Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Monday, February 21, 2011

No one Killed Jessica(Review) - දකුණු ආසියාවේ කටුක වූ සමාජ යථාර්තයට එබී බලමු.

සත්‍ය කථාවක් මත පදනම් උන No one Killed Jessica චිත්‍රපටියෙ DVD නිකුත් වීම ගැන අපි කලින් ලිපියකින් ඉදිරිපත් කලා.බැලුවෙ නැත්නම් මෙතනින් ගිහිල්ලා බලන්න පුලුවන්. No one Killed Jessica  චිත්‍රපටිය භාගත කරගන්නත් ගීත භාගත කරගන්නත් අවශ්‍ය කරන සබැඳීන් ඒ ලිපියෙ අඩංගු වෙලා තියනවා. මේ ඉදිරිපත් කරන්න යන්නෙ No one Killed Jessica  චිත්‍රපටිය ගැන සම්පූර්ණ පසු විපරමක්.

කථාව

කලින් ලිපියෙදි කිව්වා වගේම No one Killed Jessica  ට පදනම් වෙලා තියෙන්නෙ ජෙසිකා ලාල් කියන ඉන්දියානු  නිරූපිකාවගෙ ඝාතනය . ජෙසිකා ඝාතනය වෙන්නේ රාත්‍රී උත්සවයකදි , ප්‍රාන්ත ඇමතිවරයෙකුගෙ පුතෙක් අතින්, 300ක විතර සෙනඟක් ඉන්න ස්ථානයකදි . නමුත් ඇමතිවරයාගේ බලතලත් , මුදලුත් , සමාජ තත්වයත් නිසා කිසිදු කෙනෙක් සාක්ෂි දෙන්නේ නැහැ , නැතිනම් වැරදි සාක්ෂි ලබාදෙනවා , ඒ විතරක් නෙවෙයි පොලිසිය භාරයේ තියන සාක්ෂි පවා වෙනස් කරනව . ඉතින් ජෙසිකා ගේ සහෝදරිය වන සබ්‍රිනා(විද්‍යා බාලන්) ඇතුලු අය වරද කරුවන්ට දඬුවම් පමුණුවන්න ගන්න උත්සාහය  සාර්ථකවෙයිද? මේ සඳහා NDTV නාලිකාවේ දීප්තිමත් තරුවක් වන මීරා(රාණි මුකර්ජි ) ගෙන් ලැබෙන්නෙ මොන වගෙ සහයක්ද? මේ ගැන දැනගන්න චිත්‍රපටිය බලන්න . ( ඔබගේ රසාස්වාදයට බධාවක් වේ කියල හිතෙනෙ නිසා මීට වඩා කතාව ලියන්නෙ නැ )

අපේ අදහස් (Editor's Comments )
No one Killed Jessica  කියන්නෙ සත්‍ය කතාවක් මත පදනම් වූවක් නිසා සැහෙන යථාර්තවාදි නිර්මානයක් කියල කියන්න පුලුවන් . විශේෂයෙන්ම ධනයට , බලයට , සමාජ තත්වයට සත්‍ය වසන් කල හැකි කණගාටුදායක් ඉන්දියානු සමාජ යථාර්ය මේ චිත්‍රපටියෙන් මනාව නිරූපනය කරනව . දකුනු ආසියාව පුරාම මේ තත්වය දකින්න තියන නිසා අපිටත් මේ කතාව බොහොම සමීපයි කියන්න පුලුවන් . නමුත් මේ චිත්‍රපටියෙ දැක්වෙන පරිදි ජනතා මතයට බලපැම් කල හැකි , දේශපාලන බල අධිකාරයන් ඉක්මවා යන්න පුලුවන් මාධ්‍යවේදීන් හෝ මාධ්‍යායතන නම් ඉතින් ලංකාවෙ නැ (මෙ චිත්‍රපටියෙ ඉන්දියාවෙ දැවැන්තම ප්‍රවෘත්ති නාලිකාව වන NDTV යොදාගෙන තිබුනත් සත්‍ය ලෝකයෙදී මේ  සිද්ධියේදි සම්බන්ද වෙලා තියෙන්නේ වෙනත් මාධ්‍ය ආයතනයක් )

බොහොම විස්තරාත්මක හා ගැඹුරු චරිත අපිට මෙ නිර්මාණයෙදි මුන ගැහෙනව . යථාර්තවාදී නිර්මානයකදී ඒක අනිවාර්ය අංගයක් වනවා වගේම මේ චිත්‍රපටියෙ ඒ භාවිතාවත් ඉතාම හොඳයි . ඒ වගේම අදාල චරිත නිරූපනය කරන සියලුම රංගන ශිල්පින් තමන්ගෙ වගකීම් හරියටම ඉටු කරල තියනව . ඒ අතරින් විද්‍යා බාලන් හා රාණි  විශේෂයි . රාණි සාමාන්‍යයෙන් රඟපාන චරිත වලට වඩා වෙනස් ආකරයෙන් අපිට දකින්න ලැබෙනව වගේම ඇය ඒ අභියෝගය සාර්තකව ජය අරගෙන තියන බවත් කියන්න පුලුවන් .

අලෝකකරණය , කැමරාකරනය ,සංස්කරනය වගෙ දේවල් නිර්මානයට අනුව සාර්ථකව තිබුනත් සංගීතය නම් මීට වඩා දායක කරග්න්න පුලුවන් කම තිබුනයි කියලයි මම හිතන්නෙ .ඒ වගේම කලින් කිව්ව ප්‍රභල චරිත වල ලක්ෂනයන්ට නොගැලපෙන ලක්ෂන ඒ චරිත ඇතැම් අවස්ථා වල පෙන්වනව කියල මට හිතෙනව . ඒ වගේම චිත්‍රපටිය පුරාවටම යොදා ගැනෙන විශේෂයෙන්ම රාණි ගෙ චරිතය බහුලව භාවිතා කරන රලු වචන ගැනත් චෝදනවක් එල්ල වෙලා තියනව , ඒත් මම නම් හිතන්නෙ ඒ වචන භාවිතයත් රාණි රඟපාන මීරා කියන චරිතයෙ අනෙන්‍යතාවයන් කියල .

විශේෂයෙන් සඳහන් කරන්න ඕනි අලෝක කරන උපක්‍රමයක් මම මේ චිත්‍රපටියෙ දැක්ක ,රාත්‍රි කරුවලෙ නිදන් ඉන්න ජවනිකාවක දුරකථනය නාද වෙනවා දුරකතනයේ නාද වන වෙන එලිය ඇර වෙන කිසිම අලෝකයක් ඒ දර්ශනයට යොද ගන්නෙ නැ . තද කරුවල විතරයි තියෙන්නේ . මේක මම මීට කලින් දැකල නැති අලෝක කරන උපක්‍රමයක්

Our Ratings
  • Direction - 7/10
  • Story - 9/10
  • Script- 710
  • Cinematography -8/10
  • Editing - 8/10
  • Music - 5/10
  • OVERALL Rating - 7/10

ඔබ චිත්‍රපටි එකතු කරන්නෙක් නම් හෝ යතාර්ථවාදී නිර්මාණ ප්‍රිය කරන්නෙක් නම් මිලදී ගන්න නිර්දෙශ කරනව

මේ චිත්‍රපටිය බලල ඔබේ අදහසුත් එක්ක කරන්න . මම කලින් සඳහන් කරල තියනව වගේම මේ දවස් වල බොලිවුඩයට ටිකක් විවේක පාටයි. මොකද ලෝක කුසලානය නිසා ප්‍රභල නිර්මාන තිරගත වෙන්නෙම නැති තරම් . ඒ නිසා පහුගිය අවුරුද්දෙ තිරගත උන නිර්මානයක් ගැන අංග සම්පූර්ණ ලිපියකින් ඊලඟට හමුවෙමු
-------------------------------------------------------------------------------------------------------------
කාරුණික ආයාචනයයි

බොලිවුඩ් සිංහලෙන් බ්ලොග් අඩවිය බොලිවුඩ් රසිකයන් සඳහාම වෙන් වුන අඩවියක් ඔබ දන්නවා ඇති , ඒත් අපිව කියවන්න කට්ටිය පැමිනෙන්නෙ ලාංකීය සිතුවිලි , කොත්තු ඇතුලු සින්ඩිකෙටර වලින් විතරයි( එම සින්ඩිකේටර වලට අපගේ ප්‍රණාමය ) . ඒත් මේ සින්ඩිකේටර වලට නො එන බොලිවුඩ් රසිකයින් ඕනි තරම් ඇති. අපගේ බ්ලොග් අඩවිය ප්‍රයෝජනවත් කියල හිතනව නම් ඔබ දන්න අඳුරන බොලිවුඩ් රසිකයින්ටත් අපි ගැන කියන්න කියල අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනව , මේක අපෙ Facebook  Page එකට එකතු වෙල නැත්නම් ලිපි Share කරල නැතනම් අපේ අඩවියෙ Link එක Share කරල කරන්න පුලුවන්.බොලිවුඩ් රසිකයෙක් බලාපොරොත්තු වෙන හැමදේම පුලුවන් තරමින් එකතු කරන්න ,සම්බන්ඳ කරන්න අපි හැම වෙලාවෙම උත්සහ ගන්නව.

අපේ තියන අඩු පාඩු ගුණ දොස් උනත් පුංචි කමෙන්ටුවකින් දක්වන්න පුලුවන් නම් අපිට වඩාත් හොඳින් මේ කාර්යය කර ගන්න ලැබෙයි . බොලිවුඩයේ සත්‍ය නවතම තොරතුරු ගෙන්න අපි හැමවෙලාවකම සූදානම් වගේම ,පැරණි නිර්මාන වල විස්තරත් කතා කරන්න සූදානම්. ඔබ තොරතුරු දැනගන්න කැමති බොලිවුඩ් සිනමා පටයක් නැත්නම් ගීතයක් තියනව නම් කමෙන්ට් එකක් විදිහට අහන්න නැත්නම් අපේ ලිපින්යට ලියන්න. හැකි පමණින් ඒ ගැන තොරතුරු ඉදිරිපත් කරන්නම් .අපේ බ්ලොග් අඩවිය ප්‍රචලිත් කරන්න දායක වෙන්න කියල අයෙමත් මතක් කරනව ඔබට සුභ දවසක් !!

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them