Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Monday, November 7, 2011

Ra.One ( Review ) -මෙතෙක් ඔබ අත්විඳ නැති ආකාරයේ සුපිරි බොලිවුඩ් සිනමා අත්දැකීමක්

Ra .One චිත්‍රපටය ගැන සම්පූර්ණ විස්තර කලින් ලිපියකින් ගෙනාව වෙලාවේ අපි ඔබට කිව්වා , චිත්‍රපටිය ගැන විචාරයකුත් ඉදිරිපත් කරනවාය කියල . මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නෙ ඒ දේ ඉටු කරන්න . චිත්‍රපටිය පිලිබඳ හොඳ නරක දෙයාකාරයෙන්ම කථා කරන්න මේ ලිපියෙදි බලාපොරොත්තු වෙනවා .

කථාව

බාරොන් ඉන්ඩස්ට්‍රිස් කියන්නෙ පරිඝනක තාක්ෂණය ආශ්‍රිතව කටයුතු කරන සමාගමක් . නූතන ලෝකයේ සන්නිවෙදන උපකරණ වල තරංග හුවමාරු වීම භාවිතා කරල  , ඒ හරහා වර්ටුවල් ලෝකයක් (වස්තූන් ) සැදීමේ හැකියාවක් මේ සමාගම විසින් හොයා ගන්නව . මේ අතර තමයි අලුත් පරිඝනක ක්‍රිඩාවක් නිපදවීමේ කාර්යභාරය මේ සමාගමට පැවරෙන්නේ .ශේකර් සුබ්‍රමනියම් කියන දකුණු ඉන්දියානු පරිඝනක විද්‍යාඥයාට තමයි මේ ක්‍රිඩාව නිර්මාණය කිරීමේ මූලිකම වගකීම පැවරෙන්නෙ . ශේකර්ගේ පුතාගේ ඉල්ලීමක් විදිහට ශේකර් මේ ක්‍රිඩාවේ දුෂ්ට චරිතය නිර්මාණය කරන්නේ  වීරයාගේ චරිතයට වඩා ශක්තිමත් විදිහට . මේ  චරිතය තමයි රා-වන් . ඉතාම ප්‍රභල චරිතයක් විදිහට නිර්මාණය වෙන රා-වන් , අර කලින් කිව්ව බාරොන් සමාගමේම තාක්ෂනය භාවිතා කරල සැබැ ලෝකයට එන්න සමත් වෙනව ...

 අපේ අදහස|Editor's Comment

  • රා.වන් චිත්‍රපටය නිර්මාණය වුනේ බොලිවුඩ් සිනමාවේ ඉහලම වියදමක් දරා නිර්මාණය කරපු චිත්‍රපටිය විදිහට . චිත්‍රපටියේ අඩංගු ප්‍රයෝග හා ක්‍රියාදාම දර්ශන බොලිවුඩයේ මෙතෙක් දකින්නට ලැබුන ඉහලම ගණයේ ඒවා නිසා ඒ වියදමට සාධාරණය ඉටු වෙලා තියන බව කියන්න පුලුවන්
  • චිත්‍රපටයේ තේමාවට අදාලව ශබ්ද හා නාදයන් වගේම සිනමාත්මක භාවිතාවනුත් සංස්කරණ ක්‍රමවේදයනුත් භාවිතා කරල තියන නිසා , මේ චිත්‍රපටය බොලිවුඩයට සිනමාවේ නව මානයක් එකතු කලාය කිව්වොත් නිවැරදියි
  • සාමාන්‍ය්යෙන් හොලිවුඩ් සිනමාවෙ දකින්නට ලැබෙන කථාතේමාවක් එක්ක , ඊට අදාල ක්‍රියාදාම ප්‍රයෝග ආදිය භාවිතා කරන ගමන් වුවත් ඉන්දියානු සිනමාවට ආවෙණික රසයන් වුනු  ගීත හා නර්ථන භාවිතා කරන්නත් , කථාව තුලත් ඉන්දියානු සමාජීය ලක්ෂන රඳවා ගන්නත් නිර්මාණ කරුවා සමත් වෙලා තියනව
  • චිත්‍රපටිය ගැන සඳහන් වුනු කිසිම තැනක චිත්‍රපටිය හාස්‍යෝත්පාදක නිර්මාණයක් බව පෙන්නුම් කලේ නැතත් ඉතාම නිරායාසයෙන් මුල සිට අග දක්වාම ප්‍රේක්ෂකය සිනහ ගන්වන දර්ශන රා-වන් චිත්‍රපටියේ අඩංගුයි
  • සුපිරි වීර කථා ප්‍රිය නොකරනය අයට නොගෑලපුනත් වෙනත් ඕනැම කෙනෙකුට කිසිම ගැටලුවකින් තොරව රසවිඳින්න පුලුවන් නිර්මාණයක් බව සටහන් කරන්න පුලුවන් . නමුත් කැමරා කොපියක් භාගත කරගෙන නම් ඒ දේ කරන්න බැරි වෙයි , ඒ නිසා සිනමා ශාලාවේ නැරඹීම හෝ ඩිවිඩි නිකුත් වෙන තෙක් ඉවසා සිටීම කාරණා දෙකෙන් එකක් තෝරාගැනීම වඩා යෝග‍යයි
  • මුලු වෙලාව තුල කිසිම කම්මැලි කමකින් තොරව පරිපූර්න සිනමා අත්දැකීමක් ලබාදෙන නිර්මාණයක් වුනත් අඩු පාඩු කිහිපයකුත් දකින්න නැතුවා නොවෙයි
  • චිත්‍රපටයේ කථාවට අනුව බාහිර පුදගල්යින් සම්බන්ධවෙන , අවස්ථා රාශියක් (ස්ටේසමක් කඩාගෙන පාරට එන දුම් රියක් , තට්ටු දෙකේ බස් රථයක් දෙබැ කරගෙන යන ජීප් රථයක් වැනි ) , තිබුනත් මේ කිසිම අවස්ථාවක් ගැන බාහිර සමාජයේ අවධානය එම අවස්ථාවෙන් පසුවට යොමු වෙන බවක් කථාව තුල නැහැ .නිති  රීති ඉතාම ක්‍රමානුකුලව ක්‍රියාත්මක වෙන එංගලන්තයේ මහ පාරක ලොකු කැලඹීමක් ඇති කරල පොලිස් අවධානයක් ඇති වුනු  බවක් නැතුව ඉන් මාස ගණනකට පස්සෙ එංගලන්තයටම එන එක ඒකට එක උදාහරණයක්
  • විද්‍යා ප්‍රභන්දයක් වශයෙන් නම් කලත් අදාල සිදුවීමේ විද්‍යාතමක පසුබිමට කථාවේ ලැබෙන්නෙ පොඩි අවධානයක , ඒ නිසා ෆැන්ටසි පැත්තට වඩාත් බරව කථාව විග්‍රහ කරන්නත් පුලුවන් කම තියනව
  • සුපිරි වීර කථාවක් වශයෙන් පවුලේ සැමටම නරඹන්න තියන චිත්‍රපටයක් වශයෙන් චිත්‍රපටියේ හාස්‍ය මතු කරන්න භාවිතා කරල තියන ඇතැම් ඉඟි ආදිය කුඩා ලමුන්ට ගෝචරද කියන ගැටලුව තියනව
  • බොලිවුඩ් නිර්මාණයක් වශයෙන් ඉතාම සාර්ථක වුනත් ප්‍රයෝග භාවිතයේදී සැලකිලිමත්ව් විය යුතුයි කියා සිතෙන තැන කිහිපයකුත් චිත්‍රපටියේ දකින්න තියෙයි
  • බොලිවුඩ් සිනමාවේ සංදිස්ථානක් වගේ වෙච්ච මේ චිත්‍රපටිය සිනමා හලට ගිහින්ම රසවිඳින්න කියලයි අපේ නිර්දේශය , ඒ වෙනදා නොදුටු , අත්නොවිඳි බොලිවුඩ් සිනමා අත්දැකීමක් ලබා ගන්න පුලුවන් වන  නිසා
OUR RATING - 4.5/5

රා-වන් චිත්‍රපටයේ ආදායම් ගැන අසත්‍ය වාර්ථා වක් සිංහල වෙබ් අඩවියක තියන බවක් දැක්ක නිසා ඒ ගැනත් යමක් කිව යුතුයි . බලාපොරොත්තු වුනු තරම් දැවැන්ත ප්‍රතිචාර නොලැබුනත් රාවන් මේ දක්වා සම්පූර්ණ ආදායම කෝටි 190 ක් ඉක්මවා ගිහින් තියෙන්නෙ ., ඒ සියලුම භාෂාවල පිටපත් සහ විදේස් ආදායම් එක්ක . ඩිවිඩි , ටෙලිවිෂන් විකාෂන අයිතීන් ආදිය එකතු වෙලා බලන මුලු ආදායම් වාර්ථාව සැහෙන ඉහල අගයක් ගනිවි , බොහෝ වෙලාවට සල්මාන්ගේ බොඩිගාඩ් චිත්‍රපටය ඉක්මවා යාවි , නමුත් රා-වන් වගේ එක්තරා රසික පිරිසකට සිමා නොවුනු 3 ඉඩියට්ස් චිත්‍රපටයේ ආදායම් වාර්ථා නම් ඉක්මන්න ලැබෙන එකක් නැය කියලයි විචාරකයින් කියන්නෙ

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them