Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Thursday, March 24, 2011

අද (25/03/2011) නිකුත් වීමට නියමිත බොලිවුඩ් චිත්‍රපටි දෙකක්

අද(25/03/2011) තිරගත කිරීම ඇරඹීමට නියමිත චිත්‍රපටි දෙකක් ගැනයි මේ තොරතුර 

Happy Husbands

Comedy ගනයෙ චිත්‍රපටියක් වෙන මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නෙ ස්වාමි පුරුෂයින්ගේ ජීවිතයේ මතුවන විවිධා කාර සිද්ධීන් , කොහොම උනත් ඉතාම අඩු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් තමයි මේ නිර්මාණය ලබාගෙන තියෙන්නෙ(16% - bollywoodhungama) . එතරම් ප්‍රසිද්ධ රංගන ශිල්පීන් නෙවෙයි මෙහි රඟපාන්නෙ .චිත්‍රපටිය ගැන අවධානය අඩුවීමට ඒකත් එක හේතුවක් වෙන්න පුලුවන් .  Happy Husbands චිත්‍රප්ටිය නිෂ්පාදන්ය හා අධ්‍යක්ශනය සුරෙශ් ශර්මා ගෙන්








Monica

Drama ගනයට අයත් චිත්‍රපටිය පදක වෙන්නේ මොනිකා කියන කාන්තාව වටා . තමන්ගේ විවිධ අවශ්‍යතා වෙනුවෙන් විවිධාකාර පිරිමින් ඇසුරු කරන කාන්තාවක් තමයි මොනිකා . කොහොම උනත් ඇය අන්තිමෙදි ඝාතනයට ලක්වෙනවා . ඒ ඇය ඇසුරු කල අය ඇයව අතහැර දැමුවාට පස්සෙ ......

මෙයත් 20% ( source - bollywoodhungama) ක පමන ප්‍රෙක්ෂක අවධානයක් තමයි දිනාගෙන තියෙන්නෙ , මොනිකා චරිතය රඟපාන දිව්‍යා දත්තා හැරුනු විට  දන්න කියන නලු නිලියන් නම් මේ චිත්‍රපටියෙ නැතිම තරම්






අඩවිය අංග සම්පුර්න වෙන්න ඕනි නිසා තමයි මේ චිත්‍රපට දෙක ඉදිරිපත් කලෙ , ලබන සතියෙ නම් බොලිවුඩ් ප්‍රේක්ෂක අවධානය ඉතාම හොඳින් දිනා ගත් චිත්‍රපටි දෙකක් නිකුත් වෙනව , එ ගැන ලියවෙන ලිපි දෙකත් දැනට DVD නිකුත් වීම් ලබා දීපු පසුවිපරම් (review) ලිපිය ලිවීමට තිබෙන චිත්‍රපටි සඳහා එම ලිපිත් ලබන සතිය තුලදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා

SRK' s Movie fantasy - Ra.One (Official Trailer Release1080p HD )

ශාරුක් ඛාන්ගෙ Ra.One චිත්‍රපටියෙ පලවෙනිම ප්‍රචාරක පටය අපි ඔබ වෙත අරන් ආව , ඇත්තටම ඒ තුලින් චිත්‍රපටිය ගැන දල අදහසක් ගන්න පුලුවන් , අද දෙන්න හදන්න චිත්‍රපටිය නිල පූර්ව ප්‍රචාරක පටය . අද ඉන්දියා-ඕස්ට්‍රෙලියා තරඟය star Cricket නාලිකාව ඔස්සෙ බලපු කෙනෙක් මේක දකින්න ඇති . පහලින් තියෙන්නෙ අදාල විඩියෝව . සම්පූර්ණ HD(Full HD ) Resolution  අගය හෙවත් 1080pදක්වා ගුණයකින් මේ විඩියෝව බලන්න පුලුවන්


Wednesday, March 23, 2011

ශාරුක් ඛාන්ගෙ දැවැන්තතම සිනමා පටය Ra.One හි පලමු පූර්ව ප්‍රචාරක විඩියෝ පටය නරඹමු !!

බොලිවුඩයේ සුපිරි තරුව ෂාරුක් ඛාන් ගේ දැවැන්තතම සිනමා නිර්මානය Ra.One ගැන අපි ඔබට තොරතුරු අරන් ආවා . කලින් කියෙව්වෙ නැති කෙනෙකුට මෙතනින් ගිහින් බලන්න පුලුවන් . Ra.One චිත්‍රපටියේ පලමු විඩියෝ ප්‍රචාරක පටිය නිකුත් වෙලා තියනව . අද ඔබට අරන් එන්නෙ ඉතාම කෙටි එම විඩියෝ පටිය . මේකෙන් ඔබට Ra.One චිත්‍රපටිය ගැන දල අදහසකට එන්න පුලුවන් වෙයි.


ඒ වගේම මේ වෙනකොට Ra.One චිත්‍රපටිය තිරගත කරන දිනය ප්‍රකාශයට පත්වෙලා තියෙනවා ඒ ඔක්තෝබර් 26 වෙනිද . ලංකාවෙ ප්‍රෙක්ෂකයින්ටත් බොහෝ දුරට එදා ඉඳන්ම චිත්‍රපටිය නැරඹීමෙ අවස්ථාව ලැබේවි !





Wednesday, March 16, 2011

අක්ෂේ - අනුෂ්කා රංගනයෙන් හැඩවෙන Patiala House චිත්‍රපටයේ DVD නිකුත් වීම

අක්ශේ  හා අනුෂ්කා ශර්මා රඟපාපු Patiala House  චිත්‍රපටිය ගැන අපි තොරතුරු ගෙනවා . මෙතනින් ඒ ලිපියට යන්න . චිත්‍රපටියෙ  DVD පිටපත් නිකුත් වෙලා තියනව පහලින් තියෙන්නෙ බාගත කරගන්න සබැඳිය . කලින් ලිපියෙ විස්තර ගොඩක් තියනව කියවල බලන්න . හැකි විගස  Review එක ඉදිරිපත් කරන්නම්


http://extratorrent.com/torrent/2392633/Patiala+House+-+DVDRip+-+XviD+-+1CDRip+-+%5BDDR%5D.html

( The above LINKs have  been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL DVDs and Blu rays or to download from AUZHORISED  web sites )

Saturday, March 12, 2011

7Khoon Maaf - සැමියන් 7ක් මිනී මැරුම් 7ක් ( DVD පිටපත නිකුත් උනා... ).

සැමියන් 7ක් මිනීමැරුම් 7 ක් කියන නමින් නමින් ප්‍රියංකා චොප් රා රඟපාපු 7khoon Maaf චිත්‍රපටිය ගැන අපි ඔබට තොරතුරු ඉදිරිපත් කලා . අද ඉදිරිපත් කරන්න යන්නෙ DVD පිටපත් නිකුත් වීම කලින් ලිපියේ ගොඩක් විස්තර අඩංගු නිසා අමුතුවෙන් ලියන්න දෙයක් නැහැ , මෙතනින් ඒ ලිපියට යන්න පුලුවන් ගිහින් බලන්න .ඒ වගේම් ප්‍රෙක්ෂක ප්‍රතිචාර අනුව මම ඒ ලිපියට UPDATE එකකුත් දාල තියනව , මොකද බලාපොරොත්තු උන තරම් ප්‍රේක්ෂක ප්‍රසාදයක් 7khoon Maaf නොලබපු නිසා


බාගත කරගන්න අයට පිටපත් දෙකක් පහත තියනව , කැමති අය බාගත කරගන්න , ඡායාරූප අවශ්‍ය නම් කලින් ලිපියට අලුතෙන් ගොඩක් ඡායා රූප දාල තියනව  එතනින් ලබා ගන්න .





http://extratorrent.com/torrent/2389851/7+Khoon+Maaf+-+DVDRip+-+XviD+-+1CDRip+-+DDR.html


http://extratorrent.com/torrent/2389864/7+Khoon+Maaf%282011%29.DVDRip.XviD.AC3.ESubs.DDR.html


( The above LINKs have  been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL DVDs and Blu rays or to download from AUZHORISED  web sites )




අපේ අඩවියෙ අලුත් වුන පෙනුමත් එක්ක සමහර පිටු ඉවත් කරල තියනව , ඒත් ඕනැම ලිපියක් හොයාගන්න අවශ්‍ය කරන පිටු ටික තාම තියනවා, තව වෙනස් කම් කිහිපයක් කරන්න තියනව පාඨක ඔබගේ පහසුව වෙනුවෙන්ම, ඒ වෙනස් කම් කරපු ගමන් ඒ ගැන දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනව , රැඳිලා ඉන්න අපිත් එක්ක

Tuesday, March 8, 2011

Khelien Jee Jaan Sey - බොහෝ දෙනෙකුගෙ හදවතට තදින් කාවදින කතාවක්

Khelien Jee Jaan Sey චිත්‍රපටිය DVD පිටපත් නිකුත් වීම ගැන සම්පූර්න විස්තරයක් අපි ඔබට අරන් ආව. ඡායාරූප, බාගත කරගැනීමෙ සබැඳි ඇතුලත්ව. මෙතනින් ගිහින් බලන්න කලින් කියෙව්වෙ නැත්නම් .අද ඉදිරිපත් කරන්න යන්නෙ Review එක

කලින් ලිපියෙ කිව්ව චිත්‍රපටියෙ කතා වස්තුවට වඩා දෙයක් මේ ගැන ලිව්වොත් ඔබේ රසාස්වාදයට ලොකු හානියක් සිද්ද වෙනව . මොකද එක සිදුවීමක් පාදක කරගත් කතාවස්තුවක් නිසා , ඒ නිසා මෙතනින් ගිහින් කතාව මොකක්ද කියල දල අදහ්සක් ගන්න චිත්‍රපටියේ තියන සුවිශේෂිතා ටික මම පෙල ගස්වන්නම්







  • මාතෘකාව කියනව වගේම මේක බොහොම තදින් හදවතට කා වදින කතාවක්,සත්‍ය වශයෙන් සිදුවුන කැරැල්ලක් මුල් කරගත් කතාවක් නිසාත්, අපේ රටත් බ්‍රිතාන්‍යන්ට යටත් වෙලා තිබුන රටක් නිසාත් අපිට මේක හොඳින් විඳගන්න පුලුවන්
  • ප්‍රධාන නලු නිලියන්ගෙ විතරක් නෙවෙයි , සියලුම රංගන ශිල්පීන්ගෙ රංගනය නම් අගය කල යුතුමයි
  • වර්න භාවිතය , තිර නාටකයේ ඇතැම් තැන්, ඇතැම් රූප රාමු ඉතාම නිර්මානශිලියි  කොහොම උනත්  කතා වස්තුවට අදාලව මීටත් වඩා නිර්මානශීලීව චිත්‍රපටිය කරන්න පුලුවන් කම තිබුන කියල මට හිතෙනවා(  ඒක ඉතින් නිර්මාන කරුව මත රඳා පවතින දෙයක් නෙ ).
  • මේක ඕනැම සිනමා රසිකයෙකුට බලන්න , බාගත කරගන්න, මිලදී ගන්න් වටින නිර්මනයක් කියල මම නිර්දේශ කරනව . එ ගැන වැඩිපුර අදහසක් පහල තියන Ratings වලිනුත් බලා ගන්න පුලුවන් වෙයි
   Ratings
  • Direction - 3/5
  • Celebrities' Performance - 4/5
  • Story - 4.5/5
  • Script - 2.5/5
  • Cinematography - 3/5
  • Music - 2/5
  • Choreography - N/A
  • Art Direction - 3.5/5
  • Action - 2/5 
  • Editing - 3/5
  • Special Effects - N/A
  • OVERALL - 3.5/5 
මම කලින් ලිපියෙ ඇහුවා මේ චිත්‍රපටියෙ දීපිකා ගෙ පෙනුමට ඔබ කැමතිද කියල . මම නම් හිතන්නෙ ඒ පෙනුමත් ඇයට ලස්සනයි කියල . ඔබත් චිත්‍රපටිය බලල අදහස්ක් කියන්න , හැබැයි මේ චිත්‍රපටියෙ කතාවස්තුවත් එක්ක ඔය වගේ දෙවල් ගැන විශේෂයෙන් බැලුවොත් මිසක අවධානයට ලක් වෙන්නෙ නැහැ , කතාව ඒ තරම් ම ආකර්ෂනීයයි

Friday, March 4, 2011

Yamla Pagla Deewana (Review)-අකමැති අයට එපා වෙන, කැමති අය උඩ පැන පැන හිනා වෙන චිත්‍රපටිය

ඩියෝල් පවුලේ පිය පුතුන්ගෙ චිත්‍රපටිය කියන නමින් මම Yamla Pagla Deewana  චිත්‍රපටිය ගැන කලින් ලිපියක් පල කලා . ඒක තුල බාගත කරගැනීම් සබැඳි, ඡායාරූප හා මූලික තොරතුරු අන්තර්ගතයි ,කලින් කියවන්න ලැබුනෙ නැත්නම් මෙතනින් ගිහින් බලන්න . මේ ලියන්න යන්නේ චිත්‍රපටියෙ Review එක .

"අකමැති අයට එපා වෙන, කැමති අය උඩ පැන පැන හිනා වෙන..." කියල මාතෘකාව යෙදුවෙ ඇයි කියල ලිපිය දිගටම කියවගෙන යත්දි පැහැදිලි වෙයි

කතාව

පරම්වීර් සින්ග්(බොබි ඩියෝල්) කියන්නෙ, කැනඩාවෙ ජිවත් වන කැනඩා ජාතික කාන්තාවක් විවාහ කරගත් සික් ජාතිකයෙක්. ඔහුගෙ මවත් ඉන්නේ ඔහුත් එක්ක .මව හා පියා පරම්වීර් කුඩා කාලෙදිම වෙන්වෙලා , පරම්වීර් ගේ බාල සහෝදරයත් ඉන්නෙ තාත්තා ගාව . මේ අතරෙදි පරම්විර්ට දැනගන්න ලැබෙනව තමන්ගෙ පියත් බාල සහෝදරයත් බරනැස් වල කපටි වැඩ කරමින් ජීවත් වෙනව්යි කියල , ඉතින් පරම්වීර් මේ දෙන්නව එක්ක ගෙන යන්න බරණැස් වලට එනවා. ඊට පස්සෙ මොකද වෙන්නෙ?? ඔබගේ රසයට බාධාවක් වන නිසා මම මීට වඩා කතාව කියන්න යන්නෙ නැහැ


අපේ අදහස(Editor's Comment)

  • මේ චිත්‍රපටිය කොමඩි ගනයේ නිර්මානයක් නිසා ඊට අවශ්‍ය කරන අධි රංගනයන් ආදිය නම් දකින්න ලැබෙනවා , නමුත් මම Tees Maar Khan වලදි සඳහන් කලා වගෙ අනවශ්‍ය ලෙස නෙවෙයි , ඒ වගේම මේ චිත්‍රපටියට "හරියන අයට" උඩ පැන පැන හිනාවෙන්න තරමේ හාස්‍ය ජනක තැන් අඩංගු වෙලා තියනව  
  • කව්ද මේ චිත්‍රපටිය "හරියන අය"?? .මේ නිර්මානය තුල ගොඩාක් ඉන්දියානු සංස්කෘතීන් හා බැඳුන ලක්ෂන තියනව , ඒ නිසා චිත්‍රපටිය හොඳින් රස විඳින්න නම් ඒ ලක්ෂන ගැන දල අවබෝධයක් වත් තියෙන්න වෙනව . උදාහරනයක් විදිහට පන්ජාබ් වල ජනතාව හැසිරෙන ආකාරය දැන ගෙන සිටීම චිත්‍රපටියෙ එන ඇතැම් ජවනිකා හොඳින් ග්‍රහනය කර ගැනීමට හේතු වෙන්න පුලුවන් . ඒ වගේම මම දැකල තියන සමහර හින්දි චිත්‍රපටි රසිකයින් ඉන්නව මේ අධික ඉන්දියානු ස්වාභාවය එච්චර දිරවන්නෙ නැති අය . ඒ අයට නම් මේ චිත්‍රපටිය ගැල පෙන්නෙ නැහැ.
  • චිත්‍රපටිය තුල ක්‍රියදාම ජවනිකා කිහිපයකුත් තියනව , හැබැයි හොඳ ඉහල තත්වයේ ඒව නම් නෙවෙයි , අර දෙමල චිත්‍රපටි වල තියනව වගෙ ගොන් පාටුත් දෙක තුනක් තියනව , කොහොම උනත් මෙ ක්‍රියාදාම දර්ශන යොදාගන්නෙත් හාස්‍යය මතු කරන්න නිසා එච්චරම ලොකු ගැටලුවක් නැහැ
  • කතාව , තිර රචනය , සංගීතය, සංස්කරනය , කැමරා අධ්‍යක්ෂනය ( cinematography)වගෙ දේවල් නිර්මානයට අනුකුලව හොඳ මට්ටමක තියනව
  • පිය පුතුන් පිරිසගෙ රංගනය නම් ඉතාම ඉහලයි කියන එකත් කියන්නම ඕනි
  • අර මං කලින් කිව්ව ආකාරයේ ඉන්දීය ලක්ෂන වලට අකමැති කෙනෙක් නොවන බොලිවුඩ් රසිකයෙකුට නම් මම මේ චිත්‍රපටිය නිර්දේශ කරනව (මිලදී ගන්න හෝ බාගන්න )
  • පහල තියන රෙටින්(rating) එකත් කැමති නම් අදහසක් ගන්න භාවිතා කරන්න පුලුවන් (මේ චිත්‍රපටියෙ ඉඳන් අපේ රේටින් එක හැම review එකකටම අන්තර්ගත වෙනව , ඒ වගෙම හැම නිර්මානයකම එකම අංග ටිකක් තමයි රේට් (rate)කරන්නෙ , ඒක නිර්මාන සංසන්දනය කරන්න උපකාරි වෙයි , ඒ වගේම මෙතෙක් කල් පාවිච්චි කරපු 10න් ක්‍රමය වෙනුවට අන්තර්ජාතිකව බහුලව යොදාගන්න 5 න් ක්‍රමය යොදා ගන්නවා )
         Ratings
  • Direction - 3/5
  • Celebrities' Performance - 4/5
  • Story - 4/5
  • Script - 3/5
  • Cinematography - 2.5/5
  • Music - 3.5/5
  • Choreography - 3/5
  • Art Direction - 3/5
  • Action - 2/5 
  • Editing - 3/5
  • Special Effects - N/A
  • OVERALL - 3/5 
 තවත් චිත්‍රපටි තුනක Reviews දෙන්න තියනව ඒ
  • Dil toh Bacha he ji
  • Turning 30
  • Khelien Hum jee jaan sey
  •                              චිත්‍රපටි වල  . පුලුවන් ඉකමන්ට ඒ ටිකත් ලබා දෙන්න තමයි බලාපොරොත්තුව

    Wednesday, March 2, 2011

    Yeh Faasley - හෙට දිනයෙ තිරගත් කිරීම් අරඹන චිත්‍රපටිය

    හෙට තිරගත කිරීම් අරඹන චිත්‍රපටියක් ගැනයි කියන්න යන්නෙ . චිත්‍රපටිය Yeh Faasley   අධ්‍යක්ෂනය යොගේෂ් මිට්ටල් ගෙන් ප්‍රධාන රංගනය අනුපම් කේර්, පවන් මල්හෝත්‍රා හ ටීනා දේසායි .

    කොහොම උනත් මේ චිත්‍රපටිය ඉතාම අඩු ප්‍රේක්ෂක අවධානයක් තමයි දිනාගෙන තියන්නෙ . ඒ කියන්නෙ 22% ක විතර .(source -bollywoodhungama )

     ඒ වගේම මේ චිත්‍රපටියෙ පලවෙනි සති අන්තයේදි ප්‍රභල ලෝක කුසලාන තරඟ තුනක් පැවැත්වෙන නිසා ප්‍රෙක්ෂකයින් සිනමා ශාලාවලට පැමිණීම තවත් අඩු වෙන්න පුලුවන්

    ප්‍රකට ව්‍යාපාරික දියණියක් තමන්ගේ නැතිවූ මව හා සබැඳි වැලලීගිය රහස් සොයා ගැනීමට තැත් කරනව. ඇයට තමන්ගේ මවගේ හා පියාගේ සැඟවුන අතීතය සොයා ගැනීමට හැකිවේද ? තමන්ට දැඩි ලෙස ආදරය කරන පියාගේ අතීතය ගැන ඇය සොයා ගන්න දේවල් වලින් ඇය කුමන අදහසක් ඇති කරගනියිද ?


     ඔන්න ඔය වගෙ කතාවක් තමයි Yeh Faasley ට පාදක වෙලා තියෙන්නේ . ඡයාරූප අඩවියෙන් Santabanta.com . තමන් කැමති ඡායාරූපය මත ක්ලික් කරල ඒක බාගත කරගන්න පුලුවන්

                           

                            

                           



    More Yeh Faasley Wallpapers

    මාර්තු මාසය බොලිවුඩයට ලොකු විරාම කාලයක් වෙන බවක් තමයි පෙන්න තියෙන්නේ , ගොඩක් විට ඒ කට හේතුව ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය විය හැකියි . ඒ කොහොම උනත් නිකුත් වෙන සැම චිත්‍රපටියක් ගැනම අපි ඔබට කියනව . ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතාම අඩු නිර්මානයක් උනත් . මොකද අපේ බලාපොරොත්තුව අංග සම්පූර්න බොලිවුඩ් අත්දැකීමක් ඔබ වෙත අරන් එන එක .

    ඒ වගේම ඉදිරි කාලීන නිර්මාන , DVD නිකුත් වීම , චිත්‍රපට Reviews  වගෙ ගොඩක් දේවල් ඔබ වෙත අරන් එන්න අපි සූදානම් . පහල තියෙන්නනෙ මේ සතියෙ අපි ඉදිරිපත් කල ලිපි . කලින් කියවන්න ලැබුනේ නැත්නම් ගිහින් බලන්න

    Turning 30 (DVD Out)-වයස තිහේදි මේ අය නම් මෙහෙමයි එතකොට ඔබ ????

    මේ කියන්න  යන්නෙ මේ වසරෙ තිරගත උන  තවත් චිත්‍රපටියක DVD පිටපත් නිකුත් වීමක් ගැන . චිත්‍රපටිය Turning 30 , තිරගත් කිරිම් ආරම්ඹ  කලේ  ජනවාරි 14 වෙනිද . ටිකක් විතර වෙනස් විදිහෙ කතාවක් බවයි පෙන්න තියෙන්නේ .


    නයිනා සින්ග්(ගුල් පනාන්ග් )  කියන තරුණිය ගැන තම්යි කතාව පාදක වෙලා තියෙන්නෙ. ඇය තිස් වෙනි විය්ට පා තබන තරුණියක් , ඒ ගැන ඇගෙ සිතු පැතුම් , ඇය කරන දේවල්, ඇය බලාපොරොත්තු වෙන දේවල් ....වගෙ කාරනා මත තමයි කතාව දිව යන්නෙ . ප්‍රකාශ් ජා සමාගමෙ නිෂ්පාද්නයක් වුන මේ චිත්‍රපටියෙ අධ්‍යක්ෂන්ය අලංක්‍රිතා ශ්‍රිවාස්තව් ගෙන්.ප්‍රධාන පිරිමි චරිතය ජායි(පාරබ් කොහ්ලි ), වයස 30 ක් උන ඡායාරූප ශිල්පියෙක් . ඉතුරු කාරනා කියන්න වෙන්නෙ Review එකේදි තමයි :D




    ගීත බාගත කරන සබැඳියත් , චිත්‍රපටිය බාග්ත කරන සබැඳියත් ඕනි කරන අයට දීල තියනව  

    http://www.songs.pk/indian/turning_30.html
    ( This LINK has been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL AUDIO CDs or to download from AUZHORISED  web sites )


    http://extratorrent.com/torrent/2383649/Turning+30+-+DVDRip+-+XviD+-+1CDRip+-+%5BDDR%5D.html

    ( This LINK has been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL DVDs and Blu rays or to download from AUZHORISED  web sites )


    ඡායාරූප santabanata.com වෙතින් . අවශ්‍ය කරන රූපය මත ක්ලික් කරල ඒක බාගත කරගන්න පුලුවන්

                                

                               

                                

                               

                                

                               
    More Turning 30 Wallpapers

    මේ ,මෙ සතිය තුල පිටපත් නිකුත් වීම් ගැන කියපු 4 වෙනි චිත්‍රපටිය මීට කලින්

     චිත්‍රපටි ගැන මම කිව්ව . මේ සියල්ල ගැනම Reviews හැකි ඉක්මනින් ගෙන එන්න බලාපොරොත්තු වෙනව .

    ----------------------------------------------------------------------------------------------------------------------------------

    ඒත් එක්කම Robot  චිත්‍රපටියෙත් DVD නිකුත් වෙලා තීයනව , මෙහේ ගොඩක් ජනප්‍රිය උනෙ එන්තිරන් කියන දමිල පිටපත නිසා මම ඒ ගැන වැඩිය කියන්නෙ නැහැ . මොකද මට මතක විදිහට එන්තිරන් DVD  පිට වෙලා ගොඩක් කල් , අනික රැජිනි කාන්ත් ගෙන ෆිල්ම් දෙමලෙන්ම බලන්න නෙ කට්ටිය කැමති . ඒ නිසා වෙනම ලිපියක් දාන්නෙ නැ , කැමති අයට පහත තියන සබැඳියෙන් Robot  බාගත කරගන්න පුලුවන්

    http://extratorrent.com/torrent/2383726/Robot+2010+DVDRip+XviD+AC3+ESub%5BDDR%5D.html


    ( This LINK has been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL DVDs and Blu rays or to download from AUZHORISED  web sites )

    Related Posts Plugin for WordPress, Blogger...

    කරුණාවෙන් සලකන්න| Please Note

    අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them