Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Friday, December 16, 2011

Don 2: The King Is Back- 23ඳා සිට ලංකාවෙත් ඇතුලුව ලොව පුරා තිරගත වේ ! (Basic details, special Features, Images and Videos collection )

මේ වන විට බොලිවුඩ් රසිකයින් අවධානය තදින්ම දිනාගත් Don 2 චිත්‍රපටිය වන ගැන විවිධ අවස්ථාවල අපි තොරතුරු ඔබ වෙත අරන් ආවා . මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ 23 වෙනිද ඉඳන් ලංකාවේ Majestic city - Platinum සිනමා ශාලාවේත් ඇතුලුව ලොව පුරා තිරගත කිරීම අරඹන ගැන සම්පූර්ණ තොරතුරු එකතුවක් ඉදිරිපත් කරන්න . මේ ලිපියට චිත්‍රපටිය පිලිබඳ මූලික තොරතුරු , ඔබ නොදත් චිත්‍රපටියෙ සුවිශේශතා , ඡායාරූප, විවිධ ආකාරයේ ප්‍රචාරක පට , ගීත විඩියෝ පට එකතු කරල තියනව


කථා මූලය

 ඩොන් 2 ගැන උනන්දුවක් දක්වන හැමකෙනෙක්ම වාගෙ ඩොන් පලවෙනි කොටස බලන්න ඇති . ඇත්තටම මේ චිත්‍රපටියේ කථාව රසවිඳින්න ඒක  බොහොම වැදගත් වෙයි . කලින් චිත්‍රපටිය අවසානයේදී ඉතාම දක්ෂ විදිහට පැනල යන ඩොන් මේ වර අලුත් සැලසුමක් එක්ක එලියට එනව , ඔහු ගේ මේ පාර ක්‍රියාන්විතය පාදක වෙන්නෙ බර්ලින් නගරයට .

චිත්‍රපටියේ සුවිශේෂතා
  • බොලිවුඩ් සිනමාවේ ඇඳුතු(sequals)  චිත්‍රපට කොතෙකුත් තිබුනත් ඒ චරිත කලින් කථාවට සම්බන්ධව ඉදිරියට ගලාගෙන යාම දකින්න තියෙන්නෙ ඉතාම කලාතුරකින් ඩොන් 2 ඒ වගේ එක් අවස්ථාවක්
  • 3D තාක්ෂනයෙන් පිටපත් නිපදවුනු චිත්‍රපටියක් වුනු ඩොන් 2 ඒ සඳහා වඩාත් උචිත කැමරා කාච හොලිවුඩයෙන් ගෙන්වාගෙන තමයි රූගත කරල තියෙන්නෙ . ඒ පසුව 3D කිරීමේ පහසුව සලකල . ඉන්දියාවේ හා ලොස් ඇන්ජලිස් වල කරපු පරීක්ෂන කිහිපයකින් පස්සෙ ෆර්හාන් අක්තාර් තීරණය කරල තියනව චිත්‍රපටිය 3D වලිනුත් පෙන්වන්න
  • ඩොන්2 වල සැහෙන කොටසක් රූගත කරපු ජර්මනිය දැවැන්ත ප්‍රමාණයේ රූගත කිරීම් වලට ඉඩ නොදෙන රටක් විදිහට තමයි ප්‍රසිද්ධ , ජර්මනියේ මෙවැන්නක් කරපු පලමු ඉන්දියානු චිත්‍රපටිය වෙන්නෙ ඩොන් 2 . ශාරුක්ට ජර්මනිය තුල තියන ජනප්‍රියතාව අවසර ලබාගන්න එක පහසු කලාය කියලයි කියන්නේ . මීට පෙර ජර්මනියේ මේ වගේ දැවැන්ත රූගත කිරීමක් කරල තියෙන්නෙ ටොම් කෘස් සහ බ්‍රැඩ් පිට් පමනයි  
  • අන්තර්ජාතික සටන් අධ්‍යක්ෂක වරයෙකු වුනු

    Wolfgang Stegemann

     තමයි චිත්‍රපටියෙ සටන් අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ . ෂාරුක් සහ ප්‍රියංකා ඔහුගේ උපදේස් මත ශරිර ප්‍රමානය සකස් කරගැනීමේ කටයුතු මාස කිහිපයක සිට කලාය කියලයි කියන්නේ . ඒ වගේ සියලුම ක්‍රියාදාම දර්ශන මේ දෙදෙනා විසින්ම කලාය කියලයි වාර්ථා වෙන්නේ
  • ඩොන් 2 වෙනුවෙන්  සකස් කල ගීත විඩියෝ සහ ප්‍රචාරක දෙබස් කණ්ඩත් වෙනස්ම ආකාරයේ ප්‍රචාරන ක්‍රම විදිහට හඳුන්වන්න පුලුවන්

Image Collection











Videos

Trailer (with English subs )





Dialog Promos[1-6]





















Songs












23 වෙනිදා ඉඳන් ඔබටත් සිගිරි කටුගස්තොට සහා මැජස්ටික් සිටි සිනමා ශාලා වලදි ඩොන් 2 නරඹන්න පුලුවන් හැකි විගස චිත්‍රපටිය පිලිබඳ විචාරයක් ඔබ වෙත අරන් එන්නත් බලාපොරොත්තු වෙනවා

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them