Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Wednesday, October 26, 2011

Bodyguard චිත්‍රපටියේ විචාරය | Bodyguard DVD Out + Movie Review

සල්මාන් ඛාන් සහ කරීනා කපූර් රංගනයෙන් දායක වුනු Bodyguard  චිත්‍රපටිය ගැන අපි කලින් තොරතුරු ඉදිරිපත් කලා . චිත්‍රපටියට අදාල ඡායාරූප විඩියෝ ආදි සියල්ලම ඒ ලිපියේ අන්තර්ගතයි . මෙතනින් පිවිසිලා ඒ දේවල් ලබා ගන්න කැමති කෙනෙකුට පුලුවන්

බොලිවුඩ් සිනමා ඉතිහාසයේ මේ දක්වා දෙවෙනියට වැඩිම ආදායමට හිමිකම් කියන මේ චිත්‍රපටයේ පිටප්ත් නිකුත් වෙලා තියනව . චිත්‍රපටිය ගැන විචාරය තමයි මේ ඉදිරිපත් කරන්නේ


කථාව

සත්‍රාජ් සිංග කියන සාධාරණ ප්‍රාදේශිය නායකයාගේ දුවගේ ආරක්ෂකයා විදිහට එන්නේ ලව්ලි සිං කියන තරුණය . ලව්ලි කියන්නේ සත්‍රාජ් ගේ පෞද්ගලික ආරක්ෂකයාගේ පුතා . ලව්ලි ගෙ පියා සහ මව මුහුණ දුන් රිය අනතුරකින් පියා මිය ගිහින් . මව  බේරා ගන්නේ සත්‍රාජ්(ලව්ලිව හම්බ වෙන්න මව ගැබ් ගෙන සිටිය නිසා ලවිලි ගේ ජීවිතයත් ආරක්ෂා වෙන්නෙ සත්‍රාජ් අතින් )  . ඒ නිසා ලව්ලිට සත්‍රාජ් ගැන තියෙන්නෙ ලොකු ගෞරවයක්  ........

අපේ අදහස|Editor's Comment

  • සාම්ප්‍රදායික බොලිවුඩ් කථා තේමාවක් උනත් කථාවේ අවසාන කොටසේදී  කථාව හැරෙන්නෙ බොහෝ දෙනෙක් නොහිතන පැත්තකට , එ නිසා වෙනස් ම ආකාරයේ රස වින්දනයක් ලබා ගන්න පුලුවන් 
  • ක්‍රියාදාම චිත්‍රපටයක් වශයෙන් ඉතාම හොඳ ක්‍රියාදාම චලනයන් වල ඉඳන් ඉතාම අසාර්ථක ක්‍රියාදාම චලනයන් දක්වා වෙනස් වෙන ස්ව්භාවයක් තමයි තියෙන්නෙ . චිත්‍රපටියේ භාවිතා කරල තියන ඇතැම් ප්‍රයෝග ආදියේ වෙනස් කම් කිහිපයක් උනා නම් ක්‍රියාදාම සැහෙන්න හොඳ මට්ටමක පවත්වාගන්න තිබුනා
  • චිත්‍රපටියේ අමුතු කලබල කාරි ගතියක් දකින්න තියනවා කිව්වොත් නිවැරදීයි , සමහර රූප රාමු තුලින් කථා කරන්න හදන දේවල් පවා එක්තරා දුරකට අනවශ්‍ය බවක් දකින්න පුලුවන් 
  • චිත්‍රපටියේ චරිතයට වඩා සල්මාන් ඛාන් කියන චරිතය ඉස්මතු වුනු බවක් මුලු චිත්‍රපටිය පුරාම දකින්න ලැබෙනව
  • චිත්‍රපටියේ සංගීතය(ගීත වලදි ) ඉතාම හොඳ මට්ටමේ තිබුනත් පසුබිම් සංගීතයේ භාවිතය නම් ඒතරම් හොඳ නැ , ඒ වගේම සියලුමා ගීත මැදින් ඔබ්බපු ගතිය නිසා ඒවායින් චිත්‍රපටියේ රසාස්වාදයට නම් එතරම් පිටුවහලක් ලැබෙන්නේ නැ 
  • ඉන්දියානු සිනමා රසිකයින් ආදරයෙන් වැලඳ ගත්තත් ශ්‍රි ලාංකික රසිකත්වයට නම් එතරම් හොඳින් මුසුවේවිය කියල හිතන්න අමාරුයි . කොහොම උනත් සරල සිනමාවකට කැමති කෙනෙකුට නම්  සාමන්‍ය මට්ටමේ වින්දයක් ලබා ගන්න ප්‍රමාණවත් .චිත්‍රපටියේ අධ්‍යක්ෂනය හා කැමරාකරණයෙත් සංස්කරණ ශිල්ප ක්‍රම වලත් දකින්න තියෙන්නෙ අසාර්ථක බාවයක් තමයි 
Our Overall Rating -   2.5/5

චිත්‍රපටියේ හොඳ මට්ටමේ පිටපතක් භාගත කරගැනීමට පහත පද කොපි කරල ගුගල් හරහා සෙවුමක් කරන්න 

BodyGuard 2011 Hindi DvDRip XviD AC3 E-SuB [xRG]

(ඉහත සෙවුම් පද  දැනුවත් කිරීමේ අරමුණින් පමණක් පල කර ඇත |Above search keywords are posted solely for the information uses )

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them