කථාව
චේතන් (සංජය ) සහ බාගත්(අජේ ) කියන්නෙ කපටි හොරුන් දෙන්නෙක් . අහම්බයකින් වගේ මේ දෙන්නා ඇන්තනී කියන පාතාල නායකයගේ මුදල් සහ වාහනය එකම දවසේ හොරක්ම් කරනව . ඇන්තනි ට බයෙන් රටෙන් පිටවෙලා බැංකොක් යන්න්න තීරණය කරන බාගත් සහ චේතන් ගුවන් යානයේදී මුණගැහෙනව . එතනදි චේතන් බාගත්ගෙ ඔරලෝසුව සහ මුදල් පසුම්බිය හොරකම් කිරීමත් එක්ක මේ දෙන්නා අතර ගැටුමක් හටගන්නව ....ඔන්න ඔය ආකරයට තමයි කථාව ඉදිරියට යන්නෙ .
Image Collection - From santabanta.com
More Rascals Wallpapers
Trailer + Videos Songs
අපේ අදහස | Editor's Comment
- කලින් ලිපියෙදිම අපි සඳහන් කල දෙයක් තමයි 'ඇක්ශන්' කොමඩි විදිහට වර්ග කලත් කොමඩියක් පමණක් විය යුතුයි කියන එක . මොකද බොලිවුඩ් චිත්‍රපටි රාශියකම මේ වර්ගීකරන ගැටලුව තිබුන නිසා . චිත්‍රපටිය බැලුවාට පස්සෙත් කියන්න තියෙන්නේ ඒ කාරණය නිවැරදියි කියල තමයි . මේ චිත්‍රපටිය සම්පූර්ණයෙන්ම කොමඩියක් විදිහට තමයින් හඳුන්වන්න වෙන්නෙ
- එක් එක් දර්ශනය සහ සම්පූර්ණ කථා තේමාව ඇතුලේ හාස්‍යය මතුකිරීම දකින්න තිබුනත් තිර රචනය තුල කිසිම සාර්ථකත්වයක් දකින්න නැ . අනවශ්‍ය අධි රංගන සහ දුර්වල සිදුවීම් රාශියක් නිසා චිත්‍රපටියේ සමස්ථ තේමාව තුල ලභා දිය හැකි නියම රසය මඟ හැරිලා තියනව
- කලින් සඳහන් කලා වගේ චිත්‍රපටිය නරඹන කෙනෙකුට සිනහ වීමේ දර්ශන නම් ඕනි තරම් නමුත් සමස්ථයක් වශයෙන් ගත යුත්තක් නැය කියල හිතෙනව . සංජය අජේ වැනි අති දක්ෂ රංගන ශිල්පීන්ගෙ දක්ෂතා අපතේ යැවීමක්ය කියලත් කියන්න පුලුවන්
- ලිංගිකත්වය ආශ්රිත කාරණා හාස්‍යයන් ලෙස මතුකලත් ඒ තුලවත් නියම රසයක් මතු කරන්න නිර්මාණ කරුවා සමත් වෙලා නැ
- ලිසා හේඩ්න් ඔබ මීට කලින් නොදැකපු බොලිවුඩ් තරුවක් වෙන්න පුලුවන් . සරාගී පෙනුමක් තියන මේ චිත්‍රපටියේ සරාගි රංගනයක යෙදෙන ලිසා සුප්‍රසිද්ද නිලියකගේ පෙනුමට ආසන්න බවක් දක්වනව , ඒ කෙනා කව්ද් කියල මේ ඡායාරූප වලින් වුනත් පේනවා ඇති
0 comments:
Post a Comment