Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Sunday, February 13, 2011

Tees Maar Khan(Review) - ඉතා හොඳ කථාවක් අපතේ යැවූ නිර්මාණයක් ???

Tees Maar Khan චිත්‍රපටියේ DVD පටය  නිකුත් වීම ගැන අපි කලින් ලිපියක් ඉදිරිපත් කලා .චිත්‍රපටිය ගැන පසු විවරනයක් කරන්නයි මේ හදන්නේ, කලින් ලිපිය කියෙව්වෙ නැත්නම් මෙතනින් ගිහිල්ලා කියවන්න පුලුවන් , ගීත හා චිත්‍රපටිය බාගත කරගැනීමේ සබැඳි ඒ ලිපියේ අඩංගු වෙනව , ඒ වගේම හොඳ ඡායාරූප එකතුවකුත් අඩංගු වෙනව කලින් කියව්වෙ නැත්නම් ගිහින් බලන්න

(ඡායාරූප බාගත කරගැනීම ගැන ඒ ලිපියේ තියන උපදෙස් ගැටලු සහගත වෙන්න පුලුවන් ඒ නිසා දකුණු පස තියන "ඡායාරූප බාගත කිරීමේ උපදෙස් " යොදා ගන්න පුලුවන්)

කලින් ලිපියෙ කිව්වා වගේම Tees Maar Khan කියන්නෙ පහුගිය අවුරුද්දෙ වඩාත්ම සාර්ථක නිර්මාන වලින් එකක් , නමුත් කණ්ගාටුවෙන් උනත් කියන්න වෙන්නෙ Tees Maar Khan බලාපොරොත්තු කඩ කල නිර්මානයක් කියල . ඇයි මම එහෙම කියන්නෙ?


කථාව

චිත්‍රපටියෙ කතාව පදනම් වෙන්නේ Tees Maar Khan (TMK) කියන ශූර , උපක්‍රමශීලි  සොරදෙටුවා වටා . ඉපදුන ගමන් දොස්තරගේ ඔරලෝසුවත් , නර්ස්ගේ චේන් එකත් උස්සන පොඩි එකෙක් ලොකු උනාම කොහොම හොරෙක් වෙයිද? Tees Maar Khan කියන්නේ එහෙම පොරක් .රු කෝටි 500 ක් වටින 10,000kg බර පුරාවස්තු තොගයක් මුම්බයි ඉදන් දිල්ලිය දක්වා දුම්රියෙන් අරන් යනව , පොලිස් භටයන් රාශියකගේ ආරක්ෂාව මැද .මේ දේවල් හොරකම් කීරීමේ අභියෝගය භාර වෙන්නේ Tees Maar Khan(TMK) ට නමුත් ඔහුට ඉන්නේ 4 දෙනෙකුගෙන් යුත් පිරිසක් විතරයි . ඔහු කොහොමද මේ අභියෝගය ජයගන්නේ ? මොකක්ද ඔහුගෙ සැලසුම ?

ඇත්තටම ඉතා හොඳ කතා වස්තුවක් ඒත් ඒක ඉදිරිපත් කිරීමේදි සිදුකරන බරපතල දුර්වලත නිසා තමයි Tees Maar Khan බලාපොරොත්තු කඩ කරවන නිර්මානයක් වෙන්නේ . මොනවද ඒ දුර්වලතා?

01) Action , Comedy චිත්‍රපටියක් විදිහට ප්‍රචාරය කලත් Action චිත්‍රපටියක ලක්ෂන මොකුත් අඩංගු නොවීම

02)චිත්‍රපටිය පුරාම දකින්නට තියන අධි රංගනයන් , මේ චිත්‍රපටියේ තියන ප්‍රධානම දුර්වලතාවයක් , සාමාන්‍යයෙන් Comedy චිත්‍රපටි වල අධි රංගනයන් බාවිතා කලත් Tees Maar Khan ඒ තුල අන්තයටම යනව , කොටින්ම කත්‍රිනා කයිෆ් ගේ චරිතය ත් අක්ෂේ ඛන්නාගේ චරිතයත් මේ අධි රංගනයන් තුල සම්පූර්ණයෙන්ම අතරමං උන බවක් තමයි පේන්න තියෙන්නෙ

03) චිත්‍රපටිය පුරාවටම අභව්‍ය සිද්දීන් බහුලයි , සිනමාව තුල අභව්‍ය සිද්දීන් සාධාරනව හා රසවත්ව යොදා ගන්න පුලුවන්, ඒත් මෙතනදිත් Tees Maar Khan ඉන්නේ අන්තවාදි ස්වාභාවයක

04) චිත්‍රපටියෙ හමුවෙන බහුතරය් චරිත Comedy චරිත වීමත් ගැටලුවක් ,රහස් පරීක්ෂකයින් , TMK ගෙ ගෝලයින් , ඔහුගේ මව , සුපිරි සිනමා තරුවක් ලෙස රඟපාන අක්ශෙ ඛන්නගේ චරිතය වගෙ සියලු  චරිත Comedy චරිත වීම මේ වගෙ කතා තෙමාවක් එක්ක ගැලපෙන්නෙ නැති බවක් පේන්න තියනවා

05) බටහිරට හුරු පෙනුමක් තියන කත්‍රිනා කයිෆ් ගේ ඉන්දියානු ස්වාභාවයේ රංගනයෙත් යම් කිසි නොගැලපෙන බවක් තියනවා

එතකොට මේ චිත්‍රපටියෙ මොකුත්ම සාර්ථකත්වයක් නැතිද ?

01) කලින් කිව්වා වගේම ඉතාම හොඳ කතාවක් , ඒ වගේම කතාවට ගැලපෙන හොඳ සිද්දීන් කිහිපයකුත් අඩංගු වෙනවා . උදා ලෙස -අහස් යානයකිදී රහස් පරීක්ෂකයින්ගෙන් මිදීමට යොදාගන්න උපක්‍රමයත් , දුම් රිය කොල්ල කැමට යොදා ගන්නා උපක්‍රමයත් ඉතා අලංකාරයි ( ඔබගේ රසස්වාදයට බාධාවක් නිසා මම ඒ ගැන විස්තර කරන්නේ නැ )
02) මොන දුර්වලතා තිබුනත් හාස්‍යජනක දර්ශන නම් සැහෙන්න තියනව ඒ නිසා ඒ අතින් සාර්ථකයි කියන්න පුලුවන්
03) සුපුරුදු පරිදිම අක්ශේ කුමාර් ගේ රංගනය සුවිශ්ටයි , ඇත්තටම මේ චිත්‍රපටියෙ ජීව ගුනයක් සහිත එකම රංගනයත් තියෙන්නේ ඔහුගේ
04) චිත්‍රපටියේ අවශ‍ය තාවයට අනුව සංගීතයත් නර්තනයත් වරදක් නැහැ කියන්න පුලුවන් . විශේෂයෙන්ම නර්ථනය . ප්‍රකට නර්ථන අධ්‍යක්ෂවරියෙක් වන චිත්‍රපටියේ අධ්‍යක්ෂිකා ෆාරා ඛාන් ඒ ගැන වැඩි අවධානයක් යොමු කරල තියන බව පේනවා 

දුර්වල තිර රචනය/ අධ්‍යක්ෂනය නිසා අනිකුත් අංග වලටත් ඒ දුර්වලතා බලපාල තියන නිසා වෙනද ඉදිරි පත් කරන Rating  ක්‍රමය යොදා ගන්නෙ නැ . කොහොම උනත් මම ලියල තියන දේවල් වලින් අදහසක් ගන්න පුලුවන් වෙයි කියල මම හිතනව .

ඔබ අක්ෂේ කුමාර්ගේ හෝ කත්‍රිනාගෙ ප්‍රභල රසිකයෙකු නොවෙයි නම් , මේ චිත්‍රපටය මිලදී ගන්න නිර්දේශ කරන්න බැහැ කොහොම උනත් බාගත කරගෙන හරි  කුලියට අරගෙන හරි බලන්න  පුලුවන්

ෆාරා ඛාන් ගේ කලින් නිර්මාන උන Om shanthi Om, Main Hoon Na  එක්ක බලන කොට නම් Tees Maar Khan  කියන්නේ සම්පූර්ණ ඛේදවාචකයක් . ඒත් මේ කතා වස්තුව හරියට භාවිතා කලා නම් වසරේ වැඩිම අදායම් ලබපු නිර්මාණය බවට පත්වෙන්න ඉඩ තිබුන කියල  අවසාන වශයෙන් කිව යුතුයි . මොකද ඉන්දියානු සිනමා ඉතිහාසයේ දෙවන සාර්ථකම ආරම්ඹක සති අන්තය/සතිය පෙන්වපු Tees Maar Khanහි ජන්ප්‍රියතාව තෙවන සතිය වන විට ක්‍රමය යෙන් අඩු උනේ මම කිව්ව දුර්වල තාවයන් නිසා විය හැකි නිසා

කොහොම උනත් මීට පස්සෙ චිත්‍රපටයක DVD පටය නිකුත් වීම ගැන දැනුවත් කරන කොට ආර්ථික වශයෙන්  ලබපු සාර්ථකත්වයට අමතරව ඒ ගැන ලියවුන Bad Reviewආදියත්, සාර්ථකත්වයෙ අඩුවැඩි වීම් ආදියත් සැලකිල්ලට ගන්න බලාපොරොත්තු වෙනව ,මොකද එතකොට මගේ පසු විපරමට කලින් උනත් ඔබට අදහස්ක් ගන්න පුලුවන් 
-----------------------------------------------------------------------------------------------------------
ලෝක කුසලානය නිසාදෝ මේ වසරේ පලමු කාර්තුවෙ බොලිවුඩ් සිනමාවෙ ප්‍රභල නිර්මාන අඩුයි , ඒත් එලිදැක්වෙන සියලුම නිර්මාන ගැනත් , කලින් වසර වල තිරගත්වූ රසවත් නිර්මානත් ඔබ වෙත අරන් එන්න බලාපොරොත්තු . වෙනව ඒ නිසා අපිත් එක්ක දිගටම රැඳිල ඉන්න .අපි ඔබට කලින් ඉදිරිපත් කරපු Ye Saali Zindagi චිත්‍රපටිය මුලදී ඒතරම් සාර්ථකත්වයක් නොපෙන්නුවත් මේ වන විට ග්‍රාමීය ප්‍රදේශවල ඉතා සාර්ථකව තිරගත වෙමින් Box Office වාර්ථා වල ඉහලින්ම ඉන්නව . ඒ වගේම ගිය සිකුරාදා තිරගත කිරීම් අරඹපු Patila House ඉන්දියාවේ උතුරු ප්‍රදේශ වල සාර්ථක්ත්වයක් ලබා තිබෙනවයි කියලයි වාර්ථා වෙන්නේ , Patila House  ගැන දැනට ඉදිරිපත් වෙලා තියන ප්‍රෙක්ෂක හා විචාරක ප්‍රතිචාරත් හොඳයි කියලයි පැවසෙන්න

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them