කථාව
හැරි(ශහිඩ් කපූර්) කියන්නේ පන්ජාබයේ ජීවත් වෙන බොහොම විනෝද කාමී තරුණයෙක් , ආයත්(සෝනම් කපූර් ) කියන්නේ කාශ්මීරයේ මුස්ලිම් තරුණියක් . කාශ්මීරයේ ඇතිවන ගැටුම් එක්ක ආයත්ට පන්ජාබයේ හැරි ඉන්න ගමටම ටික කාලයකට එන්නට සිදුවෙනව . බොහොම නිහඬ තැන්පත් තරුණියක් වුනු ආයත් සහා හැරි අතර දෙදෙනා ගැන නිහඬ ආදරයක් ඇතිවුනත් , ආයත්ට හදිසියේ පන්ජාබයෙන් පිටවෙන්නට සිදුවෙන්නෙ යන තැනක් ගැන සටහනක් වත් නොතියා , ඒත් එක්කම ඉන්දිය ගුවන් හමුදාවට තේරී පත්වෙන හැරීටත් ආයත් ගැන තොරතුරක් දැනගන්න නොලැබි සිත් තුලම සැඟවුනු ආදරයත් එක්ක කල් ගෙවන්නේ ඔවුන්ගෙ ඊලඟ අහඹු හමුවීම තෙක්
අපේ අදහස |Editor's Comment
- චිත්‍රපටිය ඉතාම ලස්සන ආදර කථාවක් රැගත් චිත්‍රපටියක් විදිහට හඳුන්වාදෙන්න පුලුවන් . ආදර කථාවත් එක්කම ත්රස්තවාදයට තියෙන්නෙ ජාති ආගම් බෙදයක් නොව මනුස්සකම සහ අමනුස්ස කම අතර වෙනසක් බවත් නිර්මාණ කරුව මතු කරන්න උත්සහා කරල තියනව
- චිත්‍රපටියේ ආදර කතන්දරයට අනුරූපව දෙබස් හා රූප තුලින් ඉහල මට්ටමේ(classic) සිනමා ලක්ෂන මතුකරන්නත් සිනමා කරුවා උත්සහා කරල තියනව
- ආරම්භක අවස්ථාවේ සාම්ප්‍රදායික කථාවක් කියල හිතුනත් කථාව ගලාගෙන යත්දි සිදුවෙන අහඹු , අපි නොසිතන ආකාරයේ සිදුවීම් එක්ක චිත්‍රපටියට අපූර්වත්වයක් එකතු වෙලා තියනව
- චිත්‍රපටියේ තියන ප්‍රධානත ම ගැටලුව වෙන්නෙ ඉතාම දිගු වෙන එක . පැය දෙක හමාරක කාලයක් දක්වා දිව යන චිත්‍රපටියේ රිද්මය අනුව ඒකාලය ඉතාම දිග වැඩියි . ඒ නිසා කම්මැලි ගතියක් දැනෙනවා යම් තාක් දුරකට
- චිත්‍රපටියේ මන්දගාමි රිද්මය කථාවට උචිත වුනත් සමහර සිදුවීම් හා රූප රාමුත් එක්ක අනවශ්‍ය මට්ට්මේ කාලය ගත කිරීමක් කරනවා කියල කියන්න පුලුවන්
- මනරම් සංගීතය චිත්‍රපටියට එක් පැත්තකින් ආලෝකයක් එකතු කලත් අනවශ්‍ය විදිහේ කාලය කැමක් ඒ හරහාත් වෙච්ච බවක් කියන්න පුලුවන්
3 comments:
review එකේ අන්තිම කරුණු තුන කියෙව්වම බාල වැඩක් නැහැ කියල හිතුවා.
මේ චිත්‍රපටයේ ගිත වලට නම් මම කැමති නැ
http://www.bargainholidaycottages.co.cc
nice site to every thing
Post a Comment