Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Sunday, February 27, 2011

Khelein Hum Jee Jaan Sey(Movie) - දීපිකාගෙ ඉන්දියානු පෙනුමට ඔබත් කැමතිද ??

ලාංකිකයින් බොහොම දෙනෙකුගෙ සිත් ගත් බොලිවුඩ් සුරූපිනිය දීපිකා පාදුකෝන් රඟපාපු චිත්‍රපටයක් ගැනයි මේ තොරතුර .

චිත්‍රපටිය Khelein Hum Jee Jaan sey .නම ටිකක දිග වැඩි නිසා අපි KHJJS කියල කියමු . පසුගිය වසරෙ දෙසැම්බර් 3 වෙනිද තිරගත කරපු මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කලේ අතුෂ් ගෝවිකාර්,දීපිකා සමඟ ප්‍රධාන රංගන්යෙන් දායක වෙන්නේ අභිශේක් බච්චන් . සංගීත්ය සොහිල් සෙන් ගෙන්.

KHJJS කියන්නෙ ඓතිහාසික කතාවක් රැගත් නිර්මාණයක්.මන්නි චැටර්ජිගෙ Do and Die කියන පොතෙන් KHJJS කතාව නිර්මාණය වෙල තියෙන්නෙ . මෙ පොතට පාදක වෙන්නේ 1930 දි චිතගොන් වල සිද්වුන කැරැල්ල . අභිශේක් රඟපාන්නෙ පසුව විප්ලවකරුවෙක් බවට පත් වන පාසල් ගුරුවරයෙක් වන සුරජ්යා සෙන් ගෙ චරිතය  දීපිකා රඟපන්නෙ කල්පනා දත්තා කියන විප්ලවකාරිනියගෙ චරිතය .



මේ KGJJS බොහොදෙනෙකුගෙ අවධානයට ලක්වුනේ චිත්‍රපටියෙ දීපිකාගෙ පෙනුම නිසා . මෙතෙක් දඟකාර බටහිර පන්නයේ චරිත වල රඟාපාපු   දීපිකා KHJJS හිදී රඟපානෙ සාරියකින් සැරසුන ඉන්දියානු විප්ලවකාරිනියකගෙ චරිතයක් . ඇයගෙ මේ අලුත් ඉන්දියානු පෙනුමටත් ගොඩාක් දෙනෙක් ප්‍රිය කරන බව තමයි පෙන්න තිබුනෙ .පහලින් තියන ඡායාරූප වලිනුත් ඒ බව පෙන්න තියනව . ඡායාරූප santabanta අඩවියෙන් ඕනි කරන ඡයාරූපය මත ක්ලික් කරල බාගන්න පුලුවන්. 

ඔබත් දීපිකාගෙ ඉන්දියානු පෙනුමට කැමතිද? කැමති නම් ප්‍රතිචාරයක් විදිහට පල කරන්න . චිත්‍රපටිය බාගත කර්ගන්න සබැඳිය ඡයාරූප වලට පහලින් තියනව . ඒ වගේම තවත් චිත්‍රපටි 3 ක පිටප්ත් නිකුත් වීම් අපි කලින් ලිපි වල  ඉදිරිපත් කලා ඒ Yamala Pagla Deewana , Dil toh Bacha hai ji ,හා  Angel වල කැමතිනම් ගිහින් කියවල බලන්න 

                            

                             

                            

                            

                             

                            

 
More Khelein Hum Jee Jaan Sey Wallpapers

http://extratorrent.com/torrent/2382521/Khelein+Hum+Jee+Jaan+Sey+-+DVDRip+-+XviD+-+1CDRip+-+%5BDDR%5D.html
( This LINK has been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL DVDs and Blu rays or to download from AUZHORISED  web sites )

මාසයකට ආසන්න කාලයක් ලිය උන බ්ලොග් අඩවියෙ අද තමයි මගෙ ප්‍රියතම බොලිවුඩ් රංගන ශිල්පිනිය ගැන ලිපියක් ලියවෙන්නේ . ඒ නිසා සතුටු දවසක් ,ඒ නිසා දීපිකා ගැන ම තවදෙයක් කියන්නම් ( සමහර අය දන්නවත් ඇති , මේ කියන්නෙ නොදන්න අයට ) .

ඊයෙ තිබුන India - England මැච් එක ගොඩක් අය බලන්නඇති (බලන්න වටින මැච් එකක්නෙ ) . මේ ක බලන්න දීපිකාත් ඇවිල්ල හිටිය .කොහොමත් දීපිකා ක්‍රිකට් රසිකාවියක් ඒ වගේම බැංගලෝරය කියන්න ඇගෙ ගම් පලාත .මේ ආවෙ තනියෙන් නෙවෙයි ඇයගෙ පෙම්වතාය කියන සිද්ධාර්ත් මලයා එක්ක , කොහොම උනත් දීපිකා නම් කියන්නෙ සිද්ධාර්ත් මිතුරෙක් විතරයි කියල.(ඔහොම තමයිනෙ නිලියො කොහොමත් කියන්නෙ ) . කොහොම උනත් මේ දෙන්න නිතර එකට දකින්න ලැබෙනව . විශේෂයන්ම IPL තරඟා වලියෙදි . මොකද සිද්ධාර්ත් තමයි බැංගෝර් කණ්ඩායමෙ හිමිකරු .කණ්ඩයම දිරිමත් කරන්න දීපිකා නිතරම සහභාගි වෙනව .

ඇත්ත නැත්ත ඉස්සරහට එලිවෙයි අපි බලමු..... මේ සිද්ධාර්ත් කියන්නෙ කිංෆිශර් අධිපති සුප්‍රකට කෝටිපතියෙක් වන විජේ මලයාගෙ පුතාය කියන එකත් කියන්න ඕනි

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them