Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Friday, February 18, 2011

Ra.One - බොලිවුඩයේ රජු ෂාරුක් ඛාන් ගේ නවතම සිනමා නිර්මාණය

බොලිවුඩයේ රජු එහෙමත් නැත්නම් King Khan විදිහට හඳුන්වන ෂාරුක් ඛාන් ගේ නවතම සිනමා නිර්මාණය ගැනයි මේ ලිපිය .ෂාරුක්ගේ චිත්‍රපටියක් කිව්වාම ඉතින් හැමෝම උනන්දුයි නෙ ප්‍රශ්නත් ගොඩයි . ඉතින් කියවලම බලන්නකො.

චිත්‍රපටියෙ නම Ra.One .සුපිරි වීර චරිතයක් අඩංගු Ra.One Science-fiction  ගණයටත් අයිති වෙනව .ෂාරුක්ගේ චරිතය මොනවගේ එකක්ද කියල දීල තියන පෝස්ටරෙන් පේනවනෙ.

මේක ෂාරුක් ට හා ඔහුගෙ බිරිඳ ගෞරිට අයත් Red Chillies සමාගමේ නිෂ්පාදනයක් .අධ්‍යක්ෂකවරය අනුභාව් සින්හා.මේක තිරගත කරන්න මුලින්ම සැලසුම් කලේ ජූනි මාසෙ තුන් වෙනිදට ඒ කියන්නෙ IPL තරඟාවලිය ඉවර උන ගමන් ඉන්දියානු ප්‍රේක්ෂකයින්ගෙ අවධානය දිනාගන්න . මොකද ෂාරුක් රඟපාන තවත් නිර්මානයක් වන Don 2 වසර අවසානයේ තිරගත වීමට නියමිත නිසා. නමුත් පේන විදිහට නම් Ra.One බලන්න තව ටික කාලයක් බලා ඉන්න වෙනව. මොකද මේ චිත්‍රපටියට  අදාල දැවැන්ත පසු නිෂ්පාදන කටයුතු තවමත් ඉතුරුයි .

ඉතින් ඇයි මම මෙච්චර ඉක්මනට මේක ගැන කිව්වේ? පලවෙනි කාරනය චිත්‍රපටියෙ නිල වෙබ් අඩවිය ආදිය නිකුත් කරල තිබීම(තවමත් වෙබ් අඩවිය අංග සම්පූර්ණ වෙල නැහැ ) අනික මේක ඉන්දියානු සිනමා ඉතිහාසයේ වඩාත්ම බාලපොරොත්තුවෙන් ඉන්න(most awaited ) චිත්‍රපටිය .ඒ වගේම ලංකාවෙ ප්‍රෙක්ෂකයින්ටත් මේක තිරගත කරන පලවෙනි දවසෙ ඉඳලම බලන්න ලැබෙන එක . ඒ වගේම Ra.One කියන්නෙ ඉන්දියානු සිනමා ඉතිහාසයෙ දෘශ්‍ය ප්‍රයෝග වැඩිම නිර්මානය (පසු නිෂ්පාදන කටයුතු දික්ගැස්සිලා තියෙන්නෙත් ඒ නිසා )ඉතින් එකක් preview විදිහට නොවුනත් First look එකක් විදිහට Ra.One ඔබ වෙත ගේන්න මම තීරණය කලා .

ඒ වගේම මේ චිත්‍රපටිය්ට අදාල සියලුම දේ දිගින් දිගටම ඔබ වෙත අරන් එන්න අපි සූදානම් . ආ කියන්න අමතක උනා  ෂාරුක් ගේ චරිතයෙ නම G.One, Ra .One  කියන චරිතය කරන්නේ අර්ජුන් රාම්පාල්, ප්‍රධාන නිලිය කරීනා කපූර්

විශාල් ශේකර් ප්‍රිතම් ඇතුලු කිහිප දෙනෙක්ම සංගීතයෙන් දායක වෙනව . සංගීතය ගැන සඳහන් කල නිසා තව අතිරේක දෙයකුත් සඳහන් කරන්න ඕනි  ඒ ඊයේ අපි බොලිවුඩ් ගායිකාවන් දෙදෙනෙකු ගැන ඉදිරිපත් කරපු ලිපිය එතරම් පිරිසක් නරඹල තිබුනේ නැ සමහර විට සින්ඩි වල ඉක්මනින්ම පහලට ගිය නිසා වෙන්න ඇති . ඉතින් මෙතනින් ගිහින් බලන්න .මොකද තවම නිවේදනය කරල නොතිබුනත් මේ ගායිකාවන් දෙන්නගෙන් එක්කෙනෙක් වත් Ra.One වලටත් දායක වෙලා ඇති කියල මම හිතනව.

මේ චිත්‍රපටියෙ සංගීතය සම්බඳව තවත් විශේෂ කාරනය්ක් තියනව ඒ සුපිරි හිප්-පොප් ගායක ඒකෝන් මේ චිත්‍රපටියෙ ගායනයෙන් දායක වෙනව . පහල තියන වීඩියෝව ඒකෝන්ව ෂාරුක් හා කරිනා විසින් පිලිගත් ආකාරය . Ra.One ගැන වගේම අනෙකුත් සියලුම බොලිවුඩ් නිර්මාන ගැනත් දැන ගන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න . යාලුවොත් එක්ක අපෙ ලිපි Share  කරන්න . ඒ අතරම Comment එකක් දාන්නත් පුලුවන් නම් ඒක අපට ලොකු ධෛර්යයක් වෙයි


තවත් වැදගත් දෙයක් , මේ චිත්‍රපටියෙ ත්‍රාසජනක දර්ශනවලට ආදේශකයෙක් නොගෙන ෂාරුක්ම රඟපානව කියලයි කියන්නෙ
------------------------------------------------------------------------------------------------------------

7khoon Maaf චිත්‍රපටය ගැන අපි ලියපු ලිපිය UPDATE කලා ප්‍රේක්ෂක Reviews අනුව මෙතනින් ඒ ලිපියට පිවිසෙන්න පුලුවන්

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them