Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න
Khelien Jee Jaan Sey චිත්‍රපටිය DVD පිටපත් නිකුත් වීම ගැන සම්පූර්න විස්තරයක් අපි ඔබට අරන් ආව. ඡායාරූප, බාගත කරගැනීමෙ සබැඳි ඇතුලත්ව.
මෙතනින් ගිහින් බලන්න කලින් කියෙව්වෙ නැත්නම් .අද ඉදිරිපත් කරන්න යන්නෙ Review එක
කලින් ලිපියෙ කිව්ව චිත්රපටියෙ කතා වස්තුවට වඩා දෙයක් මේ ගැන ලිව්වොත් ඔබේ රසාස්වාදයට ලොකු හානියක් සිද්ද වෙනව . මොකද එක සිදුවීමක් පාදක කරගත් කතාවස්තුවක් නිසා , ඒ නිසා
මෙතනින් ගිහින් කතාව මොකක්ද කියල දල අදහ්සක් ගන්න චිත්‍රපටියේ තියන සුවිශේෂිතා ටික මම පෙල ගස්වන්නම්
- මාතෘකාව කියනව වගේම මේක බොහොම තදින් හදවතට කා වදින කතාවක්,සත්‍ය වශයෙන් සිදුවුන කැරැල්ලක් මුල් කරගත් කතාවක් නිසාත්, අපේ රටත් බ්‍රිතාන්‍යන්ට යටත් වෙලා තිබුන රටක් නිසාත් අපිට මේක හොඳින් විඳගන්න පුලුවන්
- ප්‍රධාන නලු නිලියන්ගෙ විතරක් නෙවෙයි , සියලුම රංගන ශිල්පීන්ගෙ රංගනය නම් අගය කල යුතුමයි
- වර්න භාවිතය , තිර නාටකයේ ඇතැම් තැන්, ඇතැම් රූප රාමු ඉතාම නිර්මානශිලියි කොහොම උනත් කතා වස්තුවට අදාලව මීටත් වඩා නිර්මානශීලීව චිත්‍රපටිය කරන්න පුලුවන් කම තිබුන කියල මට හිතෙනවා( ඒක ඉතින් නිර්මාන කරුව මත රඳා පවතින දෙයක් නෙ ).
- මේක ඕනැම සිනමා රසිකයෙකුට බලන්න , බාගත කරගන්න, මිලදී ගන්න් වටින නිර්මනයක් කියල මම නිර්දේශ කරනව . එ ගැන වැඩිපුර අදහසක් පහල තියන Ratings වලිනුත් බලා ගන්න පුලුවන් වෙයි
Ratings
- Direction - 3/5
- Celebrities' Performance - 4/5
- Story - 4.5/5
- Script - 2.5/5
- Cinematography - 3/5
- Music - 2/5
- Choreography - N/A
- Art Direction - 3.5/5
- Action - 2/5
- Editing - 3/5
- Special Effects - N/A
- OVERALL - 3.5/5
මම කලින් ලිපියෙ ඇහුවා මේ චිත්රපටියෙ දීපිකා ගෙ පෙනුමට ඔබ කැමතිද කියල . මම නම් හිතන්නෙ ඒ පෙනුමත් ඇයට ලස්සනයි කියල . ඔබත් චිත්‍රපටිය බලල අදහස්ක් කියන්න , හැබැයි මේ චිත්රපටියෙ කතාවස්තුවත් එක්ක ඔය වගේ දෙවල් ගැන විශේෂයෙන් බැලුවොත් මිසක අවධානයට ලක් වෙන්නෙ නැහැ , කතාව ඒ තරම් ම ආකර්ෂනීයයි
ඩියෝල් පවුලේ පිය පුතුන්ගෙ චිත්‍රපටිය කියන නමින් මම Yamla Pagla Deewana චිත්‍රපටිය ගැන කලින් ලිපියක් පල කලා . ඒක තුල බාගත කරගැනීම් සබැඳි, ඡායාරූප හා මූලික තොරතුරු අන්තර්ගතයි ,
කලින් කියවන්න ලැබුනෙ නැත්නම් මෙතනින් ගිහින් බලන්න . මේ ලියන්න යන්නේ චිත්රපටියෙ Review එක .
"අකමැති අයට එපා වෙන, කැමති අය උඩ පැන පැන හිනා වෙන..." කියල මාතෘකාව යෙදුවෙ ඇයි කියල ලිපිය දිගටම කියවගෙන යත්දි පැහැදිලි වෙයි
කතාව
පරම්වීර් සින්ග්(බොබි ඩියෝල්) කියන්නෙ, කැනඩාවෙ ජිවත් වන කැනඩා ජාතික කාන්තාවක් විවාහ කරගත් සික් ජාතිකයෙක්. ඔහුගෙ මවත් ඉන්නේ ඔහුත් එක්ක .මව හා පියා පරම්වීර් කුඩා කාලෙදිම වෙන්වෙලා , පරම්වීර් ගේ බාල සහෝදරයත් ඉන්නෙ තාත්තා ගාව . මේ අතරෙදි පරම්විර්ට දැනගන්න ලැබෙනව තමන්ගෙ පියත් බාල සහෝදරයත් බරනැස් වල කපටි වැඩ කරමින් ජීවත් වෙනව්යි කියල , ඉතින් පරම්වීර් මේ දෙන්නව එක්ක ගෙන යන්න බරණැස් වලට එනවා. ඊට පස්සෙ මොකද වෙන්නෙ?? ඔබගේ රසයට බාධාවක් වන නිසා මම මීට වඩා කතාව කියන්න යන්නෙ නැහැ
අපේ අදහස(Editor's Comment)
- මේ චිත්‍රපටිය කොමඩි ගනයේ නිර්මානයක් නිසා ඊට අවශ්‍ය කරන අධි රංගනයන් ආදිය නම් දකින්න ලැබෙනවා , නමුත් මම Tees Maar Khan වලදි සඳහන් කලා වගෙ අනවශ්‍ය ලෙස නෙවෙයි , ඒ වගේම මේ චිත්‍රපටියට "හරියන අයට" උඩ පැන පැන හිනාවෙන්න තරමේ හාස්‍ය ජනක තැන් අඩංගු වෙලා තියනව
- කව්ද මේ චිත්‍රපටිය "හරියන අය"?? .මේ නිර්මානය තුල ගොඩාක් ඉන්දියානු සංස්කෘතීන් හා බැඳුන ලක්ෂන තියනව , ඒ නිසා චිත්‍රපටිය හොඳින් රස විඳින්න නම් ඒ ලක්ෂන ගැන දල අවබෝධයක් වත් තියෙන්න වෙනව . උදාහරනයක් විදිහට පන්ජාබ් වල ජනතාව හැසිරෙන ආකාරය දැන ගෙන සිටීම චිත්රපටියෙ එන ඇතැම් ජවනිකා හොඳින් ග්රහනය කර ගැනීමට හේතු වෙන්න පුලුවන් . ඒ වගේම මම දැකල තියන සමහර හින්දි චිත්‍රපටි රසිකයින් ඉන්නව මේ අධික ඉන්දියානු ස්වාභාවය එච්චර දිරවන්නෙ නැති අය . ඒ අයට නම් මේ චිත්‍රපටිය ගැල පෙන්නෙ නැහැ.
- චිත්‍රපටිය තුල ක්‍රියදාම ජවනිකා කිහිපයකුත් තියනව , හැබැයි හොඳ ඉහල තත්වයේ ඒව නම් නෙවෙයි , අර දෙමල චිත්‍රපටි වල තියනව වගෙ ගොන් පාටුත් දෙක තුනක් තියනව , කොහොම උනත් මෙ ක්‍රියාදාම දර්ශන යොදාගන්නෙත් හාස්‍යය මතු කරන්න නිසා එච්චරම ලොකු ගැටලුවක් නැහැ
- කතාව , තිර රචනය , සංගීතය, සංස්කරනය , කැමරා අධ්‍යක්ෂනය ( cinematography)වගෙ දේවල් නිර්මානයට අනුකුලව හොඳ මට්ටමක තියනව
- පිය පුතුන් පිරිසගෙ රංගනය නම් ඉතාම ඉහලයි කියන එකත් කියන්නම ඕනි
- අර මං කලින් කිව්ව ආකාරයේ ඉන්දීය ලක්ෂන වලට අකමැති කෙනෙක් නොවන බොලිවුඩ් රසිකයෙකුට නම් මම මේ චිත්‍රපටිය නිර්දේශ කරනව (මිලදී ගන්න හෝ බාගන්න )
- පහල තියන රෙටින්(rating) එකත් කැමති නම් අදහසක් ගන්න භාවිතා කරන්න පුලුවන් (මේ චිත්රපටියෙ ඉඳන් අපේ රේටින් එක හැම review එකකටම අන්තර්ගත වෙනව , ඒ වගෙම හැම නිර්මානයකම එකම අංග ටිකක් තමයි රේට් (rate)කරන්නෙ , ඒක නිර්මාන සංසන්දනය කරන්න උපකාරි වෙයි , ඒ වගේම මෙතෙක් කල් පාවිච්චි කරපු 10න් ක්‍රමය වෙනුවට අන්තර්ජාතිකව බහුලව යොදාගන්න 5 න් ක්‍රමය යොදා ගන්නවා )
Ratings
- Direction - 3/5
- Celebrities' Performance - 4/5
- Story - 4/5
- Script - 3/5
- Cinematography - 2.5/5
- Music - 3.5/5
- Choreography - 3/5
- Art Direction - 3/5
- Action - 2/5
- Editing - 3/5
- Special Effects - N/A
- OVERALL - 3/5
තවත් චිත්‍රපටි තුනක Reviews දෙන්න තියනව ඒ
Dil toh Bacha he ji
Turning 30
Khelien Hum jee jaan sey
චිත්‍රපටි වල . පුලුවන් ඉකමන්ට ඒ ටිකත් ලබා දෙන්න තමයි බලාපොරොත්තුව