කථාව
සහිල් කියන්නෙ චිත්‍ර ශිල්පියෙක් ( කාටූන් ශිල්පියෙක්). රිතු කියන්නෙ කලමණාකරනය හදාරන , කොටිපති ව්‍යාපාරිකයෙකුගේ දියණියක් . රිතුගේ පියාගේ ව්‍යාපාරයේ අලුත් නිෂ්පාදනයක වෙලඳ සලකුණ නිර්මාණය කිරීමෙ අවස්ථාව සහිල්ට හිමිවෙනව . මේ නිසා තමයි රිතු හා සහිල් මුලින්ම මුණ ගැහෙන්නෙ . එතනින් එහාට පරණ කථාවම තමයි . සල්ලි කාර තරුණිය , මිල මුදල් අතේ නැති ඒත් හිත හොඳ මනුස්ස්යා වුන කොල්ලා . මේ දෙන්නගෙ සම්බන්දෙට විරුද්ධ තාත්තා.. ඔය වගේ හැබැයි ඉතින් මේ කථාවට ආවෙනික ලක්ෂනත් නැතුවාම නෙවෙයි , චිත්‍රපටිය බලලම කථාව දැන ගිනිමුකො එහෙනම්
Editor's Comment |අපේ අදහස
- මේ චිත්‍රපටියේ කථා තේමාව බොලිවුඩයට ඉතාම හුරුපුරුදුයි . විශේෂයෙන්ම 80/90 දශක වල සිනමාවට , ඒ නිසා වෙනසක් දකින්න බලාපොරොත්තු වන අයට මේ චිත්‍රපටිය ගැලපෙන්නෙ නැති වෙයි
- තේමාව සාම්ප්‍රදායික උනත් ඒ කාලයෙ සිනමාවේ තිබුන අතාත්වික ගුටිබැට , හෝ සිදුවීම් වෙනුවට වර්ථාමානයත් එක්ක යම් තරමකින් ගලප්පන්න පුලුවන් සිදුවීම් මේ චිත්‍රපටියට අන්තර්ගත වෙලා තියනව . උදා හරණයක් විදිහට සාම්ප්‍රදායික සිනමා නිර්මාන වලදි කොල්ලට විරුද්ධ ව මැරයෝ කණ්ඩායම් එවන අතාත්වික පියා ගේ චරිතය මෙතන නැ . මේ කථාවේ ගැහැණු ලමයගෙ තාත්තා තරුණයාට දෙන්නෙ ව්‍යාපාරික අභියෝගයක් . ඒක උනත් තාත්වික බවෙන් ඈත උනත් මැරයන් හෝ ගුටිකෙලි වලට වඩා නම් බලා ඉන්න පුලුවන් කමක් තියනව
- චිත්‍රපටියේ ගොඩක් දේවල් ඉතාම සාමාන්ය්යි කියල තමයි කියන්න තියෙන්නෙ . හැබැයි කලා අධ්‍යක්ෂනය හා සිනමා කරනය තුල විශේෂත්වයක් තියනව. කාටූන් ශිල්පියෙක් වටා කථාව ගෙතෙන නිසා ඒ තේමාව ඔස්සේම පසු තල නිර්මානයත් සිනමා කරන අංගත් පවත්වාගෙන තියනව
- සරල බොලිවුඩ් නිර්මානයක් රසවිඳින්න කැමති කෙනෙකුට මේ චිත්‍රපටිය නරකම නැය කියලයි අවසාන වශයෙන් කියන්න පුලුවන්
- Direction - 2.5/5
- Celebrities' Performance -2/5
- Story - 1/5
- Script - 1.5/5
- Cinematography - 3.25/5
- Music - 2/5
- Choreography -2/5
- Art Direction - 3.5/5
- Action - N/A
- Editing - 2/5
- Special Effects - N/A
- OVERALL -2.5/5
http://cgi.ebay.com/LOVE-U-MR-KALAKAAR-Hindi-DVD-Tusshar-Kapoor-Amrita-/230637965804?pt=US_DVD_HD_DVD_Blu_ray&hash=item35b31811ec
(eBay සම්ඟ ඔබගේ ගණුදෙනු සම්බඳයෙන් අප වග කියනු නොලැබේ)
02)පහල තියන සෙවුම් පද ඒ විදිහටම කොපි කරල ගුගල් හරහා සෙවුමක් කලොත් පලමු ප්‍රතිපලයෙන්ම පිටපත භාගත කරගන්න පුලුවන්
Love U... Mr. Kalakaar! - DVDRip - XviD - 1CDRip - [DDR](These are just search keywords we do not held any responsibility on the results )
0 comments:
Post a Comment