අනීස් බස්මි අධ්‍යක්ෂනය කරපු , ප්‍රිටම් විසින් සංගීතය සපයපු , රවි යාඩව් ගේ සිනමාකරනයෙන් හැඩ වුන මේ නිර්මානයට බොලිවුඩ් තරු කිහිප දෙනෙක්ම රංගනයෙන් දායක වෙනව
අක්ෂේ කුමාර්, සුනිල් ෂෙට්ටි, බොබි ඩියෝල්,ඉර්ෆාන් ඛාන් ,සෝනම් කපූර්,සෙලිනා ජෙට්ලි , රිමි සෙන් ප්‍රධාන චරිත නිරූපනය කරනව . මල්ලිකා ශෙරාවට් හා විද්‍යා බාලන් ගරු රංගනයකින් දායක වෙනව
කතාව
රාජ් , හා යෝගී කියන්නේ වික්‍රම් ගේ ව්‍යාපාරයේ වැඩ කරන මිතුරන් දෙන්නෙක් , වික්‍රමුත් රාජ් හා යෝගි ගෙ හොඳම මිතුරෙක් . මේ තුන් දෙනාම විවාහකයින් උනත් බොහොම සල්ලාල් ජීවිත තමයි ගත කරන්නේ . මේ ගැන මුලින්ම දැන ගන්නෙ යෝගිගේ බිරිඳ . ඒ පෞද්ගලික පරීක්ෂකයෙකු වන කිෂන්(ආක්ෂේ කුමාර් ) ගේ උදව්වෙන් , ඉතින් ඇය හරහා රාජ්(බොබි ) ගේ බිරිඳ (සෝනම් )ත් කිෂන් ල්ඟට එනව තමන් ගේ සැමියගේ සැඟවුන තොරතුරු දැනගන්න අරමුනෙන් . මුලදි කිෂන් කියන දේවල් විශ්වාස නොකරන නිසා කිෂන් ඒ දේවල් පිගන්නා තැනට කටයුතු සලස්වන්න සැහෙන මහන්සියක් ගන්නව . හැබැයි එතනදි කිෂන්ට බාධාව වෙන්නේ වික්‍රම් ගේ තීක්ෂන බුද්ධිය . එතනින් එහාට මොකද වෙන්නේ කියල චිත්‍රපටිය නර්ඹලම දැනගමු නේ
Editor's Comment | අපේ අදහස
- මේ චිත්‍රපටය ටිකක් වෙනස් විදිහෙ රීතියක් තමයි අනුගමනය කරන්නේ , මේ හා සමාන කථාවස්තු තියන මීට කලින් නිකුත් වුන බොලිවුඩ් නිර්මාන වලට වඩා මේ චිත්‍රපටය ගොඩක් වෙනස් . ඇත්තටම ඒ චිත්‍රපටිවල රැකගෙන තිබුන හාස්‍ය රසයවත් මේ චිත්‍රපටියෙ රැකගෙන නැ එතරම් හොඳින්
- අක්ෂේ කුමාර්ගෙ සුපුරුදු ස්ටයිල් එක හා රංගන ස්වාභාවය තිබුනත් අනික් රංගන ශිල්පි ශිලිපිනියන් ඒ තරම් හොඳින් දායකත්වය ලබාදීල නැ , ඉර්ෆාන් චරිතය ඇරුණාම අනෙකුත් චරිත බොහොම පැතලි චරිත වීම මීට හේතුවක්ය කියල කියන්න පුලුවන්
- චිත්‍රපටියේ අනෙකුත් අංග ඉතාම සාමාන්‍යයි . ලොකු හොඳක්වත් නරකක් වත් ඒ ගැන කියන්න නැ
- මේ චිත්‍රපටියෙ දිගටම ආක්ශෙ කුමාර්(කිෂන් ) වාද්නය කරන බටනලා තනුවක් තියනව ඒක නම් බොහොමත්ම අලංකාරයි කියල කියන්න පුලුවන් (ඔය පහලින් තියෙන්නෙ එ විඩියෝව )
- Direction - 2/5
- Celebrities' Performance -2/5
- Story - 2/5
- Script - 1.75/5
- Cinematography - 2/5
- Music - 2/5
- Choreography -2/5
- Art Direction - 2/5
- Action - 2/5
- Editing - 2/5
- Special Effects - N/A
- OVERALL -2/5
ඡායාරූප (සටහන - මේ ඡායාරූප හොඳ ගුණාංගයකින් යුතු ඒව නෙවෙයි එ නිසා භාගත කර ගැනීමෙන් නම් ප්‍රයෝජනයක් වෙන එකක් නැ . චිත්‍රපටිය ගැන දල අදහසකට එන්න විතරක් විතරක් භාවිත කරන්න )
ගීත එකතුව
http://www.songs.pk/indian/thank_you_2011.html
( Above LINK have been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL AUDIO CDs or to download from AUTHORIZED web sites )
අන්තර්ජාලයෙන් මිලදී ගන්නව නම් පහත සබැඳියෙන් Ebay වෙත පිවිසිල මිලදී ගන්න පුලුවන්
http://cgi.ebay.com/Thank-You-2011-hindi-movie-dvd-Multi-Subtitles-/220796020265?pt=US_DVD_HD_DVD_Blu_ray&hash=item336877e629
(Ebay සම්ඟ ඔබගේ ගණුදෙනු සම්බඳයෙන් අප වග කියනු නොලැබේ)
පහල තියන සෙවුම් පද ඒ විදිහටම කොපි කරල ගුගල් හරහා සෙවුමක් කලොත් පලමු ප්‍රතිපලයෙන්ම පිටපත භාගත කරගන්න පුලුවන්
Thank You - DVDRip - XviD - 1CDRip - [DDR](These are just search keywords we do not held any responsibility on the results )
0 comments:
Post a Comment