Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Thursday, July 14, 2011

ෂාරුක් ඛාන්ගේ Don 2 චිත්‍රපටයේ පලමු නිල ප්‍රචාරක පටය | First Video Promo of the Don 2

ෂාරුක් ඛාන්ගේ  Don චිත්‍රපටිය  ගැන හැම බොලිවුඩ් රසිකයෙකුටම හොඳින් මතක ඇතිනේ . චිත්‍රපටියේ දෙවන කොටස Don 2 :The  Chase Continues  චිත්‍රපටිය මේ වසරෙදි තිරගත වෙනවාය කියල අපි කිව්වා කලින් ලිපියක්දි . අද ඉදිරිපත් කරන්නේ මේ වෙනකොට නිකුත් වේලා තියන චිත්‍රපටියේ පලමු ප්‍රචාරක පටය සහ පෝස්ටරය . මේ වම් පසින්  දීල තියෙන්නෙ වෙනුවෙන් සැකසුන පලමු පෝස්ටරය . පහලින් තියෙන්නෙ පලමු ප්‍රචාරක පටය .

බොලිවුඩ් සිනමාවේ නිම් වලලු හොලිවුඩ් නිර්මාණ ලක්ෂන දක්වා   පුලුල් වෙලා තියන හැටි මේ විඩියෝවෙන් අපූරුවට දැක ගන්න පුලුවන් .එහෙම නම් ප්‍රචාරක පටිය නරඹලා ඔබේ අදහසත් අපිට කියන්න






මූලික තොරතුරු 


Directed byFarhan Akhtar
Produced byRitesh Sidhwani
Farhan Akhtar
Shahrukh Khan
Screenplay byFarhan Akhtar
Ameet Mehta
Amrish Shah
Story byFarhan Akhtar
Ameet Mehta
Amrish Shah
StarringShahrukh Khan
Priyanka Chopra
Boman Irani
Lara Dutta
Kunal Kapoor
Om Puri
Music byShankar-Ehsaan-Loy
CinematographyJason West
Editing byAnand Subaya
Distributed byExcel Entertainment
Reliance Entertainment
Release date(s)December 23, 2011
CountryIndia
LanguageHindi

Source - wikipedia

ප්‍රචාරක පටය


Souce - bollywoodhungama

කාරුණික ඉල්ලීමයි - අපගේ බ්ලොග් අඩවියේ ලේබල් සටහන් කිරීමේදී ගැටලුකාරී තත්වයක් පැණ නැගී ඇති නිසා  දැනට ලේබල භාවිතා කර ලිපි සොයා ගැනීමට නොහැකි වනු ඇත . ඒ පිලිබඳ අපගේ බලවත් කණගාටුව පල සිටින අතර චිත්‍රපට එකතුව පිටුව හා අනෙකුත් පිටු භාවිතයෙන් ලිපි සොයා ගන්නා මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු 

Tuesday, July 12, 2011

Ready (Movie Review ) - පරණ වට්ටෝරුව අලුත් විදිහට

මේ වසරේ තිරගත වූ සාර්ථකම බොලිවුඩ් චිත්‍රපටිය වන Ready චිත්‍රපටිය ගැන බොලිවුඩ් සිංහලෙන් අපි ඔබවෙත තොරතුරු අරන් ආවා , ඒ වගේම  DVD පටය නිකුත් වීම පිලිබඳවත් ඔබව දැනුවත් කලා  .චිත්‍රපටියේ මූලික තොරතුරු සඳහා මෙතනින් පිවිසෙන්න පුලුවන් .

කථාව 


ප්‍රේම් කියන්නේ  මුදල් හදල් යහමින් තියන පවුලක බොහොම දඩබ්බර තරුණයෙක් . මේ තරුණයාව තැන්පත් කරන්න හිතානා පවුලේ අය මනාලියක්ව මුණ ගස්සන්න තිරණය කරනව . නමුත්  අහඹු  සිදු වීමක් නිසා ප්‍රේම්ට සන්ජනා කියන තරුණිය මුණ ගැහෙනව . සන්ජනා කියන්නේ පාතාල ලෝකයේ දැවන්තයින් වුන තමන්ගේ මාමා වරුන්  අතර තරඟය නිසා ඒ ඒ මාමා වරුන්ගේ පුතාලාට විවාහ කර දීම සඳහා කඹ ඇදිල්ලක හිර වෙලා ඉන්න තරුණියක් . එතනින් පැනල එන සන්ජනා ප්‍රේම් මුණගැහීමත් එක්ක ප්‍රේම්ට ආදරය කරන්න පටන් ගන්නව . මේ දෙන්නගෙ ආදරේට ප්‍රේම්ගෙ පවුලෙ අයගෙ ආශිර්වාදයත් සම්පූර්ණයෙන්ම ලැබෙනව . හැබැයි ඉතින් සන්ජනාව තමන්ගේ පුතාලට බන්දල දෙන්න තරඟයක ඉන්න පාතාලා මාමල මොනව කරයිද , ප්‍රේම් ඒ වට කොහොම මුහුණ දෙයිද ? /........ ඒ දේවල් චිත්‍රපටිය නර්ඹලාම දැන ගනිමු නේ

Editor's Comments | අපේ අදහස



  • කථාව දිහාව බැලුවාම පේන විදිහටම මේක තනිකරම පරණ හින්දි සිනමා වට්ටෝරුවේ  චිත්‍රපටියක් .සූර වීර කොල්ලා අහිංසක කෙල්ල , දුෂ්ට මමා වරුන් , මැද්දෙන් ඔබ්බපු ගීත ජවනිකා ආදිය අඩුපාඩුවක් නැතුම මේ චිත්‍රපටියට අඩංගු වෙලා තියනවා
  • සාම්ප්‍රදායික ලක්ෂණ පිරිල තිබුනත් චිත්‍රපටියට යම් කිසි රසයක් එකතු කරන්න සමත්වෙලා  තියනව චිත්‍රපටියට එකතු කරල තියන නවාංග නිසා. ඒ නිසා පරණ චිත්‍රපටියක් බලන ආකාරයේ කම්මැලි කමක් නම් දැනෙන්නේ නැ කියල කියන්න පුලුවන්
  • හාස්‍යොත් පාදක ජවනිකා හා සිදුවීම් මේ නවාංග අතරින් ප්‍රධානයි කියල කියන්න පුලුවන් . කොහෙන් හරි ඔබ්බපු ජෝකර් කෙනෙක් වෙනුවට  මූලික කථා තේමාව හරහාම හාස්‍ය උපදවන්න නිර්මාණ කරුවා සමත් වෙලා තියනව . විශේෂයෙන්ම චිත්‍රපටියේ දෙවන භාගය හාස්‍යයෙන් පිරිලාය කිව්වත් නිවැරදියි
  • අනව්ශ්‍ය තැන් වල ඔබ්බපු ගීත සැහෙන තරම් තිබුනත් ඒවායේ රූප මය ලක්ෂණ වර්ථමාන හින්දි සිනමාවට ආවෙණිකයි කියල කියන්න පුලුවන් . වට්ටෝරු ගත සිනමාවෙ දකින්න ලැබෙන ගීතමය ජවනිකා වලට වඩා අලුත් කැමරා කෝන හා තවත් සිනමා කරණ ගුණාංග රාශියක් මෙහි භාවිතා කරල තියන නිසාත් ගීතත් සාමන්‍ය  වශයෙන් අලංකාර නිසාත් ගීතමය ජවනිකා අපිට ලොකු වාතයක් නම් වෙන්නෙ නැ 
  • වීරය ගහනව දුෂ්ටය වැටෙන සටන් ජවනිකා භාවිතා උනත් ඒවාත් සාම්ප්‍රදාය ඉක්මවා ගිය වර්ථමානයට යම් තරකින් හෝ ගලප්පන්න පුලුවන් ආකාරයට රූගත කරල තියනව . ඒ ඇරුණාම සමස්ථ සිනමා පටයේම  රූප රාමු භාවිතයත් අර පරණ වට්ටෝරුව්ට අලුත් මුහුණුවරක් ලබා දෙන්න සමත් වෙලා තියනවා කියන එකත් පැහැදිලියි
  • සල්මාන්ගෙ අතිශයින් ජනප්‍රිය වුන  Dabaang සහ Wanted චිත්‍රපටි එක්ක මේ චිත්‍රපටිය ගැන කථා කලත් බොහොම ගැඹුරු චරිත සහිත Dabaang චිත්‍රපටියේ අහලකටව්ත් එන්න Readyට හැකියාවක් නැතෙයි කියලයි චිත්‍රපටිය බැලුවට පස්සෙ හිතෙන්නෙ 
  • හිනා වෙන්න කැමති අයට නම් ඉහලින්ම නිර්දේශ කලත් , හොඳ කථාවක් බලාපොරොත්තු වෙන අයට නම් මේ චිත්‍රපටිය ගැලපෙන එකක් නැහැ . එහෙම හිනාවෙන්න කැමති අය සහ සල්මන්ගේ හා අසින්ගේ රසිකයින් නොවෙන අයට නම් මේ චිත්‍රපටිය වැඩක් නැතිවෙයි .  
Ratings


  • Direction - 2.5/5
  • Celebrities' Performance -3/5
  • Story - 2/5
  • Script - 2.5/5
  • Cinematography - 3/5
  • Music - 2/5
  • Choreography -2.5/5
  • Art Direction - 2.5/5
  • Action - 2.5
  • Editing - 2/5
  • Special Effects - N/A 
  • OVERALL -2.5/5

01)අන්තර්ජාලයෙන් මිලදී ගන්නව නම් පහත සබැඳියෙන් eBayවෙත පිවිසිල මිලදී ගන්න පුලුවන්

http://cgi.ebay.com/Ready-2011-Salman-Khan-Asin-Original-Bollywood-DVD-/130541399453?pt=US_DVD_HD_DVD_Blu_ray&hash=item1e64dfad9d

(eBay සම්ඟ ඔබගේ ගණුදෙනු සම්බඳයෙන් අප  වග කියනු නොලැබේ) 

02)පහල තියන සෙවුම් පද ඒ විදිහටම කොපි කරල ගුගල් හරහා සෙවුමක් කලොත් පලමු ප්‍රතිපලයෙන්ම පිටපත භාගත කරගන්න පුලුවන්


Ready - DVDRip - XviD - [DDR](These are just search keywords we do not held any responsibility on the results )

* චිත්‍රපටිය භාගත කරනවා නම් 5.1 නාද පහසුකම් සහ ඉහල රූප ගුණයක් සහිතව භාගත කරගැනීම යෝග්‍යය. ඉහත සෙවුම් පද මධ්‍යම ප්‍රමාණයේ පිටපතක්(5.1 සහිත ) වන අතර  චිත්‍රපටියේ බ්ලු රේ නිකුත් වුවාට පසුව වඩාත් ඉහල ගුණාංගයෙන් යුතු පිටපත් අන්තර්ජාලයට එකතු වනු ඇත

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them