Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Sunday, January 30, 2011

ආයුබෝවන් !!!!

බොලිවුඩ් සිංහලෙන් කියන්නෙ බොලිවුඩ් සිනමා රසිකයන් වෙනුවෙන් පමනක් වෙන් වුන සිංහල බ්ලොග් අඩවියක් . බොලිවුඩ් සිනමාවට අදාල 100% සත්‍ය තොරතුරු ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා . බොලිවුඩ් සිනමාවට ආදරය කරන සියලු දෙනාටම අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ආරාධනා කරනව.

නිතර අලුත් වන බොලිවුඩ් ලෝකයේ තොරතුරු දැන ගැනීමට අපිව " Bookmark " ලෙස  තබා ගැනීමෙන් වඩා පහසු බව මතක් කරන්න කැමතියි




අපෙන් ඔබට

බොලිවුඩ් රසිකයෙකුට අවශ්‍ය කරන,

නවතම සිනමා නිර්මාණ පිලිබඳ තොරතුරු ,
චිත්‍රපට නිකුත් වීම් පිලිබඳ තොරතුරු ,
චිත්‍රපට ගීත නිකුත්වීම් පිලිබඳ තොරතුරු,
ඡායාරූප  එකතු ,
DVD නිකුත් වීම් ,
සිනමා තරු පිලිබඳ තොරතුරු,
සිනමා ලොකයේ උත්සව අවස්ථා පිලිබඳ තොරතුරු

                            ආදී සියලුම තොරතුරු මෙම වෙබ් කලාපයෙන් ලබා ගන්න පුලුවන් .විශේෂයෙන්ම සියලුම බොලිවුඩ් නිර්මාණ පිලිබඳ අංග සම්පුර්ණ විස්තරයක් ඔබට මෙම බ්ලොග් අඩවියෙන් ලබා ගන්න පුලුවන් බව මතක් කරන්න කැමතියි . එක පාරටම එතනට එන්න බැරි උනත් ටික කාලයක් අපිත් එක්ක රැඳිල හිටියොත් ඔබට අවශ‍ය සියලුම බොලිවුඩ් තොරතුරු එකම තැනකින් ලබා ගැනීමේ හැකියාව ලැබේවි.

අඩවිය ඵලදායකව භාවිතා කිරීමට උපදෙස්

සාමන්‍ය බ්ලොග් අඩවියක විදිහටම පල කරන ලිපි ඒ අනු පිලිවෙලට මුල් පිටුවෙන් දැක ගන්න පුලුවන් . නමුත් ඒ සියලුම ලිපි අදාල ප්‍රවර්ග අනුව ඒ ඒ පිටු වල ලයිස්තු ගත කරල තියනවා . එහිදී ලිපි අනු පිලිවෙල වෙන්නේ  ලිපි නිකුත් වූ අනුපිලිවෙලයි. චිත්‍රපට එකතුව පිටුවේ පමණක් ඉංග්‍රීසි අකාරාදි පිලිවෙලයි

ලඟදීම පිටුවෙන් ඉදිරියට පැමීණීමට නියමිත චිත්‍රපට තොරතුරුත් (previews,wallapers etc)
DVD නිකුත්වීම් පිටුවෙන් නවතම DVD නිකුත් වීම්  පිලිබඳ දැනුව්ත් කිරීම්නුත් 
පසු විපරම් පිටුවෙන් දැනට නිකුත් වී ඇති චිත්‍රපට පිලිබඳ අදහසුත්(Movie Reviews )
ගීත පිටුවෙන් ගීත පිලිබඳ තොරතුරුත්
තරු තොරතුරු පිටුවෙන් සිනමා තරු ගැන තොරතුරුත්

දැන ගන්න පුලුවන්

චිත්‍රපට එකතුව පිටුව හා එහි භාවිතය

චිත්‍රපට එකතුව පිටුව් කියන්නෙ මෙ බ්ලොග් අඩවියෙ තියන වඩාත්ම වැදගත් පිටුව . මේ අඩවියෙ පල වන සැම ලිපියක්ම චිත්‍රපටියේ නමේ ඉංග්‍රීසි අකාරාදි පිලිවෙල අනුව ලැයිස්තුව පිටුවේ දැක්වෙනව . අකාරාදී පිලිවෙලට චිත්‍රපටි වල නම් ලියවෙන කොට ඊට ඉදිරියෙන් එම චිත්‍රපටියට අදාල ලිපි ටික ප්‍රවර්ග අනුව ලයිස්තු ගත වෙනවා

 Lables හා එහි භාවිතය

Lables කියන්නේ blogger වලම පහසුකමක් . ලිපියක අඩංගු චිත්‍රපටිය අයත් කාණ්ඩය(comedy action etc ) . ඒ වගේම ශිල්පීන්ගෙ නම් වගෙ දේවල් මේ Lables තුල තියනවා . ඒ නිසා Lables භාවිතයෙනුත් පහසුවෙන් ලිපි සොයා ගන්න පුලුවන් වෙයි 

භාගත කිරීම් හා සබැඳි(links) සම්බන්ද ප්‍රතිපත්තීන්

සිනමා කර්මාන්තයට ඉතා හානිකර වන camera rip, pre DVD rip ආදී පිටපත් භාගත කීමට අප කොයිම විටකවත් Links ලබා දෙන්නේ නැහැ . අපි යම් කිසි චිත්‍රපටයක පිටපතක් භාග්ත කිරීමේ පිටුවක Link එකක් ලබා දුන්නොත් ඒ DVD පිටපතක පමණයි. එවැනි පිටපත්  උනත් නීති විරෝධි තමා . නමුත් ලංකාවෙදි බොලිවුඩ් නිර්මාණයක නීත්‍යානුකූල පිටපතක් මිලදී ගන්න ඉතා අපහසු/නොමැති නිසා ඒ දේ සිදු කරනවා

බොලිවුඩ් ගීත වාණිජ වශයෙන් අලවි කලත් ඒවා ප්‍රචාරක අංග ලෙස වැදගත් වෙන නිසාදෝ භාගත කිරීම් බොහොමයක් දක්නට ලැබෙනව. අපි Links ලබා දී තියෙන්නෙත් එ නිසා.

කොහොම උනත් මේ කිසිදූ භාගත කිරීමකට Direct Download Links සපයන්නේ නැහැ අදාල පිටුවට Links දෙනව විතරයි . ඔබ භාගත කරනවාද නැද්ද යන්න ඔබේ තීරණයක්

"බොලිවුඩ් සිංහලෙන් " හැම වෙලාවකම ඔබව දිරිමත් කරන්නේ නීත්‍යානුකූල පිටපත්ම භාවිතා කරන්නයි

ඡායාරූප ඉදිරිපත් කීරිමේදී මෙම අඩවිය තුලින්ම හෝ අපගේම තෙවන පාර්ශව අඩවියක් තුලින් හෝ වෙනත් වෙබ් අඩවියකින් නීත්‍යනූකූලව භාවිතයට ලබා දෙන සබැඳි භාවිතා වෙනව .

අපගේ නොවන ඔනිම අඩවියකින් භාගත කිරීමක් කරනවා නම් ඒ අයගෙ භාගත කිරීම් ප්‍රතිපත්ති වලට අනුකූලව භාගත කිරීම් ඉටු කරන්න වග බලාගන්න

ලිපි වල සංයුතිය

ඉතා අංග සම්පූර්ණ ලිපියක් ඉදිරිපත් කිරීමට අපි හැම වෙලාවකම උත්සහ ගන්නවා . විෂේශයෙන්ම පසු විපරම්(Movie Reviews ) ගනයේ ලිපි වලදි චිත්‍රපටිය මිලදී ගන්න ඉන්න කෙනෙකුට උනත් ඒ ගැන අදහක් ඇති කරගන්න පුලුවන් වෙන විදිහට ලකුණු ක්‍රමයක් එක්ක ලිපිය සකස් වෙනවා . ඒ වගේම සිනමාකරණය ගැන උනන්දු අයට වැදගත් වෙන කාරණාත් එකතු වෙනවා

Facebook/ Twiiter

අපේ Facebook Page & Twitter Page වලට එකතු වෙලා අලුත් ලිපි ගැන දැනුවත් වෙන්න ඔගොල්ලන්ට පුලුවන් . Facebook වල පණිවිඩ ජංගම දුරකතනයට ලබා ගන්න කෙනෙක් නම් අපේ පණිවිඩත් ඒ සඳහා සක්‍රිය කරගෙන SMS මගින් අලුත් ලිපි ගැන දැන ගන්න පුලුවන් . ගොඩක් ජංගම දුරකතනවලින් සිංහල අකුරු කියවන්න බැරි නිසා භාෂා දෙකෙන්ම Facebook Updates යොදන්නත් කටයුතු කරනවා 

අපට ලියන්න bollywood.sinhala@hotmail.com ලිපිනයට , ඔබ චිත්‍රපට පසුවිපරම්(movie Reviews)ලියන්න කැමති නම් ලියල Email කරන්න ඔබගේ නමින් ඒවා පල කරන්න අපි සූදානම්

අවසාන වශයෙන් නැවතත් අපව Bookmark කරගන්න කියල මතක් කරන්න කැමතියි .

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them