Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Saturday, October 29, 2011

Delhi Belly(DVD OUT + Review) - වැඩිහිටි රසාස්වාදයට වඩාත් සුදුසු හාස්‍යෝත්පාදක නිර්මාණයක් (Uncesored Trailer Included)

අමීර් ඛාන් නිෂ්පාදනය කරපු Delhi Belly චිත්‍රපටය මේ වසරේ තිරගත වුනු සාර්ථක වගේම ටිකක් කථා බහට ලක්වුනු චිත්‍රපටයක් මේ ගැන හැඳින්වීමේ ලිපියක් අපි ඔබට ඉදිරිපත් කලා මෙතනින් ඒ ලිපියට පිවිසෙන්න පුලුවන් . මේ වෙනකොට ඩිවිඩි නිකුත් වෙලා තියන චිත්‍රපටියට ආදල විචාරය තමයි මේ ඉදිරිපත් කරන්නේ

කථාව

ටාශි නිතින් සහ අරුප් කියන්නේ දිල්හි නගරයේ අපිරිසිදු මහල් නිවාසයක බොහොම අපිලිවෙල ජීවිත ගත කරන තුන් දෙනෙක් . වෘත්තියෙන් මාධ්‍යවෙදියෙක් වුනු ටාශිත් ඔහුගේ මිතුරනුත් අමුතු ඇබැද්දියකට මුහුණ පාන්නේ ටාශිගෙ පෙම්වතිය ලබාදෙන පාර්සලයක් නිසා . මේ සම්බන්ධ සිදුවීම් ජාලය තමයි බොහොම හාස්‍යෝත්පාදක ආකාරයට දිල්හි බෙලි චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙ


නිල ප්‍රචාරක පටය (uncensored )






අපේ අදහස |Editor's Comments
  • වැඩිහිටි රසාස්වාදයට සුදුසු කොමඩි වර්ගයේ චිත්‍රපටියක් විදිහට තමයි අමීර් කානුත් මේ නිර්මාණය නම් කලේ , ඒ අතින් ඉතාම සාර්ථක ලෙස මේ චිත්‍රපටය එම කාර්යය ඉටු කරනවාය කියල කියන්න පුලුවන් 
  • කොමඩි චිත්‍රපටියක් උනත් අධිරංගනයන් භාවිතා නොකර යථාර්තවාදී  චරිත හා සිදුවීම් හරහා ඒ හාස්‍යය මතු කරන්න නිර්මාණ කරුවා සමත් වෙලා තියෙනව
  • සමාජීය ලක්ෂණ සමහරකට වගේම බොලිවුඩ් සිනමාවේ ඇතැම් තැන් වලට පවා අලංකාර ලෙසින් පහර දෙන්න නිර්මාණ කරුවා සමත් වෙලා තියනව
  • ලිංගික දර්ශන වශයෙන් නම් යමක් නැති උනත් (සිප ගැනීම් හැර ) පාවිච්චි කරන වචන වගේම ඇඟවීම් වගේ දේවල්  නිසා කුඩා දරුවෙකුට නම් කිසිසේත්ම සුදුසු නැ , අඩුම තරමේ වයස 16ක් වත් වුන කෙනෙක්  විය යුතුයි කියලයි අපේ නිර්දේශය 
  • රංගනය , අධ්‍යක්ෂනය , සංස්කරණය ඇතුලු චිත්‍රපටියේ සියලු අංග නිර්මාණයෙ තේමාවට අදාල ඉතාම හොඳ මට්ටමේ පවතිනව කියල කියන්න පුලුවන් 
  • ඉහලින් තියන  නිල ප්‍රචාරක පටය චිත්‍රපටිය පිලිබඳ ඉතාම නිවැරදි සාම්පලයක් කිව්වොත් නිවැරදියි , අනිවාර්යයෙන්ම ඒක බලන්න ඔබේ ඒ විඩියෝව හිතට අල්ලනවා නම් ඔබ චිත්‍රපටියටත් කැමති වෙන එක සහතිකයි 
  • අපි සඳහන් කරල තියන කරුණු කාරණා  ඔය නිල ප්‍රචාරක පටියෙන් බලාගන්න පූලුවන් ,සාමාන්‍ය බොලිවුඩ් රසිකයෙකුට විතරක් නෙවෙයි ඕනිම චිත්‍රපටි රසිකයෙකුට මේ චිත්‍රපටිය අපුරු වින්දනයක් එක කරාවි 
 Our Overall Rating  - 4/5 



චිත්‍රපටියේ හොඳ මට්ටමේ පිටපතක් භාගත කරගැනීමට පහත පද කොපි කරල ගුගල් හරහා සෙවුමක් කරන්න (මීට වඩා  ගුණාත්මක ප්‍රමාණයෙන් විශාල පිටපත් වුනත් සැහෙන්න තියනව . ඔබ කැමති ටොරන්ට් සෙවුම් යන්ත්‍රයකට ගිහින් චිත්‍රපටියෙ නම කොපි කරල පේස්ට් කලොත් අදාල සියලුම පිටපත් ගැන දැනගන්න පුලුවන් )

Delhi Belly - Hindi - DVDRip - XviD - 1CDRip - [DDR]

(ඉහත සෙවුම් පද  දැනුවත් කිරීමේ අරමුණින් පමණක් පල කර ඇත |Above search keywords are posted solely for the information uses )

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them