Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Wednesday, February 9, 2011

Patiala House -අනුෂ්කා ශර්මා ගේ නවතම රංගනය

අපේ කලින් ලිපියෙන් ඉදිරිපත් කරේ අනුෂ්කා ශර්මා රඟපාපු Band Baaja Baaraat චිත්‍රපටිය ගැනනේ . මේ ඉදිරිපත් කරන්න යන්නෙ අනුෂ්කා රඟපාන අලුතෙන් තිරගත වෙන්න නියමිත චිත්‍රපටියක් ගැන .චිත්‍රපටිය Patiala House  තිරගත් වෙන්න නියමිත වෙලා තියෙන්නේ පෙබරවාරි 11 වෙනිදා .

 අධ්‍යක්ෂනය සුප්‍රකට අධ්‍යක්ෂක වරයෙක් වන නිකිල් අද්වානි , සංගීතය ශංකර් එශාන්-ලෝයි ගෙන් . මේ චිත්‍රපටියෙ ප්‍රධාන රංගන ශිල්පියා ආක්ෂේ කුමාර්

එංගලන්තයේ ජීවත් වන සාම්ප්‍රදායික පවුලක තරුනයෙක් තමයි ගට්ටු කියන්නේ . ක්‍රිකට් ක්‍රිඩකයෙකු වෙන එකයි ඔහුගේ අරමුන . නමුත් සාම්ප්‍රදයික අදහස් තියන ඔහුගේ පියා ඉන්දියාවට විරුද්ධව ගට්ටු එංගලන්තය වෙනුවෙන් ක්‍රිඩා කරන එකට විරුද්ධයි , ඔන්න ඔය විදිහටයි කතාව ගලා ගෙන යන්නේ .



ආක්ෂේ කුමාර් තමයි ගට්ටුගේ චරිතයට පණපොවන්නේ .ආක්ශේ ගේ පියා විදිහට රඟපාන්නේ රිශී කපූර් . මව විදිහ්ට රඟපාන්නෙ ඩිම්පල් කපාඩියා

ක්‍රිකට් සම්බන්ද කතාවක් ලෝක කුසලානය සමයේ ප්‍රදර්ශනයට ගන්නේ ප්‍රෙක්ෂකයින්ගේ ඒ මානසිකත්වය ප්‍රයෝජනයට ගන්නත් වෙන්න පුලුවන් , ඒත් ඉන්දියානුවෙක් තමන්ගෙ රටට විරුද්ධව තරඟ වදින එක ඉන්දියානු ප්‍රේක්ෂකය කොයි විදිහ්ට වැලඳගනීද? කියලත් ගැටලුවක් තියනව .

කොහොම උනත් Patiala House  චිත්‍රපටියට තරඟ වදින්න තියෙන්නේ කාලයක් සිනමා ශාලා වල තිරගත උන නිර්මාන එක්ක මොකද පහුගිය සතියේ නිදහස් කල Ye saali Zindagi චිත්‍රපටියත් අසාර්ථක නිසා . ඒක නිසා පලමු සති අන්තය වගේම පලමු සතිය තුලත් සාර්ථක වීමේ ඉඩකඩ වැඩියි .

11 වෙනිදම නිකුත් වන තව සිනමාපට දෙකක් තිබුනත් ඒවා නම් සාර්ථක වීමේ ඉඩක් නැහැ .මොකද අන්තර්ජාල ප්‍රෙක්ෂක ප්‍රතිචාර වලදි සාතිශය බහුතරයක් ඒව ප්‍රතික්ශේප කරල්යි තියෙන්නේ .නමුත් Patiala House චිත්‍රපටියට නම් 50% කට වඩා වැඩි පිරිසක් කැමැත්ත පල කරල තියනව .(Source -Bollywoodhungama)

 ඇත්තටම මොනව වෙයිද කියල දැනගන්න වෙන්නේ ඉතින් තිරගත උනාම නෙ ඉතින් අපි බලමු.
කොහොම උනත් ලංකාවෙ අපිට නම් Patiala House  තිරයේ දැක ගන්න ලැබෙන එකක් නැහැ . ඒත් විදෙස් ගත ශ්‍රි ලාංකිකයින්ට නම් ඒ අවස්ථාව තියනව .

චිත්‍රපටියෙ ඡායාරුප එකතුවක් ඉදිරිපත් කරන්න නොලැබෙන එක ගැන කණගාටුයි . චිත්‍රපටියෙ නිල වෙබ් අඩ්වියෙ ඒ ගැන කටයුතු සම්පාදන්ය කරල නැහැ ( දීල තියන ඡායාරූප ඉතා අඩු ගුනයකින් යුතු ඒවා ) ඡායාරූප Embed කිරීමේ අවස්ථා ලබදෙන වෙබ් අඩවියක් හරහාවත් ඡායාරූප ගන්න ලැබුනෙ නැ . ඡායාරූප ලබාදීමට නොහැකි වීම ගැන අපි නැවතත් සමාව අයදිනව.

 පහල තියෙන්නේ නිල ප්‍රචාරක පටයක්


ගීත භාගත කරනවා නම්

http://www.songs.pk/indian/patiala_house_2011.html

 (The above LINK has been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage or recommend to use it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL Audio CDs or to download from AUZHORISED  web sites )

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them