Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Thursday, February 17, 2011

භාරත හඬ මාධූර්යය(1) -ගී ගයන රුවැත්තියන් ශ්‍රේයා සහ සුනිදි

බොලිවුඩ් සිනමාවේ සංගීතය කියන්නෙ මූලිකම අංගයක්.ඇත්තටම ලෝක සිනමාව තුල බොලිවුඩ් සිනමාවේ අනන්‍යතාවයත් බොලිවුඩ් සිනමාවේ සංගීත භාවිතාව කියලත් කියන්න පුලුවන්. බොලිවුඩ් චිත්‍රපට නරඹන අය වගේම බොලිවුඩ් සිනමාවට අකමැති අය සමහරුනුත් බොලිවුඩ් සංගීත ප්‍රිය කරනව  .ඒ නිසා "බොලිවුඩ් සිංහලෙන්" අඩවියෙ පලවෙනි "තරු තොරතුරු" ගනයට අයත් ලිපියෙන් බොලිවුඩ් පසුබිම් ගායිකාවන් දෙදෙනෙක් ගැන තොරතුරු ඉදිරිපත් කරන්න තීරනය කලා . ලතා ,අල්කා වගේ ජේෂ්ඨ ගායිකාවන් ගැන ගොඩක් දෙනෙක් දන්නවනේ , ඒ නිසා තමයි මේ නව පරපුරේ ගායිකාවන් දෙදෙනක් ගැන තොරතුරු කියන්න අදහස් කලේ , මේ දෙන්න ගැන නමින් හෝ රූපයෙන් නොදන්න කෙනෙක් උනත් මේ අයගෙ ගීත නම් අහල තියනව කියල මට සහතික කරල කියන්න පුලුවන් . මොකද මේ අයගෙ ගායනයෙන් හැඩ උන ලංකාවේ ඉතාමත් ජනප්‍රිය ගීතත් ගොඩක් තියනව

-------------------------------------------------------------------------------------------------------------
සුනිදි චෞහාන් -

 විසි හත් හැවිරිදි සුනිදි 1996 ඉදන් බොලිවුඩයට සම්බන්ඳයි . ඒත් ඇයගෙ ගීත ගායනයන් වඩාත් ජනප්‍රිය වෙන්නේ පහුගිය දශකය තුල ඒ කියන්නෙ 2000 වසරෙන් පස්සෙ .

දිල්ලියේ උපත් ලබපු සුනිදි ගායනයට යොමු වෙලා තියෙන්නේ වයස අවුරුදු 4 ඉඳල . 1996 දි Mera Awaz zuno(මගෙ කටහඬ අහන්න) කියන සංගීත තරඟය ජයග්‍රහනය කරලයි ඇය ක්ශේත්‍රයට පිවිසෙන්නේ.
නමුත් සුනිදි වඩාත් ජනප්‍රියත් වයට පත්වෙන්නේ රාම් ගෝපාල් වර්මා ගේ Mast  චිත්‍රපටියෙ "rukhi rukhi zindagi කියන ගීතය ගායනා කරල

සුනිදි 2 වතාවක් Film Fare සම්මාන දිනල තියනවා , ඒ වගේම කීප වතාවක් නිර්දේශ වෙලත් තියනව (අනෙකුත් සම්මාන උලෙලෙ වලදිත් සම්මාන දිනා ගැනීම් හා නිර්දේශ වීම් තියනව )
සුනිදි වඩාත්ම ප්‍රසිද්ධ වගේම දක්ෂ වේග රිද්ම හා පොප් ගායන ශෛලීන්ට .ඒකට සරිලන ප්‍රභල කටහඬකුත් ඇය සතුයි .ඒ වගේම කැගහල ගායනා කරන ඉන්දීයානු ජනගී සම්ප්‍රදායේ ගීත වලටත් ඇය දක්ෂයි . ගීත ගායනය වගේම Indian Idol  වැනි තරඟවල විනිශ්චය කටයුතු වලත්  නිරතවෙලා ඉන්න ඇයගේ ජීවිතයෙ අසාර්ථක උනේ එක දෙයක් විතරයි ඒ ඇයගෙ විවාහය

පහලින් තියෙන්නෙ ඇයගෙ ජනප්‍රිය උන ගීත වලින් කිහිපයක් .ඇය ගැන මීට කලින් දැනගෙන නොහිටියත් ඔබ ඇයගෙ ගීත අහල තියනවාය කියන එක තෙරෙයි, ඒ වගේම මම ඇයගෙ ගායන හැකියාවන් හා සම්ප්‍රදායන් ගැන කිව්ව දේ ගැනත් වැටහීමක් ලැබෙයි

Dhoom- Dhoom Machaale
Dhoom2 - Crazy kiyaare
Tees Maar Khan - Sheela ki jawani
Rab ne Bana di Jodi - Dance pe Chance
Love aaj kal - Chor Bazari
Dostana - Desi Girl
Don - ye mera dil

-------------------------------------------------------------------------------------------------------------

ශ්‍රේයා ගෝසාල් -

1984 දි බටහිර බෙංගාලයේ ඉපදුන ශ්‍රේයා ගීත ගායනයට එකතු වෙන්නේ 2000 වසරෙ Sa re ga ma pa තරඟයෙන් ජයග්‍රහන කරල . ඇත්තටම ශ්‍රේය කියන්නෙ ඉතාම සුමිහිරි කටහඬක්(මගේ පෞද්ගලික මතය අනුව බොලිවුඩයේ මිහිරිතම හඬ ) තියන වගේම ඉතාම දක්ෂ ගායිකාවක් .

රාගධාරි සංගීතය ඇසුරු කරගෙන නිර්මානය උන ගීත ගායනයට ඇය ඉතාම දක්ෂයි .ඒ වගේම ඉතාම සිහින් හඬින් ගැයෙන ආදර ගිතත් ඇය අපූරුවට ගායන කරනව 

මේ වන විට Film Fare සම්මාන 5ක් , IIFA සම්මාන 4 ඇතුලු සම්මාන රාශියක් ඇය විසින් දිනාගෙන තියනව ,සම්මාන සඳහා  නිර්දේශ වීමුත් රාශියක් තියනව  

බොහොමත් ජනප්‍රිය උන Devdas  චිත්‍රපටියෙ Dola re ගීතයේ එක කොටසක් ගයනා කරන්නේ ඇය.ඒ චිත්‍රපටියෙම Silsilaye Chahath ka කියන ගීතයත් ඇයගේ ඒ වගෙම  Bool Bhulayiya චිත්‍රපටියෙ Mera Dolana  කියන ගීතය ඇයගෙ.
 මෙ සඳහන් කල ගීත 3නම ඇයගේ ශාස්ත්‍රීය ගායනයට සම්බන්ද ඉතා හොඳ උදාහරන. මුලින් කිව්ව ගීත දෙක නම් අහල ඇතිනෙ අන්තිම ට කිව්ව ගීතය පහත සබැඳියේ තියන පිටුවෙන් බාගත කර ගන්න පුලුවන් (7 වෙන් ගීතය ) ඒක නම් අහල බලන්නම වටින ගීතයක් . ඒ ගීතය සංගීතය හදාරන කෙනෙකුටත් අහන්න ඉතාම වැදගත් වන ගීතයක් වෙයි අනිවාර්යයෙන්ම

http://songs.pk/bhool_bhulaiyaa.html
( The above LINK has been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL Audio CDs  or to download from AUZHORISED  web sites )

පහලින් දීල තියෙන්නෙ ඇය ගායන කරපු ජනප්‍රිය ගීත කිහිපයක් , එයින් කීයක් ඔබ අහල තියනවද කියල මතක් වෙයි ඒ වගේම ඇයගෙ කටහඬ හි තියන සුමියුරු භාවයත් දැනෙයි නැවත අහන වෙලාවක උන්නදුවෙන් ඇහුවොත් . මේ පහලින් දීල තියෙන සබැදියෙන් ශ්‍රේයාගෙ නිල වෙබ් අඩවියට යන්න පුලුවන්.ඒ වෙබ් අඩවිය හරහා ඇයගෙ නිල Facebook හා Twitter  අඩවි වලටත් එකතු වෙන්න පුලුවන්

                                    http://www.shreyaghoshal.com/
-----------------------------------------------------------------
Jab we met - ye ishk haye
Rab ne bana di jodi - Thujme rab dhikthahe (female )
My name is Khan - Noore khudha
Tees Maar Khan - Wall re wallh / Bade dhil wala
3 Idiots - Zoobi doobi
I hate luv stories - Bahara
Guru- Barsore mita
Om shanthi om - deewanagi (part ) / Main Agar Kahoon
Ta ra Rum pum - Ta ra ra rum
Krrish - Koi tumsa nahin  / pyar ki ek kahani / chori chori chupke chupke 

(photos from rediff.com)
-----------------------------------------------------------------------------------------------------------
පුලුවන් නම් මේ ලිපි අනෙක් බොලිවුඩ් රසිකයන් එක්ක බෙදාගන්න ,කැමති නම් ප්‍රතිචාරයකුත් දක්වල යන්න කියල මම ආදරයෙන් ඉල්ලා සිටිනව

1 comments:

Anonymous said...

සංගීතය ගැන තව ලිපි දානවනම් හොදයි

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them