කථා මූලය
ඩොන් 2 ගැන උනන්දුවක් දක්වන හැමකෙනෙක්ම වාගෙ ඩොන් පලවෙනි කොටස බලන්න ඇති . ඇත්තටම මේ චිත්‍රපටියේ කථාව රසවිඳින්න ඒක බොහොම වැදගත් වෙයි . කලින් චිත්‍රපටිය අවසානයේදී ඉතාම දක්ෂ විදිහට පැනල යන ඩොන් මේ වර අලුත් සැලසුමක් එක්ක එලියට එනව , ඔහු ගේ මේ පාර ක්‍රියාන්විතය පාදක වෙන්නෙ බර්ලින් නගරයට .
චිත්‍රපටියේ සුවිශේෂතා
- බොලිවුඩ් සිනමාවේ ඇඳුතු(sequals) චිත්‍රපට කොතෙකුත් තිබුනත් ඒ චරිත කලින් කථාවට සම්බන්ධව ඉදිරියට ගලාගෙන යාම දකින්න තියෙන්නෙ ඉතාම කලාතුරකින් ඩොන් 2 ඒ වගේ එක් අවස්ථාවක්
- 3D තාක්ෂනයෙන් පිටපත් නිපදවුනු චිත්‍රපටියක් වුනු ඩොන් 2 ඒ සඳහා වඩාත් උචිත කැමරා කාච හොලිවුඩයෙන් ගෙන්වාගෙන තමයි රූගත කරල තියෙන්නෙ . ඒ පසුව 3D කිරීමේ පහසුව සලකල . ඉන්දියාවේ හා ලොස් ඇන්ජලිස් වල කරපු පරීක්ෂන කිහිපයකින් පස්සෙ ෆර්හාන් අක්තාර් තීරණය කරල තියනව චිත්‍රපටිය 3D වලිනුත් පෙන්වන්න
- ඩොන්2 වල සැහෙන කොටසක් රූගත කරපු ජර්මනිය දැවැන්ත ප්‍රමාණයේ රූගත කිරීම් වලට ඉඩ නොදෙන රටක් විදිහට තමයි ප්‍රසිද්ධ , ජර්මනියේ මෙවැන්නක් කරපු පලමු ඉන්දියානු චිත්‍රපටිය වෙන්නෙ ඩොන් 2 . ශාරුක්ට ජර්මනිය තුල තියන ජනප්‍රියතාව අවසර ලබාගන්න එක පහසු කලාය කියලයි කියන්නේ . මීට පෙර ජර්මනියේ මේ වගේ දැවැන්ත රූගත කිරීමක් කරල තියෙන්නෙ ටොම් කෘස් සහ බ්‍රැඩ් පිට් පමනයි
- අන්තර්ජාතික සටන් අධ්‍යක්ෂක වරයෙකු වුනු
Wolfgang Stegemann
තමයි චිත්‍රපටියෙ සටන් අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ . ෂාරුක් සහ ප්‍රියංකා ඔහුගේ උපදේස් මත ශරිර ප්‍රමානය සකස් කරගැනීමේ කටයුතු මාස කිහිපයක සිට කලාය කියලයි කියන්නේ . ඒ වගේ සියලුම ක්‍රියාදාම දර්ශන මේ දෙදෙනා විසින්ම කලාය කියලයි වාර්ථා වෙන්නේ - ඩොන් 2 වෙනුවෙන් සකස් කල ගීත විඩියෝ සහ ප්‍රචාරක දෙබස් කණ්ඩත් වෙනස්ම ආකාරයේ ප්‍රචාරන ක්‍රම විදිහට හඳුන්වන්න පුලුවන්
Image Collection
Videos
Trailer (with English subs )
Dialog Promos[1-6]
Songs
23 වෙනිදා ඉඳන් ඔබටත් සිගිරි කටුගස්තොට සහා මැජස්ටික් සිටි සිනමා ශාලා වලදි ඩොන් 2 නරඹන්න පුලුවන් හැකි විගස චිත්‍රපටිය පිලිබඳ විචාරයක් ඔබ වෙත අරන් එන්නත් බලාපොරොත්තු වෙනවා
0 comments:
Post a Comment