කථාව
බාජි රාවො සින්ගම් කියන්නේ ගෝව- මහා රාෂ්ට්‍ර ප්‍රාත්න සිමාවේ පුංචි ගමක සේවය කරන අවංක පොලිස් නිලධාරියෙක් . ගමේ ධනවතෙකුගේ පුතෙක් වුනු සිංගම් පොලිස් පොතේ ලියනවට වඩා තමන්ම මැදිහත් වෙලා ගමේ ප්‍රශ්න විසඳන එක තමයි කරන්න කැමති . ඒ නිසා ගමේ ඉන්න සියලු දෙනාම සිංගම්ය ආදරෙයි .ජය කාන්ත් ශිකරේ කියන්නේ ගෝව ප්‍රදේශයේ මැරයෙක් . දේශපාන ශකිතිය නිසා පොලිසිය අල්ලේ නටවාගෙන ඉන්න ශිකරේට , අපරාධ නඩුවක් ඇප සිද්ධියක් නිසා සිංගම් ගේ පොලිස් ස්ථානයේ අත්සන් කරන්න යන්න සිද්ධවෙනවා . ඒ සඳහා වෙන කෙනෙක් යැවීමත් , සිංගම් ඒක පිලි නොගැනීමත් නිසා තමයි මේ දෙන්නා අතර ගැටුම පටන් ගැනෙන්නේ ....
Editor's Comments | අපේ අදහස
- ඉතාම සාම්ප්‍රදායික කථා තේමාවක් බව බැලු බැල්මට පේනවා ඇති . ඒ වුනත් මේ සරල කථා තේමාව ඇතුලේ ඉන්දියාවේ (ලංකාවටත් අදාලයි ) ප්වතින යථාර්තයකටත් එබිමක් කරනවා කිව්වොත් වඩාත් නිවැරදියි . දුෂිත දේශපාලනය නිසා අපාරාධ කාරයින් වැජඹීමත් පොලිස්ය අසරණ වීමත් මේකෙදි හොඳින්ම දකින්න ලැබෙනව
- සාම්ප්‍රදායික කථාතේමාවක් උනත් කථාවේ ගලායාම හා අවසානය යම් තාක්දුරකට තාත්විකයි . ඉස්සර සිනමා පටවලදි දකින්න තියන සුපුරුදු අවසානයට වඩා වෙනස් , එක්තරා දුරකට ආදර්ශමත් (ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩු ක්‍රමය නිසා ප්‍රායෝගික ) අවසානයක් තමයි දකින්න තියෙන්නෙ
- දෙමල චිත්‍රපටියක් ආශ්‍රයෙන් නිපදවුනු නිසා ඒ ලක්ෂන සහිත ක්‍රියාදාම දර්ශන තමයි දකින්න තියෙන්නෙ . ඉතාම විශාල වියදමක් දරල තිබුනත් චිත්‍රපටියේ වටිනා කම සම්පූර්ණයෙන්ම හානි වෙන "බොලඳ " ක්‍රියාදාම දර්ශන තමයි අන්තර්ගත වෙලා තියෙන්නෙ . ඔබ දෙමල චිත්‍රපටි රසිකයෙක් නෙවෙයි නම් ක්‍රියාදාම දර්ශන ටික අමතක කරල කථාව බලා හිටියොත් හොඳයි . නැතනම් ඒ දර්ශන නිසා චිත්‍රපටියත් එපා වෙන්න පුලුවන්
- සරල වින්දනාත්මක සිනමා පඨයක් වශයෙන් හොඳ හාස්‍ය උත්පාදක දර්ශනත් , කම්මැලි කමක් නොදැනෙන ගලා යාමකුත් චිත්‍රපටියේ දකින්න් තියනව
Ratings
- Direction -3/5
- Celebrities' Performance -2.5/5
- Story - 3.5/5
- Script - 3/5
- Cinematography - 2/5
- Music -2/5
- Choreography -25
- Art Direction - 3/5
- Action - 1/5
- Editing - 3/5
- Special Effects - N/A
- OVERALL -3/5
3 comments:
පොලිස් වීරයන්ගෙ චිත්‍රපටි කීපයක්ම මෑතකදි ආව නේද?
ම්....මට නම් හොඳටම ඩයල් Dabaang , singham චිත්‍රපටි දෙකම තමයි , මට නම් මේක Dabaang තරම් කොලිටියක් නැ . සතුතියි ප්‍රතිචාරෙට
- DBL (behalf of Bollywood sinhala)
ඔන්න Film එක Download කරගන්න.මමත් බැලුවා පට්ට Film එකක්.ඔබට ජය
http://irushablog.blogspot.com/2011/09/film.html/
Post a Comment