කථාව
අර්ජුන් කියන්නේ පොලිස් සේවයෙන් ඉවත් වෙලා ගෝව ප්‍රදේශයේ පතාලය වෙනුවෙන් වැඩ කරන , තමන්ගේ දක්ෂතා භාවිතා කරන පුද්ගලයෙක් . තමන්ගේ සමීපතමයන්ගෙ මරණයත් එක්ක දෙවියන් පිලිබඳ විශ්වාසයෙනුත් මිඳිලා ඉන්න අර්ජුන් තමන් පාතාලය වෙනුවෙන් වැඩ කරල ලබන මුදල් පවා වැය කරන්නෙ අනාථ ලමයින් වෙනුවෙන් . ඔහු තමන්ගේ පෙම්වතිය වෙනුවෙන් දක්වන්නෙත් රාගික අදහසක් විතරයි . ශාරිරික සබඳතාවයට වඩා දෙයක් ඇයගෙන් බලාපොරොත්තු නොවෙන ඔහු ගත කරන්නෙ එක්තරා ආකාරයකට විසිරුනු අතරමං වුනු ජීවිතයක්
ඔහුගේ පෙම්වතිය ප්‍රියා නම් බලාපොරොත්තු වෙන්නේ අර්ජුන් එක්ක සාර්ථක ජීවිතයක් ගත කරන්න , මොකද ඇය අවංකවම ආදරය කරන නිසා . ඇයගේ වෘත්තිය වෙන්නේ සඟරා වලට අඩ නිරුවත් රූප සඳ හා පෙනී සිටීම .
ගණිකාවන් සඳහා ගැහැනුන් සපයන පුදගල්යෙක් අර්ජුන්ගෙ උදව් බලාපොරොත්තුවෙන් පැමිනෙන්නේ මේ අතරෙදි . ඒ තමන් සපයන ගැහැණු ලමුන් අතුරුදහන් වීමක් ගැන උදව් බලාපොරොත්තුවෙන් .මේ සඳහා මැදිහත්වන අර්ජුන්ගේ උප්ක්‍රමයක් නිසා අසරණ ගැනු ලමයෙකුත් විපතට පත්වෙන බව අර්ජුන්ට දැන ගන්න ලැබෙනව . මොක්ද මේ ගැහැනු ල්මයින් අතුරු දහන් වෙන්නේ ව්කෘති පුද්ගකයෙකු විසින් මරා දාන නිසා බව අර්ජුන්ට දෑන ගන්න ලැබෙනව . එතනින් එහාට අර්ජුන් ක්‍රියා කරන්නෙ කොහොමද ? අර්ජුන්ට මුහුන දෙන්න වෙන සිදුවීම් මොනවාද ? ..... කිය්ල කථාව බලලම දැන ගන්න පුලුවන්
අපේ අදහස | Editor's Comment
- හිංසාකාරි දර්ශන , කතා තේමාව හා සරාගි දර්ශන ආදී කාරණා නිසා මේ චිත්‍රපටිය වඩාත් යෝග්‍ය වෙන්නෙ වැඩිහිටියන්ට පමනක් බව මුලින්ම සඳහන් කරන්න ඕනි
- කොහොම උනත් චිත්‍රපටියට කලින් සඳහන් වුනු ආකාරයේ නිරුවත් දර්ශන නම් චිත්‍රපටියේ අන්තර්ගත වෙන්නේ නැ . ඉතාම සූක්ෂම විදිහට කැමරාව මෙහෙයවපු ශෘංගාරාත්මක දර්ශන කිහිපයක් තිබුනත් ඒ චිත්‍රපටියට කලින් කථා බහට ලක්වුනු තරම් නම් නෙවෙයි . ඒ නිසා ඒ නිරුවත් දර්ශන කථාව අධ්‍යක්ෂක වරයා වෙලඳ උපක්‍රමයක් විදිහට භාවිතා කරපු දෙයක් බව තමයි කියන්න තියෙන්නේ . කොහොම උනත් Murder 2 බොලිවුඩ් සිනමාවට සාපේක්ෂව නම් සරාගී දර්ශන ඉහලින්ම අඩංගු නිර්මානයක් බවට සැකයක් නැ
- අධ්‍යක්ෂකවරයාගෙ වෙලඳ උපක්‍රම නිසාදෝ අති සාර්ථක නිර්මානයක් බවට ආදායම් වාර්ථා තැබුවත් සඳහා ලැබුනු විචාරක ප්‍රතිචාර නම් ඒ තරම් හොඳ නැ . රංගනයේ දුර්වලතා, තිරරචනයේ හා කථාව ගොඩ නැගීමේ දුර්වලතා ඒ අතර ප්‍රධානයි . සංගීතය ඇරුණාම චිත්‍රපටියේ අනෙකුත් අංග ඒතරම් සාර්ථකත්වයක නැ .ඒ නිසා මේ වර්ගයේ චිත්‍රපටියක තියෙන්නෙ ඕනි කරන උද්යෝගය වෙනුවට කම්මැලි බවක් තමයි ප්‍රේක්ෂකයාට දැනෙන්නෙ
- සරාගී දර්ශන රූගත කිරීමේදී ඇරුණාම අනෙකුත් අවස්ථාවල සිනමා කරන දායකත්වය ඉතාම මදි . මේ මාදිලියේ චිත්‍රපටියක රූප රාමු හා හර්හා දෙන්න පුලුවන් ගොඩක් දේ මගහැරිල තියන බවයි පේන්න තියෙන්නේ. සංගීත බාවිතාවේ තරම් හොඳ තත්වයක සිනමා කරන ලක්ෂනත් (සරාගී ජවනිකා වලදී මේ එකතුව සාර්ථකයි ) හොඳ තිර රචනයකුත් එකතු වුනා නම් නිර්මාණයේ අගය ඉතාම වැඩි වෙන්න ඉඩ තිබුනා .
- ජනප්‍රිය වුනු තරමටම අලංකාර චිත්‍රපටියක් නොවේය කියලයි අවසන් වශයෙන් කියන්න තියෙන්නේ . සාම්ප්‍රදායික් ඉම් රාන් හැර වෙන දෙයක් ඔහුගේ දකින්න නොලැබුනත් ජැකලයින්ගේ රංගනය නම් සාර්ථකයි . කොහොම උනත් ඉතින් බොලිවුඩ් රසිකයෙක් විදිහට මේක නොබැලුවා කීමත් නිකන් අඩු වක් වගේ නිසා , බාගෙන බැලුවට නම් පාඩුවක් නැතිවෙයි
Ratings
- Direction -1.5/5
- Celebrities' Performance -2.5/5
- Story - 2/5
- Script - 1/5
- Cinematography - 2/5 (Good in Erotic scenes )
- Music -4/5
- Choreography -2/5
- Art Direction - 2/5
- Action - N/A
- Editing - 2/5
- Special Effects - N/A
- OVERALL -2.5/5
1 comments:
murder is good film, jakolin has good performed in this film
Post a Comment