කථාව
බාරොන් ඉන්ඩස්ට්‍රිස් කියන්නෙ පරිඝනක තාක්ෂණය ආශ්‍රිතව කටයුතු කරන සමාගමක් . නූතන ලෝකයේ සන්නිවෙදන උපකරණ වල තරංග හුවමාරු වීම භාවිතා කරල , ඒ හරහා වර්ටුවල් ලෝකයක් (වස්තූන් ) සැදීමේ හැකියාවක් මේ සමාගම විසින් හොයා ගන්නව . මේ අතර තමයි අලුත් පරිඝනක ක්‍රිඩාවක් නිපදවීමේ කාර්යභාරය මේ සමාගමට පැවරෙන්නේ .ශේකර් සුබ්‍රමනියම් කියන දකුණු ඉන්දියානු පරිඝනක විද්‍යාඥයාට තමයි මේ ක්‍රිඩාව නිර්මාණය කිරීමේ මූලිකම වගකීම පැවරෙන්නෙ . ශේකර්ගේ පුතාගේ ඉල්ලීමක් විදිහට ශේකර් මේ ක්‍රිඩාවේ දුෂ්ට චරිතය නිර්මාණය කරන්නේ වීරයාගේ චරිතයට වඩා ශක්තිමත් විදිහට . මේ චරිතය තමයි රා-වන් . ඉතාම ප්‍රභල චරිතයක් විදිහට නිර්මාණය වෙන රා-වන් , අර කලින් කිව්ව බාරොන් සමාගමේම තාක්ෂනය භාවිතා කරල සැබැ ලෝකයට එන්න සමත් වෙනව ...
අපේ අදහස|Editor's Comment
- රා.වන් චිත්‍රපටය නිර්මාණය වුනේ බොලිවුඩ් සිනමාවේ ඉහලම වියදමක් දරා නිර්මාණය කරපු චිත්‍රපටිය විදිහට . චිත්‍රපටියේ අඩංගු ප්‍රයෝග හා ක්‍රියාදාම දර්ශන බොලිවුඩයේ මෙතෙක් දකින්නට ලැබුන ඉහලම ගණයේ ඒවා නිසා ඒ වියදමට සාධාරණය ඉටු වෙලා තියන බව කියන්න පුලුවන්
- චිත්‍රපටයේ තේමාවට අදාලව ශබ්ද හා නාදයන් වගේම සිනමාත්මක භාවිතාවනුත් සංස්කරණ ක්‍රමවේදයනුත් භාවිතා කරල තියන නිසා , මේ චිත්‍රපටය බොලිවුඩයට සිනමාවේ නව මානයක් එකතු කලාය කිව්වොත් නිවැරදියි
- සාමාන්ය්යෙන් හොලිවුඩ් සිනමාවෙ දකින්නට ලැබෙන කථාතේමාවක් එක්ක , ඊට අදාල ක්‍රියාදාම ප්‍රයෝග ආදිය භාවිතා කරන ගමන් වුවත් ඉන්දියානු සිනමාවට ආවෙණික රසයන් වුනු ගීත හා නර්ථන භාවිතා කරන්නත් , කථාව තුලත් ඉන්දියානු සමාජීය ලක්ෂන රඳවා ගන්නත් නිර්මාණ කරුවා සමත් වෙලා තියනව
- චිත්‍රපටිය ගැන සඳහන් වුනු කිසිම තැනක චිත්‍රපටිය හාස්‍යෝත්පාදක නිර්මාණයක් බව පෙන්නුම් කලේ නැතත් ඉතාම නිරායාසයෙන් මුල සිට අග දක්වාම ප්‍රේක්ෂකය සිනහ ගන්වන දර්ශන රා-වන් චිත්‍රපටියේ අඩංගුයි
- සුපිරි වීර කථා ප්‍රිය නොකරනය අයට නොගෑලපුනත් වෙනත් ඕනැම කෙනෙකුට කිසිම ගැටලුවකින් තොරව රසවිඳින්න පුලුවන් නිර්මාණයක් බව සටහන් කරන්න පුලුවන් . නමුත් කැමරා කොපියක් භාගත කරගෙන නම් ඒ දේ කරන්න බැරි වෙයි , ඒ නිසා සිනමා ශාලාවේ නැරඹීම හෝ ඩිවිඩි නිකුත් වෙන තෙක් ඉවසා සිටීම කාරණා දෙකෙන් එකක් තෝරාගැනීම වඩා යෝගයයි
- මුලු වෙලාව තුල කිසිම කම්මැලි කමකින් තොරව පරිපූර්න සිනමා අත්දැකීමක් ලබාදෙන නිර්මාණයක් වුනත් අඩු පාඩු කිහිපයකුත් දකින්න නැතුවා නොවෙයි
- චිත්‍රපටයේ කථාවට අනුව බාහිර පුදගල්යින් සම්බන්ධවෙන , අවස්ථා රාශියක් (ස්ටේසමක් කඩාගෙන පාරට එන දුම් රියක් , තට්ටු දෙකේ බස් රථයක් දෙබැ කරගෙන යන ජීප් රථයක් වැනි ) , තිබුනත් මේ කිසිම අවස්ථාවක් ගැන බාහිර සමාජයේ අවධානය එම අවස්ථාවෙන් පසුවට යොමු වෙන බවක් කථාව තුල නැහැ .නිති රීති ඉතාම ක්‍රමානුකුලව ක්‍රියාත්මක වෙන එංගලන්තයේ මහ පාරක ලොකු කැලඹීමක් ඇති කරල පොලිස් අවධානයක් ඇති වුනු බවක් නැතුව ඉන් මාස ගණනකට පස්සෙ එංගලන්තයටම එන එක ඒකට එක උදාහරණයක්
- විද්‍යා ප්‍රභන්දයක් වශයෙන් නම් කලත් අදාල සිදුවීමේ විද්‍යාතමක පසුබිමට කථාවේ ලැබෙන්නෙ පොඩි අවධානයක , ඒ නිසා ෆැන්ටසි පැත්තට වඩාත් බරව කථාව විග්රහ කරන්නත් පුලුවන් කම තියනව
- සුපිරි වීර කථාවක් වශයෙන් පවුලේ සැමටම නරඹන්න තියන චිත්‍රපටයක් වශයෙන් චිත්‍රපටියේ හාස්‍ය මතු කරන්න භාවිතා කරල තියන ඇතැම් ඉඟි ආදිය කුඩා ලමුන්ට ගෝචරද කියන ගැටලුව තියනව
- බොලිවුඩ් නිර්මාණයක් වශයෙන් ඉතාම සාර්ථක වුනත් ප්‍රයෝග භාවිතයේදී සැලකිලිමත්ව් විය යුතුයි කියා සිතෙන තැන කිහිපයකුත් චිත්‍රපටියේ දකින්න තියෙයි
01) Buy DVD - From Amazon , From Ebay (Recommanded )
02) Download Page 01 , Page 02 (5.1 Audio ) (NOT recommanded)
Attention
02) Download Page 01 , Page 02 (5.1 Audio ) (NOT recommanded)
Attention
01) Amazon|eBay සම්ඟ ඔබගේ ගණුදෙනු සම්බඳයෙන් අප වග කියනු නොලැබේ| We do not have any responsibility on your actions with eBay |Amazon
2 comments:
මටනම් හරියන්නේ නැ
වෙන ෆිල්ම් 10 විතර කෑලි කෑලි ගොඩක් විතරයි නේ
මේක දැවැන්ත නිර්මාණයක් වුණා අවසාන ජවනිකා කිහිපය
G.one හා Ra.one අතර තරඟය සිදුවන්නේ කොහේද ඒ පසුබිම ඇතිවන අයුරු නිර්මාණ කරුවා ඉදිරිපත් කරන්න අපොහොසත් වෙනවා. නිරපරාදේ මුදල් හා කාලය වැය කිරීමක්. මේවන විට ඉන්දියානු සිනමාව ඉන්දියානු ආකෘතියෙන් බැහැර වෙලා හොලිවුඩ් ආකෘති අනුගමනය කරනවා දැනෙනවා.
නුමුත් කොලිවුඩය හා තෙලිඟු සිනමාව තවමත් ඔවුන්ගේ අන්‍යනතාවය රැකගන්නවා
Post a Comment