කථාව
රියා කියන්නෙ වයස 18ක් වෙච්ච තරුණියක් . ඇයගෙ පෙම්වතා වෙන්නේ හොරබඩු ජාවාරම් කාරයෙක්ගෙ පුතා වුන ලව් නන්දා . රියාගේ 18 වෙනි උපන් දිනය වෙනුවෙන් මේ දෙන්නා එකතු වෙලා එකට රාත්‍රිය ගත කරන්නයි සුදානම් වෙන්නේ . මේ අතරෙදී මේ දෙන්නගෙම පාසල් මිතො දෙන්නෙක්ගෙ කතා බහකින් ලව් නන්දාගෙ වෙනත් සම්බන්ධයක් ගැන රියාට සහ ඇගෙ මිතුරියන්ට දැන ගන්න ලැබෙනව . ඒ ගැන හොයන්න යත්දි මේ අයට තවත් ආරංචියක් දැනගන්න ලැබෙනව . ඒ ලව් නන්දා ඇතුලු කෝටිපති තරුණයින් සහභාගි වන තරඟයක් ගැන . මේ තරඟයට අනුව තමන්ගෙ ජීවිතයට අදාලව සරාගී ක්‍රියාකාරකම් වල විඩියෝ සහ ඡායාරූප අප්ලොඩ් කරන්න ඕනි . ඒ ඒ විඩියෝ වල ඡායාරූප වල තත්වය (කොයි තරම් දුරට ගිය සම්බන්දය්ක් ද ආදී ) අනුව ලකුණු ලැබෙනව . ලව් නන්දා මේවෙනකොට ඒ ලකුණු සටහනෙ ඉහලින්ම ඉන්න බවත් රියාට දැනගන්න ලැබෙනව . එතකොට තමයි රියාට ලව් නන්දාගෙ හැබැ ස්වරුපය තේරූම් යන්නේ . තමා එක්ක රත්‍රිය ගත කරන්න සැලසුම් කලෙ ඇයි කියලත් , අර අනික් ගැන ලමෙක් ගැන ලැබුන ආරංචිය මොකක්ද කියලත් රියාට තේරුම් යනව .ලව් නන්දාගේ වැඩ පිලිවෙල අසාර්ථක කරන්න රියාත් මිතුරියනුත් සැලසුම් කරනව ඊට පස්සෙ මොකද වෙන්නෙ ? චිත්‍රපටිය බලලම දැනගමු නේ ?????
Editor's Comment |අපේ අදහස
- මේ කතාවේ තේමාව බොලිවුඩයට ටිකක් විතර ආගන්තුකයි . ඒ නිසා අමුතුම ආකාරයේ රසවින්දනයක් බොලිවුඩ් රසිකයින්ට මේ හරහා ලබා ගන්න පුලුවන් . මේ කතාව පදනම් වෙන්නේ තනි දවසක සිදුවෙන සිදුවීම් පෙලක් එක්ක . ඒකත් චිත්‍රපටියට අමුතු රසයක් එකතු කරන්න හේතුවක්
- මෙ චිත්‍රපටිය බොහොම සරල සිනමා නිර්මානයක් ඒ නිසා ගැඹුරු චරිත හෝ 100% තාත්වික සිදුවීම් නම් බලාපොරොත්තු වෙන්න බැ , ඒ උනත් නිර්මානයට හෝ ප්‍රේක්ෂකයා ට අසාධාරණයක් වෙන විදිහෙ දේවල් නම් අන්තර්ගත වෙලා නැහැ
- හාස්‍යොත්පාදක චිත්‍රපටියක් විදිහටත් මේ චිත්‍රපටිය සැහෙන තරම් දුරට සාර්ථකයි කියන පුලුවන් . චිත්‍රපටියෙ සංගීතයත් නිර්මානයට අනුකූලව ඉතාම අලංකාරයි . Luv ka the end , Tonight කියන ගිත දෙක බටහිර සංගීත ශෛලීන්ට අනුගතව ඉතාම ලස්සනට නිර්මානය වෙලා තියනව
- චිත්‍රපටියෙ කථාව , දෙබස් , තිරරචනය , සංස්කරන ක්‍රම , සිනමාකරන ලක්ෂන සියල්ලම වේගවත් තාරුණ්‍යට ගැලපෙන්න තමයි නිර්මාන්ය වෙලා තියෙන්නෙ . ඒ හැම දෙයක්ම නිර්මානයට අනුව හොඳ මට්ටමක පවතිනව
- ප්‍රවීන බොලිවුඩ් නලු ශක්ති කපූර්ගෙ දියණිය ශාර්දා කපූර් තමයිප්‍රධාන චරිතය රඟ පාන්නෙ . ඇය වගේම අනිකුත් අයගෙත් රංගනය සැහෙන තරම් සාර්ථකයි . ඒ වගේම බොලිවුඩයට අලුතින් එක්වුන රූමත් රංගන ශිල්පිනියක් විදිහටත් ශාර්දා හඳුනවන්න පුලුවන්
- අමුතු තේමාවකින් තාරුණ්‍යයේ රිද්මයට එකතු වෙන්න හැමෝටම මේ චිත්‍රපටිය බය නැතුව නිර්දේශ කරන්න පුලුවන්
- Direction - 3/5
- Celebrities' Performance -3/5
- Story - 3.75/5
- Script - 3.75/5
- Cinematography - 2.5/5
- Music - 3.75/5
- Choreography -2.75/5
- Art Direction - 2.5/5
- Action - N/A
- Editing - 3/5
- Special Effects - N/A
- OVERALL -3.5/5
---------------------------------------------------------------------------------------------------------------------------------
0 comments:
Post a Comment