Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න
මේ වසරේ තිරගත වුනු ජනප්‍රිය චිත්‍රපටියක් වුනු Mausam චිත්‍රපටියේ DVD නිකුත් වීම පිලිබඳ අපි කලින් ලිපියකින් ඔබව දැනුවත් කලා . චිත්‍රපටිය බාගත කරගන්න සබැඳිත් , චිත්‍රපටියේ ප්‍රචාරක පටය ඇතුලු විඩියෝ පටත් ඡායාරූපත් ඒ ලිපියට අන්තර්ගතයි .
මෙතනින් ඒ ලිපියට පිවිසෙන්න පුලුවන් . මේ සුදානම් වෙන්නෙ චිත්‍රප්ටියට අදාල විචාරය ඉදිරිපත් කරන්න
කථාව
හැරි(ශහිඩ් කපූර්) කියන්නේ පන්ජාබයේ ජීවත් වෙන බොහොම විනෝද කාමී තරුණයෙක් , ආයත්(සෝනම් කපූර් ) කියන්නේ කාශ්මීරයේ මුස්ලිම් තරුණියක් . කාශ්මීරයේ ඇතිවන ගැටුම් එක්ක ආයත්ට පන්ජාබයේ හැරි ඉන්න ගමටම ටික කාලයකට එන්නට සිදුවෙනව . බොහොම නිහඬ තැන්පත් තරුණියක් වුනු ආයත් සහා හැරි අතර දෙදෙනා ගැන නිහඬ ආදරයක් ඇතිවුනත් , ආයත්ට හදිසියේ පන්ජාබයෙන් පිටවෙන්නට සිදුවෙන්නෙ යන තැනක් ගැන සටහනක් වත් නොතියා , ඒත් එක්කම ඉන්දිය ගුවන් හමුදාවට තේරී පත්වෙන හැරීටත් ආයත් ගැන තොරතුරක් දැනගන්න නොලැබි සිත් තුලම සැඟවුනු ආදරයත් එක්ක කල් ගෙවන්නේ ඔවුන්ගෙ ඊලඟ අහඹු හමුවීම තෙක්
අපේ අදහස |Editor's Comment
- චිත්‍රපටිය ඉතාම ලස්සන ආදර කථාවක් රැගත් චිත්‍රපටියක් විදිහට හඳුන්වාදෙන්න පුලුවන් . ආදර කථාවත් එක්කම ත්‍රස්තවාදයට තියෙන්නෙ ජාති ආගම් බෙදයක් නොව මනුස්සකම සහ අමනුස්ස කම අතර වෙනසක් බවත් නිර්මාණ කරුව මතු කරන්න උත්සහා කරල තියනව
- චිත්‍රපටියේ ආදර කතන්දරයට අනුරූපව දෙබස් හා රූප තුලින් ඉහල මට්ටමේ(classic) සිනමා ලක්ෂන මතුකරන්නත් සිනමා කරුවා උත්සහා කරල තියනව
- ආරම්භක අවස්ථාවේ සාම්ප්‍රදායික කථාවක් කියල හිතුනත් කථාව ගලාගෙන යත්දි සිදුවෙන අහඹු , අපි නොසිතන ආකාරයේ සිදුවීම් එක්ක චිත්‍රපටියට අපූර්වත්වයක් එකතු වෙලා තියනව
- චිත්‍රපටියේ තියන ප්‍රධානත ම ගැටලුව වෙන්නෙ ඉතාම දිගු වෙන එක . පැය දෙක හමාරක කාලයක් දක්වා දිව යන චිත්‍රපටියේ රිද්මය අනුව ඒකාලය ඉතාම දිග වැඩියි . ඒ නිසා කම්මැලි ගතියක් දැනෙනවා යම් තාක් දුරකට
- චිත්‍රපටියේ මන්දගාමි රිද්මය කථාවට උචිත වුනත් සමහර සිදුවීම් හා රූප රාමුත් එක්ක අනවශ්‍ය මට්ට්මේ කාලය ගත කිරීමක් කරනවා කියල කියන්න පුලුවන්
- මනරම් සංගීතය චිත්‍රපටියට එක් පැත්තකින් ආලෝකයක් එකතු කලත් අනවශ්‍ය විදිහේ කාලය කැමක් ඒ හරහාත් වෙච්ච බවක් කියන්න පුලුවන්
Our Rating - 2.5/5
Ra.One චිත්‍රපටිය ගැන අමුතුවෙන් විස්තර සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ නැ , බොලිවුඩ් රසිකයෙකුට .කෝටි 240 ඉක්මවු සම්පූර්න ආදායමකට හිමි කම් කියපු Ra.one චිත්‍රපටියේ DVD පටය නිකුත් වෙලා තියනව . චිත්‍රපටිය සිනමා ශාලාවල තිරගත වෙත්දි අපි චිත්‍රපටිය ගැන ඉදිරිපත් කරපු විචාරයම පහලින් එකතු කරල තියෙයි .
කථාව
බාරොන් ඉන්ඩස්ට්‍රිස් කියන්නෙ පරිඝනක තාක්ෂණය ආශ්‍රිතව කටයුතු කරන සමාගමක් .
නූතන ලෝකයේ සන්නිවෙදන උපකරණ වල තරංග හුවමාරු වීම භාවිතා කරල , ඒ හරහා
වර්ටුවල් ලෝකයක් (වස්තූන් ) සැදීමේ හැකියාවක් මේ සමාගම විසින් හොයා ගන්නව .
මේ අතර තමයි අලුත් පරිඝනක ක්‍රිඩාවක් නිපදවීමේ කාර්යභාරය මේ සමාගමට
පැවරෙන්නේ .ශේකර් සුබ්‍රමනියම් කියන දකුණු ඉන්දියානු පරිඝනක විද්‍යාඥයාට
තමයි මේ ක්‍රිඩාව නිර්මාණය කිරීමේ මූලිකම වගකීම පැවරෙන්නෙ . ශේකර්ගේ පුතාගේ
ඉල්ලීමක් විදිහට ශේකර් මේ ක්‍රිඩාවේ දුෂ්ට චරිතය නිර්මාණය කරන්නේ වීරයාගේ
චරිතයට වඩා ශක්තිමත් විදිහට . මේ චරිතය තමයි රා-වන් . ඉතාම ප්‍රභල
චරිතයක් විදිහට නිර්මාණය වෙන රා-වන් , අර කලින් කිව්ව බාරොන් සමාගමේම
තාක්ෂනය භාවිතා කරල සැබැ ලෝකයට එන්න සමත් වෙනව ...
අපේ අදහස|Editor's Comment
- රා.වන් චිත්‍රපටය නිර්මාණය වුනේ බොලිවුඩ් සිනමාවේ ඉහලම වියදමක් දරා
නිර්මාණය කරපු චිත්‍රපටිය විදිහට . චිත්‍රපටියේ අඩංගු ප්‍රයෝග හා
ක්‍රියාදාම දර්ශන බොලිවුඩයේ මෙතෙක් දකින්නට ලැබුන ඉහලම ගණයේ ඒවා නිසා ඒ
වියදමට සාධාරණය ඉටු වෙලා තියන බව කියන්න පුලුවන්
- චිත්‍රපටයේ තේමාවට අදාලව ශබ්ද හා නාදයන් වගේම සිනමාත්මක භාවිතාවනුත්
සංස්කරණ ක්‍රමවේදයනුත් භාවිතා කරල තියන නිසා , මේ චිත්‍රපටය බොලිවුඩයට
සිනමාවේ නව මානයක් එකතු කලාය කිව්වොත් නිවැරදියි
- සාමාන්‍ය්යෙන් හොලිවුඩ් සිනමාවෙ දකින්නට ලැබෙන කථාතේමාවක් එක්ක , ඊට
අදාල ක්‍රියාදාම ප්‍රයෝග ආදිය භාවිතා කරන ගමන් වුවත් ඉන්දියානු සිනමාවට
ආවෙණික රසයන් වුනු ගීත හා නර්ථන භාවිතා කරන්නත් , කථාව තුලත් ඉන්දියානු
සමාජීය ලක්ෂන රඳවා ගන්නත් නිර්මාණ කරුවා සමත් වෙලා තියනව
- චිත්‍රපටිය ගැන සඳහන් වුනු කිසිම තැනක චිත්‍රපටිය හාස්‍යෝත්පාදක
නිර්මාණයක් බව පෙන්නුම් කලේ නැතත් ඉතාම නිරායාසයෙන් මුල සිට අග දක්වාම
ප්‍රේක්ෂකය සිනහ ගන්වන දර්ශන රා-වන් චිත්‍රපටියේ අඩංගුයි
- සුපිරි වීර කථා ප්‍රිය නොකරනය අයට නොගෑලපුනත් වෙනත් ඕනැම කෙනෙකුට කිසිම
ගැටලුවකින් තොරව රසවිඳින්න පුලුවන් නිර්මාණයක් බව සටහන් කරන්න පුලුවන් .
නමුත් කැමරා කොපියක් භාගත කරගෙන නම් ඒ දේ කරන්න බැරි වෙයි , ඒ නිසා සිනමා
ශාලාවේ නැරඹීම හෝ ඩිවිඩි නිකුත් වෙන තෙක් ඉවසා සිටීම කාරණා දෙකෙන් එකක්
තෝරාගැනීම වඩා යෝගයයි
- මුලු වෙලාව තුල කිසිම කම්මැලි කමකින් තොරව පරිපූර්න සිනමා අත්දැකීමක්
ලබාදෙන නිර්මාණයක් වුනත් අඩු පාඩු කිහිපයකුත් දකින්න නැතුවා නොවෙයි
- චිත්‍රපටයේ කථාවට අනුව බාහිර පුදගල්යින් සම්බන්ධවෙන , අවස්ථා රාශියක්
(ස්ටේසමක් කඩාගෙන පාරට එන දුම් රියක් , තට්ටු දෙකේ බස් රථයක් දෙබැ කරගෙන යන
ජීප් රථයක් වැනි ) , තිබුනත් මේ කිසිම අවස්ථාවක් ගැන බාහිර සමාජයේ අවධානය
එම අවස්ථාවෙන් පසුවට යොමු වෙන බවක් කථාව තුල නැහැ .නිති රීති ඉතාම
ක්‍රමානුකුලව ක්‍රියාත්මක වෙන එංගලන්තයේ මහ පාරක ලොකු කැලඹීමක් ඇති කරල
පොලිස් අවධානයක් ඇති වුනු බවක් නැතුව ඉන් මාස ගණනකට පස්සෙ එංගලන්තයටම එන
එක ඒකට එක උදාහරණයක්
- විද්‍යා ප්‍රභන්දයක් වශයෙන් නම් කලත් අදාල සිදුවීමේ විද්‍යාතමක පසුබිමට
කථාවේ ලැබෙන්නෙ පොඩි අවධානයක , ඒ නිසා ෆැන්ටසි පැත්තට වඩාත් බරව කථාව
විග්‍රහ කරන්නත් පුලුවන් කම තියනව
- සුපිරි වීර කථාවක් වශයෙන් පවුලේ සැමටම නරඹන්න තියන චිත්‍රපටයක් වශයෙන්
චිත්‍රපටියේ හාස්‍ය මතු කරන්න භාවිතා කරල තියන ඇතැම් ඉඟි ආදිය කුඩා ලමුන්ට
ගෝචරද කියන ගැටලුව තියනව
- බොලිවුඩ් නිර්මාණයක් වශයෙන් ඉතාම සාර්ථක වුනත් ප්‍රයෝග භාවිතයේදී
සැලකිලිමත්ව් විය යුතුයි කියා සිතෙන තැන කිහිපයකුත් චිත්‍රපටියේ දකින්න
තියෙයි
OUR RATING - 4.5/5
01) Amazon|eBay සම්ඟ ඔබගේ ගණුදෙනු සම්බඳයෙන් අප වග කියනු නොලැබේ| We do not have any responsibility on your actions with eBay |Amazon
02)
The above LINKs(under the point number 2 ) have been Published
Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT
encourage using it . We Always STRONGLY RECOMMEND to USE GENUINE
Materials | ඉහත අංක 2 යටතේ ඇති සබැඳි තොරතුරු ලබාදීමේ අරමුනෙන් පමණක්
ලබා දී ඇත , සැම විටම නිත්‍යානුකුල අයිතම භාවිතා කරන ලෙස දිරිමත් කෙරේ