Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න
Showing posts with label Priyanka Chopra. Show all posts
Showing posts with label Priyanka Chopra. Show all posts

Friday, December 16, 2011

Don 2: The King Is Back- 23ඳා සිට ලංකාවෙත් ඇතුලුව ලොව පුරා තිරගත වේ ! (Basic details, special Features, Images and Videos collection )

මේ වන විට බොලිවුඩ් රසිකයින් අවධානය තදින්ම දිනාගත් Don 2 චිත්‍රපටිය වන ගැන විවිධ අවස්ථාවල අපි තොරතුරු ඔබ වෙත අරන් ආවා . මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ 23 වෙනිද ඉඳන් ලංකාවේ Majestic city - Platinum සිනමා ශාලාවේත් ඇතුලුව ලොව පුරා තිරගත කිරීම අරඹන ගැන සම්පූර්ණ තොරතුරු එකතුවක් ඉදිරිපත් කරන්න . මේ ලිපියට චිත්‍රපටිය පිලිබඳ මූලික තොරතුරු , ඔබ නොදත් චිත්‍රපටියෙ සුවිශේශතා , ඡායාරූප, විවිධ ආකාරයේ ප්‍රචාරක පට , ගීත විඩියෝ පට එකතු කරල තියනව


කථා මූලය

 ඩොන් 2 ගැන උනන්දුවක් දක්වන හැමකෙනෙක්ම වාගෙ ඩොන් පලවෙනි කොටස බලන්න ඇති . ඇත්තටම මේ චිත්‍රපටියේ කථාව රසවිඳින්න ඒක  බොහොම වැදගත් වෙයි . කලින් චිත්‍රපටිය අවසානයේදී ඉතාම දක්ෂ විදිහට පැනල යන ඩොන් මේ වර අලුත් සැලසුමක් එක්ක එලියට එනව , ඔහු ගේ මේ පාර ක්‍රියාන්විතය පාදක වෙන්නෙ බර්ලින් නගරයට .

චිත්‍රපටියේ සුවිශේෂතා
  • බොලිවුඩ් සිනමාවේ ඇඳුතු(sequals)  චිත්‍රපට කොතෙකුත් තිබුනත් ඒ චරිත කලින් කථාවට සම්බන්ධව ඉදිරියට ගලාගෙන යාම දකින්න තියෙන්නෙ ඉතාම කලාතුරකින් ඩොන් 2 ඒ වගේ එක් අවස්ථාවක්
  • 3D තාක්ෂනයෙන් පිටපත් නිපදවුනු චිත්‍රපටියක් වුනු ඩොන් 2 ඒ සඳහා වඩාත් උචිත කැමරා කාච හොලිවුඩයෙන් ගෙන්වාගෙන තමයි රූගත කරල තියෙන්නෙ . ඒ පසුව 3D කිරීමේ පහසුව සලකල . ඉන්දියාවේ හා ලොස් ඇන්ජලිස් වල කරපු පරීක්ෂන කිහිපයකින් පස්සෙ ෆර්හාන් අක්තාර් තීරණය කරල තියනව චිත්‍රපටිය 3D වලිනුත් පෙන්වන්න
  • ඩොන්2 වල සැහෙන කොටසක් රූගත කරපු ජර්මනිය දැවැන්ත ප්‍රමාණයේ රූගත කිරීම් වලට ඉඩ නොදෙන රටක් විදිහට තමයි ප්‍රසිද්ධ , ජර්මනියේ මෙවැන්නක් කරපු පලමු ඉන්දියානු චිත්‍රපටිය වෙන්නෙ ඩොන් 2 . ශාරුක්ට ජර්මනිය තුල තියන ජනප්‍රියතාව අවසර ලබාගන්න එක පහසු කලාය කියලයි කියන්නේ . මීට පෙර ජර්මනියේ මේ වගේ දැවැන්ත රූගත කිරීමක් කරල තියෙන්නෙ ටොම් කෘස් සහ බ්‍රැඩ් පිට් පමනයි  
  • අන්තර්ජාතික සටන් අධ්‍යක්ෂක වරයෙකු වුනු

    Wolfgang Stegemann

     තමයි චිත්‍රපටියෙ සටන් අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ . ෂාරුක් සහ ප්‍රියංකා ඔහුගේ උපදේස් මත ශරිර ප්‍රමානය සකස් කරගැනීමේ කටයුතු මාස කිහිපයක සිට කලාය කියලයි කියන්නේ . ඒ වගේ සියලුම ක්‍රියාදාම දර්ශන මේ දෙදෙනා විසින්ම කලාය කියලයි වාර්ථා වෙන්නේ
  • ඩොන් 2 වෙනුවෙන්  සකස් කල ගීත විඩියෝ සහ ප්‍රචාරක දෙබස් කණ්ඩත් වෙනස්ම ආකාරයේ ප්‍රචාරන ක්‍රම විදිහට හඳුන්වන්න පුලුවන්

Image Collection











Videos

Trailer (with English subs )





Dialog Promos[1-6]





















Songs












23 වෙනිදා ඉඳන් ඔබටත් සිගිරි කටුගස්තොට සහා මැජස්ටික් සිටි සිනමා ශාලා වලදි ඩොන් 2 නරඹන්න පුලුවන් හැකි විගස චිත්‍රපටිය පිලිබඳ විචාරයක් ඔබ වෙත අරන් එන්නත් බලාපොරොත්තු වෙනවා

Friday, November 11, 2011

DON 2 චිත්‍රපටියේ ගීතයක කොටසක් රසවිඳින්න කැමතිද[Video Included ]

ෂාරුක් ඛාන්ගෙ රංගනයෙන් හැඩවුනු Don 2  චිත්‍රපටය ගැන අපි ඔබට වරින් වර තොරතුරු අරන් ආවා . අවසන් වශයෙන් ඉදිරිපත් කලේ නිල ප්‍රචාරක පටය . මෙතනින් ඒ ලිපියට යන්න පුලුවන් . මේ වෙන කොට චිත්‍රපටියේ එක් ගීතයක රූප රාමු කොටසක් නිකුත් වෙලා තියනව , ඒක තමයි පහලින් අඩංගු කරල තියෙන්නෙ ඒක බලල ඔබේ අදහසත් සටහන් කරන්නකො . මේ තොරතුරු වඩාත් ඉක්මනින් දැන ගන්න අපේ ෆේස්බුක් පිටුවට එකතු වෙන්න කියලත් ආරාධන කරනව











Monday, October 24, 2011

Don 2 : The Chase Continues ප්‍රචාරක පටය |Don 2 : The Chase Continues Theatrical Trailer

Force චිත්‍රපටිය ගැන ලියවුනු ලිපියෙන් පස්සේ කිසිම ලිපියක් බොලිවුඩ් සිංහලෙන් අඩවියට එකතු කරන්න හැකියාවක් ලැබුනේ නැ , අඩවියේ කතුවරුන් සියලු දෙනාම ටිකක් කාර්ය බහුල වුනු නිසා . මේ කාලයේදී තොරතුරු ඉදිරිපත් කරන්න අතපසු වුනු චිත්‍රපට සංඛ්‍යාව සැහෙන්න විශාලයි . ඒවා ගැනත් හෙමිහිට  තොරතුරු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා .

කාලයකට පස්සෙ ලියන මේ ලිපිය වෙන්වෙන්නේ , අපි කලිනුත් කථා කරල තියන DON 2 චිත්‍රපටිය වෙනුවෙන් .  Don 2 වෙනුවෙන් සැකසුනු පලවෙනි ප්‍රචාරක විඩියෝව සහ මූලික තොරතුරු අපි කලින් ලිපියකින් ඔබ වෙත අරන් ආවා . මේ වෙනකොට චිත්‍රපටියට අදාල "නිල ප්‍රචාරක පටය " නිකුත් වෙලා තියනව . කලින් විඩියෝවට වඩා සැහෙන්න අදහසක් මේ විඩියෝ පටයෙන් ලබා ගන්න පුලුවන් . ඔබට Don පලවෙනි කොටස මතක නම් , අදාල චරිත මතක නම් වල කථාව මොන පැත්තකටද ගලාගෙන යන්නෙ කියන අදහසත් මේ ප්‍රචාරක විඩියෝවෙන් ගන්න පුලුවන් . පහල තියෙන්නෙ ඒ විඩියෝ පටය .  කලින් ලිපියට මෙතනින් පිවිසෙන්න පුලුවන්



Thursday, July 14, 2011

ෂාරුක් ඛාන්ගේ Don 2 චිත්‍රපටයේ පලමු නිල ප්‍රචාරක පටය | First Video Promo of the Don 2

ෂාරුක් ඛාන්ගේ  Don චිත්‍රපටිය  ගැන හැම බොලිවුඩ් රසිකයෙකුටම හොඳින් මතක ඇතිනේ . චිත්‍රපටියේ දෙවන කොටස Don 2 :The  Chase Continues  චිත්‍රපටිය මේ වසරෙදි තිරගත වෙනවාය කියල අපි කිව්වා කලින් ලිපියක්දි . අද ඉදිරිපත් කරන්නේ මේ වෙනකොට නිකුත් වේලා තියන චිත්‍රපටියේ පලමු ප්‍රචාරක පටය සහ පෝස්ටරය . මේ වම් පසින්  දීල තියෙන්නෙ වෙනුවෙන් සැකසුන පලමු පෝස්ටරය . පහලින් තියෙන්නෙ පලමු ප්‍රචාරක පටය .

බොලිවුඩ් සිනමාවේ නිම් වලලු හොලිවුඩ් නිර්මාණ ලක්ෂන දක්වා   පුලුල් වෙලා තියන හැටි මේ විඩියෝවෙන් අපූරුවට දැක ගන්න පුලුවන් .එහෙම නම් ප්‍රචාරක පටිය නරඹලා ඔබේ අදහසත් අපිට කියන්න






මූලික තොරතුරු 


Directed byFarhan Akhtar
Produced byRitesh Sidhwani
Farhan Akhtar
Shahrukh Khan
Screenplay byFarhan Akhtar
Ameet Mehta
Amrish Shah
Story byFarhan Akhtar
Ameet Mehta
Amrish Shah
StarringShahrukh Khan
Priyanka Chopra
Boman Irani
Lara Dutta
Kunal Kapoor
Om Puri
Music byShankar-Ehsaan-Loy
CinematographyJason West
Editing byAnand Subaya
Distributed byExcel Entertainment
Reliance Entertainment
Release date(s)December 23, 2011
CountryIndia
LanguageHindi

Source - wikipedia

ප්‍රචාරක පටය


Souce - bollywoodhungama

කාරුණික ඉල්ලීමයි - අපගේ බ්ලොග් අඩවියේ ලේබල් සටහන් කිරීමේදී ගැටලුකාරී තත්වයක් පැණ නැගී ඇති නිසා  දැනට ලේබල භාවිතා කර ලිපි සොයා ගැනීමට නොහැකි වනු ඇත . ඒ පිලිබඳ අපගේ බලවත් කණගාටුව පල සිටින අතර චිත්‍රපට එකතුව පිටුව හා අනෙකුත් පිටු භාවිතයෙන් ලිපි සොයා ගන්නා මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු 

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them