Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Tuesday, June 28, 2011

Naughty@40 - DVD නිකුත්වීම සහ පසුවිපරම

වයස 40 මනමාලයගෙ කතාව කියන නමින් Naughty@40 චිත්‍රපටිය ගැන අපි ඔබට තොරතුරු  කිව්වා . මේ වෙනකොට තිරගත වෙමින් තියන චිත්‍රපටයක් විදිහට ලිව්වත් මේ වෙනකොට ඩිවිඩ් පිටපතත් නිකුත් වෙලා . එහෙම වුනේ ඇයි කියල හිතාගන්න අමාරු උනත් ඔන්න මම ඩිවිඩි පිටපත ගැන දැනුවත් කරන්නත් Review  එකක් කරන්නත් තමයි මේ සුදානම් වෙන්නේ?



චිත්‍රපටියෙ කතාව සම්බන්දයෙන් අලුතේන් දෙයක් එකතු කරන්න නැ ( රසාස්වාදයට බාධානොවෙන පරිදි )ඒ නිසා කෙලින්ම අපේ අදහස් වලට එන්නම් .

කලින් ලිපිය නොබලපු කෙනෙකුට මෙතනින් ගිහින් ඒක බලන්න හැකියාව තියනව


Editor's Comment

විචාරකයො කියල තිබුන වගේම බොහොම කණගාටුදායක චිත්‍රපටියක් කියල තමයි කියන්න තියෙන්නෙ . චිත්‍රපටියේ කිසිම අංගයක් සැලකිය යුතු මට්ටමක ඇත්තෙ නැහැ චිත්‍රපටියේ කතා වස්තුව නම් හොඳයි නමුත් තිර රචනය ඒකෙ වටිනාකම විනාශ කරලයි තියෙන්නෙ  . ගෝවින්දගේ රංගනය උනත්  තිරරචනය විසින් අනාත කරලයි තියෙන්නේ .චරිත සියල්ලගේම තියෙන්නෙ අධිරංගන ස්වාභාවයක් ඒක රංගන ශිල්පීන්ගෙ වරද නම වෙන්න් බැ තිර රචනයේ හා අධ්‍යක්ෂනයේ තමයි අවුල.  හිනා යන තැන් නම් චිත්‍රපටියේ එමට තියනව ඒත් කතාවෙ අසාර්ථක කමත් එක්ක ඒව ගැන අවධානය යොමු වෙන්නෙ ඉතාම අඩුවෙන් . වෙන බලන්න චිත්‍රපටියක් නැත්නම්  , හෝ ඔබ ඉතාම තදබල බොලිවුඩ් රසිකයෙක් හෝ ගෝවින්දගෙ රසිකයෙක් නෙවෙයි නම් චිත්‍රපටිය බලන්න එපාය කියල තමයි කියන්න තියෙන්නේ . ආ සැරින් සැරේට උනත්  තියන විහිලුවලට නම් හොඳට හිනා වෙන්න පුලුවන්

Ratings
  • Direction - 0.5/5
  • Celebrities' Performance - 1/5(Lot of Over Acting . The Script should be the main reason )
  • Story - 2/5
  • Script - 0.5/5
  • Cinematography - 1.5/5(Nothing Special)
  • Music - 1/5
  • Choreography - 1.5/5(Mostly old Fashion Bollywood Dances )
  • Art Direction - 1.5/5 (Nothing Special)
  • Action - N/A
  • Editing - 1.5/5 (Nothing Special)
  • Special Effects - N/A
  • OVERALL - 1/5 
බාගත කරගන්න සබැඳිය

http://extratorrent.com/torrent/2425217/Naughty+%40+40+-+DVDRip+-+XviD+-+1CDRip+-+%5BDDR%5D.html

 ( Above LINKS have been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL DVDs and Blu rays or to download from AUTHORIZED  web sites ) 

Love U Mr Kalakaar - සාම්ප්‍රදායික කථා තේමාවක් අලුත් ක්‍රමයකට (DVD OUT +REVIEW )

Love U Mr Kalakaar චිත්‍රපටිය ගැන අපි කලින් ලිපියකින් තොරතුරු අරගෙන ආවා. මේ චිත්‍රපටියෙ DVD  පටය දැන් නිකුත් වෙලා තියනව . අද ඉදිරිපත් කරන්නේ චිත්‍රපටියට අදාල   Review එක .  ඡායාරූප , විඩියෝ ඇතුලු මුලික තොරතුරු සඳහා මෙතනින් කලින් ලිපිය වෙත පිවිසෙන්න පුලුවන්

කථාව

සහිල් කියන්නෙ  චිත්‍ර ශිල්පියෙක් ( කාටූන් ශිල්පියෙක්). රිතු කියන්නෙ කලමණාකරනය හදාරන , කොටිපති ව්‍යාපාරිකයෙකුගේ දියණියක් .  රිතුගේ පියාගේ ව්‍යාපාරයේ අලුත් නිෂ්පාදනයක වෙලඳ සලකුණ නිර්මාණය කිරීමෙ අවස්ථාව සහිල්ට හිමිවෙනව . මේ නිසා තමයි රිතු හා සහිල් මුලින්ම මුණ ගැහෙන්නෙ . එතනින් එහාට පරණ කථාවම තමයි . සල්ලි කාර තරුණිය , මිල මුදල් අතේ නැති ඒත් හිත හොඳ මනුස්ස්යා වුන කොල්ලා . මේ දෙන්නගෙ සම්බන්දෙට  විරුද්ධ තාත්තා.. ඔය වගේ හැබැයි ඉතින් මේ කථාවට ආවෙනික ලක්ෂනත් නැතුවාම නෙවෙයි , චිත්‍රපටිය බලලම කථාව දැන ගිනිමුකො එහෙනම්


Editor's Comment |අපේ අදහස
  • මේ චිත්‍රපටියේ කථා තේමාව බොලිවුඩයට ඉතාම හුරුපුරුදුයි . විශේෂයෙන්ම 80/90 දශක වල සිනමාවට , ඒ නිසා වෙනසක් දකින්න බලාපොරොත්තු වන අයට මේ චිත්‍රපටිය ගැලපෙන්නෙ නැති වෙයි 
  • තේමාව සාම්ප්‍රදායික උනත් ඒ කාලයෙ සිනමාවේ තිබුන අතාත්වික ගුටිබැට , හෝ සිදුවීම් වෙනුවට වර්ථාමානයත් එක්ක යම් තරමකින් ගලප්පන්න පුලුවන් සිදුවීම් මේ චිත්‍රපටියට අන්තර්ගත වෙලා තියනව . උදා හරණයක් විදිහට  සාම්ප්‍රදායික සිනමා  නිර්මාන වලදි  කොල්ලට විරුද්ධ ව මැරයෝ කණ්ඩායම් එවන අතාත්වික පියා ගේ චරිතය මෙතන නැ . මේ කථාවේ ගැහැණු ලමයගෙ තාත්තා තරුණයාට දෙන්නෙ ව්‍යාපාරික අභියෝගයක් . ඒක උනත් තාත්වික බවෙන් ඈත උනත් මැරයන් හෝ ගුටිකෙලි වලට වඩා නම් බලා ඉන්න පුලුවන් කමක් තියනව  
  • චිත්‍රපටියේ ගොඩක් දේවල් ඉතාම සාමාන්‍ය්යි කියල තමයි කියන්න තියෙන්නෙ . හැබැයි කලා අධ්‍යක්ෂනය හා සිනමා කරනය තුල විශේෂත්වයක් තියනව. කාටූන් ශිල්පියෙක්  වටා කථාව ගෙතෙන නිසා ඒ   තේමාව ඔස්සේම  පසු තල නිර්මානයත් සිනමා කරන අංගත් පවත්වාගෙන තියනව 
  • සරල බොලිවුඩ් නිර්මානයක් රසවිඳින්න කැමති කෙනෙකුට මේ චිත්‍රපටිය නරකම නැය කියලයි අවසාන වශයෙන් කියන්න පුලුවන්
 Ratings


  • Direction - 2.5/5
  • Celebrities' Performance -2/5
  • Story - 1/5
  • Script - 1.5/5
  • Cinematography - 3.25/5
  • Music - 2/5
  • Choreography -2/5
  • Art Direction - 3.5/5
  • Action - N/A
  • Editing - 2/5
  • Special Effects - N/A 
  • OVERALL -2.5/5
 01)අන්තර්ජාලයෙන් මිලදී ගන්නව නම් පහත සබැඳියෙන් eBayවෙත පිවිසිල මිලදී ගන්න පුලුවන්

http://cgi.ebay.com/LOVE-U-MR-KALAKAAR-Hindi-DVD-Tusshar-Kapoor-Amrita-/230637965804?pt=US_DVD_HD_DVD_Blu_ray&hash=item35b31811ec

(eBay සම්ඟ ඔබගේ ගණුදෙනු සම්බඳයෙන් අප  වග කියනු නොලැබේ)

02)පහල තියන සෙවුම් පද ඒ විදිහටම කොපි කරල ගුගල් හරහා සෙවුමක් කලොත් පලමු ප්‍රතිපලයෙන්ම පිටපත භාගත කරගන්න පුලුවන්


Love U... Mr. Kalakaar! - DVDRip - XviD - 1CDRip - [DDR](These are just search keywords we do not held any responsibility on the results )

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them