Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න
අප්‍රෙල් මාසෙ 29 ඉඳන් තිරගතවෙන කොමඩි වර්ගයට අයිති චිත්‍රපටියක් ගැනයි මේ කියන්න යන්නේ , චිත්‍රපටියේ නම Naughty@40 . ප්‍රධාන චරිතය රඟපාන්නේ හාස්‍යෝත්පාදක චිත්‍රපටිවලට ගැලපෙනම රංගන ශිල්පියෙක් වෙන ගොවින්ද . වයස 40 දිත් අවිවාහක පුද්ගලයෙකු විවාහ කරදිමට දෙමව්පියන් දරන උත්සාහය සහ ඔහුගේ ආදර කතාවන් තමයි චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නේ .
ගෝවින්දා රඟපාන චිත්‍රපටියක තියන සාමාන්‍ය ලක්ෂන රැඳිල තිබුනත් එතරම් හොඳ නිර්මානයක් නොවන බව තමයි සම්හර විචාරකයින් පවසල තියෙන්නෙ . විශේෂයෙන්ම චිත්‍රපටියේ අඩංගුවන දෙපිට කැපෙන විහිලු වලට වඩා දෙයක් එහි නැ කියල තමයි විචාරකයො කියන්නෙ ,
අධ්‍යක්ෂනය-ජග්මෝහන් මුන්ද්‍රා
සිනමාකරනය-කබිර් ලාල්
සංගීතය- මොන්ට්ය් ශර්මා
සංස්කරනය-අස්වික් මක්‍රානි
රංගනය-ගෝවින්ද, යුවිකා චෞද්‍රි,අනුපම් කෙර්, ශක්ති කපුර්
ගීත එකතුව
http://www.songs.pk/indian/naughty_40_2011.html
( Above LINKS have been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL AUDIO CDs or to download from AUTHORIZED web sites )
ඡායාරූප
More Naughty at 40 Wallpapers
පූර්ව ප්‍රචාරක පටය
මාධවන්ගේ රංගනයෙන් හැඩවුන Tanu Weds Manu චිත්‍රපටය තිරගත වීම ගැන අපි ඔබව දැනුවත් කලා .අඩවිය ක්‍රියා කාරි නොවුන කාලය තුලදි මේ චිත්‍රපටියේ DVD පිටපත නිකුත් උනා .මේ ලිපියෙන් ඩිවිඩි පිටපත වගේම චිත්‍රපටියේ පසුවිපරමත් (review) ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනව .
අධ්‍යක්ෂනය - අනද් එල් රායි
නිෂ්පාදනය - විනොඩ්ග් බච්චන්
සංගීතය- ක්‍රිස්නා
කැමරා අධ්‍යක්ෂනය - චිත්‍රන් දාස්
රංගනය - මාධවන් , කංගනා රනාවුට් , ජිමි ශේග්‍රිල්
කලින් ලිපියට -
මෙතනින්
කතාව
මානු කියන විදේශ ගත ඉන්දියානු තරුණ වෛද්‍යවරය නැවතත් තමන්ගේ මවු රටට එන්නෙ දෙමව්පියන්ගේ ඉල්ලීම මත විවාහ වෙන්න සුදුසු මනමාලියෙක් හොයා ගන්න . ටානු කියන දඟකාර තරුණියව තමයි මෙයාට මුලින්ම ජෝඩු කරන්නේ . මානු ටානුව දැක්ක ගමන් කැමති උනත් ටානු නම් එහෙම නැ , මොකද එයාට පෙම්වතෙක් ඉන්නව . ටානුගේ විරෝධය නිසා මානුට මේ විවාහය ප්‍රතික්ෂේප කරන්න සිද්ධ උනත් ඔහුගේ හිතේ ටානු ගැන ආදරයක් ඇතිවෙනව .ඊට පස්සෙ මොකද වෙන්නේ කියල චිත්‍රපටිය බලලම තමයි දැනගන්න වෙන්නෙ.
Editor's Comment
- ටිකක් වෙනස් විදිහේ කතාවක් වීම නිසා බලන කොට පොඩි රසයක් දැනෙනවා , නමුත් කතාවේ තියන ගුණාංග සිනමාත්මකව නිරුපනය වෙලා තියන විදිහ ගැන නම් එච්චර සැහීමකට පත් වෙන්න බැ
- ප්‍රධාන රංගන ශිල්පීන් දෙන්නා ඇතුලුව අනෙකුත් ශිල්පීන්ගෙත් රංගනය නම් ඉතාම ඉහලයි
- තියන ගීත ඒ තරම් ලස්සන නැතත් පසුබිම් සංගීතයෙ භාවිතය ඉතාම හොඳින් තියනව
- සිනමාකරනය , සංස්කරනය වගේ දේවල් වලත් කියන්න තරම් අඩුපාඩුවක් නැහැ
- කොමඩි ගනයට දාල තිබුනත් ඒ අතින් නම් ඇති දයක් නැතිම තරම්
- මේක බොහොම ජනප්‍රිය වුන නිර්මාණයක් , නිරන්තර බොලිවුඩ් රසිකයෙකුට වගේම සරල සිනමාවට කැමති ඕනිම කෙනෙකුටත් මේ චිත්‍රපටය නිර්දේශ කරන්න පුලුවන්
(පහලින් තියන රේටින් එකත් සමහර විට අදහසක් ගන්න උදව් වෙයි )
Ratings
- Direction - 2/5
- Celebrities' Performance - 3.5/5
- Story - 3/5
- Script - 2.5/5
- Cinematography - 2.5/5
- Music - 2.5/5
- Choreography - 2.5/5
- Art Direction - 2.5/5
- Action - N/A
- Editing - 2.5/5
- Special Effects - N/A
- OVERALL - 2.75/5
පහත සබැඳි වලින් එක එක වර්ගයේ පිටපත් තමයි දීල තියෙන්නේ , චිත්‍රපටයේ ස්වභාවය අනුව අඩුම ධාරිතාවෙ එක තමයි මම නම් අනුමත කරන්නෙ
http://thepiratebay.org/torrent/6280552
http://thepiratebay.org/torrent/6283328
http://thepiratebay.org/torrent/6364978/Tanu_Weds_Manu_-_Blu-Ray_-_720p_-_x264_-_DTS_-_[DDR]
( Above LINKS have been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL DVDs and Blu rays or to download from AUTHORIZED web sites )