Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Wednesday, May 25, 2011

Game (movie ) - ඉන්දියානු ප්‍රේක්ෂකයින් අතින් ප්‍රතික්ෂේප වුවත් නැරඹීමට වටින චිත්‍රපටිය DVD out +Review

නියමිත වෙලාවට ඉදිරිපත් කරන්න බැරි උන චිත්‍රපටයක් , චිත්‍රපටිය පහුගිය අප්‍රේල් 1 වෙනිද තිරගත කිරීම් අරඹපු Game චිත්‍රපටිය . බොහොම හොඳ ප්‍රේක්ෂක  අවධානයක් තිරගත කිරිමට කලින් තිබුනත් චිත්‍රපටිය ඉතාම අසාර්ථක ආදායම් තත්වයක් තමයි වාර්ථා කලේ , තත්වය එහෙම උනත් මේ චිත්‍රපටිය තුල ගත යුත්තක් තියනවාය කියන එකයි අපෙ හැඟීම

චිත්‍රපටියේ කතාව ආරම්ඹයේ ඉඳලම සුවිශේෂියි , එයින් කොටසක් වත් කිව්වොත් ඔබේ රසාස්වාදයට බාධාවෙනව එනිසා මේ අපි ඒ ගැන නොකිය අපේ අදහසට කෙලින්ම එමු . වර්ගීකරන අනුව චිත්‍රපටි තෝරන අයට මේ නිර්මානය Action , Thriller  ගනයන්ට අයත් එකක් බව මතක් කරන්න කැමතියි






අධ්‍යක්ෂනය - අබිනව් ඩියො
නිෂ්පාදනය - ෆර්හන් අක්තාර්
කතාව හා තිර රචනය - අල්තියා ඩෙල්මස්
සංගීතය - ශංකර් එශාන් ලෝයි
සිනමාකරනය - කර්තික් විජෙයි
සංස්කරනය -  අමිතාබ් ශුක්ලා
රංගනය - අභිශෙක් බච්චන් , කන්ගන රනාවුට්, ජිමි ශෙග්‍රිල්, බෝමන් ඉරානි . අනුපම් කේර්

අපේ අදහස (editor's Comment )

  • මේ චිත්‍රපටිය ගැන අදහස් දක්වපු බොහෝ සිනමා විචාරකයින්ගෙ චෝඅදනා එල්ල වෙලා තිබුනෙ චිත්‍රපටියෙ කතාවට හා තිර රචනයට . විශේෂයෙන්ම කතාවේ අවසාන භාගයට . කතාවේ මුල් කොටසේ තියන අතිශයින් උද්වේගකර කුතුහලයෙන් යුක්ත කම ඒ විදිහටම රඳවගන්න දෙවන භාගය සමත් කම් දක්වන්නෙ නැති උනත් මේ විචාරකයින් දක්වන තරම්ම ගැටලුවක් අපිට නම්  නම් පෙනුනෙ නැ . තිර රචනයේ පොඩි පොඩි අඩු පාඩු  තිබුනත් පහුගිය කාලෙ සාර්ථක උන නිර්මාන වල තිබුන තිර රචන දුර්වලතා තර්ම් ඒව ප්‍රභලත් නැහැ
  • මේ කතාව මීට පෙර කිසිම බොලිවුඩ් නිර්මානයක දකින්න නොලැබුන ආකාරයේ එකක් . ගොඩාක් දුරට හොලිවුඩ් නිර්මානයක අඩංගු ලක්ෂන චිත්‍රපටියෙ දකින්න ලැබෙනව
  • චිත්‍රපටියෙ අපි දැක්ක සුවිශේෂීම කාරනය තමයි රංගනය . සියලුම රංගන ශිලිපීන් අති විශිෂට රංගන ප්‍රතිබාවක් දක්වල තියනවාය කියන කාරනය සටහන් කල යුතුමයි
  • සංගීතය වගේම පසුබිම් නාද රටා භාවිතයත් ඉතා හොඳ මට්ටමක පවතිනව

ඇයි එහෙනම් චිත්‍රපටිය අසාර්ථක උනේ

සාමාන්‍ය්යෙන් චිත්‍රපටියක් ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න රසිකයින් ඒ නිර්මානය නිකුත් උන ගමන් පලමු සති අන්තයෙදී හෝ සතියේදීම බලන්න පෙලබෙනව . නමුත්  Game චිත්‍රපටිය ලොක කුසලාන අවස්න් තරඟය පැවැත් වුන සති අන්තයේදී නිදහස් උන නිසා මේ ප්‍රේක්ෂකයින්  සැහෙන්න ප්‍රමානයක් ගිහිහුන වෙන්න පුලුවන් . එතනින් එහාට ප්‍රේක්ෂකයින් විචාර එහෙම කිය්වල නිර්මානය බලන්න පෙලඹෙන නිසා මේ චිත්‍රපටිය ගැන ලියවුනු නරක ව්චාරත් සැහෙන දුරට අයහප්ත් විදිහට බලපාන්න ඇති , රංගන ශිල්පියා වෙනුවෙන් නිර්මාන බලන පිරිසක් ඉන්නවනෙ නමුත් මේ නිර්මානයේ ඒ වගෙ රසිකයින් පිරිසක් (දැවන්ත රසික පිරිසක්  ) ඉන්න කෙනෙකුත් නැ(like SRK , Amir or Salman ) . ඒකත් බලපැව වෙන්න පුලුවන් . ඒ වගේම මෙ වගෙ කතා ශෛලයන් ඉන්දියානු ග්‍රාමීය ජනතාවට හරි යන්නෙ නැති වීමත් හෙතුවක් වෙන්න ඇති


කුමන හේතුවක් නිසා ඉන්දියානු රසිකයින් අතින් ප්‍රතික්ශේප උනත් ලංකාවෙ රසිකයින්ට නම් මේ නිර්මානය හොඳිනම ගැලපෙනව කියන එකයි අපෙ විශ්වාසය . පහලින් තියන රේටින් එකත් නිර්මානය ගැන අදහසකට එන්න උදව් වෙයි . අපි බාගත කිර්‍රිම් පිටප්ත් 3ක් දීල තියනව මෙතනින් වැඩි ධාරිතාවකින් යුත් පිටපතක් භාගත ජරගන්න පුලුවන් නම වඩාත් හොඳයි මොකද මෙ චිත්‍රපටියෙ ස්වාභාවය අනුව හොඳ රූප ගුණායක් වගෙම 5.1 නාද රටාත් නිර්මානයෙ රසවින්දනයට ඉතා වැදගත් . අපි කතාව ඉදිරිපත් නොකලෙ ඔබේ රසවින්දන්ටය ලොකු හානියක් විය හැකි නිසා පහල තියන පීර්ව ප්‍රචාරක පටියෙන් ඔබට චිත්‍රපටිය ගැන අදසකට එන්න පුලුවන් වෙයි

Ratings
  • Direction - 2.75/5
  • Celebrities' Performance - 4.25/5
  • Story - 3/5
  • Script - 3/5
  • Cinematography - 3/5
  • Music - 3/5
  • Choreography - N/A
  • Art Direction - 2.5/5
  • Action - 3/5
  • Editing - 2.75/5
  • Special Effects - N/A
  • OVERALL -3/5 
http://extratorrent.com/torrent/2427124/Game+-+DVDRip+-+XviD+-+DDR.html

http://extratorrent.com/torrent/2427815/Game+-+DVDRip+-+720p+-+x264+-+DDR.html

http://extratorrent.com/torrent/2427123/Game+-+DVDRip+-+XviD+-+1CDRip+-+DDR.html

( Above LINKS have been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL DVDs and Blu rays or to download from AUTHORIZED  web sites )

2 comments:

Chamath said...

i dont understand whats wrong with these stupid Sri Lankans why do you support indian films start supporting our sinhalse film industry

Anonymous said...

කලාව රසවිඳීමට දේශසීමා බාධකයක් නොමැත , මේ ලියන්නේ ඉන්දියානු සිනමාව ප්‍රිය කරන්නන් උදෙසාය . බ්ලොගයක් ලියා විශේෂයක් කිරීමට තරම් සිනමාවක් මේ වන විට ශ්‍රි ලංකාවේ නොමැත

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them