කතන්දරය ඇරඹෙන්නේ Murder චිත්‍රපටියේ ප්‍රධාන නිලිය ජැකොලයින් බව ප්‍රකාශයට පත් වීමෙන් . Murder පලවෙන් චිත්‍රපටියත් ඉතාමත් ආන්දෝලනයට ලක්වූ චිත්‍රපටියක් ඒ වගෙම එකේ රගපාපු, Serial Kisser කියන අනුවර්ත නාමයෙන් හඳුන්වන ඉම් රාන් හස්ම් Murder 2 චිත්‍රපටියෙත් ප්‍රධන නලුවා වීමත් නිසා ජැකොලයින් ගේ චරිතය ගැනත් කතා බහ ඇති උනා .
ජැකොලයින් මේ ගැන අදහස් දක්වමින් කියා සිටියේ චරිතයක අවශ්‍යතාවය වෙනුවෙන් නිරුවත් දර්ශනයක රඟපැමට තමන් සූදානම් කියන එකත් රංගන ශිල්පිනියක් විදිහට එය අභියෝගයක් ලෙසට තමා සලකනව කියන එකත්
ජැකොලයින් ගේ මේ අදහස් දැක්වීමත් එක්ක ගොඩ දෙනෙක් උනන්දු උනේMurder 2 චිත්‍රපටියෙ ජැකොලයින්ගේ චරිතය මොනවගේ වේවිද ? චරිතය ඉල්ලා සිටින මේ දර්ශන මොනවාද? කියන එක දැනගන්න .
මේ ගැන අදහස් දැක්වූ චිත්‍රපටියේ අධ්‍යක්ෂ මෝහිත් සූරි ගේ ප්‍රකාශයෙන් තමා මේ උණුසම තවත් වැඩිවෙන්නේ
ඔහු පිලිගන්නව කියන්නේ Murder 2 සාරාගී දර්ශන පිරුන නිර්මානයක් කියල ඔහු ඒකට හේතු දක්වන්නේ මේ විදිහට " මීට වසර පහකට කලින් වැඩිහිට දර්ශන කියන්නේ මහා විශාල දෙයක් , සිප ගැනීම් දර්ශන 17 කින් හා මල්ලිකාගේ පිටුපස යන්තම් පෙනෙන දර්ශන්යකින් උනත් ප්‍රේක්ෂකයින් උද්දාමයට පත් උනා නමුත් අද තත්වය වෙනස්....අද ඊට වඩා වැඩි දෙයක් අවශ්‍ය වෙනවා.."
නමුත් බොහෝදෙනක් උනන්දු උන කාරනය ඒ කියන්නේ ජැකොලයින් මේ චිත්‍රපටියෙ සම්පූර්න නිරුවතින් රඟපානවද කියන කාරනය නම් මෝහිත් හෙලි කරන්නේ නැහැ . ඔහු එ ගැන කියන්නෙ මෙහෙම
" මට කියන්න පුලුවන් මෙච්චරයි චරිතය ඉල්ලා සිටින්නේ යම් තාක්ද ඇය ඒ දේ ඉටු කරනවා , මේ චිත්‍රපටියෙ ඇගේ චරිතය වෙන්නේ PlayBoy සඟරාවට සමාන වන ඉන්දියනු වැඩිහිටි සඟරාවක නිරූපන ශිල්පිනියකගෙ චරිතය .ඔබට ඒ අනුව හිතාගන්න පුලුවන්නෙ .....ජැකොලයින් මාත් එක්ක සඳහන් කලා මෙහෙම "මගේ කලින් නිර්මාන කුඩා ලමයින්ට(for samll boys) ඒ නිසා Murder 2ලොකු ලමයින්ට(for big boys ) විය යුතුයි කියලා" . කොහොම උනත් මට සහතික කරල කියන්න පුලුවන් ඔබ මෙතෙක් දැක තිබෙන සියලුම සරාගි දර්ශන වලට වඩා ඉතා වැඩි යමක් ජැකොලයින් Murder 2 හිදී සිදු කරනව කියන එක "
මෝහිත් කියන විදිහට Murder වලින් කතාවෙන්නේ ගණිකාවන්,ගණිකාවන් සපයන්නන්(pimps),transvestities ,Gogilos වගෙ අය සම්බන්දයෙන් ,
ජැකොලයින්ව සරාගී තලයේ චරිතයක ගැනීම අභියෝගයක් වන බවත් මෝහිත් කියා සිටිනව
Murder 2 ගැනත් , ජැකොලයින්ගෙ චරිතය ගැනත් ඒ ගැන මෝහිත් සඟවන කරුනුත් ඒ කියන්නේ ජැකොලයින් සම්පූර්ණ නිරුවත් දර්ශනයක් රඟපානවද නැද්ද කියන එක ගැනත් හරියටම දැන ගන්න තව කල් තියනව . කොහොම උනත් මෙතෙක් බොලිවුඩ් ඉතිහාසයේ සාරාගී බව හා නිරුවත් දර්ශන වැඩිම චිත්‍රපටය Murder 2 බව චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාම ප්‍රකාශ කරන නිසා මේ ගැන බොහෝ අදහස් වගේම ප්‍රබල විරෝදතාත් එල්ල වෙලා තියනව ,
විරුද්ධ ද ? නැද්ද කියන එක ඔබේ මතය ඒත් හොඳ නිර්මානයක් වෙනුවෙන් කලාත්මකව යොදාගන්න නිරුවත් දර්ශනයක් කියන්නේ ගැටලුවක් නෙවෙයි කියලයි මම හිතන්නේ , ඒ නිසා හොලිවුඩ් නිර්මාන වල ඒ වගෙ දර්ශන නිතර අඩංගු වෙත්දි බොලිවුඩ් නිර්මානයක අඩංගුවෙනකොට විතරක් විරුද්ධ වෙන්නේ ඇයි කියන එකත් මට නම් ප්‍රශ්නයක් ...
More Jacqueline Fernandez Wallpapers




