Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Monday, July 25, 2011

Double Dhamaal (DVD OUT + REVIEW ) - හොඳ කථා තේමාවක් අතාත්වික අධිරංගනයන් නිසා අපතේ යයි

Double Dhamaal චිත්‍රපටිය පිලිබඳ මූලික තොරතුරු අපි ඔබට කලින් ලිපියකින් ඉදිරිපත් කලා. චිත්‍රපටියට අදාල ඡයාරූප , විඩියෝ සහ ගීත එතන අන්තර්ගතයි. ඒ දේවල් ලබා ගන්න අවශ්‍ය නම් මෙතනින් ඒ ලිපියට යන්න පුලුවන්. අද ඉදිරිපත් කරන්නේ චිත්‍රපටියට අදාල විචාරය

කථාව

මේ චිත්‍රපටියේ කථාව කලින් චිත්‍රපටිය වුන Dhamaal  චිත්‍රපටියේ කථාවේ අවසානයේ සිට ආරම්භ වෙන බවක් තමයි පේන්න තියෙන්නේ(ඒ චිත්‍රපටිය නරඹලා නැති නිසා හරියටම කියන්න බැ ) කොහොම උනත් අලුතෙන්ම රසවිඳිනත් කිසිම බාධාවක් නැහැ .ආඩි, බෝමන් , මානව් සහ රෝයි කියන්නෙ තමන් නුවණක්කාරයි කියල හිතාන ඉන්න ඒත් බොහොම මෝඩ යාලුවො  හතර දෙනෙක් . කබීර් කියන්නෙ මේ අයට කලින් මුණගැහිල තියන (පොලිස් නිලධාරියෙක් වෙලා හිටපු )  කෙනෙක් / රස්සාවක් නොකර ඉන්න යාලුවො 4 දෙනා කබීර් බොහොම පොහොසත් වෙලා ඉන්නව දැකල කබීර් හරහා  පහසුවෙන් මුදල් උපයාගන්නයි උත්සහ කරන්නේ නමුත් ඔවුන් නොදැනීම අහුවෙන්නේ කපටියෙක් වුන කබීර්ගේ ගැටයකට ....

අපේ අදහස |Editor's Comments

  • චිත්‍රපටියේ කථාව හාස්‍යෝත්පාදක නිර්මාණයකට අපුරුවට ගැලපෙන බව පේනවනේ . ඒත් කථාවේන් ලැබෙන ඒ දායකත්වය අතාත්වික අධිරංගන සහ දුර්වල තිර රචනය නිසා විනාශ වෙලා කිව්වොත් වඩා නිවැරදියි
  • චිත්‍රපටියේ ආරම්ඹයේ ඉඳලම හාස්‍ය ලබා දීමට අවස්ථා එකතු කරල තිබුනත් ප්‍රධාන චරිත වුනු මිතුරන් 4 දෙනාගෙ හැසීරීම් බොහොම අතාත්විමයි . "ඕනිවට වඩා දඟනලව" කියල  කියන්න පුලුවන් හැසිරීමක් තියෙන්නේ . ඊට අමතරව මූලික කථා තේමාව ඇතුලේ මවන ඇතැම් සිද්ධීන් ඊට වඩා තාත්වික ආකාරයට කිරීමේ හැකියාවක් තිබුනාය කියලත් පේන්න තියනව
  • කලින් කිව්ව හේතු නිසා ටිකක් විතර විකාර ස්වරූපයක් ගත්තත් හාස්‍යෝත්පාදක පැත්තෙන් නම් චිත්‍රපටිය යම් තාක් දුරකට සාර්ථකයි . හැබැයි ඒ නියම රසය විඳින්න තියන බාධාවත් අර අයගේ බොරු දැඟලිල්ල  තමයි
  • දක්ෂ රංගන ශිලිපීන් වුන අර්ශාද් සහ රිතෙශ් ගේ නියම දක්ෂතා නම් මේ චිත්‍රපටියේ මතුවෙන්නේ නැ . ඒ වුනත් සංජේ දත් , මල්ලිකා ශෙරාවට් සහ කන්ගනා රනාවුට්ගේ ගේ රංගනය නම් සැහෙන තරම් හොඳයි
  • මැත කාලින බොලිවුඩ් සිනමාවේ ගීත ජවනිකා වල දකින්න තියන අපූර්වත්වය නම් මේ චිත්‍රපටියෙත් සැහෙන්න දකින්න පුලුවන් . ඒ වගේම චිත්‍රපටියේ අන්තර්ගත ගීත වගේම සංගීතයත් සැහෙන්න හොඳ මට්ටමේ පවතිනව
  • අර කලින් කිව්ව "අධි රංගන " ස්වාභාවය එහෙමත් නැත්නම් බොරු දැඟලිල්ල විඳ දරාගෙන බලන් ඉන්න පුලුවන් නම් සාමාන්‍ය වශයෙන් රසවිඳින්න පුලුවන් නිර්මාණයක් ලෙස හඳුන්වන්න පුලුවන්

Ratings
  • Direction - 1/5

  • Celebrities' Performance -2/5

  • Story - 3/5

  • Script - 1/5

  • Cinematography - 2/5

  • Music - 3/5

  • Choreography -35

  • Art Direction - 2/5

  • Action - N/A

  • Editing - 2/5

  • Special Effects - N/A

  • OVERALL -2/5


  • විචාරක හා ප්‍රේක්ෂක ප්‍රතිචාර

    චිත්‍රපටියේ තියන අඩුපාඩුකම් නිසා විචාරකයින් බොහෝ ද්ගෙනෙක් ගෙන් ලැබුනේ එතරම් හොඳ ප්‍රතිචාර නෙවෙයි . නමුත් ආර්ථික වශයෙන් චිත්‍රපටිය ආසාර්ථ වුනේ නැහැ
    ----------------------------------------------------------------------------------------------------------------

    01)අන්තර්ජාලයෙන් මිලදී ගන්නව නම් පහත සබැඳියෙන් eBayවෙත පිවිසිල මිලදී ගන්න පුලුවන්
    http://cgi.ebay.com/Double-Dhamaal-DVD-Original-Hindi-Movie-Sanjay-Dutt-/250859741488?pt=US_DVD_HD_DVD_Blu_ray&hash=item3a6867e130

    (eBay සම්ඟ ඔබගේ ගණුදෙනු සම්බඳයෙන් අප වග කියනු නොලැබේ)

    02)පහල තියන සෙවුම් පද ඒ විදිහටම කොපි කරල ගුගල් හරහා සෙවුමක් කලොත් පලමු ප්‍රතිපලයෙන්ම පිටපත භාගත කරගන්න පුලුවන්


    Double Dhamaal - DVDRip - XviD - 1CDRip - DDR These are just search keywords we do not held any responsibility on the results )

    0 comments:

    Post a Comment

    Related Posts Plugin for WordPress, Blogger...

    කරුණාවෙන් සලකන්න| Please Note

    අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them