Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Sunday, August 14, 2011

Buddha Hoga Tera Baap (Review ) - අමිතාබ්ගේ ගුටිකෙලි අමිතාබ්ගේ රසිකයින්ට පමණක්ම නොවේ

බොලිවුඩයේ සුපිරි තරුව අමිතාබ් බච්චන් සුපිරි රංගනයක නිරත වුන Buddha Hoga Tera  Baap චිත්‍රපටිය පිලිබන්ද තොරතුරු අපි කලින් ඉදිරිපත් කලා . මේ ඉදිරිපත් කරන්න සුදානම් වෙන්නේ චිත්‍රපටියට අදාල විවරණය

 01)Article 01
 02)Article 02
 03)DVD OUT

චිත්‍රපටියේ කථාව ගෙතිල තියන විදිහට ඒ ගැන යමක් සඳහන් කරන එක ඔබගේ රසාස්වාදයට ලොකු බාධාවක් වෙන්න පුලුවන් . මුල්ම ලිපියෙදි සඳහන් කරපු විදිහට අමිතාබ් බච්චන්  හැත්තැව අසූව දශක වලදි  රඟපාපු ආකාරයේ පාතාල සමාජික චරිතයක් තමයි මේ චිත්‍රපටියෙදිත් කරන්නෙ කියන එක මතක් කරන්න ඕනි .  වයසට ගිය ඒත් හිතින්  තරුණ සහ දක්ෂ පාතාල කල්ලි සමාජිකයෙකුගේ චරිතයක් තමයි අමිතාබ් කරන්නේ.

Editor's Comment | අපේ අදහස
  • මේ චිත්‍රපටිය නිමවුනේ අමිතාබ් වෙනුවෙන්ම බව තමයි චිත්‍රපටියේ අධ්‍යක්ෂක වරයා ප්‍රකාශ කලේ , ඒ වගේම ඉතින් චිත්‍රපටිය සම්පූර්නයෙන්ම ගෙතිලා තියෙන්නෙත් අමිතාබ් රඟපාන විජ්ජු කියන චරිතය වටා , විජ්ජු කථාවට ඇතුල් වුන තැන ඉඳන් රූප රාමු දෙක තුනක් ඇරුණාම ඉතුරු සියලු දර්ශන වල අමිතාබ්ව දකින්න පුලුවන්
  • චිත්‍රපටියේ කථාව සැහෙන තරමින් හොඳයි කියල කියන්න පුලුවන් . බොහොම සරල කථාවක් උනත් නොහිතන විදිහේ වෙනස් වීම් , විනෝදාත්මක ජවනිකා වගේම හොඳ ආදර්ශයකුත් මේ කථාවේ අඩංගුයි
  • චිත්‍රපටිය රුගත කිරීමේදි වර්ථමාන සිනමාවට අදාල කැමරා කෝන ආදිය භාවිතා කරල තිබුනත් . ක්‍රියාදාම දර්ශන සඳහා නම් භාවිතා කරල තියෙන්නේ අමිතාබ් ඒ කාලේ රඟපාපු චිත්‍රපට වල ක්‍රමයම තමයි . සිනමාවේ විර චරිතය ඉස්මතු කරන්න ඒ කාලේ භාවිතා කරපු රූප රාමු ආදියත් මේ චිත්‍රපටියේ තියනවා. අද කාලේ චිත්‍රපටියක ඒ වගේ දර්ශන දැක්කාම අස්භාවික හා බොලඳ ගතියක් දැනුනත්  අමිතාබ්ගේ රංගනයත්  නිසා මේ චිත්‍රපටිය ගැන නම් එහෙම දැනෙන්නේ නැ
  • සැහෙන තරම් හොඳ මට්ටමේ සංගීතයත් භාවිතා කරල තියන මේ චිත්‍රපටියේ අමිතාබ් ගෙ රංගනය නම්  ඉතාම  සුපිරියි . චිත්‍රපටියේ රසවින්දනය සම්පූර්නයෙන්ම පාදක වෙන්නේ ඔහුගෙ රංගනයත් එක්ක
  • ඔබ අමිතාබ් ගේ රසිකයෙක් නම් අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටිය ඔබේ සිත්ගනියි , එහෙම නොවුනත් බොහොම සරල විනෝදාත්මක චිත්‍රපටියක් බලන්න කැමති ඕනිම කෙනෙකුට මේ චිත්‍රපටිය ගැලපෙනව කියල කියන්න පුලුවන්
  • චිත්‍රපටියේ එන ක්‍රියාදාම විතරක් නෙවෙයි නැටුම් දර්ශන වල පවා අමිතාබ් සලකුන රැදීල තියන බවත් අමිතාබ්ගෙ රසිකයින් වෙනුවෙන් සඳහන් කරන්න ඕනි
Ratings


  • Direction -3/5
  • Celebrities' Performance -4/5 (Credit Goes to BIG B )
  • Story - 3/5
  • Script - 3/5
  • Cinematography - 2.5/5
  • Music -3/5
  • Choreography -2.5/5
  • Art Direction - 2/5
  • Action - 2.5/5
  • Editing - 2/5
  • Special Effects - N/A
  • OVERALL -2.75/5

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them