ජිම් එකක වැඩ කරන සරාගී තරුණයෙකුත් , සත්‍ය ප්‍රේමය හොයාගෙන යන තරුණයෙකුත් පැමිණෙනව ..ඉතින් මොකද වෙන්නේ වැඩි විස්තර මම  Review එකෙන් කියන්නම්


මෙ තියෙන්නෙ ඡායාරූප එකතුව. (sanatabanta.com වෙතින්)  ඕනි කරන ඡායාරූපය මත ක්ලික් කරල බාගත කරගන්න පුලුවන්
                             


                            


                            

More Dil Toh Bachcha Hai Ji Wallpapers

________________________________________________________________________________-
එතකොට අනික් Film  එක ? මේක  මේ මාසෙම තිරගත කරන්න පටන් ගත්ත ඒත් අන්තිම අසාර්ථක උන Angel  චිත්‍රපටිය . භාගත කරගන්න කෙනෙකුට සබැඳිය පහලින් තියනව

http://extratorrent.com/torrent/2380807/Angel+-+DVDRip+-+XviD+-+1CDRip+-+DDR.html
( This LINK has been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL DVDs and Blu rays or to download from AUZHORISED  web sites )

Angel ගැන කලින් ලියපු ලිපියට මෙතනින් යන්න පුලුවන්

Friday, February 25, 2011

Yamla Pagal Deewana - ඩියෝල් පවුලේ පිය පුතුන්ගේ චිත්‍රපටය

Yamla Pagal Deewana කියන්නෙ මේ වසරෙ ජනවාරි 14 තිරගත් කිරීම් අරඹපු ඉතාම සාර්ථකත්වයට පත් උන කොමඩි ගණයෙ නිර්මාණයක්. මේකෙ තියන තවත් විශේෂත්වයක් තමයි ඩියෝල් පවුල ඒ කියන්නෙ ධර්මෙන්ද්‍ර, බොබි ඩියෝල්, හා සනි ඩියෝල් කියන පිය පුතු පිරිස තමයි ප්‍රධාන චරිත රඟපාන්නේ.



 ඉතාම සාර්ථකව තිරගත උන මේ චිත්‍රපටියෙ DVD rip පිටපත් ඔන්න දැන් තියනව .හැබැයි DVD පටය මෙච්චර ඉක්මන්ට නිකුත් උනා කියල හිතන්නත් අමාරුයි මොකද මේක ඉතාම සාර්ථක නිර්මානයක් නිසා කොහොම උනත් DVD Rip  එකක් එන්න DVD තියෙන්න එපායැ . (කට්ටිය දැන්DVD එක එන්නත් කලින් RIP කරනවද දන්නෙ නැ :D )




කොහොම හරි බාගත කරගන්න නම් පුලුවන් .මේ තියෙන්නෙ සබැඳිය

http://extratorrent.com/torrent/2381336/Yamla+Pagla+Deewana+-+DVDRip+-+XviD+-+1CDRip+-+%5BDDR%5D.html
( This LINK has been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL DVDs and Blu rays or to download from AUZHORISED  web sites )

Amazon අඩවියෙ වත් DVD Release කරන දිනයක් ගැනවත් සඳහනක් නැහැ , එහෙම දැනගත්ත ගමන් මේ පෝස්ට් එක UPDATE කරල , ඊට පස්සෙ ලියන ලිපියකින් දැනුවත් කරනවා අනිවාර්යයෙන්ම ( කොහොමත් ගොඩ දෙනෙක් බාන එකනෙ කරන්නෙ නේ : D)

පරම්වීර් (සනී ඩියෝල් ) කියන්නෙ කැනඩාවෙ ජීවත් වෙන හොඳ මනුස්සයෙක් , එයාගෙන් පොඩිකාලෙම වෙන් උන පියා හ සහෝදරයා(ධර්මෙන්ද්‍ර, බොබි ඩියෝල්) ඉන්දියාවේ මැරකමින් ජීවත් වෙන අය , මේ අයව හොයාගෙන පරම්වීර් ඉන්දියාව්ට එනව . ඔන්න ඕකයි දල කතා සාරාංශය .

ගීත භාගත කරගන්න පහත සබැඳිය යොදා ගන්න පුලුවන් ,

http://www.songs.pk/indian/yamla_pagla_deewana_2010.html
( This LINK has been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL AUDIO CDs or to download from AUZHORISED  web sites )


ඡායාරූප එකතුව දීල තියෙන්නෙ Santabanta.com වලින් . ඕනි  ඡායාරූපය මත ක්ලික් කරල santabanata අඩවියට පිවිසිල  ඡායාරූපය භාගත කරගන්න පුලුවන්
                           


                           


                          

More Yamla Pagla Deewana Wallpapers




පුලුවන් ඉක්මනට Yamla Pagal Deewana  Review එකක්  ඉදිරිපත් කරන්නම් . මේ වගේම තව චිත්‍රපට දෙකක DVD පිටපත් නිකුත් වෙල තියෙන්නෙ . හෙට ඒ දෙක ගැන කියන්නම්

Wednesday, February 23, 2011

සල්මාන් ඛාන් බැංකොක් නඟරයේ වීදි දිගේ ත්‍රිවීලර් එලවයි????

බොලිවුඩයෙ සුපිරි තරුවක් වන සල්මාන් පහුගිය දවසක බැන්කොක් නඟරයේ විදි දිගේ ත්‍රි රෝද රථයක් පැදගෙන ගිහින් තියනව .ඇත්තටම කිව්වොත් එකක් නෙවෙයි තුනක්.ඒකත් අධික වේගයෙන්. මොකද හිතන්නෙ???

බයවෙන්න එපා සල්මාන රඟපාන එක අතහැරල ත්‍රිවිල් එලවන්න ගිහින් කියල . මේ ඔහු රඟපාන නවතම චිත්‍රපටියෙ ජවනිකාවක් . Wanted හා Dabangg චිත්‍රපටවල සාර්ථකත්වය්ත් එක්ක සල්මාන්ගේ ක්‍රියාදාම චිත්‍රපට ගැනයි ගොඩක් නිෂ්පාදක වරයින් හා අධ්‍යක්ෂකවරයින් අවධානය යොමු කරල තියෙන්නේ.

මේ ජවනිකාව සකස් වෙන්නෙත් ඒ අනුව බටහිර චිත්‍රපට වල වාහන ලුහුබැඳ යාම් දර්ශනයකට අනූකූලව , නමුත් අලුත් වෙනසක් කරන්න බලාගෙන තමයි ටුක්ටුක් වර්ගයේ ත්‍රි රෝද රථ යොදාගෙන තියෙන්නෙ.තවත් විශේෂ කාරනයක් වෙන්නේ මේ දර්ශනය ලියවිල තියෙන්නෙ සල්මාන්ගෙ ඉල්ලීමක් අනුව . මේකෙදි ත්‍රිරෝද රථ 2ක් ගිනි ගන්නව අධික වේගය නිසා , සල්මාන්ට තියෙන්නේ එකින් එක්ට මාරු වෙවී ලුහුබැඳීම කරන්න

කිසිම ටුක්ටුක් අයිතිකාරයෙක් තමන්ගෙ වාහනය ගිනිගන්නවට කැමති නැනෙ ඒ නිසා මේ දර්ශනය වෙනුවෙන් එකක් රු ලක්ෂ 2 බැගින් ත්‍රිරෝද රත 3ක් මිලට අරගෙන තියනව. සල්මාන්ගෙ චිත්‍රපටියක් උන Dabangg වල අධි සාර්තකත්වය නිසා සල්මාන්ගෙ ක්‍රියාදාම දර්ශන සඳහා මුදල් වියදම් කරන්න නිෂ්පාදක වරුන් මැලිවෙන්නේ නැ.ඒ බව හොඳින් තහවුරු වෙන්නෙ බැංකොක් නඟරයෙ රූගත කිරීම් සඳහා පමණක් කෝටි 11ක මුදලක් වැය කරල තියන එකෙන් (දිනක වියදම ලක්ෂ 25 කටත් වැඩියෙන් ).ත්‍රිවීල් එලවන පලමු අවස්ථාව උනත් සල්මාන් ඉතා දක්ෂ විදිහට ඒ වැඩෙ කලාලු, ඒවගේම ඉන්දියාවෙ තියන ත්‍රිරෝද රථ වලට වඩා ටුක්ටුක් රථ සැහෙන ජව සම්පන්නයිලු .එතකොට මොකක්ද මෙ සල්මන් ත්‍රිවීල් එලවන Film එක ?

මේක ලාංකිකයින්ටත් වැදගත් චිත්‍රපටියක් , චිත්‍රපටියෙ නම් Ready . මතකද සල්මන් හා අසින් දකුණු ඉන්දියාවෙ විරොධතා මැද මෙහෙ ඇවිල්ල රූගත කිරීමක් කලා . මේ ඒ චිත්‍රපටිය. Ready වල රූගත කිරීම් වලින් 40%ක් කරල තියෙන්නෙ ලංකාවෙ කොලඹ හා බෙන්තර ප්‍රදේශ වල .තවත් කොටසක් මුම්බායි වල ඉතිරිය තමයි බැංකොක් වල . චිත්‍රපටියෙ අධ්‍යක්ෂකවරයා අනීෂ් බස්මි සංගීතය ප්‍රිතම් ගෙන් .සල්මන් හා අසින්ට අමතරව පරෙශ් රාවල් රංග්නයෙන් දායක වෙනව .ජූනි 3 වෙනිද තිරගත වෙන්න නියමිත Ready වල තවත් රංගන ශිල්පීන් කිහිපදෙනෙක්ම ආරාධිත ර්ංගනයෙන් එකතු වෙනවා. මෙක ලංකාවෙ ප්‍රේක්ෂකයින්ටත් ඉන්දියාවට සමගාමීවම සිනමා ශාලා වල දකින්න ලැබෙයි ලියලයි මම නම් හිතන්නෙ . Ready වල ඡායාරූප ලද සැනින් ඔබ වෙත ගෙන එන්න අපි සූදනම් . රැඳිල ඉන්න අපි එක්ක . සල්මාන්ගෙ Dabangg ගැන ලිපිය කියවන්න මෙතනින් ගිහින් පුලුවන්

(Source - PlanetBollywood|Wikipedia|Mid-day.com|NDTV|Bollywood Hungama)
----------------------------------------------------------------------------------------------------------

ෂාරුගෙ Don-2  වල Look  එක ගැන අපි ලිපියකින් කිව්වනෙ . ඒ සම්බන්ඳ Wallpaers ටිකකුත් ඒ පෝස්ට් එකට දැන් එකතු වෙලා තියනව(කලින් තිබුනෙ නැහැ ) මෙතනින් ඒ ලිපියට ගිහින් පිටුවේ පහල තියන ඒ Wallpapers භාගත කරග්න්න පුලුවන්


  මතක තියා ගන්න මේ වගෙ තොරතුරු ලංකාවෙ අයට මුලින්ම කියන්නෙ අපි විතරමයි

Tuesday, February 22, 2011

Dabangg(Review)-පරමාදර්ශී කාඩ්බෝඩ් වීරයෙක් නොවු චුල්බුල් පාණ්ඩේ (Wallpaper Collection Included)

ඉන්දියානු සිනමා ඉතිහාසයේ දෙවන වැඩිම ආදායම වාර්ථාවට හිමිකම් කියන චිත්‍රපටිය ගැනයි මේ ලිපිය . චිත්‍රපටිය Dabangg. ගොඩ දෙනෙක් බලල ඇති ඒත් මම කිව්වනේ 2010 වසරෙ සිනමාව ගැන ආපසු හැරී බැලීමක් කරනව කියල ඉතින් මේ චිත්‍රපටිය අතහැරල ඒ දේ කරන්න බැ .ඒ නිසයි Dabangg චිත්‍රපටියෙ සුවිශේෂතා ගැන කතා බහ කරන්න අදහස් කලේ . පහලින් තියෙන්න Dabangg ගැන මූලික කාරනා ටික 

Dabangg නමේ අර්ථය - බය නැති
අධ්‍යක්ෂනය- අභිනව් කාශ්යප්
රංගනය-සල්මාන් ඛාන් , සෝනක්ශි සින්හා
සංගීතය- සජිත් වජීඩ්

මේ චිත්‍රපටියෙ තියන විශේෂතාවය තමයි අධ්‍යක්ෂ අබිනව් ගෙ වගේම ප්‍රධාන නිලි සෝනක්ෂි ගෙත් පලමු චිත්‍රපටිය මෙය වීම

කථාව

Dabangg වල කථාව පාදක වෙන්නේ සම්පූර්ණයෙන්ම චුල්බුල් පාණ්ඩේ කියන චරිතය වටා . පොඩි කාලෙ තමන්ගේ පියා අහිමි උන  චුල්බුල් තමන්ගෙ මැනියන්ගෙ දෙවන විවාහයේ සැමියා අතින් තාඩ්න පීඩන වලට ලක් වෙනව.මේ තත්වය අවසානයේදී චුල්බුල් පාණ්ඩේ ඉතාම තදින් කෝපයට පත්වෙන ප්‍රචණ්ඩ කරී පොලිස් නිලධාරියෙක් වීමට හේතු වෙනවා.මේ පොලිස් නිලධාරියාගෙ හැසිරීම්, ඔහුගේ ජිවන විලාශයන් තමයි Dabaang වලට පාදක වෙන්නෙ . මේ සිදුවීම් රසවිඳින්න නම් චිත්‍රපටිය නරඹන්න වෙනව

අපේ අදහස(Editor's Comment )

  • Dabangg වල කතා තේමාව සාම්ප්‍රදායිකයි කියල කෙනෙකුට හිතෙන්න පුලුවන් උනත් ,කතාව ගොඩනංවල තියන විදිහෙන් ඒ මතය ඉවත් වෙනව. Dabangg කියන්නෙ සම්භාව්‍ය සිනමා පටයක් නොවුනත් චිත්‍රපටියෙ ඉන්න ප්‍රධාන චරිත සියල්ලම ඉතා හොඳ සම්පූරණ චරිත . තවත් විදියකින් කියනව නම් ගැඹුරු චරිත. සියලුම චරිත හොඳ පදනමක් ඇතුවයි ගොඩ නැංවිලා තියෙන්නෙ බලෙන් ඔබ්බපු චරිත හෝ සිදුවීම් කිසිවක් නැහැ .
  • චුල්බුල් පාණ්ඩෙ කියන චරිතය හරිම සුවිශෙෂියි. වීර චරිතයක් උනත් සාම්ප්‍රදායිකව දකින්නට ලැබෙන පැතලි චරිතයක් නෙවෙයි , ඒ කියන්නෙ ඉස්සර හින්දි සිනමාවෙ පොලිස් නිලධාරි වීර චරිතයක තිබුන අවංක කම , සත්‍ය ගරුක කම ,පරමාදර්ශීකම වගේ දේවල් චුල්බුල් ගේ නැ . ඔහු කිසිවෙකුටත් බය නැති ඉතාම දක්ෂයෙක් උනත් සාමන්‍යයෙන් ඉන්දියානු පොලිස් නිලධාරියෙකු තුල දකින්නට ලැබෙන වංචාව , බලය අයුතු ලෙස පාවිච්චි කිරීම ඔහු තුලත් තියනව.ඒක Dabangg වල තියන සුවිශේශම ලක්ෂනයක් . බොහෝ විචාරකයින් කියන විදිහට මැත කාලීන හින්දි සිනමාවේ බිහිවුන තාත්විකම වීර චරිතය ත්මයි චුල්බුල්
  • චුල්බුල් ගේ චරිතය වගේම අනික් හැමචරිතයකම අනන්‍ය ලක්ෂන කතාව පුරාම රඳවා ගන්න අධ්‍යක්ෂක වරයා සමත් වෙලා තියෙනව . සාමාන්‍යයෙන් හින්දි සිනමාවෙ වීර චරිත එක එක වෙලාවට එක එක විදිහනෙ, අසාධාරනයේදි යකා වගෙ ආදරය කරන කොට බබා වගෙ ඔහොමනෙ , ඒත් චුල්බුල් එහෙම නැ .ආදරය කරන්නෙත් තමන්ට හුරු පුරුදු අහංකාර ගතියෙන් ඒක නිසා තමයි ඒ චරිතය ඉතා සාර්ථකව ගොඩ නඟපු චරිතයක් බවට පත් වෙන්නෙත් . ඔහු විතරක් නෙවෙයි කතාවෙ මුන ගැහෙන හැම චරිත්යක්ම එහෙමයි , දෙලොවටම නැතුව පාවෙන චරිත, අහසින් කඩා වැටුන චරිත මේකෙ නැහැ .හැම චරිතයක ම හැසිරීම පැහැදිලි කරන කාරණා නිර්මානය තුල අඩංගුයි
  • Tees Maar Khan ගැන ලියද්දි මම සඳහන් කලා කොමඩි හා අධිරංගනයන් ගැන . Dabangg වලත් හාස්‍යජනක තැන් තියනව නමුත් සම්පූර්නයෙනම කතාව තුල පවතින ,චරිත වල අඛණ්ඩතාවයට හානි නොවන විදිහට
  • Dabangg අයිති වෙන්නේ action  ගනයට .ඒ අතිනුත් අමුතු ආකාරයක රසයක් ඇතිවෙන විදිහට තමයි චිත්‍රපටියෙ ක්‍රියාදාම අධ්‍යක්ෂනය සිදු කරල තියෙන්නෙ .
  • චිත්‍රපටියෙ දුර්වලතාවයක් කියල නම් කියන්න දෙයක් නැතිම තරම් මොකද අධ්‍යක්ෂනය , කැමරාකරනය , අලෝකකර්නය , සංස්කරනය ,සංගීතය ඇතුලු හැමදේම ඉතා විශිෂ්ටයි .චිත්‍රපටිවල් සින්දු වැඩිය තියනවට අකමැති කෙනෙකුට සින්දු වැඩියි කියල හිතුනොත් මිසක් වෙන කිසිම අඩු පාඩුවක් නැහැ .ඉතින් අපේ රේටින් ක්‍රමයත් ඕනි වෙන එකක් නැහැ , ලකුනු දුන්නොත් හැම කාරණාවකටම 8/10 වඩා දෙන්න පුලුවන්,නවක නිලියක් විදිහට සෝනක්ශිගේ රංගනය ඉතාම විශිෂටයි.
මේ තියෙන්නේ Dabangg ලබාගත්ත හා නිර්දේශ උන සම්මාන ලයිස්තුව, ඒකෙන්ම නිර්මානය් ගැන හිතාගන්න පුලුවන් නේ (Awards List from Wikipedia - )
2010 BIG Star Entertainment Awards
Won[73]
  • BIG Star Most Entertaining Film - Malaika Arora and Arbaaz Khan
  • BIG Star Most Entertaining Director - Abhinav Kashyap
  • BIG Star Most Entertaining Film Actor - Male - Salman Khan
  • BIG Star Most Entertaining Song - "Munni Badnam Hui"
  • BIG Star Most Entertaining Singer- Male - Rahat Fateh Ali Khan - "Tere Mast Mast"
Nominated[74]
  • BIG Star Most Entertaining Singer- Female - Mamta Sharma - "Munni Badnam"
  • BIG Star Most Entertaining Music - Sajid-Wajid
2011 Star Screen Awards
Won[75]
Nominated[76]
2011 Zee Cine Awards
Won[77]
Nominated[78]
2011 Filmfare Awards
Won[79]
Nominated[80]
6th Apsara Film & Television Producers Guild Awards
Won[81]
  • Apsara Award for Best Actor in a Leading Role - Salman Khan
  • Apsara Award for Best Film - Arbaaz Khan Productions
  • Apsara Award for Best Debut Female - Sonakshi Sinha
  • Apsara Award for Best Performance in Negative Role - Sonu Sood
  • Apsara Award for Best Male Singer - Rahat Fateh Ali Khan for "Tere Mast Mast Do Nain"
  • Apsara Award for Best Female Singer - Mamta Sharma for "Munni Badnaam Hui"
  • Apsara Award for Best Music - Sajid-Wajid
  • Apsara Award for Best Dialogue - Abhinav Singh Kashyap & Dilip Shukla
Nominated[82]
  • Apsara Award for Best Lyrics - Faaiz Anwaar for "Tere Mast Mast Di Nain"
  • Apsara Award for Best Choreography - Farah Khan for "Munni Badnaam"
  • Apsara Award for Best Special Effects - Alagar Swamy
2011 Stardust Awards
Won[83]
Nominated[84]
  • Stardust Award for New Musical Sensation - Female - Mamta Sharma - "Munni Badnaam Hui"
  • Stardust Award for Best Film Of The Year - Action / Thriller - Dabangg
  • Stardust Award for Best Actor - Thriller/ Action - Salman Khan
  • Stardust Award for Best Actress - Thriller/ Action - Sonakshi Sinha
  • Stardust Award for Best Actor in an Ensemble Cast - Sonu Sood
  • Stardust Award for Best Actress in an Ensemble Cast - Dimple Kapadia
1st Global Indian Film & Television Honors
Won[85]
  • Best Film - Dabangg
  • Best Lyricist - Jalees Sherwani - "Chori Kiya Re Jiya"
  • Best Soundtrack Composer - Sajid- Wajid, Lalit Pandit
  • Best Playback Singer - Female - Mamta Sharma - "Munni Badnaam Hui"
  • Most Promising Fresh Face - Female - Sonakshi Sinha
  • Most Promising New Director - Abhinav Singh Kashyap
  • Track Of The Year - "Munni Badnaam Hui" - Lalit Pandit
  • Best Choreographer - Farah Khan - "Munni Badnaam Hui"
  • Best Action Direction - S. Vijayan
ඔබ හින්දි චිත්‍රපට මිලදී ගන්න කෙනෙක් නම් Dabangg ඔබගේ එකතුවෙ අනිවාර්ය්යෙන්ම තිබිය යුතු චිත්‍රපටියක් කියල බය නැතුව නිර්දේශ කරන්න පුලුවන් .

බාගත කරගන්න අයට සබැදි කිහිපයක්ම දීල තියනව විවිද ගුණාංග තියන පිටපත් වල කැමති එකක් භාගත කරගන්න 




( The above LINKS  have been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL DVDs and Blu rays or to download from AUZHORISED  web sites )
ඒ වගේම මේ තියෙන්නෙ ගීත භාගත කරගන්න සබැඳිය
http://www.songs.pk/indian/dabangg_2010.html

( The above LINK  has been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL AUDIO CDS or to download from AUZHORISED  web sites )

මම කලින් ලිපියෙ ලිව්වෙ Don 2 චිත්‍රපටියෙ ෂාරුක් ගෙ Look  එක ගැනනෙ Dabangg වල සල්මාන්ගේ Look එකත් හරි අපූර්යි කියල ඡායාරූප වලින් පේනව ඇතිනෙ .ඇත්තටම සල්මාන්ගේ මෙතෙක් දැක්ක පෞර්ෂවත්ම පෙනුම මෙකයි කියල ඔහුගේ රසික රසිකාවියන් කියල තියනව .පහල තියන අපෙ ඡායාරූප එකතුවෙ තියන ඡායාරූප වලත් ඒ ලක්ෂනය පෙන්න තියනවා.

ඡායාරූප ඔක්කොම 1600*1200 ප්‍රමානයේ ඒව(පෝස්ටර් හැර ) , භාගත කරන්න උපදෙස් සඳහා මෙතන ක්ලික් කරන්න .මේ ප්‍රමානයෙන් දීල තියෙන්නෙ ගුණාත්මක භාවයෙන් වැඩි නිසාත් ඕනි කෙනෙකුට අවශ්‍යතාවය අනුව resize කරගන්න පුලුවන් නිසාත් . ඔබ මේ ඡායාරූප වැඩි ගණනකට කැමති නම් ඡායාරූප වලට පහලින් තියන Zip file එක භාගන්න .ඒකෙ සියලුම ඡායාරූප අඩංගුයි

Unlimited Free Image and File Hosting at MediaFire Unlimited Free Image and File Hosting at MediaFire Unlimited Free Image and File Hosting at MediaFire
Unlimited Free Image and File Hosting at MediaFire Unlimited Free Image and File Hosting at MediaFire Unlimited Free Image and File Hosting at MediaFire
Unlimited Free Image and File Hosting at MediaFire Unlimited Free Image and File Hosting at MediaFire Unlimited Free Image and File Hosting at MediaFire
Unlimited Free Image and File Hosting at MediaFire    Unlimited Free Image and File Hosting at MediaFire     Unlimited Free Image and File Hosting at MediaFire


POSTERS

 Unlimited Free Image and File Hosting at MediaFire  Unlimited Free Image and File Hosting at MediaFire  Unlimited Free Image and File Hosting at MediaFire   Unlimited Free Image and File Hosting at MediaFire 

Zip File  Download Link(click Here)

මේ තියෙන්නෙ Dabangg පූර්ව ප්‍රචාරක පටය



මේ චිත්‍රපටියෙ වඩාත්ම කතාබහට ලක් උන, චිත්‍රපටියෙ වගේම සල්මාන්ගෙත් Theme එක බවට පත් උන ගීතය


අපේ කලින් ලිපි දෙකේම අපි ඉල්ලීමක් කලා අපෙ  අඩවියේ ලිපි යාලුවොත් එක්ක බෙදාගන්න කියලා. කලින් ලිපිය 5 දෙනෙක් Facebook recommend කරල තියනව ඒකත් හිතට ලොකු සතුටක්. මම ඒ අයට ස්තුති කරනව. ඒ වගේම මේ ලිපිය බලන අයගෙනුත් ඒ ඉල්ලීමම ඉල්ලා සිටිනවා.ඒත් එක්කම අපේ ලිපි හොඳ නැ කියල හිතෙන්ව නම් බැනල හරි කමෙන්ට් එකක් දැම්මොත් අපිට ඒ අඩු පාඩු හදා ගන්න පුලුවන්.

නිරන්තරයෙන් මතක් කලත් අපේ Facebook පිටුවට එකතු වෙන්න නම් කට්ටිය කැමති නැ වගේ . මොකද තාම ඉන්නෙ මුලදි එකතු උන 3 න් දෙනා විතරමයි

අපි No One killed Jessica චිත්‍රපටිය ගැන කරපු පසු විපරම ගොඩ දෙනෙකුගෙ අවධානයට ලක් උනෙ නැහැ බලන්න කැමති අය මෙතනින් ගිහින් බලන්න 



Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them