Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Wednesday, June 8, 2011

Dum maro Dum - දීපිකාගේ සරාගී නර්ථනයෙන් හැඩවුන චිත්‍රපටිය (DVD Out + Review )

පහුගිය අප්‍රේල් මාසයේ තිරගත උන චිත්‍රපටියක් ගැන තමයි අද තොරතුරු ඉදිරිපත් කරන්නේ . චිත්‍රපටියෙ නම Dum maaro Dum.
Dum maaro Dum චිත්‍රපටිය හේතු කිහිපයක් නිසා ටිකක් කථාබහට ලක්වුනා . පලවෙනි හේතුව වුනේ චිත්‍රපටියේ අඩංගු වන Dum maro Dum ගීතය . පැරැණි ඉතා ජනප්‍රිය ගීතයකින්  වුන Dum maaro Dum ගීතය ආශ්‍රිතව වෙනම ආකාරයේ  ගීතයක් විදිහට තමයි වර්ථමාන ගීතය නිර්මණය වෙලා තියෙන්නෙ .මේ ගීතය චිත්‍රපටියට එකතුවෙන්නෙ Item Song එකක් විදිහට . ගීතයට ර්ංගනයෙන් දායක වෙන්නෙ දීපිකා පාදුකෝන් . අමුතු ආකාරයක සරාගී නර්ථනයක් තමයි දීපිකා මේ ගීතයට එකතු කරන්නේ . අලුත් ගීතයෙ තනුවත් දීපිකා නර්ථනයත් නිසා චිත්‍රපටිය තිරගත වෙන්න සැහෙන්  කාලයකට කලින් ඉඳලම ප්‍රේක්ෂක අවධානය දිනාගෙන තිබුන . ඒ ගීතය අඩ්ංගු ප්‍රචාරක රුපරාමුවකුත් . ගීතය නිර්මානය කල ආකාරය දැක්වෙන රූප රාමුවකුත් පහලින් තියනව .චිත්‍රපටියේ නම ගීතයේ නමම වුනා වගේම චිත්‍රපටිය පුරාවටම දිවෙන මූලික තේමා කණ්ඩයත් මේ තනුවමයි







මේ චිත්‍රපටියට පදනම් වෙලා තියෙන්නෙ ගෝව ප්‍රදේශය පද්නම් කරගත්ත , මත් ජාවාරම් සම්බඳ කතාවක් . චිත්‍රපටියට අනුව ගෝව ප්‍රදේශයේ විදේසිකයින් පවා සැහෙන තරමින් මත්ද්‍රව‍ය ජාවාරමට සම්බන්ඳයි . මේ කතාව ගෝව ප්‍රදේශයටත් එහි සංචාරක ව්‍යාපාරයටත් හානියක් කියල දැඩි විරෝධයක් චිත්‍රපටියට එල්ල වීම තමයි චිත්‍රපටිය කතා බහට ලක්වීමට  අනෙක් හේතුව .

ලෝක කුසලාන සමයේදී ඉන්දීය ක්‍රිඩකයින් වෙනුවෙන් නිර්මාණය කෙරුන දැන්වීමක් විදිහට තමයි මේ චිත්‍රපටියේ පූර්ව ප්‍රචාරක කටයුතු ආරම්බ උනේ . ක්‍රිඩාවට කිසිම සම්බන්ඳයක් නැති නිර්මානයක් ඒ විදිහෙ ප්‍රචාරනයක් සිදු කිරීම ගැනත් ටිකක් විතර කථාබහක් ඇති වුනා

අභිශේක් බච්චන් , රානා ඩුග්ගුබටි , බිපාෂා බාසු රංගනයෙන් දායක වෙනව මෙ නිර්මානයට ,දිපිකා රඟන ගීතයක් තිබුනත් ඇය මේ නිර්මනයට රංගනයෙන් දායක වෙන්නෙ නැ

Editor's Comment |අපේ අදහස

  • මුලිනුත් කිව්වා වගෙ චිත්‍රපටියෙ කතාව ගෙතිල තියෙන්නේ ගෝව ප්‍රදේශය පදනම් කරගත්ත මත්ද්‍රව‍ය ව්‍යාපාරය සම්බඳයෙන් . මත්ද්‍රව්‍ය ව්‍යාපාරය මෙහෙයවන්නන් , මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නන් හා මත්ද්‍රව්ය වලට විරුද්ධ බලවේග තමයි චිත්‍රපටියේ ප්‍රධාන චරිත බවට පත්වෙන්නෙ.කතා තේමාවට ගැලපෙන වර්ණරටාවකුත් සංගීත රටාවලතු චිට්‍රපටිය පුරාවටම භාවිතා වෙනව 
  • චිත්‍රපටියේ කතාව ගලායන්නෙ අමුතුම රීතියක් හරහා , එක් වතාවකට එක් චරිතය බැගින් හඳුන්වාදෙන්නත් , අලුත් චරිතයක් මුණගැසුනාම ඒ චාරිතය වටා කතාව ගොතන්නත් වශයෙන් අමුතුම රසයක් එන විදිහෙ රිතියක් මෙහිදී අනුගමනය කරල තියනව 
  • මූලික වශයෙන් කතාව හා තිරරචනය හොඳ වුනත් අඩු පාඩු රාශියකුත් චිත්‍රපටියෙ දකින්න ලැබෙනව . මෙයින් මූලිකම ගැටලුව අනවශ්‍ය හා නොගැලපෙන විදිහට භාවිතා කරල තියන ගීත . මෙයින් සමහර ගීත අලංකාව උනත් ඒවයින් කතාවට හා කතාවේ ගලායාමට බධාවක් තමයි සිද්ධ කරල තියෙන්නෙ . Thriller වර්ගයේ චිත්‍රපටියකට ගැලපෙන රිද්මයකුත් මේ නිර්මානයෙ නැ . කතාවේ හැටියට අනවශ්‍ය අකාරයේ මන්දගාමි බවක් තිර රචනය හරහා ආරෝපනය කරල තියනව . කතාවට අනුව ඉතාම හොඳ අවසානයකට යන්න පුලුවන් කම සකස් කරල තිබියදීත් ඒ කොටසේ තිර රචනයේ ඉතාම ප්‍රභල දුර්වලතා රාශියක් දකින්න තියනව
  • වෙනම වෙනම චරිත හඳුන්වා දුන්නත් කිසිම චරිතයක් ප්‍රභල බවක් උසුලන්නෙ වත් , ප්‍රේක්ෂකයින් හා බද්ධ වෙන්නෙ වත් නැ . ඒ වගේම අදාල රංගන ශිලිපි ශිල්පිනියන්ට සාපේක්ෂව ඔවුන්ගේ මේ නිර්මානයේ රංගනය දුර්වල මට්ටමක තමයි තියෙන්නෙ
  • මේ චිත්‍රපටිය ඉන්දියාවෙදි සාර්ථකව තිරගත වුන නිර්මාණයක් ,ඒත් ඉන්දියාවෙදි අසාර්ථක උන  Game චිත්‍රපටිය තරම් නම් නිර්මාණාත්මක ගුණයක් මේකෙ නැ 
Ratings

  • Direction - 2/5
  • Celebrities' Performance -1.75/5
  • Story - 3/5
  • Script - 2/5
  • Cinematography - 2/5
  • Music - 3/5
  • Choreography -2.75/5
  • Art Direction - 2.5/5
  • Action - 1.5/5
  • Editing - 2/5
  • Special Effects - N/A
  • OVERALL -2/5

Game චිත්‍රපටිය පිලිබඳ අපේ ලිපියට මෙතනින් යන්න 

ගීත එකුතවට සබැඳියකුත් , ඡායාරූප එකතුවකුත් පහලින් තියනව 

ගීත
http://www.songs.pk/indian/dum_maaro_dum_2011.html

( Above LINK  have been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL AUDIO CDs or to download from AUTHORIZED  web sites )


Free Image Hosting at www.ImageShack.us Free Image Hosting at www.ImageShack.us Free Image Hosting at www.ImageShack.us Free Image Hosting at www.ImageShack.us Free Image Hosting at www.ImageShack.us Free Image Hosting at www.ImageShack.us Free Image Hosting at www.ImageShack.us Free Image Hosting at www.ImageShack.us Free Image Hosting at www.ImageShack.us Free Image Hosting at www.ImageShack.us Free Image Hosting at www.ImageShack.us Free Image Hosting at www.ImageShack.us Free Image Hosting at www.ImageShack.us Free Image Hosting at www.ImageShack.us Free Image Hosting at www.ImageShack.us Free Image Hosting at www.ImageShack.us Free Image Hosting at www.ImageShack.us Free Image Hosting at www.ImageShack.us  Free Image Hosting at www.ImageShack.us Free Image Hosting at www.ImageShack.us



විශේෂ සටහන - චිත්‍රපටි භාගත කරගන්න ටොරන්ට් අඩවි වලට සබැඳි සැපයීම නතර කල යුතුයි කියල අපි තිර්නය කලා .ඒ හේතු කිහිපයක් නිසා . පලවෙනිම දේ ටොරන්ට් අඩවිවලට සබැන්දී පලකිරීම නිති විරෝධිවගේම සදාචාර සම්පන්නත් නැහැ . ඒ වගේම ගොඩ දෙනෙක් තම්න් පුරුදු වෙච්ච ටොරන්ට් සෙවුම් යන්ත්‍ර හරහා තමයි ඒවා ලබා ගන්නෙ . ඉතින් දැනුවත් වීම පමණක් කලත් අදාල පිටපත් හොයාගන්න පුලුවන් . ඒත් එක්කම අන්තර්ජාලය තුල ඕනැම කෙනෙකුට පහසුවෙන් හොයාගන්න පුලුවන් පිටපතක් දෙනවට වඩා  අදාල පිටපත නිකුත් වුනා කියන එකත් , නිර්මානය ගැන සම්පූර්ණ විස්තරයකුත් දෙන එක වඩා වැදගත් කියලයි අපිට හිතෙන්නෙ . කොහොම උනත් මේ ගැන ඔබේ අදහසත් එකතු කරන්න පුලුවන් නම් අපිට ගොඩක් වැද්ගත් වෙයි ඒ සඳහා කමෙන්ටුවක් හරි , දකුණු පැත්තේ චන්ද විමසීමට හරි දායක වෙන්නය කියල අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනව . 

මේ චිත්‍රපටියේ නමත් (Dum Maaro Dum ) එක්ක ඩිවිඩි රිප් කියන කොටස එකතු කරල ගුගල් හරහා සෙවුමක් කරල චිත්‍රපටියෙ පිටප්ත පහසුවෙන් ලබා ගන්න පුලුවන් (ටොරන්ට් සෙවුම් යන්ත්‍රයක්දි නම් DDR කියන කොටසත් එකතු කලොත් වඩාත් හොඳ පිටපතක්ම ලබා ගන්න පුලුවන් )

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them