Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Saturday, November 26, 2011

Mujse fraandshi Karoge - Facebook ආදර කථාවක් හරහා තාරුණ්‍යට වැදගත් පණිවුඩයක් (REVIEW +HQ WALLPAPERS + VIDEOS

Mujse fraandshi Karoge චිත්‍රපටියේ DVD නිකුත් වීම පිලිබඳ අපි කලින් ලිපියකින් ඔබට ඉදිරිපත් කලා භාගත කරගැනීමේ සබැඳිය සඳහා මෙතනින් ඒ ලිපියට පිවිසෙන්න පුලුවන් . මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නෙ චිත්‍රපටියට අදාල සියලුම තොරතුරුත් (ඡායාරූප ,විඩියෝ පට ඇතුලු ) , චිත්‍රපටියට අදාල අපේ විචාරයත් ඉදිරිපත් කරන්න .

කථාව

 විශාල් සහ රාහුල් කියන්නෙ එකම කොලේජයේ ඉගෙන ගන්න මිතුරන් දෙන්නෙක් , රාහුල් කියන්නෙ හැමෝම අතර ජනප්‍රිය රොක් තරුවක් , ඒ වගේම ඔහු කඩවසම් , විශාල් තමයි රාහුල්ට ගීත ලියල දෙන කෙනා නමුත් ඔහු රාහුල් වගේ බැබලෙන චරිතයක් නෙවෙයි , මල්විකා සහ ප්‍රිති කියන්නෙත් මිතුරියන් දෙන්නෙක් , ඒ අතරින් මල්විකා කියන්නේ බොහොම සිත් ඇදගන්න තරුණියක් වෙත්දි ප්‍රිති ඉන්නෙ ටිකක් සැඟවිලා , මේ හතර දෙනා අතර ෆෙස්බුක් හරහා ඇතිවන ආදර හුටපටයක් තමයි කථාවට මුල් වෙන්නෙ ,  චිත්‍රපටියේ නිල ප්‍රචාරක පටිය බැලුවාම හුටපටය මොකක්ද කියල දල අදහසක් ලැබෙයි ,  රසවින්දනයට බාධාවක් නොවෙන ආකාරයට

මූලික තොරතුරු |Basic Details


Mujhse Fraaandship Karoge

Directed byNupur Ashtana
Produced byAshish Patil
Screenplay byRajesh Narasimhan and Anvita Dutt Guptan
StarringSaqib Saleem
Saba Azad
Nishant Dahiya
Tara D’Souza
Music byRaghu Dixit
StudioY-Films
Release date(s)October 14, 2011
Running time106 minutes
CountryIndia
LanguageHindi

source - wikipedia
ඡායාරූප එකතුව |Image Collection


































Note - ඕනි කරන ඡායාරූපය වෙනමම ටැබ් එකක ඕපන් කරගෙන බාගත කරගන්න හැකියාව තියනව

විඩියෝ එකතුව|Videos Collection


Trailer





Songs











අපේ අදහස|Editor's Comments

  • මේ චිත්‍රපටිය නිෂ්පාදනය වෙන්නෙම නූතන තාරුණ්‍ය වෙනුවෙන් සිනමා කරනයේ යෙදෙන අරමුණින්ම  බිහිවුනු Yfilms සමාගමෙන් , ඒ අර්ථයෙන් ඒ කියන්නෙ නුතන තාරුණ්‍යය වෙනුවෙන් උපරිම සාධාරණයක් ඉටු කරන චිත්‍රපටියක් බව කියන්න පුලුවන්
  • චිත්‍රපටිය ගලා යන්නේ අධ්‍යාපනය ලබන වයසේ තරුණ තරුණියන්ගේ ජීවිත රටාත් එක්ක ,එතනදි අනවශ්‍ය විදිහේ අධිරංගන හෝ මවාපැම් නැතුව සාමාන්‍යයෙන් දකින්න තියනචරිත ඒ ආකාරයෙන්ම ඉස්මතු කරන්න නිර්මාණ කරුවා සමත් වෙලා තියනව
  • ෆේස්බුක් ආදර කථාවක් මත පදනම් වුනත් චිත්‍රපටිය අවසානයේ ලබාදෙන පණිවුඩය ඉතාම වැදගත් සහ අගය කල යුතුයි . වර්ථමානයේ සමාජ ජාල තුල හිරවෙලා ඉන්න අපි බොහොමයක් දෙනෙක් නොදකින කාරණයක් , මානුෂීය පැත්තක් තමයි මතු  කරන්නේ
  • කථාව වඩාත්  ගැලපෙන්නෙ තරුණ තරුණියන්ට තමයි , බොලිවුඩ් රසිකයින්ට විතරක් නෙවෙයි සාමාන්‍යයෙන් බොලිවුඩ් චිත්‍රපටි වලට කැමැත්තක් නොදක්වන අයටත් මේ චිත්‍රපටිය හොඳින් රසවිඳීමේ හැකියාව තියෙයි
                                                             OVERALL RATING - 3.5/5

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them