Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Friday, June 10, 2011

F.A.L.T.U Review - සංගීතයෙන් පිරුණු "පිස්සු ආතල්" එකක් තුලින් දෙන වැදගත් පණිවුඩය

අපේ අවස්න් ලිපියෙදි අපි ඔබට බොලිවුඩ් නිර්මාන දෙකක DVD නිකුත් වීම ගැන  දැනුවත් කලා , එයින් කොමඩි වර්ගයට අයත් නිර්මානය  වුන  FALTU චිත්‍රපටිය ගැන තමයි මේ  සම්පූර්ණ විවරනයක් කරන්න සූදානම් වෙන්නේ

මූලික තොරතුරු

අධ්‍යක්ෂනය - රෙමො ඩි සුසා
නිශ්පාදනය - වාශු බග්නානි
සංගීතය - ගිගර් , සචින්
සිනමා කරනය - විජය ආරෝරා
රංගනය- ජැකි බග්නානි .පූජ ගුප්තා, රිතේශ් දේශ්මුක් ,අර්සාඩ් වර්සි

කථාව



මේ චිත්‍රපටියෙ කතාව ගෙතිල තියෙන්නේ පාසල් අධ්‍යාපනය හමාර කරල උසස් අධ්‍යාපනයට පිවිසෙන්න බලාපොරොත්තුව ඉන්න තරුණයින් තුන් දෙනෙක් හා තරුණියක් වටා , නිවසේ බලපැමත් එක්ක ඉතාම හොඳින් විභාගය සමත් වෙන තරුණයෙක් මේ අතර හිටියත් . ඉතුරු තුන්දෙනා සමත් වෙන්නේ යන්තමින් . ඉතින් හොඳින් සමත්වුන ශිෂ්‍යයා හොඳම උසස් අධ්‍යපනය ආයතනයට තේරෙත්ද් අනෙක් තුන්දෙනාට කිසිම  ආයතනයකට ඇතුල් වෙන්න හැකියාවක් ලැබෙන්නෙ නැ . මේ නිසා දෙමව්පියන්ගෙනුත් බැනුම් අහන මේ අය ඊලඟට කරන්නෙ මොකක්ද ??

මේන්න මේ ගැන තමයි කතාව ඉදිරියට ගලාගෙන යන්නෙ

Editor's Comment |අපේ අදහස 

  • කොමඩි ගනයේ නිර්මානයක් විදිහට වර්ග කරල තිබුනත් FALTU චිත්‍රපටය Musical Drama ගනයටත් අයත් වන බවක් තමයි පේන්න තියෙන්නේ . ආරම්ඹයේ ඉඳල අවසානය දක්වාම කතාව දිව යන්නේ සංගීතයත් එක්ක . කොහොම උනත් මේ ස්වාභාවය චිත්‍රපටයට අමුතු ආලෝකයක් එකතු කරනව . මොකද අපි Dum Maro Dum චිත්‍රපටිය ගැන කතා කරත්දි කියපු ආකාරයේ බලහත්කාරයෙන් මැදින් ඔබ්බපු ගීත නම් නෙවෙයි  මේ චිත්‍රපටියේ දකින්න ලැබෙන්නේ
  • චිත්‍රපටියේ භාවිතා කරල තියන රිද්මය බොහොම වේගවත් . තාරුණ්‍යට ගැලපෙන සංගීතය වගේම රූප රාමු සකස් කිරීමේදී හා සංස්කරනයේදී මේ කාරනය හොඳින්ම රැකගෙන තියනව . කිසිම තැනකදි මේ රිද්මය බිඳෙන්නේ නැති එක ඉතාම වැදගත් ලක්ෂනයක් . වර්ථමාන සිනමාවේ භාවිතා වන 5.1 නාද තාක්ෂයත් එක්ක ඉතාම හොඳින් බද්ධ වන විදිහට පසුබිම් නාද කණඩ , සංගීතය වගේම , ගීතත් යොදා ගෙන තියනව . අදාල තාක්ෂනික පහසුකම් ඔබටත් තියනවා නම් ඒ නාද රටා එක්ක චිත්‍රපටිය නැරඹුවොත් මුලු කාලයම (පැය 2ක් පමන ) එක දිගට , එක ගැම්මට නැරඹිය හැකි චිත්‍රපටියක්  විදිහට මේ චිත්‍රපටිය නම් කරන්න පුලුවන්
  • බොහොම විනෝදාත්මක නිර්මානයක් ලෙසට සකස් උනත් හදවතට ඉතාම සංවේදී බාවයක් ඇති කරවන අවස්ථාත් මේ නිර්මානය තුල දකින්න තියනව . යථාර්තයෙන් ඇතට ගියත්  ඒ බොහොම සුන්දර සිනමා කල්පිතයකට නිසා  ඒක හොඳින්ම රසවින්දින්න පුලුවන්
  • බොහොම සරල කල්පිතයක් හරහා ගොඩ නැඟුවත් අපේ රටවල (ලංකාවටත් සැහෙන දුරට අදාල ) උසස් අධ්‍යාපන ක්‍රමයේ දකින්න තියන කණගාටුදායක  ලක්ෂන මේ තුල  අපූරුවට කතා බහ කෙරිල තියනව .ඇත්තට ඒ සම්බන්ඳ වැදගත් පණිවුඩ කිහිපයක්ම මෙයින් ලබා දෙනවාය කියල කියන්න පුලුවන් 
  • හොඳ බොලිවුඩ් රසිකයෙකුට  වගේම  විනෝදාත්මක පැය දෙකක් ගත කරන්න කැමති ඕනැම කෙනෙකුට අපි මේ සිනමා නිර්මානය නිර්දේශ කරනව 
  • පහත රේටින් එකත් ඔබට සමහර විට උපකාරි වෙයි 
Ratings

  • Direction - 3/5
  • Celebrities' Performance -3/5
  • Story - 3.25/5
  • Script - 3.5/5
  • Cinematography - 2.75/5
  • Music - 3.5/5
  • Choreography -2.5/5
  • Art Direction - 2.5/5
  • Action - N/A
  • Editing - 4/5
  • Special Effects - N/A
  • OVERALL -3.25/5
පහල තියන විඩියෝ පට වලිනුත් ඔබට චිත්‍රපටිය ගැන අදහසකට එන්න පුලුවන් වෙයි 
















ගීත එකතුව -http://www.songs.pk/indian/faltu_2011.html
( Above LINK  have been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL AUDIO CDs or to download from AUTHORIZED  web sites )

පහලින් තියෙන්නෙ ඡායාරූප එකතුව
Free Image Hosting at www.ImageShack.us Free Image Hosting at www.ImageShack.us  Free Image Hosting at www.ImageShack.us Free Image Hosting at www.ImageShack.us Free Image Hosting at www.ImageShack.us Free Image Hosting at www.ImageShack.us












F.A.L.T.U.(2011).DVDRip.XviD.AC3.ESubs.DDR - තමයි අපි කලින් ලිපිය අවසානයට දුන්න සෙවුම් පද (Search Key Words) මේ තුලින් ඔබට ලැබෙන පිටපතේ උපසිරැසි ගැටලුවක් තියනව ඒ නිසා පහත සබැඳියෙන් අදාල උපසිරැසි බාගත කරගන්න (මේ පිටපත 5.1 නාද සංයුතිය සහිතයි )

 http://subscene.com/english/Faltu/subtitle-445501.aspx

 

විශේෂ සටහන - චිත්‍රපටි භාගත කරගන්න ටොරන්ට් අඩවි වලට සබැඳි සැපයීම නතර කල යුතුයි කියල අපි තිර්නය කලා .ඒ හේතු කිහිපයක් නිසා . පලවෙනිම දේ ටොරන්ට් අඩවිවලට සබැන්දී පලකිරීම නිති විරෝධිවගේම සදාචාර සම්පන්නත් නැහැ . ඒ වගේම ගොඩ දෙනෙක් තම්න් පුරුදු වෙච්ච ටොරන්ට් සෙවුම් යන්ත්‍ර හරහා තමයි ඒවා ලබා ගන්නෙ . ඉතින් දැනුවත් වීම පමණක් කලත් අදාල පිටපත් හොයාගන්න පුලුවන් . ඒත් එක්කම අන්තර්ජාලය තුල ඕනැම කෙනෙකුට පහසුවෙන් හොයාගන්න පුලුවන් පිටපතක් දෙනවට වඩා  අදාල පිටපත නිකුත් වුනා කියන එකත් , නිර්මානය ගැන සම්පූර්ණ විස්තරයකුත් දෙන එක වඩා වැදගත් කියලයි අපිට හිතෙන්නෙ . කොහොම උනත් මේ ගැන ඔබේ අදහසත් එකතු කරන්න පුලුවන් නම් අපිට ගොඩක් වැද්ගත් වෙයි ඒ සඳහා කමෙන්ටුවක් හරි , දකුණු පැත්තේ චන්ද විමසීමට හරි දායක වෙන්නය කියල අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනව .  

 

 

2 comments:

hare :-) said...

උවමනා කෙනා ටොරන්ට් නැත්තං වෙන මොකක් හරි ක්‍රමයකට කොහොමත් බාගන්න නිසා දුන්නට අවුලක් නෑ වගේ මට හිතෙන්නෙ නම්... මොකද සමහර දේවල් ලැබුණොත් මිස හොයල බලල ලබාගන්න පුරුද්දක් ගොඩක් අයට නෑ. අනික පිටපත හොඳ නම් සෙවුම් යන්ත්‍රය මොකක් වුණාම මොකෝ...

අද මගේ චිත්‍රපටි බ්ලොග් එකේ ඔබ දුන් කමෙන්ටුවට ස්තූතියි. මම මේ අඩවියේ ‍ෆීඩ් එක මගේ අඩවියේ පේන්න දැම්මා..

Anonymous said...

Thanks lot hare & thanks for the idea

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them