Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Tuesday, December 27, 2011

Breakway(Speady Singhs )- රසල් පීටර්ස් ගේද රංගනය සමඟින් නිපදවුනු පලමු ඉන්දු-කැනේඩියානු චිත්‍රපටිය

breakway හෙවත් Speady Singhs  කියන්නේ බොලිවුඩ් නලු ආක්ෂේ කුමාර්ගේ නිෂ්පාදන දායකත්වයෙන් සහ කැනේඩියානු අධ්‍යක්ෂ  Robert Lieberman ගේ දායකත්වයෙන් නිර්මාණය වුනු චිත්‍රපටියක් .කැනඩාවේ ජීවත් වෙන සික් ජාතිකයින් අලලා සැකසුනු මේ චිත්‍රපටිය මේ වසරේ කැනඩාව තුල ඉහලම ආදායම් ලබාගත් චිත්‍රපටියක් බවට පත්වුනා . මේ චිත්‍රපටියේ තවත් විශේෂත්වයක් වෙන්නේ බොලිවුඩ් චිත්‍රපට දැඩිලෙස විවේචනය කරන රසල් පීටර්සුත් රංගනයෙන් දායක වීම .ප්‍රවීන හොලිවුඩ් නලු රොබ් ලෝවේ ,ප්‍රවීන බොලුව්ඩ් නලු අනුපම් කේර් සහ  හොලිවුඩ් නිලි කැමිලා බෙලේ රංගන දායකත්වය සපයන මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පණපොවන්නේ නවක නලු විනේ විර්මානි .

ජාත්‍යන්තර විචාරකයින් බොහොමයකගෙන් මධ්‍යස්ථ සහ ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුනත් ඉන්දියානු විචාරකයින්ගෙ ප්‍රතිචාර නම් අඩු මට්ටමක තිබුනේ , ඊට ප්‍රධාන හේතුව මේ චිත්‍රපටියේ කථාව Chak de India සහ Patiala House බොලිවුඩ් චිත්‍රපට දෙකේ එකතුවකට  මඳක් සමාන වීම වෙන්න පුලුවන් . කොහොම වුනත් ඉන්දියාව තුලත්  මධ්‍ය්ස්ථ සාර්ථකත්වයක් ලබපු මේ චිත්‍රපටියේ හින්දි හඬ කැවු පිටපත තමයි Speedy singhs කියල කියන්නේ . හොකි ක්‍රිඩකයෙක් වෙන්න සිහින දකින කැනඩාවේ වාසය කරන සීක් ජාතික තරුණයෙකු වටා දිවෙන කථාව මූලික වශයෙන් අර මුලින් කිව්ව චිත්‍රපටි වල ස්වරූපය තිබුනත් චිත්‍රපටිය ආවෙණික රිද්මයක් , කතිකාවක් ගොඩ නඟන නිසා රසවින්දනය කිරීමේ හැකියාවක් තියනව . චිත්‍රපටියේ IMDB  අගය  6.8 ක් වෙනවා

7
Image Collection










Videos

Trailer




Title Song





අක්ෂේ කුමාර් රංගනයෙන් දායකත්වය දක්වන නිල ගීතය (ඉහත විඩියෝව ), හොඳ ප්‍රතිචාර ලබාගත් අලංකාර ගීතයක් කියල හැඳින්වීමේ හැකියාව තියනව . ඩිවිඩි නිකුත් වෙලා තියන චිත්‍රපටියේ ඉංග්‍රිසි හෝ හින්දි පිටපත් බාගත කරගන්න පුලුවන්  කැමති පිලිවෙල අනුව

Mausam - අපූරු ආදර කථාවක් සමඟින් මනුෂ්‍යත්වයට එබිකම් කිරීමක්

මේ වසරේ  තිරගත වුනු ජනප්‍රිය චිත්‍රපටියක් වුනු Mausam චිත්‍රපටියේ DVD නිකුත් වීම පිලිබඳ අපි කලින් ලිපියකින් ඔබව දැනුවත් කලා . චිත්‍රපටිය බාගත කරගන්න සබැඳිත් , චිත්‍රපටියේ ප්‍රචාරක පටය ඇතුලු විඩියෝ පටත් ඡායාරූපත් ඒ ලිපියට අන්තර්ගතයි .මෙතනින් ඒ ලිපියට පිවිසෙන්න පුලුවන් . මේ සුදානම් වෙන්නෙ චිත්‍රප්ටියට අදාල විචාරය ඉදිරිපත් කරන්න

කථාව

හැරි(ශහිඩ් කපූර්) කියන්නේ පන්ජාබයේ ජීවත් වෙන බොහොම විනෝද කාමී තරුණයෙක් , ආයත්(සෝනම් කපූර් )  කියන්නේ කාශ්මීරයේ මුස්ලිම් තරුණියක් . කාශ්මීරයේ ඇතිවන ගැටුම් එක්ක ආයත්ට පන්ජාබයේ හැරි ඉන්න ගමටම ටික කාලයකට එන්නට සිදුවෙනව . බොහොම නිහඬ තැන්පත් තරුණියක් වුනු ආයත් සහා හැරි අතර දෙදෙනා ගැන නිහඬ ආදරයක් ඇතිවුනත් , ආයත්ට හදිසියේ පන්ජාබයෙන් පිටවෙන්නට සිදුවෙන්නෙ යන තැනක් ගැන සටහනක් වත් නොතියා , ඒත් එක්කම ඉන්දිය ගුවන් හමුදාවට තේරී පත්වෙන හැරීටත් ආයත් ගැන තොරතුරක් දැනගන්න නොලැබි සිත් තුලම සැඟවුනු ආදරයත් එක්ක කල් ගෙවන්නේ ඔවුන්ගෙ ඊලඟ අහඹු හමුවීම තෙක්

අපේ අදහස |Editor's Comment 

  • චිත්‍රපටිය  ඉතාම ලස්සන ආදර කථාවක් රැගත් චිත්‍රපටියක් විදිහට හඳුන්වාදෙන්න පුලුවන් . ආදර කථාවත් එක්කම ත්‍රස්තවාදයට තියෙන්නෙ ජාති ආගම් බෙදයක් නොව මනුස්සකම සහ අමනුස්ස කම අතර වෙනසක් බවත් නිර්මාණ කරුව මතු කරන්න උත්සහා කරල තියනව
  • චිත්‍රපටියේ ආදර කතන්දරයට අනුරූපව දෙබස් හා රූප තුලින් ඉහල මට්ටමේ(classic)  සිනමා ලක්ෂන මතුකරන්නත් සිනමා කරුවා උත්සහා කරල තියනව
  • ආරම්භක අවස්ථාවේ සාම්ප්‍රදායික කථාවක් කියල හිතුනත් කථාව ගලාගෙන යත්දි සිදුවෙන අහඹු , අපි නොසිතන ආකාරයේ සිදුවීම් එක්ක චිත්‍රපටියට අපූර්වත්වයක් එකතු වෙලා තියනව 
  • චිත්‍රපටියේ තියන ප්‍රධානත ම ගැටලුව වෙන්නෙ  ඉතාම දිගු වෙන එක . පැය දෙක හමාරක කාලයක් දක්වා දිව යන  චිත්‍රපටියේ රිද්මය අනුව ඒකාලය ඉතාම දිග වැඩියි . ඒ නිසා කම්මැලි ගතියක් දැනෙනවා යම් තාක් දුරකට 
  • චිත්‍රපටියේ මන්දගාමි රිද්මය කථාවට උචිත වුනත් සමහර සිදුවීම් හා රූප රාමුත් එක්ක අනවශ්‍ය මට්ට්මේ කාලය ගත කිරීමක් කරනවා කියල කියන්න පුලුවන් 
  • මනරම් සංගීතය චිත්‍රපටියට එක් පැත්තකින් ආලෝකයක් එකතු කලත් අනවශ්‍ය විදිහේ කාලය කැමක් ඒ හරහාත් වෙච්ච බවක් කියන්න පුලුවන්
            Our Rating - 2.5/5

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them