Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Tuesday, February 22, 2011

Dabangg(Review)-පරමාදර්ශී කාඩ්බෝඩ් වීරයෙක් නොවු චුල්බුල් පාණ්ඩේ (Wallpaper Collection Included)

ඉන්දියානු සිනමා ඉතිහාසයේ දෙවන වැඩිම ආදායම වාර්ථාවට හිමිකම් කියන චිත්‍රපටිය ගැනයි මේ ලිපිය . චිත්‍රපටිය Dabangg. ගොඩ දෙනෙක් බලල ඇති ඒත් මම කිව්වනේ 2010 වසරෙ සිනමාව ගැන ආපසු හැරී බැලීමක් කරනව කියල ඉතින් මේ චිත්‍රපටිය අතහැරල ඒ දේ කරන්න බැ .ඒ නිසයි Dabangg චිත්‍රපටියෙ සුවිශේෂතා ගැන කතා බහ කරන්න අදහස් කලේ . පහලින් තියෙන්න Dabangg ගැන මූලික කාරනා ටික 

Dabangg නමේ අර්ථය - බය නැති
අධ්‍යක්ෂනය- අභිනව් කාශ්යප්
රංගනය-සල්මාන් ඛාන් , සෝනක්ශි සින්හා
සංගීතය- සජිත් වජීඩ්

මේ චිත්‍රපටියෙ තියන විශේෂතාවය තමයි අධ්‍යක්ෂ අබිනව් ගෙ වගේම ප්‍රධාන නිලි සෝනක්ෂි ගෙත් පලමු චිත්‍රපටිය මෙය වීම

කථාව

Dabangg වල කථාව පාදක වෙන්නේ සම්පූර්ණයෙන්ම චුල්බුල් පාණ්ඩේ කියන චරිතය වටා . පොඩි කාලෙ තමන්ගේ පියා අහිමි උන  චුල්බුල් තමන්ගෙ මැනියන්ගෙ දෙවන විවාහයේ සැමියා අතින් තාඩ්න පීඩන වලට ලක් වෙනව.මේ තත්වය අවසානයේදී චුල්බුල් පාණ්ඩේ ඉතාම තදින් කෝපයට පත්වෙන ප්‍රචණ්ඩ කරී පොලිස් නිලධාරියෙක් වීමට හේතු වෙනවා.මේ පොලිස් නිලධාරියාගෙ හැසිරීම්, ඔහුගේ ජිවන විලාශයන් තමයි Dabaang වලට පාදක වෙන්නෙ . මේ සිදුවීම් රසවිඳින්න නම් චිත්‍රපටිය නරඹන්න වෙනව

අපේ අදහස(Editor's Comment )

  • Dabangg වල කතා තේමාව සාම්ප්‍රදායිකයි කියල කෙනෙකුට හිතෙන්න පුලුවන් උනත් ,කතාව ගොඩනංවල තියන විදිහෙන් ඒ මතය ඉවත් වෙනව. Dabangg කියන්නෙ සම්භාව්‍ය සිනමා පටයක් නොවුනත් චිත්‍රපටියෙ ඉන්න ප්‍රධාන චරිත සියල්ලම ඉතා හොඳ සම්පූරණ චරිත . තවත් විදියකින් කියනව නම් ගැඹුරු චරිත. සියලුම චරිත හොඳ පදනමක් ඇතුවයි ගොඩ නැංවිලා තියෙන්නෙ බලෙන් ඔබ්බපු චරිත හෝ සිදුවීම් කිසිවක් නැහැ .
  • චුල්බුල් පාණ්ඩෙ කියන චරිතය හරිම සුවිශෙෂියි. වීර චරිතයක් උනත් සාම්ප්‍රදායිකව දකින්නට ලැබෙන පැතලි චරිතයක් නෙවෙයි , ඒ කියන්නෙ ඉස්සර හින්දි සිනමාවෙ පොලිස් නිලධාරි වීර චරිතයක තිබුන අවංක කම , සත්‍ය ගරුක කම ,පරමාදර්ශීකම වගේ දේවල් චුල්බුල් ගේ නැ . ඔහු කිසිවෙකුටත් බය නැති ඉතාම දක්ෂයෙක් උනත් සාමන්‍යයෙන් ඉන්දියානු පොලිස් නිලධාරියෙකු තුල දකින්නට ලැබෙන වංචාව , බලය අයුතු ලෙස පාවිච්චි කිරීම ඔහු තුලත් තියනව.ඒක Dabangg වල තියන සුවිශේශම ලක්ෂනයක් . බොහෝ විචාරකයින් කියන විදිහට මැත කාලීන හින්දි සිනමාවේ බිහිවුන තාත්විකම වීර චරිතය ත්මයි චුල්බුල්
  • චුල්බුල් ගේ චරිතය වගේම අනික් හැමචරිතයකම අනන්‍ය ලක්ෂන කතාව පුරාම රඳවා ගන්න අධ්‍යක්ෂක වරයා සමත් වෙලා තියෙනව . සාමාන්‍යයෙන් හින්දි සිනමාවෙ වීර චරිත එක එක වෙලාවට එක එක විදිහනෙ, අසාධාරනයේදි යකා වගෙ ආදරය කරන කොට බබා වගෙ ඔහොමනෙ , ඒත් චුල්බුල් එහෙම නැ .ආදරය කරන්නෙත් තමන්ට හුරු පුරුදු අහංකාර ගතියෙන් ඒක නිසා තමයි ඒ චරිතය ඉතා සාර්ථකව ගොඩ නඟපු චරිතයක් බවට පත් වෙන්නෙත් . ඔහු විතරක් නෙවෙයි කතාවෙ මුන ගැහෙන හැම චරිත්යක්ම එහෙමයි , දෙලොවටම නැතුව පාවෙන චරිත, අහසින් කඩා වැටුන චරිත මේකෙ නැහැ .හැම චරිතයක ම හැසිරීම පැහැදිලි කරන කාරණා නිර්මානය තුල අඩංගුයි
  • Tees Maar Khan ගැන ලියද්දි මම සඳහන් කලා කොමඩි හා අධිරංගනයන් ගැන . Dabangg වලත් හාස්‍යජනක තැන් තියනව නමුත් සම්පූර්නයෙනම කතාව තුල පවතින ,චරිත වල අඛණ්ඩතාවයට හානි නොවන විදිහට
  • Dabangg අයිති වෙන්නේ action  ගනයට .ඒ අතිනුත් අමුතු ආකාරයක රසයක් ඇතිවෙන විදිහට තමයි චිත්‍රපටියෙ ක්‍රියාදාම අධ්‍යක්ෂනය සිදු කරල තියෙන්නෙ .
  • චිත්‍රපටියෙ දුර්වලතාවයක් කියල නම් කියන්න දෙයක් නැතිම තරම් මොකද අධ්‍යක්ෂනය , කැමරාකරනය , අලෝකකර්නය , සංස්කරනය ,සංගීතය ඇතුලු හැමදේම ඉතා විශිෂ්ටයි .චිත්‍රපටිවල් සින්දු වැඩිය තියනවට අකමැති කෙනෙකුට සින්දු වැඩියි කියල හිතුනොත් මිසක් වෙන කිසිම අඩු පාඩුවක් නැහැ .ඉතින් අපේ රේටින් ක්‍රමයත් ඕනි වෙන එකක් නැහැ , ලකුනු දුන්නොත් හැම කාරණාවකටම 8/10 වඩා දෙන්න පුලුවන්,නවක නිලියක් විදිහට සෝනක්ශිගේ රංගනය ඉතාම විශිෂටයි.
මේ තියෙන්නේ Dabangg ලබාගත්ත හා නිර්දේශ උන සම්මාන ලයිස්තුව, ඒකෙන්ම නිර්මානය් ගැන හිතාගන්න පුලුවන් නේ (Awards List from Wikipedia - )
2010 BIG Star Entertainment Awards
Won[73]
  • BIG Star Most Entertaining Film - Malaika Arora and Arbaaz Khan
  • BIG Star Most Entertaining Director - Abhinav Kashyap
  • BIG Star Most Entertaining Film Actor - Male - Salman Khan
  • BIG Star Most Entertaining Song - "Munni Badnam Hui"
  • BIG Star Most Entertaining Singer- Male - Rahat Fateh Ali Khan - "Tere Mast Mast"
Nominated[74]
  • BIG Star Most Entertaining Singer- Female - Mamta Sharma - "Munni Badnam"
  • BIG Star Most Entertaining Music - Sajid-Wajid
2011 Star Screen Awards
Won[75]
Nominated[76]
2011 Zee Cine Awards
Won[77]
Nominated[78]
2011 Filmfare Awards
Won[79]
Nominated[80]
6th Apsara Film & Television Producers Guild Awards
Won[81]
  • Apsara Award for Best Actor in a Leading Role - Salman Khan
  • Apsara Award for Best Film - Arbaaz Khan Productions
  • Apsara Award for Best Debut Female - Sonakshi Sinha
  • Apsara Award for Best Performance in Negative Role - Sonu Sood
  • Apsara Award for Best Male Singer - Rahat Fateh Ali Khan for "Tere Mast Mast Do Nain"
  • Apsara Award for Best Female Singer - Mamta Sharma for "Munni Badnaam Hui"
  • Apsara Award for Best Music - Sajid-Wajid
  • Apsara Award for Best Dialogue - Abhinav Singh Kashyap & Dilip Shukla
Nominated[82]
  • Apsara Award for Best Lyrics - Faaiz Anwaar for "Tere Mast Mast Di Nain"
  • Apsara Award for Best Choreography - Farah Khan for "Munni Badnaam"
  • Apsara Award for Best Special Effects - Alagar Swamy
2011 Stardust Awards
Won[83]
Nominated[84]
  • Stardust Award for New Musical Sensation - Female - Mamta Sharma - "Munni Badnaam Hui"
  • Stardust Award for Best Film Of The Year - Action / Thriller - Dabangg
  • Stardust Award for Best Actor - Thriller/ Action - Salman Khan
  • Stardust Award for Best Actress - Thriller/ Action - Sonakshi Sinha
  • Stardust Award for Best Actor in an Ensemble Cast - Sonu Sood
  • Stardust Award for Best Actress in an Ensemble Cast - Dimple Kapadia
1st Global Indian Film & Television Honors
Won[85]
  • Best Film - Dabangg
  • Best Lyricist - Jalees Sherwani - "Chori Kiya Re Jiya"
  • Best Soundtrack Composer - Sajid- Wajid, Lalit Pandit
  • Best Playback Singer - Female - Mamta Sharma - "Munni Badnaam Hui"
  • Most Promising Fresh Face - Female - Sonakshi Sinha
  • Most Promising New Director - Abhinav Singh Kashyap
  • Track Of The Year - "Munni Badnaam Hui" - Lalit Pandit
  • Best Choreographer - Farah Khan - "Munni Badnaam Hui"
  • Best Action Direction - S. Vijayan
ඔබ හින්දි චිත්‍රපට මිලදී ගන්න කෙනෙක් නම් Dabangg ඔබගේ එකතුවෙ අනිවාර්ය්යෙන්ම තිබිය යුතු චිත්‍රපටියක් කියල බය නැතුව නිර්දේශ කරන්න පුලුවන් .

බාගත කරගන්න අයට සබැදි කිහිපයක්ම දීල තියනව විවිද ගුණාංග තියන පිටපත් වල කැමති එකක් භාගත කරගන්න 




( The above LINKS  have been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL DVDs and Blu rays or to download from AUZHORISED  web sites )
ඒ වගේම මේ තියෙන්නෙ ගීත භාගත කරගන්න සබැඳිය
http://www.songs.pk/indian/dabangg_2010.html

( The above LINK  has been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL AUDIO CDS or to download from AUZHORISED  web sites )

මම කලින් ලිපියෙ ලිව්වෙ Don 2 චිත්‍රපටියෙ ෂාරුක් ගෙ Look  එක ගැනනෙ Dabangg වල සල්මාන්ගේ Look එකත් හරි අපූර්යි කියල ඡායාරූප වලින් පේනව ඇතිනෙ .ඇත්තටම සල්මාන්ගේ මෙතෙක් දැක්ක පෞර්ෂවත්ම පෙනුම මෙකයි කියල ඔහුගේ රසික රසිකාවියන් කියල තියනව .පහල තියන අපෙ ඡායාරූප එකතුවෙ තියන ඡායාරූප වලත් ඒ ලක්ෂනය පෙන්න තියනවා.

ඡායාරූප ඔක්කොම 1600*1200 ප්‍රමානයේ ඒව(පෝස්ටර් හැර ) , භාගත කරන්න උපදෙස් සඳහා මෙතන ක්ලික් කරන්න .මේ ප්‍රමානයෙන් දීල තියෙන්නෙ ගුණාත්මක භාවයෙන් වැඩි නිසාත් ඕනි කෙනෙකුට අවශ්‍යතාවය අනුව resize කරගන්න පුලුවන් නිසාත් . ඔබ මේ ඡායාරූප වැඩි ගණනකට කැමති නම් ඡායාරූප වලට පහලින් තියන Zip file එක භාගන්න .ඒකෙ සියලුම ඡායාරූප අඩංගුයි

Unlimited Free Image and File Hosting at MediaFire Unlimited Free Image and File Hosting at MediaFire Unlimited Free Image and File Hosting at MediaFire
Unlimited Free Image and File Hosting at MediaFire Unlimited Free Image and File Hosting at MediaFire Unlimited Free Image and File Hosting at MediaFire
Unlimited Free Image and File Hosting at MediaFire Unlimited Free Image and File Hosting at MediaFire Unlimited Free Image and File Hosting at MediaFire
Unlimited Free Image and File Hosting at MediaFire    Unlimited Free Image and File Hosting at MediaFire     Unlimited Free Image and File Hosting at MediaFire


POSTERS

 Unlimited Free Image and File Hosting at MediaFire  Unlimited Free Image and File Hosting at MediaFire  Unlimited Free Image and File Hosting at MediaFire   Unlimited Free Image and File Hosting at MediaFire 

Zip File  Download Link(click Here)

මේ තියෙන්නෙ Dabangg පූර්ව ප්‍රචාරක පටය



මේ චිත්‍රපටියෙ වඩාත්ම කතාබහට ලක් උන, චිත්‍රපටියෙ වගේම සල්මාන්ගෙත් Theme එක බවට පත් උන ගීතය


අපේ කලින් ලිපි දෙකේම අපි ඉල්ලීමක් කලා අපෙ  අඩවියේ ලිපි යාලුවොත් එක්ක බෙදාගන්න කියලා. කලින් ලිපිය 5 දෙනෙක් Facebook recommend කරල තියනව ඒකත් හිතට ලොකු සතුටක්. මම ඒ අයට ස්තුති කරනව. ඒ වගේම මේ ලිපිය බලන අයගෙනුත් ඒ ඉල්ලීමම ඉල්ලා සිටිනවා.ඒත් එක්කම අපේ ලිපි හොඳ නැ කියල හිතෙන්ව නම් බැනල හරි කමෙන්ට් එකක් දැම්මොත් අපිට ඒ අඩු පාඩු හදා ගන්න පුලුවන්.

නිරන්තරයෙන් මතක් කලත් අපේ Facebook පිටුවට එකතු වෙන්න නම් කට්ටිය කැමති නැ වගේ . මොකද තාම ඉන්නෙ මුලදි එකතු උන 3 න් දෙනා විතරමයි

අපි No One killed Jessica චිත්‍රපටිය ගැන කරපු පසු විපරම ගොඩ දෙනෙකුගෙ අවධානයට ලක් උනෙ නැහැ බලන්න කැමති අය මෙතනින් ගිහින් බලන්න 



1 comments:

Anonymous said...

පට්ට ෆිල්ම් එක!

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them