Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Sunday, January 30, 2011

Phas Gaya Re Obama(2010) - Movie Review( පසුවිපරම)

"බොලිවුඩ් සිංහලෙන් " අඩවියෙ පලමු ලිපියෙන් හඳුන්වල දෙන්න හදන්නේ වෙනස් මාදිලියක හින්දි චිත්‍රපටියක් Phas Gaya Re Obama ( ඔබාමා කොටු උනා  වගෙ තේරුමක් තමා කියවෙන්නේ ) . ඇමෙරිකාවෙන් ඇරඹුන් ආර්ථික අර්බුදය ඉන්දියාවේ කුඩා නගර දක්වා පැතිර ගිය එක ගැන උපහාසාත්මක විවරණයක් මේ චිත්‍රපටියෙ අන්තර්ගතය වෙලා තියනවා . තිරගත උනේ පසුගිය දෙසැම්බර් මාසයේ 3 වෙනිදා ඉඳල නමුත් මේ වෙන කොට DVD පටයත් නිකුත් වෙලයි තියෙන්නේ

කථාව
වසර ගණනක් තිස්සෙ ඇමරිකාවෙ වාසය කරන කෝටිපති ඉන්දියානුවෙක් වටා තමා කතාව ගොඩ නැගෙන්නේ  ඔහු නමින් ඕම් ශාස්ත්‍රි . ආර්ථික අර්බුදය නිසා නිවසත් අහිමි වෙන තැනට පත් වෙලා ඔහු ඉන්දියාවට එන්නේ තමන්ග් පාරම්පරික නිව්ස විකුණල මුදල් ටිකක් හොයා ගන්න , නමුත් ඉන්දියාවෙ ඉන්න සියලු දෙනා තවමත් හිතාන ඉන්නේ ඕම් කියන්නෙ කෝටිපතියෙක් කියල  . එහෙම හිතපු පාරම්පරික කප්පම් කල්ලියක් ඕම්ව පැහැරගන්නව එතනින් එහාට සිදුවන සිදුවීම් තමා කතාව පුරාවට තියෙන්නේ........


ශිල්පීන්
රංගනය - රාජත් කපූර් , නෙහා ඩුපඩියා , සන්ජේ මිශ් රා , මානු රිශී
අධ්‍යක්ෂණය - සුභාශ් කපූර්
නිශ්පාදනය- අශොක් පාන්ඩේ
සංගීතය - මනිශ් ටිපු

අපේ අදහස ( Editor's comments) බොහොම විනොදයෙන් බලා ඉන්න පුලුවන් සාපේක්ෂව කෙටි චිත්‍රපටයක් .Comedy ගණයට වගෙම Drama  ගණයටත් අදාල වන් ලක්ෂණ මේකේ අඩංගුයි . චිත්‍රපටියෙ නියම රසය විදින්න නම් දෙබස් ගැන අවධානයෙන් සිටීම වැදගත් ( බහු තේරුම් කතා එහෙම බහුලව භාවිතා වෙනව ) , වර්ණව්ත් බොලිවුඩ් නිර්මාණ වලට විතරක් ආදරය කරන කෙන්කුට නම් එතරම් වැඩක් වෙන එකක් නැහැ . ඒත් සාමාන්‍ය සිනමා රසිකයෙකුට නම් ගැලපෙන නිර්මාණයක් . කෙනෙක් චිත්‍රපටිය මිලදී ගන්නව නම් පහත් ලකුණු සටහනත් උදව්වක් වෙයි

 ලකුණු සටහන(Our Grading )
කතාව - 8/10
අධ්‍යක්ෂණය - 8/10
සංගීතය - 5/10
රංගනය- 9/10
රිද්මය-5/10
සිනමාත්මක ගති ගුණ - 8/10
මිලදී ගැනීමක්ට නිර්දෙශය- ඔව්
සම්පූර්ණ ශ්‍රෙණිය(Overall Rating ) - B+
 මේ ලකුණු සටහන දල අදහසක් ගන්න භාවිතා කරන්න නමුත් එක් එක් පුද්ගලය අනුව මේ කාරණා වෙනස් වෙන බවත් මතක තියා ගන්න

විශේෂ සටහන්

 01) සුපිරි තරු ගණයේ නලු නිලියන් නොමැති වුවත් ( නේහා ඩුපඩියා ඇර ) රංග්න ශිල්පීන්ගේ දක්ෂතාවයන් උපරිම මට්ටමක පවතිනවා , නේහා ඩුපාඩියා තමන්ගේ සරාගී රංගන අකෘතියෙන් මිදිලා අපූරු රංගන්යක නිරත වෙන අවස්තාවක් විදිහටත් මෙක දක්වන්න පුලුවන්

02) Comedy ලෙස වර්ග උනත් චිත්‍රපටියේ මතුපිට හාස්‍යක් දක්නට ලැබෙන්නේ නැ අභ්‍යන්තර කතාව තුල තමා හාස්‍යය ගැබ් වෙලා තියෙන්නේ , ඒ නිසා තමයි නාට්‍යමය ලක්ශනත්(Dramatical Features ) ඉස්මතුවෙලා තියෙන්නේ

03) මුලු චිත්‍රපටියෙම තියෙන්නේ ඒකාකාරි මධ්‍ය රිද්මයක් ( උච්ච අවස්තා අදිය නැහැ ). නාට්‍යමය ලක්ෂන වැඩි වෙන්න ඒකත් එක හේතුවක්

චිත්‍රපටියට අදාල ඡායාරූපත් , භාගත කරන්න පුලුවන් සබැදියත් පහත තියනව




More Phas Gaye Re Obama Wallpapers



http://extratorrent.com/torrent/2361758/Phas+Gaye+Re+Obama+-+DVDRip+-+XviD+-+1CDRip+-+DDR.html

2 comments:

gani01 said...

ලිපිය කියවන කොට ෆිල්ම් එක ගැන හොද අවබෝධයක් ලැබෙනවා.
ඔන්න මගෙන් සුභ පැතුම් යාළුවා දිගටම ලිපි ලියන්න.

Anonymous said...

බොහොම ස්තුත්යි ප්‍රතිචාරයට ..දිගටම රැඳිල ඉන්න

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them