Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Tuesday, February 8, 2011

Band Baaja Baaraat (Review) - බලන්න කලින් කියවල බලන්න

2010 දෙසැම්බර් මාසෙ 10 වෙනිදා තිර ගත කිරීම් ආරම්බ කරපු Band Baaja Baaraath චිත්‍රපටියෙ DVD පිටපත නිකුත් වෙලයි තියෙන්නේ .චිත්‍රපටිය ගැන සම්පූර්ණ විවරනයක් තමයි මේ ඉදිරිපත් කරන්න  යන්නේ .ඒ ගැන කලින් ලිපියක් ලියවුනේ නැති නිසා ඡායාරූප එකතුවකුත් ඉදිරිපත් කරල තියනවා.

මංගල සංගීත කණ්ඩායම/නාදය වගෙ තෙරුමක් තමයිBand Baaja Baaraat කියන එකෙන් කියවෙන්නේ . BBB කියන් කෙටි නාමයෙන් තමයි Band Baaja Baaraat චිත්‍රපටිය බහුලව හැඳින්වෙන්නෙ .යාශ් - රාජ් චිත්‍රපටි සමාගමේ නිෂ්පාදනයක් උන BBB  අධ්‍යක්ෂණය කරේ මනීශ් ශර්මා, මේ ඔහුගෙ පලමුවෙනි නිර්මානය .

ලස්සන සරල කතාවක් රැගත් BBB අදායම් අතින් සාර්ථක උන වගේම සම්මාන සඳහා නිර්දේශ වූ සහ සම්මාන කිහිපයකට උරුම කම් කීමට අවස්ථාවක් ලබා ගත් නිර්මානයක


කථාව

ශෘති කියන්නෙ තමන්ගෙ හැමදේම සැලසුම් කරල කරන තරුණියක් . තමන්ගේ උසස් අධ්‍යාපනයෙන් පස්සේ විවාහ සැලසුම් කරන්නියක් විදිහට තමන්ගෙම කියල ව්‍යාපරායක් පටන් ගන්න එක තමයි ඇයගෙ බලාපොරොත්තුව . ඒ සඳහා පුහුනුවක් විදිහට ශෘති වෙනත් විවාහ සැලසුම් ශිල්පිනියක් යටතේ වැඩ කරගෙන යනව . බිට්ටු කියන්නේ ජිවිතේ හැමදේම බොහොම සැහැල්ලුවට ගන්න තරුණයෙක් . අහඹු සිදුවීමකින් පස්සේ මිතුරන් බවට පත්වෙන මේ දෙන්න එකම ව්‍යාපාරයේ සහකරුවන් බවට පත් වෙනව ඒ ශෘති කාලයක් තිස්සේ සැලසුම් කරපු " විවාහ සැලසුම් " ව්‍යාපාරයක් Shaddi Mubarak  නමින් පටන් අරගෙන.නමුත් බිට්ටු නම් මේ ව්‍යාපාරයට එකතු වෙන්නේ අධ්‍යාපනයෙන් පස්සේ ගමට ගිහින් තම්න්ගේ පියාගේ ගොවිපලට එකතු වෙන්න තියන අකමැති කමට ,වෙන කරන්න දෙයක් නැති නිසා .එතනින් එහාට බොහොම රසවත් විදිහට ගලාගෙන යන කතාව චිත්‍රපටිය බලලම තමයි දැනගන්න ඕනි.....:D

අපේ අදහස ( Editor's Comment)

කලිනුත් කිව්වා වගේම බොහොම සරල චිත්‍රපටියක් ඒ වගෙම මීට කලින් බොලිවුඩ් නිර්මනයක මුන නොගැසුන කතාවක් . ඔබ සාමාන්‍ය බොලිවුඩ් රසිකයෙක් නම් BBB ඔබට අනිවාර්යයෙන්ම ගැලපෙන නිර්මානයක් , ගැඹුරු කතා තේමා, ගැඹුරු චරිත , පූර්න යථාර්තවාදි නිර්මාන සොයන්නෙක් නම් ඔබට මේ චිත්‍රපටිය ගැලපෙන එකක් නැහැ . සාමාන්‍ය රිද්මයක ගමන් කරන නිර්මානයක් . කතාවෙ ඇතැම් තැන් වල වේගවත් බවක් තිබුනත් රූප රාමු බොහෝදුරකට එකම රිද්මයකයි පවත්වා ගන්නේ . ප්‍රේක්ෂක හැඟීම් උත්සන්න කරවන කුතුහලයෙන් පිරුන් තැන් , ගොඩාක් සංවේදී වන තැන් අදියත් දකින්නට නැහැ .

චිත්‍රපටිය ගැන අපේ අදහස පහත විදිහට කොටස් වශයෙන් වෙන් කරල දකින්න පුලුවන් . (අපේ ලකුනු ක්‍රමයත්(Rating system) ඒ එක්කම අන්තර්ගත කරල තියන නිසා කැමති කෙනෙකුට ඒකෙනුත් අදහසක් ගන්න පුලුවන් . කොහොම උනත් මෙ ලකුනු රසිකත්වය අනුව වෙනස් වෙන්න ඉඩ තියනව කියන එකත් මතක තියා ගන්න  )

අධ්‍යක්ෂනය - මනීශ් ශර්මාගේ අධ්‍යක්ෂනය කැපී පෙනෙන තරම් සාර්ථකයි කියල කියන්න පුලුවන්. යශ්-රාජ් සමගමේ චිත්‍රපටි සහය අධ්‍යක්ෂ වරෙයෙක් විදිහට වැඩකරල ඔහු ලබා ගත්ත අත්දැකීම් මේ සාර්ථකත්වයට හේතු උන බව පේනව . Film Fare සම්මාන උලෙලිදි හොඳම කුලුඳුල් අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගන්නෙත් හොඳම අධ්‍යක්ෂනය සඳහා නිර්දේශිත නාම අතරට පැමිනෙන්නේත් මේ නිසාමයි (අනික් සම්මන උලෙල වලදීත් සම්මාන ලබා ගැනීම් හා නිර්දේශ වීම් තියනව ) Our Rating - 9/10

රංගනය - බිට්ටුගේ චරිතයෙන් සිනමාවට පිවිසෙන රන්වීර් සින්ග් ගේ රංගනය ඉතා විශිෂටයි කියල කියන්න පුලුවන් . ඉතා වේගයෙන් වෙනස් වන මුහුනේ අභිනයන් නිසා ශාරුක් , අමීර්, ශාහිඩ් වගෙ සුපිරි තරුවකගේ තත්වයට ලඟ වීමේ හැකියාවක් පෙන්නුම් කරනව  .දැනට පැවැතුන හැම සම්මාන උලෙලකදිම වාගේ හොඳම කුලුඳුල් රංගනයට හිමි සම්මානය ඔහුට ලැබෙන්නේ ඒ නිසා - Our Rating - 9/10

ශෘතිගේ චරිතය නිරූපණය කරන අනුෂ්කා ශර්මා ,තමන්ගේ කලින් නිර්මාන දෙකේම දැක්වූ දක්ෂතාවයට වඩා දක්ෂතාවයක් මෙහිදී පෙන්නුම් කරනව .හැම සම්මාන උලෙලේකදිම පාහේ හොඳම රංගනය නිර්දේශ වෙන්නෙත් , ඉන් එක සම්මාන උලෙලකදි සම්මානය හිමි වෙන්නේත් එ නිසා - Our Rating - 9/10

කලා අධ්‍යක්ෂනය - චිත්‍රපටියෙ අලංකාරත්වයට කලා අධ්‍යක්ෂනයෙන් ලැබිල තියෙන්නේ ලොකු පිටුවහලක් . විශේෂයෙන්ම මංගල උත්සව වලට අදාල පසුබිම් සැකසීම , ඇදුම් නිර්මානයන් ඇතුලු ගොඩක් දේ ඉතාම අපුරුවට ඉටු කරල තියනව  - Our Rating- 9/10

සංගීතය - සලිම් සුලෙයිමාන්ගේ සංගීතය චිත්‍රපටියේ තෙමාවට අනුව සකස් වෙලා තියනව . මංගල උත්සව වලට අදාල බෙර නාද අදිය බහුල වේගවත් සංගීතයක් තමයි මූලික වෙන්නේ . ඒ අතරතුර සාමාන්ය රිද්මයේ ගිතත් 2ක් විතර අඩංගු වෙනව . පසුබිම් සංගීතය ත් සාමානය මට්ටමක පවතිනවා - Our Rating 6/10

සංස්කරනය - 8/10
කතාව - 7/10
මිලදී ගැනීමට නිර්දේශය- සාමන්‍ය බොලිවුඩ් රසිකයන්(Regular Bollywood Fans ) සඳහා ඔව්

අනෙකුත් ලක්ෂණ

01)ඉස්සර බොලිවුඩ් නිර්මානවල ආදර ජවනිකා වලදි විශේෂයෙන්ම ශාරිරික සබඳතා පෙන්වත්දි බොහෝ වෙලාවට පෙන්වන්නේ බොහොම ග්‍රාම්‍ය රූප ( සමහර වෙලවට එකට හැප්පෙන මල් දෙකක් ) නමුත් BBB එතනින් ඔබ්බට ගමන් කරල තියනව ඒ වගේම ඒ අදාල ජවනිකාව බොහොම කලාත්මක විදිහට නිර්මානය කරන තියනව

02)නිර්මානයේ පසුබිම් සංගීතයෙන් මීට වඩා දායකත්වයක් ලැබුනා නම් සමහර අවස්ථා තීව්‍ර කරල පෙන්නන ඉඩ තිබුනා කියල කියන්න පුලුවන්

03) අර කලින් කිව්ව ආදර ජවනිකාවෙන් පසුව චරිත වල ගලායාම ඉතාමත් යතාර්තවාදීයි (චිත්‍රපටියේ එක්තරා දුරක් දක්වා ) ඒක ගොඩක් හොඳ සාධනීය ලක්ෂනයක්

04)චිත්‍රපටියෙ එක් අවස්ථාවක දුරකතන ඇමතුම් හරහ පමනක් ප්‍රේක්ෂකයින් හදුනාගන්න චරිතයක් තියනව . ඒ චරිතයට ඒක පාර්ශවීයව සිදුවන අසාධරනය යහපත් දෙයක් නෙවෙයි ,තිරනාටකයෙදි ඒ ගැන සැලකිලි මත් උනා නම් හොඳයි කියලයි හිතෙන්නේ( මම කියන මේ කාරනය නම් චිත්‍රපටිය බැලුවොත් තමා තේරුම් යන්නේ )

05)ගොඩක් බොලිවුඩ් චිත්‍රපටි වල මැදින් ඔබ්බපු ගීත තියනව නමුත් මේ චිත්‍රපටියේ එහෙම බලෙන් ඔබපු ගීත නැහැ . කතාව ගලායාමට අවශ්‍ය හෝ තැනට ගැලපෙන ගීත විතරයි අඩංගු වෙන්නේ

සම්පූරන ඡායාරූප එකතුවකුත් , බාගත කරගන්න ඔනි අයට සබැඳියකුත් පහත තියනවා . ලිපිය කියවල නැත්නම් චිත්‍රපටිය බලලා අදහසක් දක්වන්න පුලුවන් නම් ගොඩක් හොඳයි . ඒ වගේම අපේ Facebook Page එකට එකතු වෙල මේ වැඩේට ධෛර්යයක් වෙන්න කියලත් ඉල්ලා සිටිනවා

-------------------------------------------------------------------------------------------------------------
අතිරේක කාරනයක් උනත් මේ ගැන පොඩි සඳහනක් කරන එක හොඳයි කියල හිතුනා

ජැකොලයින් ගැන අපි ලියපු ලිපිය ගොඩක් දෙනෙක් කියවල තිබුනා .ඒ කාරනය ගැන අදත් ලිපි පලවෙල තියනව මම දැක්ක .ඒත් එවා අපේ ලිපිය තරම් අංග සම්පූරන  නැති බවයි පේන්න තිබුනේ . කොටින්ම ජූලි මාසේ 22 තිරගත වෙන්න නියමිත Murder 2 චිත්‍රපටිය තව සති කිහිපයකින් තිරගත වෙනව කියලයි එක් වාර්ථාවක තිබුනේ
ඉතින් වඩාත් සත්‍ය නිවැරදි තොරතුරු දිගටම දැන ගන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියල ආරාධනා කරන්න කැමතියි

ඡායාරූප භාගත කරගන්න උපදෙස් සඳහා මෙතන ක්ලික් කරන්න


Unlimited Free Image and File Hosting at MediaFire     Unlimited Free Image and File Hosting at MediaFire       Unlimited Free Image and File Hosting at MediaFire


Unlimited Free Image and File Hosting at MediaFire     Unlimited Free Image and File Hosting at MediaFire        Unlimited Free Image and File Hosting at MediaFire


Unlimited Free Image and File Hosting at MediaFire     Unlimited Free Image and File Hosting at MediaFire     Unlimited Free Image and File Hosting at MediaFire


Unlimited Free Image and File Hosting at MediaFire     Unlimited Free Image and File Hosting at MediaFire      Unlimited Free Image and File Hosting at MediaFire


Unlimited Free Image and File Hosting at MediaFire     Unlimited Free Image and File Hosting at MediaFire      Unlimited Free Image and File Hosting at MediaFire


Unlimited Free Image and File Hosting at MediaFire     Unlimited Free Image and File Hosting at MediaFire      Unlimited Free Image and File Hosting at MediaFire


Unlimited Free Image and File Hosting at MediaFire     Unlimited Free Image and File Hosting at MediaFire      Unlimited Free Image and File Hosting at MediaFire


Unlimited Free Image and File Hosting at MediaFire     Unlimited Free Image and File Hosting at MediaFire      Unlimited Free Image and File Hosting at MediaFire

(All Rights on above images are reserverd to yashrajfilms.com )

------------------------------------------------------------------------------------------------------
http://extratorrent.com/torrent/2364742/Band+Baaja+Baaraat%282010%29.DVDRip.XviD.AC3.MSubs.DDR.html

( The above LINK has been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage or recommend to use it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL DVDs and Blu rays or to download from AUZHORISED  web sites )

1 comments:

gani01 said...

Wow max'a post ekak.

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them