Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Friday, August 5, 2011

දැනට ලංකාවේ තිරගතවෙන Zindagi Na Milegi Dobara චිත්‍රපටිය පිලිබඳ විචාරයක් !

බොලිවුඩ් සිංහලෙන් අඩවිය හරහා චිත්‍රපටි ගනනාවක විචාර ඉදිරිපත් කරල තිබුනත් ඒව සියල්ලම අයිති වෙන්නේ DVD Reviews ගනයට .  මේ විචාරය තමයි පලමු වතාවට දැනට තිරගතවෙන චිත්‍රපටියක් පිලිබඳ ලියවෙන සැබැ Movie Review එකක් වෙන්නේ . චිත්‍රපටිය දැනට සැවොයි  සිනමා හලේ තිරගත වෙන Zindagi na Milegi Dobara චිත්‍රපටිය . චිත්‍රපටියට  අදාල ඡායාරූප , විඩියෝ සහ මූලික තොරතුරු මෙතනින් ගිහින් බලාගන්න පුලුවන්

කථාව

කබීර්, ඉම්‍රාන් , සහ අර්ජුන් කියන්නේ පාසල් වියේ මිතුරන් තිදෙනෙක් . කබීර්ගේ විවාහයට කලින් බැච්ලර් පාටිය වෙනුවට මේ අය තෝරගන්නේ බැච්ලර් ට්‍රිප් එකක් . ඒ ස්පාඤ්ඤයට සංචාරයක් නිකන් නෙවෙයි ඇඩ්වෙන්චර් සංචාරයක් . සංචාරය සුදානම් කරන ඉම් රාන් ගේ ඒ වෙනුවෙන්  තව සැඟවුනු අරමුණකුත් තියෙයි . එක් එක් කෙනාගෙ තෝගා ගැනිම් අනුව වීර ක්‍රියා කරන්න බලාපොරොත්තු වෙන මේ සංචාරයේදී මේ අයගේ ජීවිත වල වටිනාකම් , හැඩරුව වෙනස් වෙන්නේ හරිම අපූරු විදිහට ... වැඩිය විස්තර කලොත් රසය නැතිවෙන නිසා කථාව ගැන ඔය ඇති

අපේ අදහස | Our Comment
  • බොලිවුඩ් සිනමාවේ සාමාන්‍ය්යෙන් දකින්න නොලැබෙන ආකාරයේ තාත්වික බවක් මේ චිත්‍රපටියේ දකින්න ලැබෙනවා , විශේෂයෙන් බටහිර චිත්‍රපටිවල දකින්න තියන ආකාරයේ , කොහොම  උනත් ඒ අතරම බොලිවුඩ් සිනමාවට ආවෙනික ලක්ෂනත්, සිනමාත්මක ලක්ෂනත් හොඳින් සුරැකිල තියනවාය කියල කියන්න පුලුවන්
  • චිත්‍රපටියේ එන සියලුම සිදුවීම් යථාර්ථවාදී නොවුනත් (පූර්ණ ලෙස යථාර්තවාදි සරල සිනමා නිර්මාණ අඩුයි නේ ) සැහෙන දුරට මේ කථාව යථාර්තවාදියි , අපිට සැබැ ජීවිතයේ දකින්න ලැබෙන , වර්ථමාන ලෝකයෙ තරුණ තරුණියන් තමයි චිත්‍රපටියේ නිරූපණය වෙන්නේ . අදාල චරිතත් ඒ තාත්වික බව සුරැකෙන විදිහට සැකසිලා තියනවා වගේම අදාල රංගන ශිල්පීන් ඊට නියම සාධාරණයත් ඉටු කරනවා
  • ජීවිතයට යමක් එකතු කරන්න සමත් වෙන කලා නිර්මාණ ඉතාම වටිනව , මේ චිත්‍රපටියත් ජීවිතය දිහා අලුත් විදිහට දකින්න විවිධ සිදුවීම්, හා පුද්ගලයින් ඔස්සේ මඟ පෙන්වීම සිදුකරනව
  • මේ  අයගේ සංචාරය වටා දිවෙන නිසා ඉතාම සුන්දර පරිසරයක තමයි මුලු සිනමා නිර්මාණයම ගලා යන්නේ . ඒ සුන්දර පරිසරයේ අලංකාරය නිර්මානයට අදාලව ඉතා සිනමාත්මකව හා අලංකාරවත්ව කැමරා කාචයට එකතු කරගන්න  අධ්‍යක්ෂවරයාත් සිනමා කරන ශිල්පියාත් සමත් වෙලා තියනව
  • ඉතාම සාර්ථකව ගොඩ නංවපු තාත්වික චරිත ,  ඒවාට උපරිම සාධාරනය ඉටු කරමින් රඟපැම අතින් රංගන ශිලිපීන්ගෙ දායකත්වය ඉතාම සාර්ථකයි කියල කියන්න පුලුවන් . සැම රංගන ශිල්පියෙක්ම තමන්ගෙ වගකීම නිසි ආකාරයෙන් ඉටු කරල තියන බවත් පේන්න තියනව
  • ඉතාම හොඳ  හාස්‍යක් මතුවෙන තැන් රාශියක් දකින්න ලැබෙනව , මේ එකක් වත් බලෙන් ඔබ්බපු දේවල් නෙවෙයි චිත්‍රපටියට අදාලව , චරිතවලට අදාලව මූලික කථාව තුල පවතින සිදුවීම්
  • චිත්‍රපටියේ සංගීතය නම් එතරම් විශේෂයක් දකින්න නැ , මීට වඩා ආකර්ෂනීය සංගීතයකට ලොකු වටිනාමක් එකතු කල හැකිව තිබුනා කියල හිතෙනවා
  • සංචාරය වටා දිවෙන කථාවක් නිසා අපිත් ගමනක් යන බවක් තමයි දැනෙන්නේ ... ඒ ස්වාභාවය හා චිත්‍රපටියේ කථා ස්වාභාවයත් නිසා දෙවෙනි භාගයේදී පොඩි කම්මැලි ගතියක් දැනෙනවා චිත්‍රපටිය දිග වැඩියි දෝ කියල
  • අන්තිමට සඳහන් කල කාරනය ඇරුණාම අනිකුත් සියලුම කාරණා අනුව මේ චිත්‍රපටිය  වෙනුවෙන් ඔබගේ කාලය හා මුදල් වැය කිරීම අපතේ නොයවන බව තමයි කියන්න තියෙන්නේ . සති අන්තයේ සිනමා ශාලාවට යන්න බලාපොරොත්තුවක් තියනවා නම් , මේ චිත්‍රපටිය ඒ සඳහා තෝරගන්න හැකියාව තියනවා . මේ චිත්‍රපටිය මේ වෙනවිටත් ඉන්දියාවෙ හා ලෝකය පුරා අති සාර්ථකව තිරගතවෙනව වගේම ඉතාම හොඳ විචාරක සම්මානත් ලබපු නිර්මානයක්  කියන දේත් මතක් කරන්න කැමතියි
  • සිප ගැනීමේ දර්ශනයක් ඇරුණාම වෙනත් රූපමය වශයෙන් දරුවන්ට නැරඹීමේ නොහැකියාවක්  මේ චිත්‍රපටියේ නැ . කොහොම උනත් මේ කථා තේමාව හෝ කථාව කුඩා දරුවෙකුට වැඩකට ඇති දෙයක් නෙවෙයි . අවුරුදු 12ට වැඩි ඕනිම කෙනෙකුට හොඳින් රසවිඳීමේ හැකියාව තියනව
Ratings
  • Direction -3.5/5
  • Celebrities' Performance -3.75/5
  • Story - 3.5/5
  • Script - 3/5
  • Cinematography - 4/5
  • Music -2/5
  • Choreography -25
  • Art Direction - 3/5
  • Action - N/A
  • Editing - 3/5
  • Special Effects - N/A
  • OVERALL -3.5/5

බොලිවුඩ් චිත්‍රපට 4ක DVD නිකුත් වීම

 පහුගිය සතිය තුලදි DVD  නිකුත් වුනු බොලිවුඩ් චිත්‍රපට කිහිපයක තොරතුරු තමයි මේ ඉදිරිපත් කරන්න සුදානම් වෙන්නේ

Budda Hoga terra Baap තමයි පලමුවෙනි චිත්‍රපටිය .මේ නිර්මානය ගැන විස්තර අපි කලින් ලිපි දෙකකින් ඉදිරිපත්කලා .මෙතනින් අවසාන ලිපියටත් , ඒ ලිපිය හරහා මුල් ලිපියටත් ගිහින් වැඩි විස්තර දැන ගන්න පුලුවන් .චිත්‍රපටියට සාමාන්‍යෙන් හොඳ මට්ටමේ විචාරක ප්‍රතිචාර ලැබුනත් එතරම් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් ලැබුනේ නැ , ඒත් චිත්‍රපටිය අඩු වියදම් නිර්මාණයක් නිසා ආර්ථික වශයෙන් සාර්ථක නිර්මාණයක් විදිහට තමයි සැලකෙන්නේ .චිත්‍රපටියේ විචාරය ඉතාම ඉක්මනින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනව


01)අන්තර්ජාලයෙන් මිලදී ගන්නව නම් පහත සබැඳියෙන් eBayවෙත පිවිසිල මිලදී ගන්න පුලුවන්
hhttp://cgi.ebay.com/Bbuddah-Hoga-Terra-Baap-Amitabh-Hema-Hindi-Movie-DVD-/130556761127?pt=US_DVD_HD_DVD_Blu_ray&hash=item1e65ca1427

(eBay සම්ඟ ඔබගේ ගණුදෙනු සම්බඳයෙන් අප වග කියනු නොලැබේ)

02)පහල තියන සෙවුම් පද ඒ විදිහටම කොපි කරල ගුගල් හරහා සෙවුමක් කලොත් පලමු ප්‍රතිපලයෙන්ම පිටපත භාගත කරගන්න පුලුවන්



Bbuddah...Hoga Terra Baap - DVDRip - XviD - [DDR]

 These are just search keywords we do not held any responsibility on the results )
----------------------------------------------------------------------------------------------

ඊලඟ චිත්‍රපටිය Kasmakash  , චිත්‍රපටිය ගැන තොරතුරු කලින් ලිපියකදි අපි කිව්වා . මෙතනින් ඒ ලිපියට පිවිසෙන්න පුලුවන් .මේ චිත්‍රපටියේ බෙංගාලි පිටපතට අදාලව තමයි DVD නිකුත් වෙලා තියෙන්නේ


පහල තියන සෙවුම් පද ඒ විදිහටම කොපි කරල ගුගල් හරහා සෙවුමක් කලොත් පලමු ප්‍රතිපලයෙන්ම පිටපත භාගත කරගන්න පුලුවන්

Noukadubi - DVDRip - XviD - 1CDRip - [DDR]



404:Error Not Found චිත්‍රපටිය ගැනත් අපි කලින් කථා කලා , ඒ කලින් චිත්‍රප්ටිය ගැන කථා කරපු ලිපියෙන්ම තමයි (link ). බොලිවුඩ් සිනමාවේ නව මානයන් සොයා යන ඊලඟ පරම්පරාවේ  Thriller චිත්‍රපටයක් විදිහට තමයි සමහර විචාරකයො චිත්‍රපටිය හැඳින්වුවේ , ප්‍රේක්ෂක ප්‍රතිචාර පිලිබඳව නම් පැහැදිලි තොරතුරක් නැ . මේ චිත්‍රපටිය පිලිබඳවත් විචාරයක් ඔබ වෙත ගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා


පහල තියන සෙවුම් පද ඒ විදිහටම කොපි කරල ගුගල් හරහා සෙවුමක් කලොත් පලමු ප්‍රතිපලයෙන්ම පිටපත භාගත කරගන්න පුලුවන්



404 - DVDRip - XviD - 1CDRip - DDR



 Bindi Bazaar Inc අපිට මීට කලින් කථා කරන්න නොහැකිවුන චිත්‍රපටියක් , Crime |Thriller වර්ගවලට අයත් මේ චිත්‍රපටිය මධ්‍යස්ථ විචාරක හා ප්‍රේක්ෂක සම්මානයට පාට්‍රවුන නිර්මාණයක්  චිත්‍රපටිය ගැන සම්පූර්ණ විස්තර විචාරය ඉදිරිපත් කරන කොටම සටහන්  කරන්නම්


පහල තියන සෙවුම් පද ඒ විදිහටම කොපි කරල ගුගල් හරහා සෙවුමක් කලොත් පලමු ප්‍රතිපලයෙන්ම පිටපත භාගත කරගන්න පුලුවන්

Bhindi Baazaar Inc. - DVDRip - XviD - 1CDRip - DDR

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them